[ratings]
මේෂ
කුමන වර්ෂයක වුව අප්‍රේල් 14 සිට මැයි 14 දක්‌වා උපන් අයගේ කේන්ද්‍ර සටහනේ රවි ග්‍රහයා රවි මේෂ රාශි ගතව සිටී. රවි මේෂ රාශියට උච්ච වන්නේය රවි මේෂ ලග්නගතව (01) සිටී මෙන් “මයුර” යෝගය යෙදේ. රවි මේෂ රාශිගතව සිටින්නන් උදාරයි. තේජවන්තයි. හැඩි දැඩි දේහයකින් යුක්‌තය. රාජ්‍ය අංශයේ නිල තල ලැබීමේ භාග්‍ය තිබේ. ඉඩ කඩම් දේපළ අතින්ද දියුණුවේ. වාහන හිමිකම්ද ලබයි. දීර්ඝායුෂ ලැබේ. කෙනකු යටතේ රැකියා කිරීමට අකමැති වේ. අන්‍යයන් පාලනය කිරීමේ හැකියාව තිබේ. ගවේෂණ, දේශ සංචාරක කටයුතු වලද නියෑළේ. ත්‍රිවිධ හමුදා සේවයටද උචිතයි. රවි 04 ස්‌වක්‌ක්‍ෂත්‍ර වේ. අධ්‍යාපන කටයුතු හොඳින් කරගනී.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ගේ රවි උච්ච වන්නේ 12 වැන්නේය. රවි දශාවලදී විය පැහැදම් වැඩිවේ. රට රටවල ඇවිදීමට සිදුවේ. වම් ඇසේ රෝගාබාධ ඇතිවිය හැකිය. ගේදොර වතුපිටි, ඉඩකඩම් ලැබීමේ භාග්‍ය උදාකරයි. පාලන බලයක් ලැබීමේ භාග්‍ය රවි 04 සිටීමෙන් ලබයි. ප්‍රධානියෙකු වේ. සමාජයෙන් ගෞරව ලබයි.
මිථුන
රවි උච්ච ව සිටින්නේ 11 වැන්නේය. ධනවත් වන්නේය. ලෞකික සැප සම්පත් ලබයි. උසස් මිත්‍ර ආශ්‍රය ඇතිවේ. විද්‍යාර් යක/විද්‍යාර්ථයෙකු වෙයි සාහිත්‍ය පොත් පත් වල යෙදේ. වා ශක්‌තිය ඉතා හොඳවේ. දේශපාලනයටද ශූභයි. රවි ස්‌වක්‍ෂත්‍ර වන්නේ 03 වැන්නටයි. ශරීර ශක්‌තිය තිබේ. බලය අයුතු ලෙස නොයොදවයි.
කටක
කටක ලග්නයට රවි උච්ච වන්නේ 10 වැන්නේය. රවි 10 වැන්නේ සිටී නම් විශේෂයෙන් හිරු මුදුන් වූ වේලාවේ උපත සිදු වී නම් ඉතාමත් ශූභදායකයි. උසස් නිල තල ලබයි. ප්‍රසිද්ධිය ලබයි. සමාජයෙන් කීර්තිය ලබයි. ඉඩකඩම් දේපළ හිමිවේ. ස්‌ත්‍රී කේන්ද්‍රයක රවි ලග්නගතව (01) සිටී නම් ගෙදර වාසය ප්‍රිය කරයි. ලෞකික සැප ලබයි. රවි 02 ස්‌වක්‍ෂෙත්‍ර වීමද සැපවත් විවාහ ජීවිතයක් ගත කිරීම හැකිවේ.
සිංහ
සිංහ ලග්නයෙන් උපන් අයගේ රවි ලග්නගතව සිටීනම් ඒ ස්‌වක්‍ෂේත්‍ර බලයකි. කුමන වර්ෂයක හෝ අගෝස්‌තු 15 සිට සැප්තැම්බර් 15 දක්‌වා උපන් අයකුට රවි සිංහ රාශිගතව සිටී. උසස් අධ්‍යාපනය ලබයි. පිටරට ගමන් බිමන් ඇතිවේ. උසස් නිල තනතුරු ලබයි. සමාජයේ කැපීපෙනෙන අයකු ලෙස සිටී. දීර්ඝායුෂ ලැබේ. රවි සිංහ රාශිගතව ස්‌ත්‍රියකගේ හඳහනේ වී නම් උසස් යහපත් විවාහයක් සිදුවේ. රවි 09 ට උච්ච වෙයි. උද්යෝගී වන්තයි. කඩිසරයි.
කන්‍යා
කන්‍යා ලග්න අයත් අයගේ රවි උච්ච වන්නේ 08 වැන්නේය. පාලන කටයුතුවලට ශූභ දායකයි. එහෙත් ස්‌ථාන වශයෙන් 08 වැන්න නිසා ලෙඩදුක් කරදරද ඇතිවේ. විවාහයෙන් දායාද අපේක්‍ෂා කළ හැකිය. වෛද්‍ය, රසායනික කටයුතු වලින් උසස් තත්ත්වයක් හිමි කර ගනී. දරුඵල හීනයි. ප්‍රේම සබඳතාවලින් මානසික කරදර ඇතිවේ. 12 වැන්නට ස්‌වක්‍ෂේත්‍ර වීම නිසා පියාගේ වැඩ කටයුතු වලට යොමුවේ.
තුලා
රවි උච්ච වන්නේ 07 වැන්නටයි. විවාහ දිවිය සතුටින් ගත කළ හැකිය. එසේම විවාහය කල්ගත වීමට ද ඉඩ ඇත. ඒ හුදෙක් ග්‍රහ දෘෂ්ටි අනුවයි. රාජ්‍ය බලය ලබයි. උසස් රැකියාවක් කිරීමේ භාග්‍ය උදාරකයි. මුත්‍රා ආබාධ ඇති වීමටද ඉඩ තිබේ. වැඩට ඉතා දක්‍ෂ වේ. ඒකාධිපති බවක්‌ද දිස්‌වේ. විවාහ සහකරු හෝ සහකාරිය බලවත් අයෙකි. අහංකාර බවක් පෙන්වන්නේ රවි 11 සිටි විටයි.
වෘශ්චික
වෘශ්චික ලග්න අයත් උදවියගේ රවි උච්ච වන්නේ 06 වැන්නේය. ස්‌වක්‍ෂේත්‍ර වන්නේ 10 වැන්නේය. රවි උච්චවීම නිසා පාලන කටයුතුවලට දක්‍ෂවේ. හිතුවක්‌කාර ගති පැවතුම් වේ. රවි 10 සිටි විට (ස්‌වක්‍ෂේත්‍ර) උපේන්ද්‍ර යෝගය යෙදේ. තේජවන්ත පෙනුමක් ලබයි. වීරෝදාරයි. ආත්මගෞරවයෙන් යුතුව කටයුතු කරයි. අසරණයන්ට පිහිට වේ. කාමාශා බලවත් වේ.
ධනු
රවි උච්ච වන්නේ 05 වැන්නටයි. එඩිතරයි. කඩිසරයි. ශරීර ශක්‌තිය තිබේ. ඉගනීමට දක්‍ෂයි. රවි 05 සිටීම රාජයෝගයක් නිසා රාජ්‍ය සේවයේ උසස් තනතුරු හිමිවේ. ආරක්‍ෂක සේවයේ නිල තලද ලබයි. විවාහයෙන් පසු දියුණුව වැඩී. ස්‌වල්ප දරුවන් සිටිය හැකිය. දරුවන්ට අපලදායකයි. ලග්න හිමියන්ගේ රවි ස්‌වක්‍ෂේත්‍ර වන්නේ 09 වැන්නේය. ආගම දහමට ලැදිවේ. පියාගේ අඩිපාරේ ගමන් ගනී.
මකර
මකර ලග්නයෙන් උපන් අයගේ රවි උච්ච වන්නේ 04 වැන්නේය. දේපල රැස්‌කර ගැනීමට වඩාත් උත්සාහ දරයි. අනුකම්පා නැති අයෙකි. අහංකාරයි. ඥාතීන් සමග විරුද්ධවාදී කම් ඇති කරගනී. රවි ස්‌වක්‍ෂේත්‍ර වන්නේ 08 වැන්නේය. පූර්ව ආත්මයේ කළ කී දේවල් මේ ආත්මයේදීද අනුගමනය කරයි. ලොකුවට පෙනී සිටීමට ඕනෑ කරයි. හිසේ ඇසේ ආබාධ ඇතිවිය හැකිය. ආඩම්බර ගති පෙන්වයි.
කුම්භ
තුන්වැන්නේ රවි උච්ච වේ. නිර්භීතයි. අවංකයි. අසාධාරණයට එරෙහිව සටන් කිරීමට ප්‍රමුඛත්වය ගනී. සමාජයේ කැපී පෙනීමට ඕනෑකරයි. සංවිධාන කටයුතු මැනවින් කිරීමට දක්‍ෂයි. දේශපාලන කටයුතුවලටද ශූභ දායකයි. රවි 07 වැන්නේ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසා (කුම්භ ලග්න හිමියන්ගේ) අන් අය වෙනුවෙන් උදව් උපකාරවලට යොමුවේ. ආත්ම ගෞරවයෙන් යුක්‌තයි.
මීන
මීන ලග්න හිමි අයගේ රවි උච්ච වන්නේ 02 වැන්නේය. ඇස්‌වල රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. තම වාග් විලාශය අන් අයට ප්‍රිය නොවේ. ඉපයීමට දක්‍ෂ වුවත් ඉතිරියක් නැත. අන් අය පාලනය කිරීමට කැමැත්ත දක්‌වයි. මීන ලග්න හිමියන්ගේ රවි ස්‌වක්‍ෂේත්‍ර වන්නේ 06 වැන්නේය. ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. පියාට ඉතාමත් හිතවත් වේ. පවුලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here