ලෙඩ රෝග විපත් දෙන ග්‍රහයින් ඔබත් හඳුනා ගන්න

1785
ලෙඩ
ලෙඩ

[ratings]

අප කාටත් සැමදා සැපෙන් සතුටින් හොඳින් කාලය ගත කිරීමට හැකිනම් ඒ මොන තරම් වාසනාවක්‌ද?

ග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයින් වන රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශුක්‍ර ශනි සහ ස්‌කන්ධයකින් තොර භූත බලවේගයක්‌ ලෙස සැලකෙන රාහු සහ කේතු ඡායා ග්‍රහයින් දෙදෙනාද මෑතකදී සොයාගත් නැප්චූන් යුරේනස්‌ද (ප්ලූටෝ හැර) කේන්ද්‍ර හිමියාගේ කේන්ද්‍රස්‌ථානවල අශුභව, දුර්වලව, නරක දෘෂ්ටි සංයෝගව සිටීමේදී කරදර ලෙඩරෝග, විපත් හානි ඒ ඒ මහ දශා, අතුරුදශා සහ විදශා වලදී ඇති කරනු ලබයි.

නානාවිධ ලෙඩදුක්‌ කරදර, තිබුණ රැකියාව අහිමිවීම, විරැකියාව, ගේදොර විනාශවීම, බිරිඳගේ හෝ ස්‌වාමිපුරුෂයාගේ හෝ කුලුපග ඥතීන් හිතවතුන් මරණයට පත්වීම, මානසික වේදනා, කල්පවතින රෝග, ලෙඩ ඇඳටමවී සිටීම, ධන හානි, දේපළ හානි, කීර්තිය, බලය අහිමිවීම ආදී නොසතුට දනවන කරුණු කාරණා සිදුවන්නේ ග්‍රහ අපල උදාවීමෙනි. ශුභඵල උදාකරන ග්‍රහයින්ගෙන් අශුභ ඵලද, පාප ග්‍රහයින්ගෙන් ශුභඵලද ඇතිවන අවස්‌ථා එමටය. ඒ සියල්ල සිදුවන්නේ උපන් කේන්ද්‍රයේ ග්‍රහයින්ගේ පිහිටීම්, බලදුබලකම් හා මහදශා, අතුරුදශා, විදශාවලදී ගෝචර ගමන් අනුවය.

කේන්ද්‍රයේ යෝගකාරක ග්‍රහයන් හා කේන්ද්‍ර ස්‌ථානපතියන්ද, ත්‍රිකෝණ බල ග්‍රහයින්ද අශුභ තත්ත්වයෙන් දුර්වලව සිටීම නිසා යටකී දුර්විපාක ඇති කෙරේ. ග්‍රහ කොටුවේ 06 වැන්න, 08 වැන්න, 12 වැන්න යන ස්‌ථානවල ග්‍රහ හැසිරීම් දුර්වලනම් ශුභදායක තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ නොහැකිය. රෝග පිළිබඳව 06 වැන්න 08 වැන්න කෙරෙහි තතු සෙවීමේදී අදාළ ලග්නය අනුව 06 වැන්නට, 08 ට ගැනෙන රාශිය හා එක්‌ රාශියකට අධිපති ග්‍රහයින් ගැනද සොයා බැලීම වටී. මෙහිදී සෙනසුරු සහ සඳු ග්‍රහයින් සිටින ස්‌ථානයත් එම ස්‌ථානවලට අයත් අධිපතියන් ගැනද සොයන විට ලෙඩ රෝග විපත් පිළිබඳ කරුණු අවධාරණය කරගත හැකි වන්නේය. කේන්ද්‍රයක 06, 07, 08, ස්‌ථානවල උෂ්ණ ග්‍රහයින් (මේෂ, සිංහ, ධනු ලග්නවලට) සිටි විට ලෙඩ රෝග ඇතිවෙයි. මේ ස්‌ථානවල සඳු හෝ සිකුරු සිටීමෙන් ශරීරයේ තෙත් ගුණය අධිකවීම නිසා රෝග ඇතිවේ. සඳු රවි සමඟ හෝ කුජ සමග හෝ එකට සිටීමෙන් සෙම් රෝග බහුල වන්නේය. රවි කුජ සමඟ සංයෝගවීම නිසාද අසනීප තත්ත්වයන් උදාකරයි. ඇඟ උණුකරවීම, මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ ඇතිවන්නේ සිකුරු සමග උෂ්ණ ග්‍රහයින් සිටි විටය. සඳු සිකුරු 02, 06, 08, 12 ස්‌ථානවල සිටීමෙන් සෙම් රෝගය බහුල වනු ඇත. කේතුද නරක ස්‌ථානයක සිටීමෙන් ලෙඩ රෝග ඇති කරයි. කුජ (අඟහරු) සමග සිකුරු සිටීමෙන් වකුගඩු ආබාධ ඇතිවේ. ලේ ගමන් කිරීමේ වේගය අධික වන්නේ කුජ ග්‍රහයා සෙනසුරු සමඟÊසිටීමෙනි. බුධ ග්‍රහයාත් ගුරු හෙවත් බ්‍රහස්‌පතීත්, එකට සිටිය හොත් පෙණහැලි ආබාධ ඇති කරයි. හෘද රෝග ඇතිවේ. එසේම ගුරු සිකුරු එකට සිටීද පපුවේ ආබාධ වලට හේතුවකි. හුඟකාලයක්‌ දුක්‌ විඳින රෝග ඇති කරන්නේ ශනි සහ කේතුයි. දියවැඩියාව පිළිකාව, අත් කුකුල්a කැඩීම, කොරවීම ශනිගෙන් සිදුවන අසනීප අතර හමේ රෝග වැඩි වශයෙන් කේතුගෙන් ඇතිවෙයි.

ස්‌ත්‍රීන් ගබ්සාවීමට තුඩුදෙන්නේ සඳු කුජ දුර්වලව සිටීමනි. කේන්ද්‍රයේ 06 වැන්නේ සහ 08 වැන්නේ අශුභ ග්‍රහයින් සිටීම ස්‌ත්‍රී පක්‍ෂයට ශුභදායක නැත. ලග්නාධිපතියා සහ කේතු 06 සිටීමෙන් හොරි දද කුෂ්ට වැනි රෝග පහසුවෙන් වැලඳේ. රාහු ගෙන්ද ලෙඩ රෝග සිදුවෙයි. 06 වැන්න අධිපතියාට කුජ සංයෝග වීමද ශරීර ගත ආබාධවලට හේතුවකි. කන් ඇසීමේ හෝ කන්වල ආබාධ සිදු කිරීම බෙහෙවින්ම සිදුවන්නේ බුධ සහ ශනි දුර්වලව ඔවුන්ට සතුරු ග්‍රහයින් වන රවි, සඳු, කුජ සමඟ සිටීමෙනි.

දුකට අධිපති ශනි හා සිතට අධිපති සඳු නිසා, ශනිගෙන් ශරීරයටත්, සඳුගෙන් සිතටත් දුක්‌දොම්නස්‌ අසනීප ගෙන දෙයි.

කුජ ග්‍රහයා කටක රාශියට නීච වන්නේය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here