ලෙඩ රෝග හදිසි අනතුරු ගෙන දෙන ග්‍රහයන්

1721
ලෙඩ
ලෙඩ

ලෙඩදුක්‌ කරදර, හදිසි අනතුරු මානසික ආබාධ ආදියෙන් මිදීමට ඇත්නම් ඒ මොනතරම් වාසනාවක්‌ද? අපි කවුරුන් සැපෙන් සතුටින් ජීවත්වීමට කැමැත්තෙන් සිටිමු. එහෙත් අප සිතන පනත අයුරින්ම ඒ වාසනාව ගෙන දෙන්නේ නැත.

ජෝතීර්විද්‍යාවට අනුව ශුභඵල උදාකරන ග්‍රහයන් සේම අශුභඵල ගෙන දෙන ග්‍රහයන්ද සිටිති. කේන්ද්‍ර සටහනේ 06 වැන්න සතුරු කරදරවලට බලය ගෙන දෙන අතර 08 වැන්න දුක්‌ කරදර විපත්වලට හේතුවෙයි. 6-8 ස්‌ථානවල ස්‌ථානාධිපතියන්ගේ තත්ත්වයද මෙහිදී විමසිය යුතු වන්නේය. යෝග කාරක ග්‍රහයන් දුර්වලව සිටීමත් කේන්ද්‍ර ස්‌ථානාධිපතීන් හා ත්‍රිකෝණ ස්‌ථානාධිපතීන් බලරහිතව සිටීමෙන්ද ලෙඩරෝග හදිසි අනතුරු සැප සම්පත් හානියට පත්කිරීමට කරුණු යෙදේ.

මහ දශාව අධිපතියා හෝ අන්තර් දශාව අධිපතියා හෝ විදශාව අධිපතියා හෝ 06.08.12 ස්‌ථානවල දුර්වලව සිටීමෙන් ලෙඩ දුක්‌ කරදර හදිසි අනතුරු මානසික කරදර ඇතිවීම නොවැළැක්‌ විය හැකිය.

කේන්ද්‍ර සටහනේ 06 වැනි ස්‌ථානය රෝගවලට අදාළ වෙයි. අදාළ ලග්න අනුව 06 වැන්නට නියමිත රාශිය අනුවත් එකී රාශිවලට අධිපති ග්‍රහයන් සෙනසුරු සහ චන්ද්‍රයා සිටි රාශි සහ ස්‌ථාන අනුවත් රෝගාබාධ සිදු වන අයුරු දැනගත හැකිය. දුකට අධිපති සෙනසුරුත් සිතට අධිපති සඳුන් කේන්ද්‍රයේ දුර්වලව සිටීමෙන් ලෙඩරෝග පහසුවෙන් ඇති කරයි. සඳු ග්‍රහයා දුර්වලවීමෙන් අපස්‌මාරය බෙල්ලේ වායුගෙඩි ඇතිවීම පක්‍ෂාගාතය, සරම්ප, පණු රෝග, වලිප්පුව, සන්නිරෝග, පාචන, ආමාශගත ආබාධ, ඇදුම කළුලේ නහර මතුවීම පෙනහැලි ආබාධ, උගුරේ ආබාධ, ස්‌ත්‍රීන්ගේ මාස ශුද්ධියේ දොaෂ, වකුගඩු රෝග ආදිය ඇති කරයි. රවි ග්‍රහයා දුර්වලව සිටීමෙන්ද දරුණු රක්‌තවේදනා, හෘදරෝග, මුහුණේ හා අස්‌ථිවල රෝග ඇතිවීම, තද උණ ඇතිවීම සිදුවෙයි.

අඟහරු සමඟ සිකුරු සිටීමෙන් ලිංගාබාධ ඇතිවෙයි. වකුගඩු ආබාධ සේම මුත්‍රා ආබාධ ඇතිවීමටද කුජ සිකුරු සංයෝගය බලවත් වෙයි. පෙනහැලි- පින් ආබාධ ඇති වන්නේ අඟහරු ගුරු සමඟ සිටීමෙන්ය. බුධ ගුරු එකට සිටීමද පෙනහැලි හෘද රෝගවලට හේතුවක්‌ වෙයි. සිකුරු සඳු එකට සිටීම නිසා සෙම් රෝග වැඩිවෙයි. මේ අය 02 වැන්නේ 6 – 08 හෝ 12 සිටීම මෙම රෝග පහසුවෙන් වැළැඳීමට හේතුවක්‌වෙයි. එක තැනක ඔත්පලව කල් අල්ලන රෝගවලට ගොදුරුවන්නේ සෙනසුරු ග්‍රහයා, නිසාය. අනෙක්‌ ග්‍රහයන්ගේ සම්බන්ධය අනුව පිළිකා, දියවැඩියා වැනි රෝග ඇති කරයි. ස්‌ත්‍රීන්ට ගබ්සාවීමට ඉඩ කඩ සැලකෙන්නේ සඳු දුබලව සිටීමෙන් හා 6 වැන්නේත් 8 වැන්නේත් පාප ග්‍රහයන් සිටීමෙනි. එසේම කුජ 5 වැන්නේ 6 වැන්නේ ගමන් කිරීමද දරු ප්‍රසූතවලට හානියකි.

සිත නොසන්සුන් තාවයක පත්වීම හෝ මානසික ආබාධ ඇති කිරීමට හේතුවන්නේ ලග්නාධිපති ග්‍රහයා බුධ සමඟ සිටීමෙනි. 6 වැන්න අධිපතියා 08 සිටීමෙන්ද ලෙඩ රෝගවල නිමාවක්‌ නැත. ලෙඩ රෝග සේම සතුරු කරදර ගැනද සිත තුළ බියක්‌ පවතී. 6 අධිපතියා 12 සිටිමෙන්ද ලෙඩදුක්‌ කරදර නිසා වියදම් අධික වෙයි.

කුජා ග්‍රහයා (අඟහරු) කේන්ද්‍රයේ දුර්වලව සිටීමෙන් ශරීරයේ දැවිලි රෝග, ලේ ගමන අධිකවීම, වස විස කැවීමෙන් රෝග ඇති වීම, මුත්‍රා අඩිස්‌සිය ඇතිකරයි. බුධ ග්‍රහයා දුර්වල සිටින විට සිහිමද ගතිය, මානසික ආබාධ, පිස්‌සුවැටීම, ගොළුවීම, ගොතගැසීම කන් ඇසීමේ අඩුපාඩු ආදිය ඇති කරයි. ගුරු (බ්‍රහස්‌පතී) කේන්ද්‍ර සටහනේ දුර්වලව සිටීමෙන් ලේ විෂ වීම් ඇතිකරයි. ශරීරය ස්‌ථුල වෙයි. පෙනහැලි ආබාධ ඇති කරයි. සෙංගමාලය ඇතිවේ. මුත්‍රා සමග ධාතු පිටවීම, ලේ විෂ වීමෙන් රෝග සෑදීම ඇතිවිය හැකිය.

කලින් සඳහන් කළ පරිදි සිකුරු කේන්ද්‍ර සටහනේ නරකට සිටීමෙන් බෙල්ල මහත්වන අතර සෙම් රෝගද ඇතිවෙයි. එසේම දියවැඩියාව වකුගඩු ආබාධයන්ද වැළදේ.

රාහු ග්‍රහයා (ඡායා ග්‍රහයෙකි) දුර්වලවීමෙන් යක්‌ෂ ප්‍රේත දොaෂ ඇති වෙයි. ශරීරය දුර්වලවෙයි. සර්ප දෂ්ට කිරීම්ද අදාළ දශා කාලයේ සිදුවේ. කේතු නරක්‌ වීමෙන් භූත දොaෂ හන්දි ඉදිමීම, දද කුෂ්ට රෝග ඇතිවෙයි. බාලකාලයේදීම ශරීරය දුර්වල කරයි.

රවි 10 ත් කුජ 4 ත් සිටින කේන්ද්‍ර හිමියන්ට යාන වාහන අනතුරු නිසා මරණය පවා සිදුවිය හැකිය. හෙන අකුණු වැදීම නිසා මරණයට පත්වන්නේ ලග්නයේ රවිත්, පස්‌වැන්නේ කුජත්, අටවැන්නේ ශනි 9 වැන්නේ සඳුත් සිටි කල්හිය, නායයාම් ගෙවල් විනාශවීම්ද යටකී ග්‍රහ බලපෑම්වලට සිදුවෙයි.

8 වැන්නේ කුජ ගමන් කරනවිට සිත් තැවුල්, බලාපොරොත්තු කඩවීම්. උණ, තුවාල, ලේ විෂවීම්, ශරීරයට අනතුරු, තුවාල ආයුධවලින් හානී ඇතිකරයි. එසේම ගුරු 08 වැන්නේ ගමන් කරනවිටද තමාට හෝ පවුලේ අයට කරදර විපත්ති ගෙනදෙයි. රාජ දඬුවම් පවා ලැබිය හැකිය. ශනි 8 ගමන් කිරීමද යහපත් නැත.

ඇතැම් ග්‍රහයන්ද ඒ ඒ භාවයන්හි ගමන් කරන කාලවලදී හොඳ හෝ නරක විපාකයන් නොදී රාශිය ඉක්‌මවා යන අවස්‌ථාද යෙදෙයි. එසේ වන්නේ එකී ග්‍රහයාට ගමන් කරන භාවයට නියමිත ඵල විපාක ගෙනදීමට ඉඩ නොදෙන ලෙස වෙනත් ග්‍රහ දෘෂ්ඨි සංයෝග අස්‌ත ආදියෙන් බාධා සිදුවන විටය.

රාශි අනුව මේෂ රාශිය ශරීරයේ හිසට බල පාන්නේය. කේන්ද්‍ර සටහනේ මේෂය 6 වැන්න වී නම් හිසේ මොලේ ආබාධ ඇති කරයි. වෘෂභ රාශිය ශරීරයේ බෙල්ල මුහුණ උගුර, කට කන් ආදියට බලපාන නිසා අදාළ ස්‌ථානවල ශරීරාබාධ ඇති කරයි. මිථුන රාශිය බලපාන්නේ ශරීරයේ උරහිස්‌, පපුවේ උඩ කොටස, මොලය, ස්‌නායු ආදියටයි. මේ නිසා රුධිරධාවනය පෙනහැලි ස්‌නායු ආදි ආබාධ ඇතිකරයි. කටක රාශියට බලපාන්නේ ආහාර බොක්‌ක, ලැම, යටිබඩ, ආදියටයි. මෙහි අධිපති කම සඳුටයි. උණ ආම විකෘත්ති රෝග හන්දි ඉදිමීම් ඇතිවෙයි. කේන්ද්‍රයේ සහ රාශිය 6 වැන්න වූ විට ඊට අදාළ ශරීරයේ කොටස්‌වලට ආබාධ සෑදේ. හෘද රෝග උෂ්ණ රෝග විශේෂයි. ශරීරයේ යටිබඩ, අක්‌මාව කන්‍යාවට අයත් නසා කේන්ද්‍රයේ 6 වැන්න වීමෙන් ඉන්ද්‍රීය ආබාධ ඇතිවේ. බඩවැල් පෙනහැලි, අජීර්ණ රෝග විශේෂයි. කේන්ද්‍රයේ සඳු ශනි සිටි අයුරුද මෙහිදී සලකා බැලීම වටී. තුලා රාශිය 07 වැන්නයි. යටිබඩ, තුනටිය, වකුගඩු උකුල ප්‍රදේශ මීට අදාළ වෙයි. වකගඩු, මුත්‍රා ආබාධ ප්‍රමේහ, ලිංගරෝග මින් ඇතිවෙයි. වෘෂ්චික රාශියද රහස්‌ ප්‍රදේශය හා වකුගඩු කුහර ප්‍රදේශ කේන්ද්‍රයේ 6 වැන්න වූ විට ලිංගික අසනීප, පීනස්‌, අර්ශස්‌ ගුධ රෝග ඇතිකරයි. ධනු රාශිය ගුරුට අයත් නිසා රුධිර ධාවනයේ රෝග, තුනටියේ ආබාධ, අංශභාග පක්‍ෂා ඝාතනය, හන්දි ඉදිමීම් ඇති කරයි. ශනි 9 සිටීමෙන් මේ රෝග වැඩිවේ. මකර, කුම්භ මීන රාශිවලදීද පිළිවළින් ගෙඩි වන තුවාල නහර ගත ආබාධ පිළිකාවන් ආදිය සෑදේ. කේන්ද්‍ර පරීක්‍ෂාවේදී ජන්මයාට වැළදෙන ලොඩ රෝග නිශ්චය කර ගත හැකිය.

We found this article from Divaina on 2013/01/25.
Also Sinhala to English Google word to word translation can be found here