ව්‍යාපාර නාමය තුළ එහි නැග්ම හෝ බැස්‌ම පවතී

74
ව්‍යාපාර
ව්‍යාපාර

ව්‍යාපාරයකට යොදන ව්‍යාපාර නාමය තුළ එහි නැග්ම හෝ බැස්‌ම පවතීආවට ගියාට යොදන නාමයක්‌ නොවිය යුතුය. ඊට හේතුව වන්නේ ඒ නම භාවිත වීමේදී ඇතිවන ශබ්දයට විශ්ව ගෝලය තුළින් ඇතිවන සුබාසුබ තත්ත්වයන් බලපාන බැවිනි. බෝධියක්‌ අබියස දැල්වෙන සුවඳ හඳුන්කරුවලින් විහිදෙන සුවඳ දස අත පැතිරෙයි. හැමදෙනාම සුවඳට ආශා කරති. එනිසා එයට කවුරුත් කැමැතිය. ඒ කැමැත්ත ප්‍රධාන සාධකය වෙයි.

අප ජීවත්වන නිවසට හිටිගමන් දුර්ගන්ධයක්‌ පැමිණිය හොත් අපි එයට අකමැතිය. එනිසා සතෙකුගේ මළ සිරුරක දුගඳක්‌ නම් අපි ඒ සත්ත්ව මළකුණ වහා ඉවත් කිරීමට කටයුතු යොදන්නෙමු. ඒ ගඳ සුවඳ පිළිබඳ ඇතිවන ස්‌වභාවයයි. එසේම අපට ඇසෙන හඬවල් තුළද ප්‍රසන්න අප්‍රසන්න බව පවතී. අප්‍රසන්න හඬවල්වලට කවුරුත් අකමැතිය. ප්‍රසන්න හඬවල් කෙරෙහි කවුරුත් කැමතිය.

විශේෂයෙන් අප කතාකරන මාර්තෘකාවට අදාළ වන්නේ හඬය. හඬක්‌ යනු විවිධ ගුණාංග ඒක රාශිවූ විශ්ව ශක්‌තියකි. හැම කෙනකුටම සිංදු කිවහැකි නමුත් නිසි ලෙස ස්‌වර මෙහෙයවා ගායනා කළ නොහැක. එසේ තාලය නොවරද්දා ගායනා කළද එම ගීතයේ ස්‌වභාවයන්ට අනුකූලව හඬ වැරදිවිය හැක. එනම් කට හඬ මධුර බව නැතිවිය හැක. ගීතයකට මිහිරි තාලයක්‌ ඇති කළ පමණින් එය ප්‍රබල ධනාත්මක විශ්ව ශක්‌තියක්‌ වීමට නම් ශබ්ද ශාස්‌ත්‍රීය අංගයන්ද මනාව පිහිටා තිබිය යුතුය.

ව්‍යාපාර

ශබ්ද ශාස්‌ත්‍රීය නිගමන

කෙනකුට නමක්‌ තැබීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේත් ඒ ශබ්ද ශාස්‌ත්‍රීය නිගමනයන් කෙරෙහිය. අභ්‍යන්තර තත්ත්වයන් තුළ අනිවාර්යයෙන් ධනාත්මක විශ්ව ශක්‌තියක්‌ වීමට හැකිවන පරිද්දෙනි. ඒ සඳහා ශබ්ද ශාස්‌ත්‍රීය නියමයන් රැසක්‌ම පැරණි සෘෂිවරුන් ජ්‍යෙdතිෂය අනුව හඳුන්වා දී තිබේ. පුද්ගලයකුගේ වේවා, ව්‍යාපාරයක වේවා නාමය ශබ්දයකි. ශබ්දය ඇතිවන්නේ මිනිස්‌ මුඛයෙනි. නම අකුරු පෙළක්‌ වුවද එය විශ්ව වායුගෝලයට එක්‌වන ශබ්දයකි. එනිසා එම ශබ්දය විශ්වය තුළ ධනාත්මක බලයක්‌ ගොඩ නගන්නක්‌ මිස සෘණාත්මක බලයක්‌ ගොඩනැගෙන ශබ්දයක්‌ නොවිය යුතුය.

සිංහල භාෂාවේ ස්‌වර 5 ක්‌ පවතී. අ.ඉ.උ.ඔ.එ. වශයෙනි. මේ ස්‌වර වලත් එකිනෙක ස්‌වර සමඟ සතුරෝද සිටිති. මිතුරෝද සිටිති. ඒ අනුව නයි සිටිති. මුගටිද සිටිති. බලල්ලුද සිටිති. මීයෝද සිටිති. බලලා අයත් ස්‌වර සමඟ මීයාට අයත් ස්‌වර එක්‌වී සෑදෙන නම සෘණාත්මක විශ්ව ශක්‌තියක්‌ නිර්මාණය කරයි. ඒ නිසා එයින් නිර්මාණය වන්නේ හිස්‌වීම – නැතිවීම යන සිද්ධාන්ත යයි.

සෑම නැකතකටම පක්‍ෂියෙක්‌ සිටී. එබැවින් තමතමන් උපන් නැකැත් අනුව තමතමන්ට හිමි පක්‍ෂියෙක්‌ සිටී. ඒ අනුව භේරුණ්‌ඩ – පිංගල – කාක – කුක්‌කුට – මයුර වශයෙන් එම පක්‍ෂීන් පස්‌දෙනා හඳුන්වයි. එසේම එම පක්‍ෂීන්ට අපගේ භාෂාවේ ස්‌වරද වෙන්වී තිබේ. එනම් අ – ආ – ඇ – ඈ භේරුණ්‌ඩ පක්‍ෂියාටද ඉ – ඊ පිංගල පක්‍ෂියාටද, උ – ඌ – කාක පක්‍ෂියාටද එ – ඒ කුක්‌කුට පක්‍ෂියාටද, එ – ඕ මයුර පක්‍ෂියාටද අයත්වෙයි.

ගණ අට

මීට අමතරව ස්‌වර ව්‍යඤ්ජන එකතු වීමෙන් සෑදෙන ගණ අටක්‌ද දක්‌වා තිබේ. සෑම ව්‍යඤ්ජනයකටම ස්‌වරයක්‌ එක්‌වීමෙන් ප්‍රාණාක්‍ෂරයක්‌ බවට පත්වේ. උදාහරණයක්‌ ගතහොත් “ස්‌” නමැති ව්‍යඥ්ජනයට “අ” ස්‌වරය එක්‌වූ විට “ස” බවට පත්වේ. ඒ අනුව ස්‌ Ý ඉ – සී බවටද, ස්‌ Ý ඊ – සී කටද, ස්‌ Ý උ – සු බවටද පත්වන බව අපි දනිමු. මෙලෙස සකස්‌වන්නේ භාෂාවේ අකුරු වුවද ඒවා ශබ්ද මිස අන්යමක්‌ නොවේ.

ව්‍යාපාර

ගණ පිළිබඳ දැක්‌වීමේදී ප්‍රාණක්‍ෂරයක්‌ ලගු ස්‌වරයක්‌ ලෙස ගැනේ. උදාහරණ “ස” දැක්‌විය හැක. එම අක්‍ෂරය සා – හෝ සී හෝ සූ හෝ සෝ වූවිට දීර්ඝාක්‍ෂරයකි. එය “ගුරු” අක්‍ෂරයක්‌ ලෙස ශබ්ද ශාස්‌ත්‍ර නියමය වෙයි. එසේම ලගු අක්‍ෂරයට ඉදිරියෙන් අලි අක්‍ෂරයක්‌ ඇතිවුවහොත් එම ප්‍රාණාක්‍ෂරය හා අල් අක්‍ෂරය එකට එකතුවී ගුරු අක්‍ෂරයක්‌ නිර්මාණය වෙයි. මෙලෙස සිදුවන අකුරු හරඹය අනුව “ගණය” උපදී. ඒ ඒ ගණ ශබ්ද වීමේදී යහපත් හා අයහපත් විශ්ව ශක්‌තීන් නිර්මාණය වෙයි.

මෙසේ ඉහත කී පරිදි අක්‍ෂර වෛර – ගණ ආධිත්වයෙන් නිවැරදි ලෙස හැසිරෙන අන්දමට තැනෙන නාමය කියෑවෙන විට නැගෙන හඬ හෙවත් ශබ්දය විශ්වය සමඟ ගැටීමේදී යහපත් හෝ අයහපත් බව ඇතිකරයි. ඒ අනුව පුද්ගල නාම, ව්‍යාපාර නාම සකස්‌වීමේදී ඒ ඒ ස්‌වභාවය අනුව ඒවායේ පල විපාක සකස්‌ වේ. උදාහරණයක්‌ ලෙස මෙම පුවත්පතේ නම පිළිබඳ විමසමු. එනම් “දිවයින” යන්නය. මෙහි මුල් අක්‍ෂර ඉ ම ලගු අක්‍ෂර බැවින් අයත් මන්නේ දේව ගණයටය. දේව ගණය ශබ්ද වීමේදී ඇතිකරන විශ්ව ශක්‌තියෙන් ඇතිකරන පලය ආයුෂය – සැපය – බලය – තේජස කීර්ති – ප්‍රශංසා ලෙස දක්‌වා තිබේ.

ලගු ගුරු විමසීම

ඊළඟට එය විමසිය යුත්තේ එහි හිමිකරු ගැනය. එනම් උපාලි විජය වර්ධන යන්නය. එයින් ප්‍රධාන වන්නේ “උපාලි” යන අකුරු තුනය. එහි මුල් අකුර ලගු වන අතර දෙවැනි අකුර ගුරු වේ. තෙවැනි අකුර යළි ලගු අකුරකි. එනිසා එම ගණය සූර්ය ගණයට අයත් වෙයි. සූර්ය ගණය හැඳින්වෙන්නේ අසුබ ගණයක්‌ ලෙසටය. එයින් ඇතිකරන ඵලය කරදර වැඩිවීමය. එබැවින් එතුමා උපන් නැකත විමසිල්ලට ගත යුතුය. එනම් උත්‍රපල් නැකතය. එම නැකත හිමි වන්නේ සූර්යයාටය. එනිසා උපාලි යන්නට අයත් සූර්ය ගණයේ ගැලපීමක්‌ද සහිතය. එබැවින් එතුමාට කරදර තුළම කරදර බිඳගෙන යන ජීවිත ගමනක්‌ වෙයි.

උපාලි යන්නේ “උ” අක්‍ෂරයත් දිවයින යන්නෙහි “ද” අක්‍ෂරයත් සසඳන විට ස්‌වර අනුව උ – ඊ- ස්‌වර මිත්‍ර ස්‌වර ලෙස ශබ්ද ශාස්‌ත්‍රයේ දැක්‌වෙයි. එසේම “උ” මනුෂාක්‍ෂරයක්‌ වනවිට “දි” දිව්‍යාක්‍ෂරයක්‌ වෙයි. එසේම උපාලි යන්න සූර්ය ගණයවූ අතර දිවයින යන්න දේව ගණ විය, සූර්ය ගණයෙන් කරදර ඇතිකිරීම ලෙඩදුක්‌ ඇති කිරීම ප්‍රතිඵල වන අතර දේව ගණයෙන් ආයුෂය – සැපය – තේජස – කීර්ති – ප්‍රශංසා ප්‍රතිඵල ලෙස දැක්‌වේ. උපාලි විජයවර්ධන මහතා ලොවටම අභිරහසක්‌ වෙමින් අතුරුදන්වීම ප්‍රධාන කරදරයකි. එනමුත් දිවයින තාමත් තේජාන්විත ආයුෂයක සිටී.

අක්‍ෂර – ස්‌වර – මෙන්ම අර්ථයෙන්ද උපාලි යන්නට දිවයින සීහුම් විය. එතුමාගේ නමේ ගණය දිවයින නමේ ගණය මාරුකර බැලීමේදී සුබ ලෙස දැක්‌වේ. එනිසා උපාලි මහතා නැතත් ඒ නමත් දිවයින නමත් සදාකල් එකට බද්ධව පවතී.

ව්‍යාපාර නාමය හා උත්පත්ති නැකත

පුද්ගල නාම සැකසීමේදී විශ්වයට අනුබද්ධ යහපත් ශක්‌තීන් හා ශබ්දය සම්බන්ධ වන අන්දමට තනාගත යුතුය. එසේම ව්‍යාපාර නාමයද හිමිකරුගේ උත්පත්ති නැකත මෙන්ම ඔහුගේ නාමයේ අක්‍ෂර සහ හිමිවන ගණයේ ස්‌වභාවයන් අධ්‍යයනය කොට විශ්වයේ යහපත් ශක්‌තීන්ගේ යහපත් පල නෙලාගත හැකි පරිදි ව්‍යාපාර නාමය සකස්‌ විය යුතුය.

“වික්‌ටර් රත්නායක” යන නම අනුව භූමි ගණය ගොඩ නැගේ. ඔහු උපන් නැකත මෙන්ම ඔහුගේ පක්‍ෂියාගේ ස්‌වභාවයද මේ නාමයට ගැලපී තිබිය යුතුය. වික්‌-ටර්-රත්- ලෙස ලගු අකුරක්‌ ළඟට අල් අකුරක්‌ පැමිණි නිසා ගුරු අක්‍ෂර තුනක්‌ විය. එම භූමි ගණයේ ප්‍රතිඵල වන්නේ සියලු අන්දමේ ජයග්‍රහණ – කීර්තිය – වස්‌තු සම්පත් හා සියලු ලාභ යන්ය. වික්‌ටර් රත්නායකයන් යනු දෙස්‌ විදෙස්‌ සුපතල අග්‍රගන්‍ය සංගීත වේදියා බව නොදන්නා කෙනෙක්‌ නැත.

එසේම ව්‍යාපාරයක්‌ සඳහා යොදන නාමය තමන්ට භාවිතවන නාමය හා උපත් නැකත අනුව සැසඳිය යුතුය. මෙහිදී මුල්තැනක්‌ ලැබෙන්නේ තමාගේ භාවිතාවන නාමයටය. තමන්ගේ නම කුමන හෝ යෝනියකට අයත් වෙයි. යෝනි 08 ක්‌ ශබ්ද ශාස්‌ත්‍රයේ හඳුන්වා තිබේ. එසේම ව්‍යාපාරයට යොදන නාමයද තමන්ගේ නමට අයත් යෝනියම හෝ එයට මිත්‍ර යෝනියක්‌ හෝ විය යුතුය.

එසේම අක්‍ෂර සඳහා අංක ක්‍රමයක්‌ භාවිත වේ. ඒ අනුව තමන්ගේ නමේ අක්‍ෂරවලට හිමි අංක එකතුකොට එය අටෙන් බෙදා ඉතිරිවන ශේෂය අනුව නමේ ධන සෘණ අගය සොයා ගතහැක. එසේම ව්‍යාපාර නාමයේ ධන සෘණ අගයද සොයාගත යුතුය. එසේ කිරීමේදී තමන්ගේ නමේ ධන සෘණ අගයට වඩා ව්‍යාපාර නාමයේ ධන සෘණ අගය වැඩිවිය යුතුය. එසේවූ විට ව්‍යාපාරයෙන් ලාබ ලැබීම සහතික වෙයි. අඩුවීම ව්‍යාපාරය බිඳ වැටීම හෝ දුර්වල වීම සිදුවනු ඇත.

උදහරණයක්‌ ගතහොත් උපාලි විෙ-වර්ධන යන නාමයේ යෝනිය මූෂික යෝනිය වේ. දිවයින යන්නෙහි යෝනිය සිංහ වේ. මූෂික යෝනියට සිංහ යෝනිය අති මිත්‍රය. එසේම උපාලි විෙ-වර්ධන යන නාමයේ ධන සෘණ අගය 01 වේ. දිවයින යන්නෙහි ධනරින අගය 05 වේ. එනිසා හිමිකරුට ව්‍යාපාරය එකට පහක්‌ ලබාදෙන ඵලදායිතාවයක පවතී.

මේ අන්දමට ශාස්‌ත්‍රීය විමසුමකින් ශුද්ධ කරගන්නා ව්‍යාපාර නාම ඉතාම යහපත් ප්‍රතිඵල හිමිකරුට ලබාදෙන අතර තෝරාගන්නා ගණ සම්බන්ධතා අනුව විශිෂ්ට ප්‍රතිඵල අත්කරයි.

We found this article from Divaina on 2014/02/02.