ජීවිතයක් සාර්ථක කර ගැනීමට යොදා ගැනීමට හැකි විශේෂිතම අවස්‌ථාව නම් මනුෂ්‍යයෙකුගේ ආවාහ විවාහ අවස්‌ථාවය ෙහෙවත් යුග දිවියයි. ඒ සඳහා විසි පොරොන්දම් ඇතුලු විශේෂ ග්‍රහ යෝග රාශියක් ජ්‍යෙතිෂය ඉදිරිපත් කරයි.
යමෙකුගේ කසාදය සාර්ථක එකක් ද අසාර්ථක එකක් ද යන වග කේන්ද්‍රය තුළ සෑහෙන දුරකට සටහන්ව තිබේ. වයස අවුරුදු 18 පිරුනු සෑම කෙනෙකුට තමාට හිමි යුග දිවිය කුමක් ද යන්න උගත් වැදගත් ජ්‍යෙතිෂවේදියකුගෙන් විමසා දැන ගැනීම වටනේය. කරදරකාරී යුග දිවියක් තමන්ට උරුම වන්නට තිබේ නම් එබඳු පුද්ගලයා ප්‍රබල කුසල කර්මවල යෙදෙමින් තමාට යහපත් යුග දිවියක් ප්‍රාර්ථනා කළ යුතුය. එසේම තමාට හොඳින්ම ගැලපෙන කේන්ද්‍රයක් ද සොයා ගත යුතුය. මුදලට රූපයට පවුල්බලයට හෝ වෙනයම් ලාභයකට වහවැටී දුටුමතින් පෙම් බැඳ කසාදය තීන්දු කිරීම නිසා අද දික්‌කසාද බහුලය.

විසි පොරොන්දම
විසි පොරොන්දම් ගැන සැලකීමේ දී අත්‍යාවශ්‍ය පොරොන්දමක් වන නාඩි පොරොන්දම අසුබවීමේ ප්‍රතිඵල එලෙසට ලබා ඇති පවුල් මා සැමවිටකම දැක තිබේ. නාඩි පොරොන්දමක් අසුබව ඊට ගැලපෙන අයුරින්ම රඡ්ජු පොරොන්දම ද අසුබ වූ කල ලැබී ඇති ප්‍රතිඵල පුදුම සහගතය. රෝගී වූ දරුවන් සමඟ මවුපියන් දුක් විඳින ආකාරය, ධනය නොසිතූ අයුරින් විනාශවී ඇති ආකාරය. දෙදෙනා වෙන්වී ඇති ආකාරය, සමහර තැනක ලෝක ලඡ්ජාවට එක වහල යට සිටිය ද කුළල් කා ගනිමින් අපාදුක් විඳින ආකාරය, විසි පොරොන්දම් අතරින් පහළොවක් සුබ වුවත් අසුබව ඇත්තේ අත්‍යවශ්‍ය පොරොන්දම් අතරින් පහක් නම් ජ්‍යෙdතිෂ වේදියා ඒ විවාහය අනුමත නොකළ යුතුමය. ගණ පොරොන්දම, ලිංග පොරොන්දම අසුබව ඇතත් යහපත් යුග දිවි ගත කරන අය හමුවී ඇත. එහෙත් නාඩි පොරොන්දම සහ රඡ්ජු පොරොන්දම අසුබව යහපත් ජීවිත ගත කරන අය හමුවී නැත.
පොරොන්දම් බැලීමේදී ජ්‍යෙතිෂ වේදියා විශේෂයෙන්ම ලැබී ඇති කේන්ද්‍ර දෙකේ නිවැරැදි භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙරට භාවිත වන කේන්ද්‍රවලින් 20% 30% ක් පමණ වැරදි කේන්ද්‍ර සටහන්ය. වැරදි කේන්ද්‍ර සටහනකට අනුව පොරොන්දම් බලා විවාහය සුදුසු බව කීම ද නුසුදුසු බව කීම ද බලගතු වරදකි. උගත්කමත් බුද්ධිමත් කමත් වැදගත්කමත් ජ්‍යෙතිෂ වේදියෙකුට අත්‍යවශ්‍ය ගුණාංග වන්නේ අනුන්ගේ ජීවිතවලට zමිලක්Z නියම කිරීමේ භාරදූර වගකීම ඔහු (හෝ ඇය) සතුවන බැවිනි.
සුදුසු ජ්‍යෙතිෂ වේදියෙකු ලවා නිවැරදිව පොරොන්දම් බලවා ගැනීමට ද එය (සුදුසු නම් ඒ බව නුසුදුසු නම් ඒ බව) පිළිගැනීම ද මනුෂ්‍යයන් ලෙස නිකැලැල් වාසනාවන්ත යුග දිවියකට හේතු වේ.
බලු බළල් ආදී සතුන් මෙන් සහකරු/ සහකාරිය මාරු කිරීමට සිතා සිටින්නේ නම් පොරොන්දම් බලමින් කරදරවීමට වුවමනා නැත. පරලොවක් නැත පින් පව් නැත මහළුවීමක් නැත සිතා සිටින අයටද ලෝකයේ සුන්දරත්වය, ලබා ඇති ජීවිතයේ අපූර්වත්වය නොදන්නා අයට ද කේන්ද්‍ර අවශ්‍ය නැත.
We found this article from Divaina on 2014/02/16.