විවාහ ජීවිතයට බලපාන දරු උපත්

2762
දරු උපත්
දරු උපත්

[ratings]

යුගදිවිය තුළ සතුට සමාදානය වාසනාව හා සදාකාලික පැවැත්ම ආදී කරුණු ර¹පවත්නේ දරු සම්පත් මතය. දරු සම්පත් නැතිවීම්, මව්පියන්ට අශුභ වූ ග්‍රහ පිහිටීම් ලබා දරුවන් ඉපදීම යුගදිවියේ සාර්ථකත්වය බිඳ දැමීමට හේතුවක්‌ වනු ඇත. වසර ගණනාවක්‌ ඇසුරු කරමින් ආදරයේ මිහිරි සිතුම් පැතුම් හද තුළ පුරවාගෙන යුගදිවියට පිවිසෙන සමහර ආදරවන්තයින් දරු සුරතල් බැලීමට භාග්‍ය නැතිව වෙන් වන අවස්‌ථා අද සමාජයේ බෙහෙවින් දැකිය හැකිවේ.

විවාහ පොරොන්දම් බැලීමේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ දරුඵල පිළිබඳව පළමුව බැලිය යුතුය.

දරුඵල ගැන කරුණු කියවෙන්නේ කේන්දරයේ පස්‌වැන්නේය. ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ පස්‌වන භාවයේ තැන්පත් ග්‍රහයා පස්‌වන භාවයට වැටෙන ග්‍රහ දෘෂ්ටි හා පහ අධිපතියා සිටින රාශි අනුව දරු ඵල ගැන සැලකිය හැකි වුවද ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයේම කේන්ද්‍රවල දරුවන් වෙනුවෙන් පෙනී සිටින ග්‍රහයා ලෙස සලකන ගුරු ග්‍රහයාගේ තත්ත්වයද පරීක්‍ෂා කළ යුතුවේ. පස්‌වැන්නාධිපතියා දුබල වුවත් බ්‍රහස්‌පති ග්‍රහයා බලවත්ව කේන්ද්‍රයේ පිහිටීම මත පස්‌වැනියාගේ දුබල බව මග හැරී දරුඵල ඇතිවීමට හේතු වේ.

තවද දරුඵල ගැන බැලීමේදී ගුරු ග්‍රහයා මෙන්ම පුත්‍රස්‌ථානාධිපති සිටින තැනින් පස්‌වැන්න පිළිබඳවද කරුණු සොයා බැලිය යුතුවේ.

1989 සැප්තැම්බර් මස 3 වැනි දින කොළඹදී උපන් ස්‌ත්‍රියකගේ උපන් වේලාව වූයේ රාත්‍රි 8.58 මේෂ ලග්නය හිමිවූ ඇයට වෘෂභ නවාංශකය ද හිමිව තිබිණි. ගුරු ග්‍රහයා තුන්වන භාවයෙත් රවි, කුජ හා කේතු පස්‌වන භාවයෙත් සිටි අතර සඳු, බුධ, සිකුරු හයවැන්නෙත්, සෙනසුරු නවවන භාවයෙත් රාහු එකොළොස්‌වන භාවයෙත් තැන්පත්ව සිටී,

මේෂ ලග්නයෙන් උපන් ඇයට කුජ ග්‍රහයා විසිදෙවන දෙර්කාණාධිපති ග්‍රහයා ලෙස පස්‌වැනි භාවයේ තැන්පත්ව සිටී. පළමු පිරිමි දරුවාට මාරක ඇතිවීමට පහසු ග්‍රහ පිහිටීමක්‌ ලෙස කුජ ග්‍රහයා විසිදෙවන දෙර්කාණාධිපති ලෙස පහේ සිටීම දැකිය හැකිවේ. තවද ගබ්සාවීම් පවා ඇති කරයි. මේ ආකාරයටම පවතින පිරිමියකු හා මැය විවාහ වුවහොත් දරුවන් නොලැබීම යනු ඇත. විශේෂයෙන් විසිදෙවන දෙර්කාණාධිපති කුජ ග්‍රහයා වී පස්‌වැන්නේ පිහිටි පිරිමියාට දරුවන් උත්පාදනය කිරීමේ ශක්‌තිය අඩුය. පස්‌වන භාවයට අමතරව දරුවන් අහිමි වීමට බලපාන ග්‍රහ යෙදුම් කිහිපයක්‌ තවදුරටත් සලකා බලමු. ස්‌ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රය මිථුන හෝ කන්‍යා ලග්නයක්‌වී හයවැන්නාධිපති ලග්නගතව බුධ සමඟ සංයෝගව හෝ දෂ්ඨි ලබයි නම් දරුවන් අහිමිවීමේ යෝගයක්‌ වේ. තවද පස්‌වැන්නාධිපති අටවැන්නේ හෝ දොළොස්‌වැන්නේ සිටීමත් ලග්නාධිපති ග්‍රහයා පාප ග්‍රහයින්ට හසුවීමද දරුඵල හීන වන ග්‍රහ යෙදුමකි.

ලග්නාධිපතියා සතුරු ග්‍රහයන් සමඟ යෝග වීමද රවි ග්‍රහයා 2, 6 ස්‌ථානයක සිටිත් ද දරුඵල නොමැතිවීමේ ලක්‌ෂණයකි. ස්‌ත්‍රී කේන්ද්‍රයේ සත්වැනි රාශියේ සිටින කුජ සෙනසුරුගේ පීඩනයට හසුවී පස්‌වැන්න පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වී හෝ පස්‌වැන්නෙ පාප ග්‍රහයන් සිටින විට එම ස්‌ත්‍රියන්ට ගබ්සාවීම ඇතිවීමට හේතුවන ග්‍රහ යෙදුම් වේ. ධනු හා කටක ලග්න හිමියන්ගේ පස්‌වැන්නේ රාහු සිට කුජට පෙනෙයිද දරුවන් නොමැති වන ග්‍රහ පිහිටීමක්‌ වේ. තවද සඳු ග්‍රහයා දුර්වලව පස්‌වැන්නෙ/හයවැන්නේ සිටීම මත සෘතු දෝෂ බලවත්වීම මත දරුඵල හීන වේ. තවද පහේ හයේ සිටින දුර්වල ශනි, කුජ, රාහු පිළිසිඳ ගැනීමේ දෝෂ, ප්‍රසූත දෝෂ ඇති කරයි. ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේම පස්‌වැන්නේ රාහු සිටීමද පිළිසිඳ ගැනීමේ දෝෂයක්‌ වේ.

දරුඵල සම්බන්ධ සුබ ග්‍රහ පිහිටීම් ද දැකිය හැකිවේ.

ලග්නාධිපතියා බලවත්ව පහේ සිටියදී පහ අධිපතියාද බලවත්ව සිටීමත්. පහ හා පහ අධිපතියා බලවත්ව ගුරුට පෙනීම ද එක, නවය අධිපතීන් සත්වැන්නෙ සිට දෙවැන්නාධිපති ලග්නයේ සිටීමද, කේන්ද්‍රයේ පස්‌වැන්න පාප පීඩාවලින් තොරව සුබ ග්‍රහයන් සහිතව හෝ සුබ ග්‍රහ දෘෂ්ටියට ලක්‌ව තිබියදී පස්‌වැන්නාධිපතියා බලවත්ව සිටීම යහපත් දරුවන් ලැබීමේ ග්‍රහ පිහිටීම් වේ. බලවත් වූ සඳු, ගුරු හා සිකුරු දරුඵල ගෙනදේ. පස්‌වැන්නාධිපති ග්‍රහයා කටක වෘශ්චික, මීන රාශිගතවීම හා ගුරු බලවත්වීම දරුඵල වැඩිවේ. තවද මිථුන, ධනු, මීන හෝ කටක, වෘශ්චික රාශියක සඳු, සිකුරු හා ගුරු ග්‍රහයින් සිටින විටදී මිථුන, ධනු යන රාශියක සිට සුබ ග්‍රහ දෘෂ්ටි ලබයි නම් නිවුන් දරුවන් උපදී.

වාසනාවන්ත දරුවන් පිළිසිඳ ගැනීමට ශක්‌තිය බලය පවතින අවස්‌ථාවල සංසර්ගයේ යෙදමෙන් යහපත් දූ දරුවන් ලද හැකිවේ.

ස්‌ත්‍රියකගේ ඔසප් දිනෙන් 8, 12, 14 යන දිනවල සංසර්ගයේ යෙදීමෙන් පිරිමි දරුවන් ලැබීමද. ස්‌ත්‍රියකගේ ඔසප් දිනෙන් 5, 7, 9, 13, 15 යන දිනවල සංසර්ගයේ යෙදීමෙන් ගැහැනු දරුවන් පිළිසිඳ ගැනේ.

තවද පුර පක්‍ෂයේ 2, 3, 5, 7, 10, 13 යන තිථි ශුභ ඵල ඇතිවේ.

දරුවකු ලැබීමට යන කාන්තාවක්‌ තම දරුවාව ආරක්‌ෂා කර ගැනීමට සැලකිය යුතු කරුණු කිහිපයක්‌ ද වේ. භූත දෝෂයන් හා ඌෂ්ණාධික ආහාරපාන හේතුවෙන් ගබ්සාවීමටත් අවකාශ ඇති හෙයින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැක.

දරුවකු පිළිසඳගත් පසු

ෆ තද රතු හා කළු පාට ඇඳුම් ඇදීමෙන් වැළකී සිටීම.

ෆ රාත්‍රි කාලයේදී තම ඇඳුම් එළිමහනේ නොදමන්න

ෆ මුහුදු වෙරළ ළිඳ ගාව වැනි තැන්වල තනි නොවන්න

ෆ මස්‌ මාළු ඇට වර්ග බැදගෙන කෑමෙන් වලකින්න

ෆ දරුවකු පිළිසිඳ ගත් පසු ගෙවල් සැදීමෙන්ද වළකින්න

ෆ තමාගේ හිසකෙස්‌ පෑගෙන තැන්වල නෙදමන්න.

විවාහ වීමට පෙර කේන්ද්‍ර දෙකේ දුබලව පවතින්නා වූ ග්‍රහයින් ගැන සොයා බැලිය යුතුවේ.

එකම ග්‍රහයා හඳහන් දෙකේම දුබලව සිටිත්ද එම ග්‍රහයාට අනුරූපව රෝග පීඩා ලබන දරුවන් බිහිවනු ඇත.

මේ අනුව හඳහන්වල පවතින්නා වූ ග්‍රහ දුබලතා හඳුනාගෙන කටයුතු කිරීම තුළින් වාසනාවන්ත විවාහයක්‌ පමණක්‌ නොව වාසනාවන්ත වූ දරුවන් ලැබ ජීවිත කාලයම සැනසීමෙන් ජීවත්වීමට වාසනාව උදාවනු ඇත. හඳහන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේම උඩින් බලා තීරණය නොකර මැනවින් ග්‍රහ පිහිටීම් බලා තීරණයකර ඇත්ත තත්ත්වය වටහා අවබෝධකර දීම තුළින් අද සමාජයේ පවුල් අතර ඇති ප්‍රශ්න දුරු කරගත හැකිය.

We found this article from Divaina on 2012/05/18.
Also Sinhala to English Google word to word translation can be found here