ශාරීරික, මානසික පීඩා විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව – 2

1667
පීඩා

විවාහයක්‌ සඳහා පොරොන්දම් බැලීමට පළමු යෝජිත විවාහකයා හඳුනාගත යුතුය. එය වඩාත් ගැඹුරට විමසා බැලීම අපහසු නම් සඳුගේ පීඩාවීම හා ලග්නය හෝ ලග්නාධිපති නීච වී ඇද්දැයි යන කාරණාවත් විමසා බැලිය යුතුය. බොහෝ පුරුෂයන් සිය බිරින්ඳෑට පහර දෙන්නේ, ශාරීරික, මානසික පීඩා ඇති කරන්නේ. සැකකරන්නේ යට සඳහන් කරන ලද ග්‍රහ පිහිටීම් නිසා බව අමතක නොකළ යුතුය.

ග්‍රහ නීච වීම

සියලුම ශුභ ග්‍රහයන් පාප සංයෝග හෝ පාප දුෂ්ඨි ඇතිව සිටියදී පහ අධිපතිත්, පස්‌ වැන්නේ සිටින බුධ නිචව සිටීමත් ලග්නාධිපති ද එලෙසම පාප පීඩිත නම් එවැනි ග්‍රහ පිහිටීම් සහිත පුද්ගලයාට නිරවුල් මනසක්‌ නැත. සතුටක්‌ නැත. ඔහු සතුටු වන්නේ අනුන්ට පීඩා කිරීමෙනි. හූ කීමෙන්. ගල් ගැසීමෙන්, හොර පෙත්සම් යෑවීමෙන් සතුටු වන්නෙකි. ඔහුගේ ප්‍රකෝප මනස නිසා තමා තමා කෙරෙහිද කෝප වෙයි. අව පස සඳු පාපීන්ගේ පීඩා ලැබ සිටීම නිසාත් උමතු කල්පනා සහිත වේ. ආධුනිකයන්ගේ දැන ගැනීම සඳහා පැහැපත් මනසක්‌ නැති විකෘති ලෙස සිතන පුද්ගලයන් හඳුනාගත හැකි ග්‍රහ පිහිටීම් කීපයක්‌ මෙසේ දක්‌වමු.

  1. ලග්නාධිපති නීච බුධ සමඟ ත්‍රිකෝණ ස්‌ථානයක වීම.
  2. චන්ද්‍රයා සියලුම අංශවලින් දුර්වලවී දුෂ්ට රාශියක සිටීම
  3. දුබල සඳු පාපියකු සමඟ සම්බන්ධවී ලග්නයේ, පස්‌වැන්නේ හෝ නවවැන්නේ සිටීම.
  4. අව පස සඳු දුබලව, දුලබ රාහු සමඟ යෝගවී අටවැන්නේ වීම.
  5. දුබල සෙනසුරු හෙවත් සතුරු සෙනසුරු සඳු සමඟ යෝගවී අටවැන්නේ වීම.
  6. සඳු හා රාහු ඉතා සමිප අංශක ගණනක සිටියදී ත්‍රිකෝණස්‌ථානවල පාපීන් වෙතොත් විටින් විට මතුවන උමතු ලක්‍ෂණ ඔහු කෙරෙන් දක්‌නට ලැබේ.
  7. රවි ලග්නගතව සිටියදී 7 වැන්නේ සිටින ශනිට හෝ කුජට, නැතොත් ඒ දෙදෙනාටම පෙනෙයි නම් කල්පනා උමතු සහගතය.
  8. ගුරු ලග්නයේ සිටියදී 7 වැන්නේ කුජ – ශනි දෙදෙනා සිටීමත් එසේය.
  9. නීච බුධ පාප ග්‍රහයන් සමඟ යෝගව 3, 6, 8, හෝ 12 වීම.
  10. සඳු – කුජ පස්‌ වැන්නේ සිටියදී අටවැන්නේ පාප ග්‍රහයන් සිටීම.
  11. වෙනත් කිසිම ග්‍රහයකු සමඟ සම්බන්ධකමක්‌ නැතිව කිසිම ශුභ ග්‍රහයකුටද නොපෙනී, යටත් පිරිසෙයින් තමා තැන්පත් රාශිය අධිපතියාගේ දුෂ්ටියක්‌ හෝ සබඳකමක්‌ නැතිව සඳු – බුධ යෝගය කේන්ද්‍රස්‌ථානයක වීම.
  12. ඇතැම් උමතු රෝගියෙක්‌ හේතුවක්‌ නොමැතිව හඬයි. නැත්නම් හිනාවෙයි. ඒත් නැත්නම් අනුන්ට උස හඬින් බැණ වදී. හූ කියයි. එසේ වන්නේ කුජ – ශනි – සඳු යන ත්‍රිගහ යෝගය 8 වැන්නේ යෙදීමෙනි.
  13. රවි, සඳු, කුජ සඳහා 8 වැන්නේ, ශුභ දුෂ්ටි නොලැබ සිටීමත් මනස අවුල් කරන්නකි. එම ග්‍රහ සංයෝගය ලග්නයටත් අහිතකරය.
  14. ශනි රාහු දෙදෙනා සංයෝගව 8 වැන්නේ සිටියදී ලග්නයෙන් ත්‍රිකෝණස්‌ථාන දෙකෙහි පාපීන් සිටීමත් මානසික දුබලකම් නිසා ජීවිතය අවුල්කර ගන්නා යෝගයකි.
  15. පාප ග්‍රහයන් තිදෙනකු සමඟ මාන්දි ද 7 වැන්නේ වීමත් එසේය.
  16. 6 අධිපතියා සහ සෙනසුරු ලග්නයේ සිටියදී පාප ග්‍රහයන්ගේ පූර්ණ දුෂ්ටි ලැබ සිටීමත් ප්‍රබුද්ධ මනස අවුල් කරන්නකි.
  17. අයහපත් දෙර්කාණාදිපතියෙක්‌ ලග්නයේ සිටියදී තවත් පාප දුෂ්ටි එයට ලැබීම.
  18. රවි, කුජ, ගුරු, හා ශනි යන ග්‍රහ යෝගයත් රවි, චන්ද්‍ර, බුධ, ගුරු හා ශනි යන පංච ග්‍රහයෝගයත්, මානසික ව්‍යාකූල ඇතිකරන්නකි. ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් තිබියදී වෙනත් ග්‍රහ බල නිසා හෝ බලවත් යෝග නිසා එකී තත්ත්වය සඟවන අවස්‌ථාද වේ. ඒ සඳහා අෂ්ට වර්ග බිංදු ක්‍රමයේ බලපෑම ද විශේෂයි.

මානසික පීඩා

සතුට පරාජිත වූ විට අසතුට හිතේ ජනිත වෙයි. එම අසතුට ජයගත නොහැකිවූ කල්හි හුදකලාව වායු ගෝලය සමඟ කොඳුරන අතීතයේ මැකී ගිය පරාජිත අත්දැකීම් වඩාත් මනසට ඇතුළුවන, ඒ නිසාම මානසික අවුල් ඇතිවන ස්‌වභාවයක්‌ ඇති වේ.

සිය දිවි නසා ගන්නා වැඩි දෙනකුට පරාජිත මානසිකත්වය ද හේතුවක්‌ වෙයි. සිය දිවි නසා ගැනීම යනු තමා තමාටම පැරදීමය. තවත් කොතෙක්‌ කෙනෙකු මරාගෙන තමාද මිය යති. එම මානසිකත්වය විශද රෝගයකි. පෙර ආත්ම භාවයකදී අප විසින් සිදුකරන ලැබ අප පසුපස ලුහුබැඳ එන්නා වූ අනිෂ්ට කර්මඵල විපාකයන් ගෙන් කොටසක්‌ අප මෙලොව ජීවත්වන කාලය තුළදී කායික හෝ මානසික වශයෙන් හෙවත් රෝගාබාධයන්ගේ මුහුණුවරින් එළිදකිනු ඇත. එම කර්ම විපාකයන් යමකු උපත ලබනවිට අහසේ ග්‍රහයන් පෙළ ගැසී සිටි අයුරින් හෙළිදරව් වෙයි.

මිථුන, කන්‍යා හා මීන යන සංවේදී රාශි තුන පීඩා වී තිබීම නිසා කෙනෙකුට සාධාරණ, පවිත්‍ර කල්පනා නැතිවී යා හැකීය.

විවාහ පොරොන්දම් බැලීමේදී මනස්‌කාරක සඳුත්, බුද්ධිකාරක බුධත් ගැන දැඩි අවධානය යෙදිය යුතුය. බුධ නීචව ලග්නාධිපති සමඟ යෝගව උපත ලබන්නා මිනිස්‌කම් නැති අමනයෙකි.

බරපතළ ලෙස මානසික ව්‍යාධීන් නිසා අසරණ වියහැකි ග්‍රහ පිහිටීම්

  1. චන්ද්‍ර ලග්නය, චන්ද්‍ර ලග්නාධිපති හා ලග්නාධිපති ශනිගෙන් හෝ රාහුගෙන් පීඩා වී සිටිම.
  2. සංවේදී රාශීන් වන මිථුන, කන්‍යා, හා මීන යන රාශි ප්‍රබල ලෙස පාපීන්ගේ බලපෑම්වලින් පීඩා වී තිබිම මෙහිදී ලග්නය ද සංවේදී රාශියක්‌ වූයේ නම් වඩාත් අශුභය.
  3. රාහු හෝ ශනි යන ප්‍රබල පාපීන් දෙදෙනාගෙන් එකෙකු ලග්නයට හෝ සඳුට (හෝ බුධට) ත්‍රිකෝණගතව යෙදීම.
  4. බුදත්, චන්ද්‍රයාත් යන දෙදෙනාම 3, 5, 6, 8, 9 හෝ 12 යන රාශියක දුබලව පීඩිතව සිටියදී චන්ද්‍රයාද එකී රාශිවලින් එකක දුබලව සිටීම.
    සඳුත්, බුධත්, දෙදෙනාම පීඩාවී සිටියදී 2, 6, 5 යන රාශීන්ද පීඩා වී තිබීම.
  5. ලග්නය ඉහත කී සංවේදී රාශීන්ගෙන් එකක්‌වී ශනි හා රාහු දෙදෙනාම ලග්නගතව සිටීම.
  6. සඳුත්, බුධත්, දෙදෙනාම පාප කර්තරී වී සිටීම.
  7. ශුභ ග්‍රහයන් දුෂ්ටස්‌ථාන (6,8,12) වලත් පාපීන් ත්‍රිකෝණස්‌ථාන වලත් සිටීම.
  8. ශනි – රාහු යෝගය 9 වැන්නේ යෙදී සිටියදී අනෙක්‌ පාපීන් 5, 9 යන ත්‍රිකෝණ රාශියකවීම.
  9. අතිශයින්ම දුබල සඳු බුධ ද හා එක්‌ව ලග්නයේ වීම.
  10. සඳු හෝ බුධ මාන්දි සමඟ එක්‌වී සිටීම.
  11. සඳු ජල රාශියක තනිව සිටියදී එම ග්‍රහයා පාප දුෂ්ටිවලට ලක්‌වීම ද සියලුම චර රාශීන්වන (මේෂ, කටක, තුලා, මකර ජල රාශීන්ය.)

We found this article from Divaina on 2014/04/20.