ශුභ – අශුභ ඵල දෙන ග්‍රහ යෝග

2493
ශුභ
ශුභ

සතුටින් වාසය කිරීමට හැමෝම කැමැති වෙති. සැප සම්පත්, වස්‌තුව, ධනය, ගේදොර ඉඩකඩම්, යාන වාහන ආදී දේවල් සතුට උපදවයි. මනුෂ්‍ය ජීවිතය එහෙමය. ජෝතීර් විද්‍යාවට අනුව කේන්ද්‍ර හිමියාගේ, හිමිකාරියගේ දියුණුව, වාසනාව, පිරිහීම, අවාසනාව ඇතිවන්නේ ග්‍රහ පිහිටීම් අනුව සහ ඒ ඒ දශා කාලවලදී සිදුවන ග්‍රහ ගමන් අනුවය. ශුභ ඵල උදාකරන කාලය ජන්මියා කරා එළැඹෙන්නේ ශුභ ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ටි, සංයෝග සහ යෝග නිසාය. ශුභ ඵල මෙන්ම අශුභ ඵලද ගෙනදෙන්නේ ග්‍රහයන්ගේ නීච සතුරු සහ දෘෂ්ටි සංයෝග අනුවයි.

උප්පත්ති කේන්ද්‍රයේ ලග්නාධිපතියා නීචව සිටීමත්, සඳු ග්‍රහයා නීචවීමත්, නමය අධිපතියා නීචවීමත් නිසා ශුභඵල අපේක්‍ෂා කළ නොහැකිය. එහෙත් නීචවූ ග්‍රහයන් උච්ච බලයෙන් සිටින ග්‍රහයකුගේ ස්‌ථානයක (රාශියක) සිටිවිට නීචයෙන් මිදේ.

මීන ලග්නයෙන් උපන් අයකුගේ ලග්න ගතව – ගුරු – සිකුරුත්, දෙවැන්න වූ මේෂ රාශියේ රවිත්, 11 වැන්නේ අඟහරුත් සිටීමෙන් එකී පුද්ගලයා අනිවාර්යයෙන්ම උසස්‌ පුද්ගලයකු වන්නේය. පිරිස්‌ බලය ලබයි. රාජ තාන්ත්‍රිකයෙකු වෙයි.

ග්‍රහයින් සිව්දෙනෙකු රවී හෝ සඳු සමඟ සිටීමෙන්ද රාජ්‍ය පාලන කටයුතු වලට යොමුවන්නේය. අධ්‍යාපන කටයුතු වලින්ද උසස්‌ තත්ත්වයක්‌ හිමිකරගනී.

වැඩිකල් ජීවත්වීමට, දීර්ඝායුෂ ලැබීමට හැකිවන්නේ ගුරු මීනයෙන්, බුධ කන්‍යාවෙත්, සෙනසුරු මකර රාශියෙත් ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීමෙනි. මෙවන් අය දේපළ වස්‌තුව අතින්ද සියලු සැපලබයි. රජකෙනකු තරම් භාග්‍යවන්තයෙකු විය හැක්‌කේ මේෂ, කටක, තුලා සහ මකර යන රාශිවල රවි, ගුරු, ශනි, කුජ යන ග්‍රහයන් සිවිදෙනා සිටීමෙනි.

කේන්ද්‍ර හා ත්‍රිකෝණයන්හි පිහිටි ස්‌ථානාධිපති ග්‍රහයන් ගේ බලය, යෝගකාරක බලය වැදගත්වෙයි. එක්‌ රාශියක ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක්‌ සිටීම සංයෝගය ලෙස සැලකෙයි. ඒ ඒ ග්‍රහයන්ගේ හැටියටත්, තරා තිරමටත්, බලය හා වගකීමටත්, අනුව කේන්ද්‍ර හිමිකරුගේ කටයුතු උසස්‌ පිළිවෙළකට යොමුවීමේදී රාජ යෝගද කලින් දැක්‌වූ පරිදි ඇතිවෙයි. උප්පත්ති කේන්ද්‍රයේම රාජයෝග පිහිටීම සුවිශේෂී කරුණකි. මහ දශාපතියා බලවත් වීමෙන් ඔහුගේ දශාවේදී හෝ අතුරු දශාවේදී හෝ විදශාවේදී හෝ යෝගකාරක ග්‍රහයන්ගේ හෝ ස්‌ථානාධිපතීන්ගේ බලවත්වීමෙන් අතුරු දශා විදශා කාලවලදී ශුභ ඵල උදා කෙරෙයි.

කේන්ද්‍රයේ චන්ද්‍ර-ශනි ද්වි ග්‍රහ යෝගය ජන්ම ඒරාෂ්ඨකය වන්නේය. මෙවැනි ද්වි ග්‍රහ යෝගයකින් උපන් අය ළදරු ළමා වියේදී නොමැරී සිටියහොත් පසු කාලය තුළ ඉතාමත් ශූර-වීර අය වෙති. වයස්‌ ගතවන්න වන්න මොවුන් දියුණුවට පත්වේ. ස්‌ථිර දේපළ ඉඩකඩම් ලැබීමට භාග්‍ය ඇතිවේ.

බුධ-ගුරු සංයෝගයෙන් උපන් අය විපුල ඥනයෙන් යුක්‌තයි. ඉගෙනීම් කටයුතු වලට අති දක්‍ෂයෝ වෙති. පණ්‌ඩිතයෝ වෙති. පිටරට ගමන් බිමන් වලින් සේවා සලසයි. න්‍යාය ධර්මානුකූලව කටයුතු කරති. ආගමික භක්‌තියෙන් යුතුව කටයුතු කරති. විනිශ්චයකාරවරුන් වීමටද මෙය හොඳ පිහිටීමකි.

“යවන” මතයට අනුව ග්‍රහයන් තිදෙනෙක්‌ කේන්ද්‍රයේ උච්ච වූ කල (රවි, කුජ, ශනි, රාහු, කේතු යන) පාප ග්‍රහයන් හැර (චන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු) සෞම්‍ය ග්‍රහයන් සිටීමෙන් එවන් නැතැන්තා හෝ තැනැත්තිය රාජ්‍ය බලය ලබන බව කියෑවේ.

ජන්ම පත්‍රයේ කුජ, ශනි, රවි, ගුරු යන සිව් ග්‍රහයන් ඔවුන්ගේ උච්ච රාශි වල පිළිවෙළින් කුජ, මකර, ශනි, තුලා රවි, මේෂ, ගුරු, කටක යන රාශිවල සිටිවිට හා මේ අයගෙන් එක්‌ ග්‍රහයකු ලග්නගතව සිටීමෙන් රාජයෝග ඇතිවේ. රවි, කුජ, ගුරු, ශනි යෝගය ඉතා බලවත් යෝගයකි. රාජ්‍ය සේවයේ උසස්‌ තනතුරු ලබයි. ඉගෙනීමෙන් උසස්‌ අයකුවෙයි. ගම්, නගර ප්‍රධානියකු වන්නේය. රවි, බුධ, ගුරු, සිකුරු යෝගයද ප්‍රබල යෝගයකි. මේ යෝගයෙන් උපන් අය හැම දෙයින්ම අඩුවක්‌ නැතිව රටේ ප්‍රබලයෙකු වන්නේය. නිරෝගී ශරීරය වේ. විශාල ගෘහයක වාසය සිදුවේ.

චන්ද්‍ර, බුධ, ගුරු, ශනි යෝගයද බලවත්ය. මෙම යෝගයෙන් උපන් අය පොඩිකාලයේදී සුළු සුළු කරදර වලට භාජන වුවත්, පසුව උගත් පණ්‌ඩිතයකු බවට පත්වන්නේය. රාජ්‍ය සේවයේ උසස්‌, ඉහළ නිලතල ලබයි. ධනවත් අයකු සේම කීර්තිය, තේජසින් යුතු අයකු වෙයි.

විශාල ව්‍යාපාර, කම්හල්වල අයිතිය ඇති ධනවත් පුද්ගලයන් වන්නේ රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් පස්‌දෙනා එකට සිටීමෙනි. මොවුන් හැම අතින්ම පූර්ණ අය වෙති. යාන වාහන, වටිනා ගෙවල් දොරවල් විශාල ඉඩම් මේ අයට හිමිවේ. මන්ත්‍රී අමාත්‍ය තනතුරු සේම රජයේ උසස්‌ නිලතලද ලබයි.

ලග්නයේ සිට 07 වැන්න දක්‌වා වූ ස්‌ථානවල (රාශි වල) දිගටම සියලුම ග්‍රහයන් සිටිවිට “නෞ” නමැති යෝගය උදාවේ. මෙම යෝගයද ඉතා බලවත්ය. මෙවන් අය ප්‍රසිද්ධියට හා කීර්තියට පත්වෙති.

ග්‍රහ සංයෝග ගැන කරුණු පරීක්‍ෂා කිරීමේදී යෝගය යෙදී ඇති අපූරු හා ස්‌ථානය ගැන විමසිලි මත්වීම වටී. ග්‍රහයන් සංයෝග වී සිටින ස්‌ථාන ගැනද සොයා බැලිය යුත්තේය. ග්‍රහයන් 05 ක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ එක්‌ රැසක සිටීම දුගී දුප්පත්වීමට හෝ අඥනයකු වීමට හෝ පුළුවන. හුදෙක්‌ ඒ ග්‍රහ යනගේ බල තත්ත්වය අනුවයි.

රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශුක්‍ර ශනි යන ග්‍රහයන් 06 දෙනා එකට සිටීමෙන් ධනයෙන් හීනවේ, ගිහි සැප නොලබයි. එහෙත් අධ්‍යාපන කටයුතු වලින් උසස්‌ වෙයි. මහණවීමටද පුළුවන. මහණදම් පුරණ තවත් යෝගයක්‌ වන්නේ රවි, චන්ද්‍ර, කුජ, ගුරු, ශුක්‍ර, ශනි යෝගයයි.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here