සෑම අඟනක්‌ම පැළඳිය යුතුය චරිත අභරණ

0
677
අභරණ
අභරණ

[ratings}

චරිතවත් බව කාන්තාවකට ආභරණයකි. රන්, රිදී, මුතු, මැණික්‌ වැනි වටිනා ආභරණ අතර චරිතය නොකැළැල් කරගිනිමින් ජීවත්වීම කාන්තාවක්‌ එකී වටිනා ආභරණය පැළඳගත්තා වන්නේය.

එහෙත් මෙලොව උපදින අවස්‌ථාවේ පෙර සසරේ කරන ලද පින් පව් අනුව ලියවෙන ජන්ම පත්‍රයේ බලමහිමයෙන් චරිතවත් බව නමැති ආභරණයෙන් සැරසීමට අපොහොසත් කාන්තාවන්ද අප අතර වේ.

කාන්තාවකගේ චරිතය මැනිය හැක්‌කේ අඟහරු, චන්ද්‍රයා සහ පස්‌වැන්න මුල්කොට ගෙනය. ස්‌ත්‍රීන්ගේ චරිතවත් භාවය කෙරෙහි මූලික වශයෙන් වගකිව යුත්තා අඟහරුය. කාන්තා පක්‌ෂය බොහෝ අවස්‌ථාවල හැඟීම්වලට මුල්තැන දී කටයුතු කිරීමට පෙළඹෙන පිරිසක්‌ බැවින් සිතුම් පැතුම්වලට මුල්වන චන්ද්‍රයා පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. ග්‍රහ මණ්‌ඩලයේ කිසිදු ග්‍රහයකු විසින් දුර්වල බවට පත් නොකරන ශක්‌තිමත් චන්ද්‍රයා අඟහරුගේ අයහපත් බලපෑම්වලට එරෙහිව ක්‍රියා කරන අතර චන්ද්‍රයා දුර්වල වීමෙන් අයහපත් ප්‍රතිඵල වැඩිවේ.

රවි ග්‍රහයා ගෞරවයට අධිපති වන බැවින් කේන්ද්‍රයක රවිට හිමි ස්‌ථානයටද ප්‍රබල තැනක්‌ හිමිවේ. රවි දුර්වල වීමෙන් කීර්තිය විනාශ වන අතර රවි බලවත් වීමෙන් කීර්ති පැසසුම් හා තරාතිරම වර්ධනය වන්නේය.

අඟහරු චන්ද්‍රයා සහ සත්වැන්න පාපී සෙනසුරු සහ රාහු යන ග්‍රහයන් සමග සංයෝග වීමෙන් හෝ දෘෂ්ටියෙන් සම්බන්ධ කල්හි කාන්තාවන් සිය චරිතය කැළැල් කර ගනිති. එසේ වන්නේ අඟහරු චන්ද්‍රයා සමග සත්වැන්න යහපත් ග්‍රහයන්ගේ ආරක්‌ෂාව නොලබන විටය. මන්ත්‍රී කේන්ද්‍රයක රාහුගෙන් දුර්වලත්වයට පත්වූ අඟහරු ඇගේ ලිංගික ආශාවන් වර්ධනය කරයි. ඉතා කුඩා අවධියේදීම ලිංගික ආශාවන් කෙරෙහි උනන්දු වේ. රාහු පාපී තත්ත්වයට පත්වූ විට හෝ දුර්වල වූ විට ස්‌ත්‍රියක්‌ අතිශයින්ම කාමුක වන්නේය.

එකී දුර්වල බව වැඩිවන තරමට පිරිහීමද වැඩිවීමෙන් නොදැනුවත්වම සමාජයේ අවමානයට ලක්‌වේ.

බ්‍රහස්‌පති සෑම විටම පුද්ගලයකු පිරිහීමට පත්වීම වළක්‌වා ඔහු හෝ ඇය රැකගනී. යහපත් සියලුම ග්‍රහයෝ යහපත් දේ කරන අතර යහපත් ග්‍රහයන් අතර ශක්‌තිමත්ම ග්‍රහයා බ්‍රහස්‌පති වේ. දුර්වල වූ අඟහරු සඳු සහ සත්වැන්න බ්‍රහස්‌පතිගේ දෘෂ්ටියට හසුවූ විට හෝ බ්‍රහස්‌පති සමග සංයෝග වූ විට අයහපත් බලපෑම් ඉවත්වේ. බලවත් සේ ගුණදෙන බ්‍රහස්‌පති පුද්ගලයන්ට සිදුවන බොහෝ විපත්වලින් ඔවුන් ආරක්‌ෂා කර ගනී.

වෘශ්චික සහ අටවැන්න පුද්ගලයකුගේ ලිංගික ආශාවන් පාලනය කරයි. එබැවින් වෘශ්චික රාශියේ සහ අටවැන්නේ ශක්‌තියද මෙම කාරණයේදී සැලකිල්ලට ගැනීම වටී. ඔවුන් පාප ග්‍රහයන් නිසා දුර්වල වූ අවස්‌ථාවන්හි පුද්ගලයන්ගේ ලිංගික ආශාවන් වර්ධනය වන්නේය. යහපත් ග්‍රහයන් සමග සංයෝග වූ විට හෝ ඔවුන්ගේ දෘෂ්ටියට හසුවූ විට ලිංගික ආශාවන් හීන වන්නේය. අපේ හැඟීම් පාලනය කරන්නේ සය වැන්නය. එබැවන් ලිංගික සහකරු පාලනය කරන රාශි සහ ග්‍රහයන් සමඟ සයවැන්නාධිපතිට ඇති සම්බන්ධතාව මත ලිංගික ආශාවන් වර්ධනය වන්නේය.

රවිගේ කිරණින් අඟහරු දුර්වල වූ විට හෝ 6 ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත්වූ විට හෝ කාන්තාවකගේ ලිංගික ආශා හීනවන අතර සමහර අවස්‌ථාවල ඇය සදහටම ලිංගික වශයෙන් උකටලී වීමටද ඉඩ පවතී. එවැනි අවස්‌ථාවකදී ස්‌ත්‍රියගේ ලිංගික ආශාවන් මුළුමනින්ම විනාශ වීමටද ඉඩ ඇත. දුර්වලත්වයට පත්වූ අඟහරු සත් වැන්නෙහි සිටියදී එම සත්වැන්න පාප ග්‍රහයකුට අයිති රාශියක්‌ වූ විට හා ශුභ ග්‍රහයකුගේ බැලීම හෝ සංයෝගය හෝ එයට නොලැබෙන විට එකී කාන්තාවගේ චරිතය සැක සහිත වේ. දුබල සහ පාපී බුධ සත්වැන්නෙහි සිටින විට සහ එම රාශිය ශුභ ග්‍රහයකුගේ බලපෑමක්‌ නොලබන විට හා එය ශුභ ග්‍රහයකුගේ රාශියක්‌ නොවන විට එකී කාන්තාව අවකල් ක්‍රියාවෙන් යුක්‌තවේ.

සඳු ලග්නයෙහි හෝ සත්වැන්නෙහි රවිට නවාංශකව සිටින විට, සඳුගේ ස්‌වක්‌ෂේත්‍රව හෝ උච්චක්‌ෂේත්‍රව නොවන විට හෝ මිත්‍ර ග්‍රහයකුගේ වත් රාශියක්‌ නොවන විට කාන්තාවක්‌ දුෂ්චරිතවත් වේ. දුර්වලභාවයට පත් සඳු සත්වැන්නෙහි හෝ සතුරු ග්‍රහයෙකුගේ රාශියෙහි හෝ වෙනත් ග්‍රහයකු විසින් දුර්වලත්වයට පත් කරනු ලැබ සිටින විටද කාන්තාවක්‌ දුසිරිතෙන් යුක්‌ත වන්නේය. අවපස සඳු නීචව පස්‌වැන්නෙහි සිටින විට හෝ සතුරු ග්‍රහයකුගේ රාශියක සිටින විටද කාන්තාවෝ පතිවත නොරකින්නීය.

සයවැන්න කාන්තාවන්ගේ ලිංගික සබඳතා පාලනය කරයි. සයවැන්නාධිපතිගේ අශුභ ග්‍රහ බලපෑම් තුළ සත්වැන්නාධිපති සමග හෝ සත්වැන්න සමග හෝ සබඳතා ගොඩනගා ගත්විට එම ග්‍රහයන් සහ රාශි ශුභ ග්‍රහයන් විසින් ආරක්‌ෂා නොකරනු ලබන අවස්‌ථාවලදීද සයවැන්නෙහි පාප ග්‍රහයන් සිටින විටද කාන්තාවන් අනියම් පුරුෂයන් හා සම්බන්ධතා ගොඩනගා ගනී.

සය වැන්නෙහි අටවැන්නෙහි සහ නවවැන්නෙහි අධිපතීන් එකම රාශියක සිටියදී පාප ග්‍රහයන් ඔවුනට එක්‌ වුවහොත් හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ඔවුන් හසුවුවහොත්ද ස්‌ත්‍රීන් පතිවත නොරකී. පස්‌වැන්නාධිපති, සයවැන්නාධිපති සමඟ එකම රාශියක සිටින අවස්‌ථාවක පාප ග්‍රහයන් විසින් පීඩනයට පත්කරනු ලැබුවහොත් එකී යෝගයේදී කාන්තාවන්ට සොර සැමියන් නිසා දරුවන් ප්‍රසූත කිරීමටද සිදුවන අතර සය වැන්නාධිපති සමග එක්‌ව සිටියදී පාප ග්‍රහයන් විසින් පීඩනයට පත්කරනු ලබන ග්‍රහ පිහිටීම තුළද කාන්තාවන් අනියම් පුරුෂ ඇසුරට පෙළඹේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here