සියපත මත වැඩ හිඳින කේතු

1725
කේතු
කේතු

කේතුගේ හිස මිනිසෙකුගේ මෙන්ද, ශරීරය නාගයකුගේ මෙන්ද, ශරීරය සුදු දුම් පැහැයෙන්ද, ඇඟ හැමතැන වණ කැළල් ගහන කෙට්‌ටු සිරුරකින්ද යුක්‌ත වෙයි. හිසේ ඔටුන්නක්‌ දරා අතකින් පොතක්‌ ගෙන නෙළුම් මලක්‌ උඩ වාඩිවී සිටියි. මස්‍යාවතාරයෙන් සැදි නපුංශක කෲර ග්‍රහයෙක්‌ වන කේතුට ජීව ධාතු, කෙසෙල් ගස අදාළ දේ වෙයි.

බඹ නාමයෙන්ද හඳුන්වනු ලබන කේතු අතකින් පොතක්‌ දරා සිටියි. මහ බඹුගේ අතේද පොතක්‌ තිබේ. මෙම ඡායා ග්‍රහයා මිනිස්‌ ඔළුවකින් හා අතක පොතක්‌ දැරීමෙන් පෙන්නුම් කරනුයේ මිනිසා පිළිබඳ හොඳ දැනුමක්‌ ලබාදෙන ඥනය, ඉගෙනීම ලබාදෙන ග්‍රහයකු බවයි. ජන්මියා හකුළුවා තබන අප්‍රසිද්ධ ලෙස නිවසටම වී කල්ගෙවීමට සිත පොළඹවන ගුප්ත දේට හා නුවණ දියුණු කරන දේට යොමු කරවන ග්‍රහයෙක්‌ ලෙස කේතු සලකනු ලැබේ. ශරීරයේ හොරි, දද ආදී චර්ම රෝග ඇති කරන නමුත් පිරිසිදුකමද අගේ කොට සලකයි. ස්‌ත්‍රීන් ගැන සිත පෙළඹවීම සතුරන් සාදා නොගැනීම, මිතුරන් ගෙන් වුවත් ඈත්කර තබන කලට වේලාවට සැපවත් ආහාර ඕනෑ කරන ගුණාංග මොහුට ඇත.

කුජ මෙන් කේතුද ගින්න නියෝජනය කරයි. මෝක්‍ෂ කාරක ග්‍රහයාද කේතුය. කන්‍යා, මීන, කේතුගේ ස්‌වක්‍ෂේත්‍ර රාශි වන අතර වෘෂභ, ධනු උච්ච ක්‍ෂේත්‍ර රාශි වේ. නීච ක්‍ෂේත්‍ර රාශිය නම් මිථුනයයි. අස්‌විද, මූල, මා නැකත් තුන කේතුට අයත් වේ.

ස්‌ත්‍රීන් අතරෙහි පුරුෂයෙකු ලෙසත්, පුරුෂයන් අතරේ ස්‌ත්‍රියක ලෙසත් හැසිරෙමින් රහස්‌ ආශ්‍රයට මාර්ග සෙවීම කේතුගේ ගුණාංගයකි. එහෙත් දෙකම හරිහැටි කරගත නොහැකිව නින්දා අපහාස විඳියි. නෙළුම් මලක්‌ පිට සිටියත් ශරීරය නම් සමේ රෝග වැළඳී අපිරිසිදු අවලස්‌සන ස්‌වභාවයක්‌ ගනී. කකුල් නොමැති නිසා ඇවිදීමට නොහැකි අතර පොත පතේම ඇලී ගැලී සිටින මොහු උසස්‌ පංතියට අයත් නැති නිසා වැඩි වශයෙන්ම ඇසුරු කරන්නේ පහත් ජනයාය.

නියම ගති ස්‌වරූපය යටපත් කර ව්‍යාජ ගති පෙන්වීමට ගොස්‌ නින්දා, නරක නාම ලබයි. “ශනිවද් රාහු, කුජවද් කේතු” කී ලෙස කේතු කුජ ලෙසද ක්‍රියා කරයි. දැන උගත්කමට මිස ක්‍රියාවට දක්‌ෂකමක්‌ නොපෙන්වයි. නුවණ දියුණු අය අතර වනවිට ඒ අය තව තවත් ජන්මියා දියුණු කරවයි. කේන්ද්‍රයේ කේතු සිටින ස්‌ථානය අනුවද දශා අන්තර් දශා කාල අනුවද ජන්මියාට ඉහත කී කරුණුවලට අදාළ ගති ස්‌වභාවයන් හා ඵල විපාක ඇති වේ.

ජන්මපත්‍රයක ලග්න ස්‌ථානයේ කේතු සිටී නම් බාල කාලයේ දී හොඳ ඉගෙනීමක්‌ ලබාදෙයි. රජුන්ට, රාජ්‍ය නිලධාරීන්ට හෝ රජයට වැඩි කැමැත්තක්‌ නොදක්‌වන හෙයින් රජයේ තනතුරු දැරීමට බලාපොරොත්තු නොවේ. ඒ ගැන උත්සාහයක්‌ද නොකරයි. කෙට්‌ටු සිරුරක්‌ ඇතිවීමට හේතුවන අතර සහකරුට හෝ සහකාරියට විපත් ගෙන දෙයි. එහෙත් 3, 5, 11, 12 යන ස්‌ථානවල කේතු සිටී නම් සුබපල ගෙන දෙයි.

විවිධ ක්‍රමවලින් ධනය ලැබීම, සහෝදර සහෝදරියන්ට ලැදිවීම කේතු 3 වැන්නේ සිටීමෙන් ඇති වන යහපත් ඵල වෙයි. කේතු පහේ සිටී නම් ඉගෙනීම දියුණුවීම ආදී ශුභ ඵලද, 11 වැන්නේ නම් ධන සම්පත් ඉඩකඩම් ලාභ, ශරීරයේ රූප ශෝභාව ඇතිවීමද 12 හේ නම් විවිධ විෂයන් පිළිබඳ ඥනය, වියදම් අඩුවීම හා ලැබීම් අතින් හොඳවීම යන සුබ ඵල ගෙනදෙයි.

දෙවැන්නේ හා සිව්වැන්නේ කේතු සිටින විට වස්‌තුව විනාශ වීම, ණයවීම, විවාහ ජීවිතයේ කම්කටොළු අධිකවීම, ශරීරය කෙට්‌ටුවීම, පපුවේ අමාරු හැදීම ආදී අයහපත් පල ඇති කරවයි. කේතු හයේ නම් නිතර නිතර රෝග හැදීම, භූත දෝෂ, අස්‌වහ කටවහ වැදීම, ශරීර ශක්‌තිය දුර්වලවීම යන අසුබ පල ගෙන දෙයි. කේතු හත්වැන්නේ නම් ධන හානි, සතුරු බය, අටේ නම් අර්ශස්‌ වැනි රෝග, හදිසි අනතුරුවලට මූණපෑම, දිළිඳු වීම. දහයේ නම් අනතුරුවලට මූණපෑම, පියාට අපල ඇතිවීම පෙන්නුම් කරයි.

වෘෂභ, කටක, වෘශ්චික, මකර, කුම්භ, මීන යන ස්‌ථානවල යෙදුණේ නම් සුබ පල ගෙන දෙයි. ලග්නයේ කේතු වෘෂභ රාශිය නම් ඔහු සෑහෙන ධනවතෙක්‌ කරවයි. ධනය රැස්‌කර ගැනීමට ඇති ආශාව පිටතට නොපෙන්වයි. යුක්‌තිගරුක ලෙස මැදිහත්වද කටයුතු කරන හොඳ පුරවැසියෙක්‌ වෙයි. කටකයේ නම් උපායශීලී නුවණ ජ්‍යෙdතිෂය වැනි ශාස්‌ත්‍ර ඉගෙනීමට ප්‍රියවීම යන යහපත් පල ඇති වේ. ජීවිතයේ මැද භාගයේ දී ධනවතෙක්‌ වෙයි.

කේතු වෘශ්චිකයේ නම් නැණවත් ස්‌ථිර ගති ඇති කෙනෙක්‌ වේ. කුම්භයේ සිටී නම් ඥනවන්ත වූ ස්‌ථිර ගති ඇති සිය තත්ත්වය

රැකගෙන ආගම භක්‌තිය ඇතිව හොඳින් ජීවත් වන අයෙක්‌ වෙයි. කේතු මීනයේ නම් විමසිලිමත් නුවණින් කටයුතු කරන, අනුකම්පා සහගත ක්‍රමානුකූලව කටයුතු කරන කාර්ය ශූරයෙක්‌ වෙයි. අනුකම්පාව, ඉවසීම ආදී යහ ගති ගුණ ඇති අයෙක්‌ වේ. එම ජන්මියා දීර්ඝ පිටරට ගමනක යෙදීමට ඉඩ තිබේ. සකසුරුවම් ලෙස වියදම් කරන විරුද්ධ ලිංගිකයන් සමග පහසුවෙන් මිත්‍ර සම්බන්ධතා ඇති කර ගන්නා කෙනෙක්‌ වෙයි.

කේතු කන්‍යා රාශියේ නම් ශරීර ශක්‌තිය දුර්වල, අසනීප හා සතුරන් ගැන බයෙන් කල්ගෙවන, පාලන වැඩට අදක්‌ෂ, බඩවැල් රෝග දුබලතා ඇති ජන්මියෙක්‌ වේ. තුලාවේ සිටී නම් මුත්‍රා අමාරු, බඩේ අමාරු ඇතිවීමට හේතුයි. කුම්භ රාශියේ කේතු යෙදුණේ නම් ඉක්‌මනට සුව නොවන රෝග, ගුප්ත රෝග ඇති කරවයි.

අඟහරු සමග එක්‌වූ කේතු මිනිසා අකර්මණ්‍ය කරවයි. පුරුෂ ධෛර්යය අඩු කරවන නිසා විවාහයටද නුසුදුසු කෙනෙක්‌ කරවයි. බෙහෙවින් දුර්වල ලේ ඇති කරන අතර පහසුවෙන් රෝග වැළඳීමටද ඉඩ සලසයි. පීනස්‌ වැනි රෝග ඇති කරවයි. ඥනයට, කාව්‍ය ගණිතය ආදියට අධිපති බුධ සමග කේතු යෝග වූ විට බුධගේ සහජ යහපත් ගති වැඩිදියුණු කරයි. බුධ ඥනකාරක ග්‍රහයා මෙන්ම කේතුද එම තැන ගන්නා නිසා නුවණ යොදා කරන කටයුතුවලින් ඉතාම සාර්ථක යහපත් ඵල ලබාදෙයි.

We found this article from Divaina on 2013/01/11.
Also Sinhala to English Google word to word translation can be found here