සියලු නැකැත් සුබ කටයුතු සඳහා යොදාගත හැකිය

3075
සුබ
සුබ

[ratings]

සියලූ නැකැත් ශුභ කටයුතු සඳහා යොදාගත හැකිය ශුභ මුහුර්ථ සාදනයේදී යොදා ගනු ලබන නැකැත් විසි හතකි. ඒවා

1. අස්‌විද 2. බෙරණ 3. කැති 4. රෙහෙන 5. මුව සිරස 6. අද 7. පුනාවස 8. පුෂ 9. අස්‌ලිස 10. මා 11. පුවපල් 12. උත්‍රපල් 13. හත 14. සිත 15. සා 16. විසා 17. අනුර 18. දෙට 19. මුල 20. පුවසල 21. උත්‍රසල 23. දෙනට 24. සියාවස 25. පුව පුටුප 26. උත්‍ර පුටුප 27. රේවතී යනුවෙන් නම් කොට ඇත. එසේම එම නැකැත් විසිහත රවි, සඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුද, කේතු, කිවි යන ග්‍රහයන් නම දෙනා අතර පහත සඳහන් ලෙස බෙදා දී ඇත.

රවි සඳු කුජ රාහු ගුරු ශනි බුද කේතු කිවි

කැති රෙහන මුව සිරස අද පුනාවස පුෂ අස්‌ලිස මා පුවසල්

උත්‍රසල් හත සිත සා විසා අනුර දෙට මුල පුවසල

උත්‍රසල් සුවණ දෙනට සියාවස පුවපුටුප උත්‍ර පුටුප රේවතී අස්‌විද බෙරණ

මෙම එක්‌ නැකැතක්‌ පාද වශයෙන් එක, දෙක, තුන, හතර වශයෙන් බෙදුණු විට පාද එකසිය අටකි.

මෙලොව ජනිත වන හැම සතෙකුටම මින් කවරම හෝ නැකැත් පාදයක්‌ හිමිවේ. ජන්මියාගේ උපන් නැකැතේ සිට නැකැත් විසිහත පහත සඳහන් ලෙස කොටස්‌ තුනකට වෙන්වේ.

1. ජන්ම 10. ජන්ම 19. ජන්ම

2. සම්පත් 11. සම්පත් 20. සම්පත්

3. විපත් 12. විපත් 21. විපත්

4. ක්‍ෂෙම 13. ක්‍ෂෙම 22. ක්‍ෂෙම

5. ප්‍රත්‍යාරි 14. ප්‍රත්‍යාරි 23. ප්‍රත්‍යාරි

6. සාධක 15. සාධක 24. සාධක

7. වධ 16. වධ 25. වධ

8. මෛත්‍රී 17. මෛත්‍රී 26. මෛත්‍රී

9. පරම මෛත්‍රී 18. පරම මෛත්‍රී 27. පරම මෛත්‍රී

පහත ක්‍රමය අනුව සෑම ජන්මියකුටම

ජන්ම නැකැත් තුනක්‌ද,

සම්පත් නැකැත් තුනක්‌ද,

විපත් නැකැත් තුනක්‌ද,

ක්‍ෂෙම නැකැත් තුනක්‌ද,

ප්‍රත්‍යාරි නැකැත් තුනක්‌ද,

සාධක නැකැත් තුනක්‌ද,

වධ නැකැත් තුනක්‌ද,

මෛත්‍රී නැකැත් තුනක්‌ද,

පරම මෛත්‍රී නැකැත් තුනක්‌ද, හිමිවන බව ඉතා පැහැදිලිය. මේවායින් සම්පත්, ක්‍ෂෙම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී යන ගොඩ වලට වැටෙන නැකැත් ජන්මියාට ශුභවන අතර ජන්ම, විපත්, ප්‍රත්‍යාරී, වධ යන ගොඩ වලට වැටෙන නැකැත් අශුභ ලෙස ගැනේ.

එසේ වුවත් 01, 10, 19 යන ත්‍රිජන්ම නැකැත් පහත සඳහන්

1. ගෙවල් තැනීමට ඇරඹීම

2. ගෙවැදීම

3. ගොවි කටයුතු ඇරඹීම

4. ඉගෙනීමට පටන් ගැනීම

5. අලුත් ඇඳුම් ඇඳීම

යන කටයුතු සඳහා යොදා ගැනීම යහපත් බව හෝරාභරණ නම් ග්‍රන්ථය කළ ශ්‍රී මහේන්ද්‍රසාද පඬිතුමෝ පවසති.

තවදුරටත්

1. ධාන්‍ය රැස්‌ කිරීම හා ගබඩා කිරීම

2. ගොවිතැන් ඇරඹීම

3. වෙළෙ¹ම ඇරඹීම

4. අලුත් අබරණ පැළැඳීම

5. වැව්, ළිං, පොකුණු කැපීම ඇරඹීම

6. අභිෂේක කිරීම ආදියටද ත්‍රිජන්ම නැකැත් සුදුසු බව එතුමන් පෙන්වා දෙති.

1. ගමන් යැම 2. ඖෂධ සේවනය 3. කර කර්මය (කෙස්‌ කැපීම) 4. විවාහය 5. වාද විවාද ඇරඹීම 6. ජල ක්‍රීඩා 7. සතුරු සමාගම් 8. පැවිදි කිරීම 9. ඇතුන් අසුන් පිට නැගීම 10. සටන් ඇරඹීම ආදිය කිසිසේත්ම ත්‍රිජන්ම නැකැත් වලින් නොකටයුතු බවද එතුමන් පවසති.

විපත්, ප්‍රත්‍යාරි, වධ යන නැකැත් අශුභ ගණයට වැටුණත් ඒවාද සම්පූර්ණයෙන් අත් නොහලයුතු බව එතුමෝ මෙසේ පෙන්වා දෙති.

“විපදි ප්‍රථම පාදං- ප්‍රත්‍යරෙදව චතුර්ථකං

වධෙ කෘතීයකං පාදං – වජීයෙත් සව_ කම_සු”

විපත් නැකතේ ප්‍රථම පාදය ද ප්‍රත්‍යප නැකතේ සතර වන පාදය ද වධ නැකතේ තුන්වන පාදය ද හැර අන් සියලු පාද ශුභ කටයුතු සඳහා යොදා ගත හැකි බව එහි අදහසයි.

ඉහත සඳහන් විස්‌තර අනුව නැකැත් විසිහතම අවස්‌ථාවට උචිත ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව මෙයින් සනාථ වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here