සුබ අසුබ නිමිති බලා කරන කටයුතු ප්‍රතිඵලදායකයි

3273
සුබ
සුබ

සුබ වැඩක්‌ කිරීමට ප්‍රථම ඒ සඳහා ගැලපෙන සුබ නැකතක්‌ බැලීමට අප හැම කෙනකුම වාගේ පුරුදුව සිටින අතර ගමනක්‌ බිමනක්‌ යන විටක සුබ නිමිති බැලීම කොයි කාගේත් සිරිතය.

ඒ ඒ දිනවල මරු සිටින දිශාව බලා හෝ රාහු කාලය පවතින විටක හෝ කිසියම් කටයුත්තක්‌ ආරම්භ කළහොත් එය අසාර්ථක වන බවට මතයක්‌ද ඇත.

සතියේ දින හතට අධිපති දෙවිවරුන් හත් දෙනකු සිටින බවද කියති.

ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා හා සෙනසුරාදා යන දින හතට අධිපතිනියයි කියන්නේ පිළිවෙළින් ඊශ්වර, උමා, කතරගම, විෂ්ණු, බ්‍රහ්ම, ඉන්දු හා යම දෙවිවරුන්ය.

නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩී

පුල හෙළ කුසුම පියලිය උකුල රන් කෙඩී

සලසුදු සෙමෙර සේසත් ගිජිදු ඔද වැඩී

බලසුබ නිමිති පෙරමග නැකටත් වැඩී

යනුවෙන් ගමනක්‌ යන විටක, මගකදී මුලින්ම දැකීමට සුදුසු සුබ නිමිති ගණනාවක්‌ ගැන කවියකින් විස්‌තර කොටද ඇති වග අපි දනිමු. මගකදී මුලින්ම දැකීමට සුදුසු සුබ නිමිති හැටියට එම කවියෙන් විස්‌තර කොට තිබෙන්නේ සුවඳවත් මඳ සුළඟ පිරී ගිය කුම්භාස්‌තල, මිහිරි රසැති අඹ ගෙඩි, මල් පොකුරු, උකුලේ රන් කෙඩි තබා ගත් සිත් අදනා ලලනාවන් සුදු පැහැති සෙමෙර, සේසත්, ඔද වැඩුණු අලි ඇතුනුන්ය.

මාහැඟි අරමුණක්‌ සිතේ තබාගෙන ගමනක්‌ පිටත්වන විටක නිවසේ අම්මා හෝ බිරිඳ හෝ සිනා මුවකින් යුතුව දිය පිරුණු වීදුරුවක්‌ රැගෙන ඉදිරියට පැමිණීමේ සිරිතක්‌ පවතින්නේද සුබ නිමිත්තක්‌ හැටියටය.

මේ අතර පෙර මගදී දැකීමට නුසුදුසු අසුබ නිමිත් ගැන කියෑවෙන කවියක්‌ද ඇත.

සුන් බඳුන් දුසිල් මහනුන් කළු එළිය

යොන් දනන් මැහැලියන් හැදි බැර හැලිය

කින්දරත් සුරා සොඬුනුත් නැති විලිය

යන්නටත් එපා පෙර මග දුටු කලිය

එම කාරියයි.

හිස්‌ භාජන, සිල්වත් කමක්‌ නොමැති චීවර ධාරීන් කළුපාට රෙදිපිළි, වැරහැලි හැඳගත් මහලු කාන්තාවන්, ගින්දර, මත්පැන් කටගා, විළි ලඡ්ජා නැතිව හැසිරෙන අය කිසියම් ගමනකදී මුලින්ම දුටුවහොත් ඒ ගමන නොයා යුතුය යන්න කවියේ තේරුමය.

උපත ලබන සෑම කෙනකුටම හිමි ලග්නයක්‌ ඇත. මේෂ, වෘෂභ, මිථුන ආදී නම්වලින් හැඳින්වෙන්නේ එම ලග්නයන්ය. ඒ ඒ පුද්ගලයන් කරන කියන කොයි දේක වුවද සුබඵල උදාකරන දවස්‌ ඇති බව ජ්‍යො

තිෂ ග්‍රන්ථවල සඳහන්ය. ඒ ඒ ලග්න හිමි පුද්ගලයන්ට හිමි සුබ දවස්‌ මෙසේය.

මේෂ- ඉරිදා හා බ්‍රහස්‌පතින්දා.

වෘෂභ- සෙනසුරාදා හා ඉරිදා.

මිථුන- සිකුරාදා

කටක- අඟහරුවාදා හා බ්‍රහස්‌පතින්දා.

සිංහ – අඟහරුවාදා.

කන්‍යා – සිකුරාදා.

තුලා – සඳුදා හා බදාදා.

වෘෂ්චික – සඳුදා හා බ්‍රහස්‌පතින්දා.

ධනු – ඉරිදා හා බදාදා.

මකර – බදාදා හා සිකුරාදා.

කුම්භ – සිකුරාදා

මීන – සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්‌පතින්දා.

සතියේ එක්‌ එක්‌ දිනවල කොයිකාටත් ගැලපෙන සුබවෙලාවන් මෙන්ම, ඒ ඒ දිනවල කිසියම් ක්‍රියාවක්‌ ආරම්භ කිරීමේදී මුහුණ දීමට සුදුසු දිශාවන්ද ඇත. ඒ මෙසේය.

ඉරිදා උදේ 8.00 ට දකුණු දිශාව. සඳුදා උදේ 8.06 ට දකුණු දිශාව. අඟහරුවාදා උදේ 7.18 ට බටහිර දිශාව. බදාදා උදේ 7.42 ට බටහිර දිශාව. බ්‍රහස්‌පතින්දා උදේ 7.18 ට බටහිර දිශාව. සිකුරාදා උලේ 7.42 ට උතුරු දිශාව. සෙනසුරාදා උදේ 7.18 ට දකුණු දිශාව.

මුවාට දිවියා පරදින වෙලාව, නයාට ගුරුලා පරදින වෙලාව ආදී වශයෙන් බලගතු වේලාවන් ඇති අතර ඉහත සඳහන් වන්නේ එවැනි වේලාවන් කීපයකි. මරු සිටින දිශාව හා රාහු කාලයද ගැන බොහෝදෙනා අවධානයක්‌ යොමු කරති.

සතියේ ඒ ඒ දිනයන්හිදී මරු සිටින දිශාවන් මෙසේය.

ඉරිදා – උතුර.

සඳුදා – වයඹ.

අඟහරුවාදා – බස්‌නාහිර.

බදාදා – නිරිත.

බ්‍රහස්‌පතින්දා – දකුණ.

සිකුරාදා – ගිනිකොන.

සෙනසුරාදා – නැගෙනහිර

මේ අතර ඒ ඒ දිනවල රාහු කාලය පවතින්නේ පහත දැක්‌වෙන ආකාරයටය.

ඉරිදා 4.30-6.00

සඳුදා 7.30-9.00

අඟහරුවාදා 3.00-4.30

බදාදා 12.00-1.30

බ්‍රහස්‌පතින්දා 1.30-3.00

සිකුරාදා 10.30-12.00

සෙනසුරාදා 9.00-10.30

රාහු කාලය පවතින විටක, කිසියම් කාර්යයක්‌ ආරම්භ කළහොත් ප්‍රතිඵල අසතුටුදායක වන බවට පිළිගැනුමක්‌ ඇත. එය සත්‍යයකැයි මටදකිව හැකිය. දිනක්‌ මා ගෙදර වහළයට නැඟ, එහි වැඩක්‌ කොට ආපසු බිමට බසිද්දී ඉනිමග ලිස්‌සා ගොස්‌ බිම ඇදවැටිණි. බිම ඇනුණේ හිසය. වහළයට නැග එහි වැඩක්‌ කොට බිමට බහින අවස්‌ථාවේ රාහු කාලය යෙදී පැවැති වග ලිත පරීක්‍ෂා කර බැලමේදී පෙනී ගියේය.

අපේ පැරැන්නන් නම් සුබ නිමිති අසුබ නිමිති, සුබ පල සහිත දින වේලාවන් හා දිශාවන් මරු සිටින දිශාව, රාහු කාලය යනාදිය ගැන දැඩි සැලකිල්ලක්‌ දැක්‌වූ වග නොකිවමනාය. වර්තමාන ජන සමාජයේ අයගේ ජීවිතවලට වඩා ඔවුන්ගේ ජිවිත සාර්ථ වූයේ ඒ නිසා යයි කියන්නට බැරිකමක්‌ නැත.

ජ්‍යො

තිෂය ගැන අවධානයක්‌ යොමු නොකොට හිතුමනාපයට ඉදිකරන ගොඩනැඟිලි ඉක්‌මනින් ගරා වැටෙන අවස්‌ථා දක්‌නට ඇත. එහෙත් ජ්‍යො

තිෂයට අනුකූලව ඉදිකෙරුණු මඩුවන්වල වලව්ව, මහවලතැන්න වලව්වවැනි පැරැණි ගොඩනැඟිලි දැනුදු දැක ගන්නට ඇත. රත්වත්ත මහ දිශාව, මහවලතැන්න වලව්ව ගොඩනැඟුවේ නයි මුගටි සටනකින්. මුගටියා දිනූ ස්‌ථානයකැයි කට කතාවක්‌ද ඇත.

We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here