සුබ හෝරාව සැලකිල්ලට ගෙන ජය ලබන්න

0
1038
හෝරාව
හෝරාව

හෝරාව යනුවෙන් සඳහන් වන්නේ එක්‌තරා කාල ප්‍රමාණයකි. සිංහල පැය ක්‍රමයට අනුව දිනකට හෝරා 60 ක ප්‍රමාණයක්‌ ගණනය කරගෙන තිබූ පැරණි සෘෂිවරුන් දිනපතා තම තමන්ගේ කටයුතු සඳහා සුබ යෑයි විශ්වාසයෙන් රාශි, නැකැත්, තිථි, ග්‍රහ පිහිටීම් අනුව නියමිත වූ හෝරාවන් යොදාගෙන ඇත.

එලෙස තෝරාගත් හෝරාවන් යම් කාර්යයක්‌ සිදුකිරීමෙන් එය ඉතා සාර්ථකත්වයට පත්වන බවට තිබූ විශ්වාසය මත ඔවුන් එම හෝරාවන් විවිධ නම් වලින් හඳුන්වා ඇති අතර තම එදිනෙදා ජීවනෝපාය මාර්ගයන්හි යහපත උදාකරගනු පිණිස ඒවා මේ ලෙස නම් කර යොදාගෙන ඇත. ඒ අනුව ගොවිතැන් හා කාර්මික කටයුතු සඳහා නන්දන හෙවත් සුනන්ද හෝරාවද සටන් කලාව හා මල්ලව පොර මෙන්ම තුරඟුන් සම්බන්ධ ක්‍රියා සඳහා රෞද්‍ර හෝරාව හෙවත් රුදු හෝරාවද යුද්ධ ජයග්‍රහණය කිරීමට හා සතුරන් මෙල්ල කර ගැනීමට රාවණා හෝරාවත් යොදාගෙන ඇති අතර මෙකී හෝරාවන් යෙදෙන වේලාව දිවා රාත්‍රි දෙකටම පොදු බවද සඳහන් කළ හැකිය.

සුනන්ද හෝරාව

ගොවිතැනට හා කාර්මික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පැරැන්නන් භාවිත කළ හෝරා චක්‍රයක්‌.

ඉරිදා 02.15-03.30

සඳුදා 12.45-01-30

අඟහ 11.15-12.00

බදාදා 09.45-10.30

බ්‍රහස්‌ 08.15-09.00

සිකුරා 06.45-07.30

සෙනසුරාදා 05.15-06.00

ජ්‍යෙdතිෂ ගරුක පැරණි රජදරුවන් විසින්, ග්‍රාම කර්මාන්තයට නැව්, ඔරු, යාත්‍රා, කරවීමාදී කාර්මික කටයුතු සඳහා යොදාගත් දිනකට දෙවරක්‌ බැගින් උදාවන ඉහත කාලයන් සමහර තැනෙක සුනන්ද හෝරාව ලෙසත් තවත් තැනෙක නන්දන හෝරාව ලෙසත් සඳහන්ය.

රුදු හෝරාව

සටන් ශිල්පය, අංගම් පොර, මල්ලව පොර හා තුරඟුන් සම්බන්ධ කටයුතු සඳහා භාවිත කළ හැකි හෝරා චක්‍රය

ඉරිදා 6.00-6.45

සඳුදා 4.30-5.15

අඟහ 3.00-3.45

බදාදා 1.30-2.15

බ්‍රහස්‌ 12.00-12.45

සිකුරාදා 10.30-11.15

සෙනසුරාදා 9.00-9.45

මෙම හෝරාව රුදු හෝරාව ලෙසද, තවත් වරෙක රෞද්‍ර මුහුර්තිය ලෙසද හඳුන්වනු ලබන ඉහත කාලයන් තුළ සටන්, අංගම්, මල්ලව පොර, තුරඟුන් සම්බන්ධ ක්‍රියා යන අග්නි කර්ම කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන බැව් පැරණි සෘෂිවරු පෙන්වාදී ඇත.

රාවණා හෝරාව

වෛරීන් නෂ්ඨ කිරීමට තරම් රශ්මි බල ශක්‌තියක්‌ කැවී ඇති හෝරාවකි. සෑම දිනකම දිවා රාත්‍රියෙහි යෙදේ.

ඉරිදා 12.00-12.45

සඳුදා 10.30-11.15

අඟහ 09.00-9.45

බදාදා 07.30-08.15

බ්‍රහස්‌පතින්දා 06.00-06.45

සිකුරාදා 04.30-05.15

සෙනසුරාදා 03.00-03.45

ජ්‍යෙdතිෂ විද්‍යාවෙහි සත්‍යතාව ඇස්‌ පනාපිට ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ පැරැන්නන් විසින් යුදයට හා වෛරීන් නෂ්ඨ කිරීමට පාට ලෝහාදිය මැකීමටද යොදා ගත් ඉහත දැක්‌වූ කාලයන් රාවණා හෝරාව ලෙස නම්කරනු ලැබ ඇත.

We found this article from Divaina on 2012/08/10.
Also Sinhala to English Google word to word translation can be found here