ජීවිතයේ පරාජිත ස්වභාවයක් අසහනකාරී අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරවන ග්රහයෙකු වශයෙන් ඇතැම්හු “සෙනසුරු” හඳුන්වති. මේ පදනම් විරහිත මත ප්‍රකාශ සලකා බලන්නට පෙර “සෙනසුරු” පිළිබඳ ඇති තතු දැන ගැනීම වැදගත්ය.
ග්‍රහලෝකයට අධිපති අනෙක් සෑම ග්රහයෙකුටම වඩා විශාල වෙනසක් සෙනසුරුට තිබේ. සෙනසුරුගේ තෙතමනය අඩුය. ප්‍රමාණයෙන් මඳක් කුඩා වන්නේ ගුරුට නැතහොත් බ්‍රහස්පතිට පමණය. එහෙත් බර ප්‍රමාණයෙන්ද ඝණත්වයෙන්ද බොහෝ අඩුය. හිරුට සාමාන්‍ය දුර ප්‍රමාණය සැතපුම් 886000000 ක් හිරුට ළං වු විට සැතපුම් 841000000 ද ඈත් වූ විට සැතපුම් 931000000 ද වෙයි. හිරු වටා ගමන් කිරීමට අවුරුදු 29 1/2 ක් නොඅඩු තිහට නොවැඩි ගතවෙයි.
පුරාණාචාර්යවරයෝ සෙනසුරුගේ ස්වභාවය මැනවින් දැන සිටියහ. ඔහුට වෙන් කර තිබෙන ගති ගුණ ආදියෙන් එය පැහැදිලි වෙයි. දිළිඳු බව, අසහනකාරී බව, කෙළවරක් නැතිව දුකටම පත්කිරීම, දුක් දීම, ආත්ම බවයට පත් කිරීම, ආයුෂයට බාධා පැමිණවීම, කම්මැලි – කුසීත භාවය, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතුවලට බාධා පැමිණවීම, අධෛර්යයට පත්කරවීම, බලාපොරොත්තු සුන්කරවීම, තද දුක් දී පසුවටද එහි ලකුණු ඉතිරිවන රෝග ඇතිකිරීම, කටයුතු හා තත්ත්වයට නොසරිලන කටයුතු සැලැස්වීම, ශරීරය කෙට්ටු කිරීම, දුර්වර්ණ කිරීම, ඇට බිඳීම, බල වීර්යය අඩු කිරීම, සෙනසුරුගේ කාර්යයන් යෑයි දක්වා ඇත. සෑම අයහපතකම යහපතක්ද ඇත. ඒ අනුව සෙනසුරුගෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලද පෙන්වා දී තිබේ. ඒ සඳහා සෙනසුරු බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ හොඳ තැනෙක සිටිය යුතුය. දුකට පත්කළ දුක් විඳීමේ ශක්තිය, ඉවසීම ඇතිවීම, පිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම, කටයුතුවල නිරත වීමේ ශක්තිය, රහස් හෙළි නොකිරීම, ජය පරාජය නොසලකා සිතූදේ එළෙසින්ම ඉටුකිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, පැමිණිය හැකි ආපදා විපත්ති ආදියට මුහුණ දීමට කල් ඇතිවම සූදානම් වීම ආදිය සෙනසුරුගෙන් තිබෙන යහපත් ගති ලෙස දැක්වෙයි.
සෙනසුරු කේන්ද්‍රයක බලවත් තැනෙක සිටියදී උපදන තැනැත්තෝ සත්‍යවාදීහු වෙති. පුණ්‍ය කටයුතුවල නිරතවීම, භාවනායෝගී වීම, චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීම, සන්සුන් මනසක් කෙරෙහි පුහුණුවීම, කාරුණික වීම, තවුස් දිවි කැමතිවීම, සිතා මතා කල්පනාකාරීව කටයුතු කිරීම, රෝගීන් හට අසරණයන් හට සංග්‍රහ කිරීම සඳහා ධනය වැය කිරීම, මෙලොව සඳහා නොව එලොව සඳහා ගුණදහම් පිරීම ආදිය ද සෙනසුරුගේ යහපත් ගති ලෙස සඳහන් වෙයි.
සෙනසුරුට හිරුගේ පුත්‍රයා යෑයිද කියති. සෙනසුරුගේ මේ තත්ත්වය නිසාම ස්වර්ගයේ හෝ අපායේ හෝ යතුර තිබෙන්නේ ඔහුගේ අතෙහි යෑයි ව්‍යවහාරයේ එයි. උසස් වුවහොත් රාජ්‍ය පාලකයෙකු හෝ එවැනි තත්ත්වයට හෝ පත්කරයි. විශාල ධනයක්ද බලයක්ද හිමිකර දෙයි. පහත්වූවහොත් කාලකණ්ණියෙකු හෝ පාපතරයෙකු හෝ කරයි. දූෂණ ක්‍රියාවනට හෝ ඇදහැමි ජීවිතයකට හෝ යොමු කරවයි. මේ නිසා අනෙක් සෑම ග්රහයෙකුටම වඩා කේන්ද්‍රයක සෙනසුරු යහපත්ව බලවත්ව සිටීම ශුභ දායකය වැදගත්ය.
මෙහිදී සෙනසුරු යහපත්ව, බලවත්ව සිටීම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබිය යුතු වෙයි. දළ කේන්ද්‍ර සටහන්වලින් ප්‍රකාශ කරන උච්ච, ස්ව ක්ෂේත්‍ර, මිත්‍ර සතුරු, නීච ආදී රාශි පිළිබඳව නොව එසේ සිටින්නේ යෑයි සඳහන් රාශිය තුළම සෙනසුරු සිටීදැයි සොයා දැන ගැනීම වැදගත්ය. භාව ස්ථුට ග්රාහස්ථුට සහිත භාව කේන්ද්රයකින්ම එය දැනගත යුතුය. එසේ නොවන තීරණ ශාස්ත්‍රීය නොවේ. ඊළඟට යොමු කළ යුත්තේ සෙනසුරු අනෙක් ග්‍රහයන්ගෙන් දෘෂ්ටි ලබා තිබේද? ඒ කවර අන්දමේ දෘෂ්ටි දැයි සොයා බැලීමය. ශුභ දෘෂ්ටි මෙසේය.
අංශක 30 අර්ධ ෂට් කෝණ
අංශක 60 ෂට් කෝණ
අංශක 120 ත්‍රිකෝණ
අශුභ දෘෂ්ටි මෙසේය.
සංයෝග අංශක 5 ඇතුළත රවිට පමණක් 10
අංශක 90 චතුරශ්‍ර
අංශක 180 සමසප්තම
උච්ච රාශියක සිටියද ග්‍රහයන් කිහිප දෙනෙකුගේ චතුරශ්‍ර සමසප්තම හෝ ග්‍රහයන් කිහිපදෙනෙක් හා සංයෝගව හෝ සිටියහොත් ඔහුගේ බලය අඩුවෙයි. අක්‍රීය වෙයි. ශුභ දෘෂ්ටි පැත්තේදී බලය තහවුරු වෙයි. අධික වෙයි.
දොළහ, ලග්නය, දෙවැන්න යන රාශිවල සෙනසුරු ගමන් කරන විටද හය, හත, අට, රාශිවල ගමන් කරන විටද සඳුගෙන් හය, හත අට, ගමන් කරන විටද රවිගෙන් හය, හත, අට, ගමන් කරන විටද ඒරාෂ්ඨක අපල යෑයි කරන ප්‍රකාශය පිළිගතහොත් කෙනෙකුගේ ජීවිතයේ සෙනසුරු ඒරාෂ්ඨකයක් නැති කාලයක් ඇති විය නොහැකිය. සෑම කාලයකම සෙනසුරු ඒරාෂ්ඨකයක් යෙදෙයි.
ඉහත සඳහන් කළ පළමු වැනි ක්‍රමයට අවු 7 මාස 6 ට ආසන්න කාලයක්ද දෙවැනි ක්‍රමයට එවැනිම කාලයක්ද තෙවැනි ක්‍රමයට එවැනිම කාලයක්ද සිව්වැනි ක්‍රමයට එවැ
නිම කාලයක්ද ගතවෙයි. එවිට වසර 29 1/2 ක් 30 ටත් අතර කාලය සම්පූර්ණ වන්නේය.
උපන් ලග්නයෙන් තුන්වැන්නද, අටවැන්නද ආයුෂ්ඨාන හැටියටත් දෙවැන්නද, සත්වැන්නද, ආයු බාධා පමුණුවනා ස්ථාන හැටියටත්, ජ්‍යෙතිෂයේ දක්වා ඇත. කෙනෙකුගේ ආයුෂයට තර්ජනය කරන ආයුෂයට හානි පමුණුවනා අපලයක් යෙදෙන ක්‍රම ඉතාම සවිස්තරව, නිරවුල්ව, අඩුපාඩුවක් නැතිව එයින් පැහැදිලි කර ඇත. එහෙත් කිසිම තැනෙක ඇතැමුන් පවසන පරිදි සෙනසුරු ගෝචරයක් වූ පමණින් එවැන්නක් සිදුවේ යෑයි සඳහන් වූ තැනක් අපට මෙතෙක් දක්නට නොලැබිණි.
මෙය පැහැදිලි කර ගැනීම සඳහා මෙසේ සිතා බලමු.
මහ දශාව හෝ අතුරු දශාව හෝ සෙනසුරුට අයත් නොවී වෙනත් ග්රහයෙකුගේ මහ දශාවක් තුළ හෝ තවත් ග්රහයෙකුගේ අතුරු දශාවක් තුළ හෝ මෙහි සඳහන් අයුරු සෙනසුරු ගෝචරව ගමන් කරන විට ඒරාෂ්ඨක අපලයක් යෙදේ නම් අනෙක් ග්‍රහයන්ගේ අධිපති භාවයේ හෝ බලවත් භාවයේ හෝ දශා තත්ත්වයේ හෝ ඇති බලය කුමක්ද? සියලු බලය සෙනසුරුගේ නොවන්නේ ද? මේ ඒරාෂ්ඨක මතය පිළිගතහොත් සෙනසුරු අපලයක් නැති කාලයක් නැත. සෙනසුරු අපලයෙන් මිදිය නොහැකිය. ජීවත් වන සම්පූර්ණ කාලය තුළම සෙනසුරු එසේ හැසිරෙන නිසා අනෙක් සියලු ග්‍රහයන් පසෙකලා සෙනසුරු පිළිබඳව පමණක් පලාපල ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවන්නේද?
සෙනසුරු දශාවක සෙනසුරුගේම අතුරු දශාවක දෙවැන්නේ හෝ අටවැන්නේ හෝ සෙනසුරු ගමන් කරන අවස්ථාවක ඒ ගමන තුළ රවි හෝ සඳු හෝ එම රාශිවල උපතේදී සිටියේ නම් හෝ රවි සඳු විසින් දකිනු ලැබුවේ නම් හෝ සඳුට හෝ රවිට හෝ අටවැන්නේ සිටියේ නම් හෝ සෙනසුරුගේ දැඩි අපලයක් වන්නේ යෑයි නිගමනය කිරීම යුක්ති යුක්තය. එයද භාවස්ඵුට, ග්‍රහස්ඵුට සහිත භාව කේන්ද්රයකින්ම නිගමනය කළ යුතුය. එයින්ද බාහිරව කරනු ලබන මේ සෙනසුරු ඒරාෂ්ඨක කථාව කිසිසේත් පිළිගත නොහැකි මුසාංවකි. සේවාදායකයන් බිය කිරීමකි. මෙහි කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැත. ජ්‍යෙතිෂයේ නාමයෙන් යම් යම් තැනැත්තන් විසින් ඔවුනොවුනට අභිමත පරිදි සේවාදායකයන් කොටු කර තබා ගැනීමට වෙනත් උපක්‍රම මාර්ගවලින් අදායම තරකර ගැනීමට නිර්මාණය කරගන්නා ලද උපක්රමයකි. මෙවැනි මත නිසා ජනතාව තුළ ජ්‍යෙතිෂය කෙරෙහි ඇතැම් විට සැක පහළවීම නොවැළැක්විය හැකිය. සත්‍ය පහදා දීම ජ්‍යෙතිෂඥයන් සතු යුතුකමකි. එසේ නොකිරීම ජ්‍යෙතිෂයේ ආචාර ධර්ම බිඳ දැමීමකි. විසි එක් වන සියවසෙහි සිටින අප මෙතෙක් පවතින දුර්මත දුරුකර ගැන්ම කළ යුතුම දෙයකි. ජනතාව දුවන්නන් වාලේ දුවන්නේ නැතිව සිහිනුවණින් සිතා ක්‍රියා කරන්නේ නම් එය එතරම් අසීරු නොවනු ඇත.
We found this article from Divaina on 2013/08/04.