සෙනසුරුට ඔබ බයද? – ශනිගේ නීච වීම

2298
සෙනසුරු
සෙනසුරු

“නිර්ධනදුඃඛිත මුඨ වි්‍යාධිතවන්ධ්‍යා හිතප්ත වධභාජඃ
එකොත්තර පරිවෘධ්‍යා නිචශංතෛඃ ශතෘගෘහගෛර්වා”
ශනිගේ නීච වීම ගැන ඔබ දැනුවත් ද? ඉහත ශ්ලෝකයෙන් එක ග්‍රහයා පටන් ග්‍රහයන් වැඩි ගණනක්‌ නීච ශතෘරාශිවල සිටීමෙන් අශුභ කාරණා ක්‍රමයෙන් වැඩි වන බව දක්‌වා තිබේ. එනම් එක ග්‍රහයෙක්‌ නීචව හෝ ශතෘ රාශිගත වීමෙන් නිර්ධන භාවයද දෙදෙනෙක්‌ නීචව හෝ සතුරුව සිටීමෙන් දුක්‌ත භාවයද, තුන්දෙනෙක්‌ නීචව හෝ සතුරුව සිටීමෙන් මෝඩ භාවයද, සිව්දෙනෙක්‌ නීච හෝ ශතෘ රාශිගතව සිටීමෙන් රෝගාතුර භාවයෙන් පෙළීමද, පස්‌දෙනෙක්‌ නීච ශනි රාශි ගතවීමෙන් වධ හිංසා ලබන්නෙක්‌ වෙයිද, සදෙනෙක්‌ නීච රාශිගතව සිටීමෙන් චිත්තසන්තාපයෙන් පෙළෙන්නෙක්‌ වීමද, සත් දෙනෙක්‌ නීච ශතෘ රාශි ගතව සිටීමෙන් බන්ධනාගාරගත වන්නෙක්‌ද වන්නේ යෑයි ඉහත ශ්ලෝකයෙන් පෙර ඉසිවරු පෙන්වා ඇත.

ග්‍රහයන් නීචවීම

ග්‍රහයන් නීචවීම මනුෂ්‍යයාට කවර ආකාරයකින් බලපත්වනවාද, එය ලෞකික වශයෙන් දියුණුවක්‌ ගෙන දීමට ලෝකයාට කොතරම් දුරට ඉවහල් වන්නේද යන්න විමර්ශනාත්මකව විග්‍රහ කර බැලීම ඉතා වැදගත්ය. එහිදී වැදගත් ප්‍රශ්නය නම් ලෞකික ගුණයක්‌ නැති තැන ආධ්‍යාත්මික ගුණවගාවක්‌ ඇතිකර ගත හැකිද යන්නය. එමෙන්ම මෙලොවදී දියුණුවක්‌ ඇතිවීමට නම් පෙර කුසල් කර තිබිය යුතුමයි. ග්‍රහයන්ගේ නීචවීම අනුව දුර්වලතාවන් නොමැති මිනිසුන් අප අතර සිටීද? එය අපේ ලොව්තුරා බුදුන්වහන්සේ මෙසේ වදාරා ඇත. “පුබ්බේතකතපුඤ්ඤතා” යනුවෙන් පෙර කරන ලද පින කුසල් ලෞකික දියුණුවට අවශ්‍ය වන බව මෙයින් අපට පැහැදිලිව පෙන්වා ඇත. ලෞකික වශයෙන් ලබන දියුණුව ලෝකෝත්තර වශයෙන් පිරිහීමට ද කාරණයක්‌ නොවේ.

ග්‍රහයන් නීච වීම ලෙස සලකන්නේ කුමන සංකල්පයක්‌ පදනම් කරගත් සියුම් ගණිතමය ක්‍රමයක්‌ වුවද ග්‍රහ නීචයන් වශයෙන් හැඳින්වීමට හෝ උච්චයන් වශයෙන් හැඳින්වීමට හෝ මූලික පදනම වී ඇත්තේ ඒ ඒ රාශිවල ඇති විශ්ව භූත ගුණය ග්‍රහ ගමනේදී වෙනස්‌වීම කරණකොටගෙනය. යම් නිගමනයක්‌ තීරණය කිරීමට පෙර එහි මුල දැනුමක්‌ තිබිය යුතුමය. ඊට හේතුව හැම රාශියක්‌ රාශියක්‌ පාසාම ඒ ඒ ග්‍රහයන්ගේ විශ්ව ගුණයන් වෙනස්‌ වන ආකාරයද ග්‍රහ බලයේ පවතින බව විශේෂ කරුණක්‌ ලෙස සැලකිල්ලට ගත යුතුය.

සූර්යයා මේෂ රාශියේ සිට මීන රාශිය දක්‌වා යන ගමන් මගදී නොයෙකුත් විපරියාස, කාලගුණය, පරිසරය, සොබාදහම විශ්ව භූතයන්ගේ වෙනස්‌කම් නිසා ඒ ඒ ග්‍රහයන් රාශි චක්‍රයේ ගමන් කරන විට රාශිවලට හිමි විශ්ව භූත ගුණය උච්ච ස්‌වක්‍ෂේත්‍රමුල ත්‍රිකෝණව සතුරු නීචව පතුරුවයි. මෙහිදී ග්‍රහයන් නීච වීම ගැන ගවේෂණ කිරීමේදී නීච ග්‍රහයා බලයෙන් හීන අයකු ලෙස නොසිතිය යුතුයි. එසේ සිතීම වැරැදිය. ග්‍රහයන් නීච වීම බලය අඩුවීමක්‌ නොවන අතර උච්චවීම හෝ නීචවීම ග්‍රහයාගේ බල දුබල වීමට හේතුවක්‌ නොවන අතර බලය බෙදාහැරීමේදී ඇතිවන ප්‍රභේදයකි. එය ග්‍රහයන්ගේ ස්‌ථානාධිපතිකම අනුව වෙනස්‌ වේ. එම ග්‍රහයාම ලග්නාධිපති වශයෙන් නොසිතා ග්‍රහයෙක්‌ වශයෙන් සලකන විට උච්ච වීම හෝ නීච වීම බලදුබල වීමට හේතුවක්‌ද නොවේ.

මේ නිසා ශනිගේ නීච වීමට මිනිසා ඉමහත් බියක්‌ දක්‌වති. ඊට හේතුව ශනි පුරා වසර 27 1/2 ක්‌ ම මිනිසා වැටෙන තුරු මැරෙන තුරු වධ බන්ධන, රෝග පීඩා දුක ඇති කරන නිසාය. ඒ ඒ කරුණු එකින් එක කියනවාට වඩා හොඳයි ශනි නීච වීම මිනිසාට නරකයි කියන එක. එය රටට, වැසියනට, රජුන්ට, ඇමැතින්ට, රාජ්‍ය පාලකයන්ට, නායක නායිකාවන්ට, ප්‍රභූ මැතිවරුන්ට හා සතා සිවුපාවා, පක්‍ෂියා, ගහ කොළ හැම දෙයටම පොදුවේ බලපායි.

ග්‍රහයන්ගේ පරම නීච අවස්‌ථා මෙසේ දැක්‌විය හැක. රවි තුලාවේ 10 වැනි අංශකය, සඳු වෘශ්චික 3 වැනි අංශකය කුජ කටක 28 වැනි අංශකය, බුධ මීනය 15 වැනි අංශකය ගුරු මකර 5 වැනි අංශකය, ශුක්‍ර කන්‍යා 27 වැනි අංශකය, ශනි මේෂ 20 වැනි අංශකය රාහු ධනුවේ 3 වැනි අංශකය, කේතු මිථුනය 3 වැනි අංශකයද වේ.

ශනිගේ නීච වීම

ශනිගේ නීච වීම සිදුවන්නේ මේෂ රාශියේ 20 වැනි අංශකය තුළදීය. මේෂ රාශි ගතවූ ශනි ගමන් කරන්නේ පෘථිවියට ඉතාම ආසන්නව බව පෙනේ. ශනි පොළොවට ළංවන විට ලෝ වැසියනගේ සැප පහසුකම් අඩුවීම සිදුවීම අනිවාර්යයි. සැප පහසුකම් අඩු වන්නේ වැඩ කරදර ආදිය නිසාමය. සෙනසුරා උපතින්ම මෙහෙකරුවෙකි. නීචයා යෑයි කිවහොත් නිවැරැදියි. නීචයා නීචයාමයි. මොහු ලෞකික ජීවිතයෙන් ඈත්වුණු නාකි මහල්ලෙකුගේ ගති සිරිත් අනුගමනය කරයි. තරුණ තරුණියන්ගේ ගති පැවතුම් නුරුස්‌සනවාක්‌ මෙන්ම ලෞකික වශයෙන් දියුණුවක්‌ නැති බව ලෝවැසියනට පෙන්වා දීමට උත්සාහ දරයි. මේවා සෙනසුරාගේ උප්පත්ති ගුණයම වේ.

නීච රාශිගත වූ සෙනසුරා ජන්මියාගේ සැප පහසුකම්වලට බාධා කරයි. වැඩපළ අධික වේ. නමුත් කුමන කරදරයක්‌ දුකක්‌ ඇති වුවද විඳදරා ගනී. වෙහෙස මහන්සියට හොඳින් පුරුදු වේ. පසුකල තම අත්දැකීම් තුළින්ම උසස්‌ දියුණුවක්‌ ලබාගැනීමට සමත් වේ.

ශනිගේ නීච වීම සඳහා කළ යුතු ශාන්තිකර්මය

ඉහත දැක්‌වූ කරුණු කාරණා අනුව ඔබටත් ශනිගේ නීචයක්‌ හෝ ඒරාෂ්ඨකයක්‌ හෝ බල අපලයක්‌ ඇත්නම් “යකා හිතන තරම් කියන තරම් කළු නැතැයි හිතා ශනිට පුද පූජා ඇතුළු තටු ගොටුවක්‌ පුදා ශනි සතුටු කරවා ඔබේ අශුභ කාලය මඟහරුවා ඔබේ දියුණුව, යහපත, සෞභාග්‍යය, රැකියා ලැබීම් හා උසස්‌වීම් විවාහ බාධාවන් ආදී සියලුම අශුභඵල මඟහරවා ගැනීම සඳහා මේ ශාන්තිකර්මය කරගන්න.

අවපක්‌ෂයේ මාස පෝය (ඉර හඳ) එකට සිටින දිනයක මධ්‍යස්‌ථ වේලාවේදී ගංගාවක හෝ ඔයක, දොළක ඉවුරු දෙපසේ පස්‌ මිට බැගින් කතා නැතිව ගෙන එයට හුඹස්‌ දල්ලක්‌, ගෙරිපස්‌, රත්හඳුන් කුඩු මිශ්‍ර කර මිනිස්‌ රුවක්‌ අඹා නුග පොත්තක්‌ මත තබා නෑඹුල් කොරහක හරියටම මැද තබා පිරිසිදු එලකිරි පුරවා එයට නිල් බත්, කුණු මස්‌, කැවුම්, අතිරස, නිල්මල්, ඉන්ද්‍රනීල, කළුවතක්‌, මීතෙල් පහනක්‌ බුලත් 9 පඬුරු 9 කහකොළයක්‌, සඳුන් කස්‌තුරි, පිනිදිය නුගකොළ 9 ක්‌ තබන්න.

දෙවනුව ඔබේ හිසකෙස්‌, කෙළ, කුණු, නිය, ඇඳිවතනූල් වරකා කොස්‌ කොළ ගොටුවකට දමා ලුණුකැට, අබ ඇට, ගම්මිරිස්‌ ඇට 33 ක්‌, මිරිස්‌ කරල් 3 ක්‌ හා දෙහි ගෙඩි 3 ක්‌ ඔබම කපා හිල් පොල්කටු ඔබේ නමේ අකුරු ගානට ගෙන ගිනි කබලට දමා අඟුරු කර ඉහත දේවල් ගිනි කබලයට දමා පස්‌ පැඟිරි දර දමා දුම් නගින විට කාමරයක්‌ තුළට ගොස්‌ නිරුවත්ව බස්‌නාහිර දිසාව බලා නමේ අකුරු ගානට උඩින් පනින්න. ඉන් පසු ඔබේ ලග්නයට ගැලපෙන වර්ණය අනුව අලුත් ඇඳුමක්‌ ඇඳගෙන ගිනි කබල තුන් වරුවකට පෙර ගසායන දියකට දමා පා කර හරින්න. එවිට ඔබ නයකු සැව ඇරියාසේ අලුත් වේ. ඉන්පසු කොරහේ ඇති පුදවලින් මිශ්‍රව බත්මුල් 3 ක්‌ යාචකයනට දෙන්ට. ගිනිකබල පාකරන විට ඉළපතක්‌ ගෙන හෙණහුරා පලයෝ කියා 7 වතාවක්‌ බිමට ගසා ඉලපත ඔළුව මත තබා ගේ වටා තුන් වතාවක්‌ ගොස්‌ ඉලපතට බස්‌නාහිර දිශාව බලා මුත්‍රා කර තුන්මන් සලකට විසිකරන්ට. ශනිගෙන් වෙන ඕනෑම දරුණු උවදුරක්‌ වුවද වැළකී යහපත උදාවෙනවාමයි. මෙය භාරතීය හිංදුන් අතර හා දමිළ ජාතීන් අතර අදත් අපල දුරුවීම සඳහා කරන කෙම් සහිත ගුප්තමය ක්‍රමයකි.

මේ නමස්‌කාර පූජාවෙන් 21 වරක්‌ ජපකරගන්ට

ජපා කුසුම් සංකාශං – කාශ්‍යපෙයං මද්යුතිම්

තමොරිං සර්වපාපාශ්නං – පුණමාමි දිවාකරම්

දධිශංඛ තුෂාරාහං – ශිරෝධාර්නිච සමුද්හවම්

නමාමි ශශිනං සොමං – ශම්හොර්මුකුට භූෂණම්

ධරණි ගර්භ සම්භූතං – විද්යුත් කාන්ති සම්ප්‍රභම්

කුමාර ශක්‌ති හස්‌තංච – මංගලං පුණ මාම්‍යම්

නීලාංජන සමාහාසං – ශනි පුත්‍රම් සමාග්‍රජම්

ඡායාමෘතංඩ සම්භූතං – තං නමාමි ශුනේශ්වරම්

ඉති ව්‍යාස මුඛෝද්හිතං – යං පෙත් සුසමාහිතඃ

දිවාචා යදිවා රාත්‍රවි – විශ්න සත්තීර්භ විශ්‍යති

තරනාරී තාපානාම – භවේදුඃ ස්‌වප්ත නාශනම්

ඓශ්චර්ය මතුලං තේසා – මාරොග්‍ය පුෂ්ටි වර්ධනම්

ග්‍රහ නක්‌ෂත්‍ර ජාඃ පීඩාඃ – තස්‌කරාග්නි සමුද්භවාඃ

තාඃ සර්වාඃ ප්‍රශමං යාන්ති – ව්‍යංසො බැතෙන සංශයඃ

මෙම ජප මන්ත්‍රයෙන් 57 වාරයක්‌ දුම්මල ජපකර අල්ලන්න.

ඕං ශ්‍රීං ජුං සඃ නම සිවාය (නැකත) ශුභ නක්‍ෂත්‍ර (ලග්නය) ශුභරාශ්‍යවි ජාතස්‍යq (නම) ගේ යස්‍ය වාත පිත්තාත ශ්ලේෂ්මා ඡ්වරාදි සමස්‌ත රෝග දොaසං නාඝාය නාසාය මෘත්‍යජු ශනිශ්වර මොචය මොචය ජීවං දේහං රක්‌ෂය රක්‌ෂය සවාහා.

මෙම යන්ත්‍රයද පුද කොරහේ තබා අගිල්, දේවදාර, අබිං කුංකුමප්පු, පල්මානික්‌කම්, එලකටරොලු ඇට, නෙලුම් රේණු, නුග ගෙඩි, මල්, අමු කපුරු, පුෂ්කර, කළු අත්තන හා තුංබෝ අත්තන ගහේ පංචාංගය හඳුන් තෙලින් හා දුම්මල, මී තෙල් තුන්තෙල් වර්ග සමග පොල්කටු තෙලින් අඹරා මේ අඳුන යන්ත්‍රය මත තබා දකුණ බලා යන්ත්‍රය පුරා ගා 324 වරක්‌ මේ මන්ත්‍රයෙන් මතුරා ගෙල හෝ ඉන පළඳින්න, ශනි දිනක කපුටු දානයක්‌ උදේ 06 ට පෙර දීමද කරන්ට, ගිතෙල් මිශ්‍ර පහන් වැටි තබා.

මන්ත්‍රය.

ඕං ආජානම් බාහු දේ හෝල් සුර ග්‍රහ දේශාම් හා හා සූර්යාම් ඕ හෝ නාම් ශනි දේවාම් වාවා දේ දේම්දිට්‌ඨ§ නේම් දිෂ්ථිම් ශුනේශ්වර ග්‍රහ හස්‌ත දිෂ්ථිම් ආ කර වර වර හංසදිෂ්ථිම් ඊකාර වර බ්‍රහ්ම දිෂ්ථිම් ඌ කාර සුර ලෝක දිෂ්ථිම් ඒ කාර නර ලෝක දිෂ්ථිම් ඕ කාර නේත්‍ර දිෂ්ථිම් ශුනේශ්වර දේව වජ්‍රා දිෂ්ඨ§ම් සර්ව ලෝක දිෂ්ථිම් මගේ නේත්‍ර මුඛාය දිෂ්ථිම් භ්‍රගවර දිෂ්ඨ§ම් මාගේ සර්වාංගයට සැනෙන් වාරුම් ශන ග්‍රහ දොaෂ ජීව වාරුම් ප්‍රාණ ජීව වාරුම් නේත්‍ර ජීව වාරුම් නමෝ මං මංගලං ජය ජය කුරු කුරු කුද ලේ ස්‌වා බන්ධ බන්ධ ස්‌වාහඃ

පුද තබන කොරහේ බ්‍රහ්ම හා විෂ්ණු දෙවිඳුන් වෙනුවෙන් පහන් 2 ක්‌ අනිවාර්යයෙන්ම පළමුව දැල්විය යුතුයි. යන්ත්‍රයේ දිග අඟල් 5 ක්‌ ද පළල 2 ක්‌ද ගන්න.

මෙම යන්ත්‍රයෙන් ශනිගේ සියලුම අපල පමණක්‌ම නොව මාරක පවා වැළකිය හැකිය. තම ජීවිතයට හානි කරන සතුරු උවදුරු නැති වේ. උසස්‌ ප්‍රභූවරු වසඟ වේ. වෛරීන් වසඟ වේ. ඔබේ දියුණුවට මෙවන් ප්‍රබල යන්ත්‍රයක්‌ තවත් නැතැයි කියති. ගුණ සත්‍යයයි.

We found this article from Divaina on 2013/09/08.