සෙනසුරු යහපත් වෙන හැටිත් දැනගමු

1299
සෙනසුරු යහපත්
සෙනසුරු යහපත්

රජෙකුට හිමි අයිතිය යාචකයාටද ඇත යන්න පැරණි කියමනකි. යාචකයා රජවන්නේ ද රජු යාචකයා වන්නේද සෙනසුරු යහපත් හෝ අයහපත් බලපෑම මතය.

මෙම ග්‍රහයා පිළිබඳව අසුභවාදීව දැකීම යනු තමන් විසින් අසුභත්වය ආරෝපණය කර ගැනීමකි. මේ සියල්ල ජන්මියකුගේ කේන්ද්‍ර සටහනක සුභව හෝ අසුභව පිහිටීම මත ක්‍රියාත්මකයි. සෙනසුරු යනු මහල්ලෙකි, කුසීතයෙකි යනු බොහෝ දෙනා අතර සෙනසුරු පිළිබඳව ඇතිවන ගොනු කිරීමකි.

සෙනසුරු යහපත් වූ කේන්ද්‍ර සටහනක ජන්මියා ග්‍රහබලය අසුභව බාධකයනට ඇදවැටුණ ද ගැටලුවක්‌ නැත. එවැන්නකුගේ විවාහ ජීවිතයේ කුමන බාධකයක්‌ ඇතිවුවද සැලීමක්‌ නැත. විවාහය අවසන් කිරීමක්‌ හෝ විවාහය කඩාබිඳ දැමීමක්‌ සිදුනොවෙයි.

පහළම තැන සිට ජීවිතය ජයගැනීමට මෙම සෙනසුරු ග්‍රහයා ජන්මියා හට නිබඳවම ශක්‌තියක්‌ දෙනු ලබයි. බාධක විඳදරා ගැනීම තුළ ඇතිවන දිරිමත් බව නොසැලෙන බව මිනිසා ලෞකික දියුණුවට පත්කරයි. අගනුවර පදික වේදිකාවේ කුඩා වෙළ¹මක්‌ කළ අයකු විසල් ව්‍යාපාර හිමි ධනවතකු බවට පත්කරන්නේ මෙම සෙනසුරුගේ නොසැලෙන බවයි. එවන් සෙනසුරු සත්‍යවාදීය. නිර්භීතය. දුර දකියි. මතුපිටට පෙනෙනා අප්‍රියජනක ස්‌වරූපයට වඩා වෙනස්‌ වූ ස්‌වරූපයක්‌ ආරෝපණය කරගැනීම තුළ සෙනසුරු ජන්මියා හට වඩාත් යහපත් වෙයි.

ලෞකික දියුණුව සඳහා ‌සෙනසුරු යහපත් බලපෑම

සෙනසුරුගේ උදව් උපකාර නොමැතිව කිසිවකු හට ලෞකික දියුණුවක්‌ ලද නොහැකිය. සෙනසුරු ග්‍රහයා යහපත්ව සුභ දැකීම් තුළින් බලවත්ව කේන්ද්‍ර සටහනේ සිටින විට එවන් තරුණියන් වයස සම්පූර්ණ වීමත් සමගම විවාහ විදියට ඇතුළුවෙති. තරුණියකට මනා රූ සපුවක්‌ සෙනසුරු විසින් උරුමකරවා දෙනු ලබයි. සෙනසුරුට සඳු හෝ සිකුරු පෙනීම විවාහය පමා කිරීමකි. සෙනසුරු මහ දසාවේ සඳු හෝ සිකුරු අතුරු දසාවේදී ස්‌ත්‍රිත් සම්බන්ධව සිත් කලකිරීම් ලෞකික ජීවිතයේදී ජන්මියා හට අත්විඳීමට ලැබෙයි. විවාහයේ යම් යම් අර්බුදකාරී ගැටුම් ඇතිකරවයි.

යමෙකුට සෙනසුරු යහපත්වීම මෙන්ම නිමවීමද යහපත්ය. ජනතාව අතර ගැටෙමින් තම මතවාදයන් ජනතාවට වටහාදී ඔවුන් අවනතකරවා ගැනීමට විශේෂ හැකියාවක්‌ ඇතිවන්නේ සෙනසුරු නීච වූවන්ටය.

දේශපාලන ලෝකයේ ජයකෙහෙළි නැංවූ ප්‍රබල චරිතයනට සෙනසුරු නීචවීම යහපත්කම විය. ජනතාව අතර සිට ඔවුන් තුළින්ම ප්‍රබලයකු වීමේ හැකියාව මෙම ග්‍රහ පිහිටීම මත තහවුරු වෙයි.

සෙනසුරු යහපත්

ජන්මියාට බලාපොරොත්තු රහිත හදිසි ධනයක්‌ ලබා දීමට ද සෙනසුරු මූලික වෙයි. ලෞකික ජීවිතය යහපත්ව ගත කිරීමට වෙහෙස වීම විඳදරා ගැනීමට පුරුදු කරන සෙනසුරු නිසි කල නිසි දේ ලබාදෙන්නේ යහපත් වූ තරමටමය.

සෙනසුරු සිකුරු හා එක්‌වීම

සෙනසුරු සිකුරු හා එක්‌වීම විවාහය පමාවකි. සෙනසුරු ගුරු හා එක්‌වීම සෙනසුරුගේ බලය යටපත් වීමකි. එයින් ගුරුගේ බලය පිළිගැනීම ඉස්‌මතුවෙයි. ජන්මියාගේ දිවිය උත්පත්තියට වඩා උසස්‌ වෙයි. බුද සමග සෙනසුරු එක්‌වීම ජන්මියා ඉවසිලිමත් අයකු කරවයි. එයම ඔහුට කූට වංචාකාරී බුද්ධියක්‌ ලබා දීමට ද හේතුවකි. සෙනසුරු කුජ එක්‌වීම මත ජන්මියා ආවේගයෙන් තොරව කටයුතු කිරීමේ දක්‍ෂයකු කරවයි. සඳු සෙනසුරු එක්‌වීම සඳුගේ චංචලභාවය තුරන් වීමකි. රවි සමඟ සෙනසුරු එක්‌වීම සෙනසුරුගේ දුබලගති දුරු වී ක්‍රියාශීලී වීමකි.

මේ සියල්ල කේන්ද්‍ර සටහනක්‌ සමඟ ගොනු කිරීමෙන් පමණක්‌ සෙනසුරුගේ සොභාවය අවබෝධ කළ නොහැක. උපතින්ම සෙනසුරු අසුභ වූ අයකුට ගෝචරයෙන් සෙනසුරුගේ පලවිපාකයන් කවරේද? මේ සියල්ලම අයහපත්වූ කල සෙනසුරුගෙන් ලැබෙන්නේ අයහපතම පමණක්‌ද? නැත. නොපෙනෙන බලවේගයක්‌ ලෙස සෙනසුරුට අයහපත් කාලයේ ද යහපත උදාකළ හැකිය. ජන්මියා උපන් නැකත අනුව සෙනසුරු යහපත අයහපත උදාකරවයි.

සෙනසුරු යහපත්

යමෙකු උපන් නැකත අනුව පිළිවෙළින් සා නැකත දක්‌වා ගුණ බැලීමෙන් එහි ප්‍රමාණය අනුව සෙනසුරුගෙන් වන යහපත අයහපත අවබෝධ කරගත හැකිය. නැකත් විසිහත සහ උපන් නැකත හඳුනා ගැනීම තුළින් සෙනසුරුගේ සැඟවුණු බලය පෙන්වයි.

පරාශර – ගර්ග ආදී ඉසිවරුන්ගේ දර්ශනය අනුව සෙනසුරුගේ ගමනින් ඇතිවන පලවිපාක විවිධය.

මෙම වටහා ගැනීම තුළ අපල සමනය ප්‍රතිකර්ම යෙදීම අපල බාධකයනට මුහුණ දීමට අවැසි කායික මානසික ශක්‌තිය ලබාගැනීම ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවෙයි. ලෞකික ජීවිතය තුළ මිනිසත් බව ලද සැම දෙනකුගේම ප්‍රාර්ථනය අවබෝධයෙන් ලබන ජීවිතයේ සාර්ථකත්වයම නොවන්නේද?

We found this article from Divaina on 2013/11/17.