1. මේෂ ලග්නයෙන් ජන්මය ලබා 04 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මින් තමා ජීවත්වන කාලය තුළ සෙල්ලමට මෙන් බොරු කියයි. සෙල්ලම ලෙල්ලම වන විට තමා කියන ලද බොරුව ගැන පසුතැවිලි වේ.
2. උපතේදී ලග්නය මේෂවී 03 වන භාවයෙහි සඳු තැන්පත් ජන්මින්ද අනුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නිතර බොරු කියයි. අනුන්ගේ නැති වැරැදි හුවා දක්‌වා සතුටක් ලබයි. මෙම නීච ස්‌වභාවය හේතුවෙන් මෙම භවයේ අවසාන කාලය අන්ත අසරණ වන අතර ඊළඟ භාවය තිරිසන් ප්‍රේත වැනි ආත්මයක වීම වැළැක්‌විය නොහැක.
3. වෘෂභ ලග්නයෙන් ජන්මය ලබා 03 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මීන් සහ 02 භාවයෙහි සඳු තැන්පත් ජන්මීන් නිතර බොරු කියයි. විශේෂයෙන් වංචාවෙන් බොරුවෙන් සුකොමාල තරුණ තරුණියන් රවටයි. එසේ රවටා ගන්නා තරුණ තරුණියන්ගෙන් තම අපේක්‍ෂාවන් ඉටුකර ගනී. මෙම තරුණ පිරිසට දහසක් බලාපොරොත්තු ඇතිකර ගැනීමට අවකාශ සලසා තම මඩිය තරකර ගැනීම මෙම ජන්මීන්ගේ සිරිතය. මෙම ජන්මීන්ගේ බොරු මෙම ආත්මයේ දීම හෙළිවී අන්ත දුකට පත්වීමට සිදුවේ. විශේෂයෙන් හිරේ විලංගුවේ වැටීම ආදී දුකට මෙම ආත්මයේ පත්වන අතර ඊළඟ භවය අන්ත දුක්ත තත්ත්වයට පත්වේ.
4. මිථුන ලග්නයෙන් ජන්මය ලැබූ ජන්මීන්ගේ දෙවැනි භාවයෙහි උපතේ දී බුධ තැන්පත්නම් ඔහු හෝ ඇය නිතර තම කුටුම්භයට බොරු කියයි. කුටුම්භයේ සාමාජිකයන් රවටා සතුටු වෙති. තම කුටුම්භයට තමා කළ යුතු යුතුකම් ඉටු නොකොට ඊට හේතු ලෙස බොරු කියයි. මෙම හේතුව මත කුටුම්භයේ දී පිරිහීමට පත්වන අතර පසුව ලබන භවය ප්‍රේත භූත ආත්මවල අවුරුදු දහස් ගණනක් දුක් විඳීමට සිදුවේ.
5. කටක ලග්නයෙන් ජන්මය ලබා සඳු 12 වැනි භාවයෙහි සහ පළවන භාවයෙහි බුධ තැන්පත් ජන්මීන් බොරුකියා තවකෙකු පීඩාවට පත් කරලීමට උත්සුක වෙයි. එයින් තමන්ට වාසියක් නොවූවද කෙනෙකුගේ විපතට තමාට අත්වූ වාසියක් ලෙස සලකයි. විශේෂයෙන් මෙම ජන්මීන් සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලයන්හි සහ කෲර ග්‍රහයන්ගේ මහ දශා අතුරු දශා ගෙවෙන කාල වකවානු තුළ මෙම බොරු කීමේ තත්ත්වය ප්‍රසිද්ධියේම කරන බව පෙනේ. මෙම හේතුව මත සතුරන් ඇතිවේ. සතුරන් මෙල්ල කිරීමට සිතන්නේද මෙවැනි බොරු ගොතා කීම මගින් පීඩාවට පත් කිරීමෙනි. තද බල ලෙස අපල තත්ත්වය පලදෙන විට මෙම බොරු කීම හෙළිවී අන්ත දුකට පත්වේ. එවිට තමන්ට හිතවත්ව සිටි බොහෝ මිතුරන් සතුරුවී ඇත. එම නිසා කිසිවෙකුත් පිහිටට නොඑන තත්ත්වයක් ඇතිවන අතර නිතර ද්වේෂයෙන් සිටීමට සිදුවේ. මෙම හේතු මත මෙම ආත්මයේ අවසානය හදිසියේම ඉතා දුක්ත තත්ත්වයෙන් අවසන් වන අතර ඊළඟ භවය තිරිසන් ප්‍රේත ආත්මයක වී අවුරුදු දහස් ගණනක් දුක් විඳීමට සිදුවේ.
6. සිංහ ලග්නයෙන් උප්පත්තිය ලබා සඳු 11 වැනි භාවයෙහි තැන්පත් වීම නිතර ජන්මියා බොරු කීමට පොළඹවනු ලබන ග්‍රහ පිහිටීමකි. එමෙන්ම මෙම තත්ත්වය තමන් යහපත් අයෙකු ලෙස සමාජයට පෙන්වමින් බොරුවෙන් රවටන දෙබිඩි චරිතයකි. මෙම බොරු ගොතා කීම මගින් සමාජයේ ඇතිවන ගැටුම් හැළ හැප්පීම් පීඩා සතුරුකම් ආදිය තමාගේ වාසියට හරවා ගැනීම සඳහා යොදාගනිමින් බොරදියේ මාළු බෑම සිදුකරනු ලබයි.
එමෙන්ම සිංහ ලග්නයෙන් ජන්මය ලබා 12 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මීන්ද නින්දා සහගත ලෙස බොරු ගොතා කියමින් අනුන් අපහාසයට ලක්‌කරයි. එකිනෙකා බේද කරවයි. එමගින් පහත් කාලකණ්‌නි සතුටක් ලබන අතර ගින්නකට පිදුරු දැමීමට මොවුන් නිතර සූදානම්ය. තමන්ගේ නරක වෙලාව පැමිණි විට මෙම බොරුව අසුවේ. එම හේතුව මත අප්‍රසාදයට පිළිකුලට පත්වීම වැළැක්‌විය නොහැක. මෙම ආත්මයේ දී අපවාදයන්ට ලක්‌වීම පිරිහීම දඬුවම් වශයෙන් ලැබෙන අතර බොරුවෙන් අනුන් හිංසනයට ලක්‌කිරීම හේතුවෙන් ඊළඟ භවය අන්ත දුක්ත වේ.
7. කන්‍යා ලග්නයෙන් ජන්මය ලබා 11 වැනි භාවයේ බුධ සහ 10 වැනි භාවයේ සඳු තැන්පත්වන ජන්මීන් බලය තමා වෙත ළඟා කරගැනීමට බොරු කියයි. මෙම බොරු කීම තුළ සමාජ හිංසාවක් අපේක්‍ෂා නොකරයි. සමාජයේ යහ පැවැත්ම අපේක්‍ෂාවෙන් සහ තම බලය ලබා ගැනීමටත් පවත්වා ගැනීමටත් නිතර බොරු කියයි. මෙම බොරුකීමේ අපේක්‍ෂාව සමාජය තමා වෙත නැඹුරු කර ගැනීමයි. නැත්නම් කුටුම්බය රැක ගැනීමයි. මෙම බොරු කීම මගින් වන සමාජ අයහපතට වඩා යහපත වැඩිය. නමුත් මෙම බොරුව මගින් වුවද ජන්මියා පිරිහීමට පත්වන අතර ඊළඟ භවයේ දී පල දීමටද ලක්‌වේ.
8. තුලා ලග්නයෙන් ජන්මය ලබා 10 වැනි භාවයෙහි බුධ තැන්පත් සහ 08 වැනි භාවයෙහි සඳු තැන්පත් ජන්මීහු නිතර බොරු කියති. ඒ තමාගේ පුරසාරම සහ ප්‍රසිද්ධියටය. තමාට කිසියම් හානියක් වූ බවක් දැනුන විට බොරු කියමින් එම හානියේ සුළමුල සොයමින් කටයුතු කිරීම මෙම ජනමීන්ගේ සිරිතය. ඒ අනුව තමාට වූ හානියේ සහ හානි කරන්නන්ගේ සුළමුල සොයාගැනීමටද මෙම ජන්මීහු සමත් වෙති. බොරුකීම මෙම ජන්මීන් කරනු ලබන්නේ තමන්ටත් අනුන්ටත් හානියක් කිරීමේ ෙච්දනාව ඇතිව නොවේ. නමුත් එම බොරුව මගින් ලබාගන්නා දැ තමා වෙත රඳවා ගැනීමට නොහැකිවීම මෙම ජන්මීන් ලබන බොරුවේ පලදීමය. අමාරුවේ වැටී පසුතැවිලිවීමට සිදුවේ. තමා කියන ලද බොරුවේ විපාක මෙම ආත්මයේදීම පඩිසන් දීමට සිදුවේ.
9. වෘශ්චික ලග්නයෙන් ජන්මය ලබා 08 වැනි භාවයෙහි සඳු තැන්පත් ජන්මීන් තමා අවට ජීවත්වන්නවුන් රැවටීම සඳහා නිතර බොරු කියයි. එමගින් වාසියක් ලබා ගැනීමටද නිතර උත්සුක වෙයි. කෙනෙකුගේ හෝ ස්‌ථානයක නැති වැරැදි පෙන්වා දීමට බොරු ගොතා කියයි. එයින් තමා වාසියක් ගැනීමට නිතර පෙළඹේ. තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් වලින් මග හැරීම සඳහා බොරු ගොතා කීමද මෙම ජන්මීන්ගේ සිරිතය. නොඑසේනම් අනුන් රවටා බොරු ගොතා කියමින් නැති වැඩක් මවා ගෙන ඉන් ප්‍රයෝජන ලබාගනී. එම වැඩය කිරීම මගින් සමහරවිට තමාට හිමි නොවන වරප්‍රසාද ලබාගනී. මෙම බොරු ගොතා කීම රාජ්‍ය ආයතනයකනම් කම්කරුවාගේ සිට ඉහළම තනතුර දක්‌වා තම තරාතිරමේ තරමට සිදුකරයි. කම්කරුවා බොරුවෙන් වැඩපාලක රවටයි. වැඩපාලක කළමනාකරු රවටයි. කළමනාකරු අධ්‍යක්‍ෂ රවටයි. අධ්‍යක්‍ෂ මැති ඇමැතිවරු රවටයි. අවසානයේ බොරුව රජ කරයි. ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුරුදු වූවන්ටද මෙම බොරුකාරයන් සමඟ වැඩකිරීමට සිදුවේ. බොරුව සමඟ යන අය සමඟ නොගියොත් තම දරුවන් අනාත වන බැවින් ඔවුන්ද බොරුව සමඟ එකතුවේ. බොරුව ඇත්තසේ සියල්ලන්ට පෙනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුරුදු වුවනට අකමැත්තෙන් හෝ මෙදෙස කට අයාගෙන බලා සිටින්නට සිදුවේ. මෙම තත්ත්වය බොරුව රජ කරන සියලු තැන්වලට පොදුය.
10. ධනු ලග්නයෙන් ජන්මය ලබා 08 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මීහු තම සමීපතමයන් රැවටීම සඳහා නිතර බොරු කියයි. විශේෂයෙන් තම අඩුපාඩු වසාගැනීම සඳහා සමීපතමයන්ගේ අඩුපාඩු බොරුවට පෙන්වා දීම මෙම ජන්මීන්ගේ සිරිතය. තමාගෙන් සිදුවන වැරැදි අනුන් කරන ලෙස පෙන්වා දීමට මොවුන් නිතරම සූදානම්ය. විශේෂයෙන් තම කුටුම්භයේ සැමියාට හෝ භාර්යාවට අසාධාරණකම් කරමින් ඒවා තම සමීපතමයාගේ වැරැදි ලෙස පෙන්වා දීම මොවුන් සිදුකරයි. මෙම හේතු මත මෙම භවයේදීම තම කුටුම්භය විසිර යැම ආදිය සිදුවන අතර ඊළඟ බවය ප්‍රේත ආත්මයක් වීම වැළැක්‌විය නොහැකි වන්නේය.
11. ධනු ලග්නයෙන් ජන්මය ලබා 07 වැනි භාවයෙහි සඳු තැන්පත් ජන්මීහුද සෞම්‍ය බොරු ගොතා කීමට සමත්ය. බොහෝවිට දේශපාලන සුරංගනා කතා සඳහා මෙම පිහිටීම ඉතා වැදගත්ය. බොරුවක් බව දැනුනද අසන්නා එය රසවත් කරමින් අසයි. හඳෙන් හාල් ගෙනත් දීම, දොඩම් පැටවීමට බිබිලේ වරායක් හැදීම, මෙවැනි සුරංගනා කතාය. මෙවැනි කතාවලින් රැවටෙන්නේ ටික දෙනෙකි, ඉන් හානියක් වුවහොත් සමස්‌ත සමාජයටමය. මෙවැනි බොරුවලින් ලබාගත් බලයක් පවත්වාගෙන යැම සඳහා තව තවත් බොරු කීමට සිදුවේ. බොරු හෙළිවූ පසු මෙම ආත්මයේ දීම පිරිහීමට පත්වේ.
12. මකර ලග්නයෙන් ජන්මය ලබා 07 වැනි භාවයෙහි බුධ සහ 06 වැනි භාවයෙහි සඳු තැන්පත් ජන්මීහුද විවිධ අවස්‌ථා වලදී බොරු ගොතා කියති. එම බොරු කීමෙහි අරමුණ සමාජ යහපතක් කිරීම මිස තමාට යහපතක් කර ගැනීම නොවේය. එහෙත් බොරුවේ විපාක ලැබීමෙන් ගැලවීමට මොහුටද ඉඩක් නොලැබේ.
13. කුම්භ ලග්නයෙන් ජන්මය ලබා 06 වැනි භාවයෙහි බුද තැන්පත් ජන්මීන් නිතර තම නැන්දා මාමා රැවටීම උදෙසා බොරු කියයි. එමෙන්ම තම මෙහෙකරුවන්ටද නිතර බොරු කියයි. එමගින් වන හානිය අවම කර ගැනීම සඳහා තවතවත් බොරු ගොතා කියයි. පලදීම මෙම භවයේදී සේවක එරෙහිවීම් වැඩවර්ජන දොaෂාරෝපන ආදියට මුහුණ දීම වන අතර ඊළඟ භවය අන්ත දුක්ත භූත ප්‍රේත ආදී වසර දහස් ගණනක් දුක් විඳින තත්ත්වයෙන් ගැලවීමට නොහැකි වනු ඇත.
14. මීන ලග්නයෙන් ජන්මය ලබා 05 වැනි භාවයෙහි බුධ තැන්පත් ජන්මීහු සහ 04 වැනි භාවයෙහි සඳු තැන්පත් ජන්මීහු නිතර තම කුටුම්භයේ සාමාජිකයන්ටද බොරු කියයි. එමගින් තමාද තම කුටුම්භයද හානියට පත්කර ගනී. අසුනොවන සේ බොරු කීමට මොවුන් දක්‍ෂ නොවේ. කියන බොරු විහිළු බවට පත්වන්නේ එය කීමට නියම දක්‍ෂතාවක් පිහිටා නොමැති බැවින්ය. නමුත් පඩිසන් දීම මෙම භවයේ දී තමාත් කුටුම්භයත් පරිහානියට පත්වීම වන අතර ඊළඟ භවයේදී පෙර පිනෙන් තමා ලැබූ සියලු දේ අහිමි අන්ත දුක්ත තත්ත්වයකි.
කවුරු කුමක් සඳහා කෙසේ කුමන අවස්‌ථාවකදී කීවද බොරුව බොරුවමය. එමගින් තමා පමණක් නොව අනුන්ද දුකට පත්විය හැකිය. එමගින් වන හිංසාව මානසික පීඩනය සත්වයෙකුටනම් ඔහුගෙන් පීඩිතව පිටවන හුස්‌ම පොද පවා බොරුව කී තැනැන්තාට කොඩිවිනයක්‌ය. අපට නිවැරැදි විය හැකිය. කෙසේ කුමන තත්ත්වයකට කුමන අවස්‌ථාවකදී කුමන ආකාරයකින් මුහුණ දුන්නත් මම බොරු නොකයමි දැඩි අධිෂ්ඨානය ජීවිතයට කර ගැනීමට අදිටන් කර ගැනීම වැදගත්ය. මෙම සිල්පදය කැඩීම කිසියම් පුද්ගලයෙකු කරනවානම් එය සමස්‌ත සමාජයටම කරනු ලබන හානියකි.
We found this article from Divaina on 2013/02/08.
Also Sinhala to English Google word to word translation can be found here