හදිසියට නැකත් හැදිය හැකිද?

0
701
නැකත්
නැකත්

[ratings]

“හෝටලයක්‌ වෙන්කර ගන්න හරිම අමාරුයි. අපේ දුවගේ විවාහ මංගල්‍යය කටයුතු සඳහා ශුභ දින දෙක තුනක්‌ මට කියන්න”. යනුවෙන් සමහර දෙමාපියන් අප වෙත පැමිණ පවසන අවස්‌ථා බොහෝ ඇත. එවැනි අවස්‌ථා වලදී අප පත්වන්නේ, විශාල අපහසුතාවයකටයි. ඒ අයට අවශ්‍ය දින වකවානුද පවසා සිටින අතර මාසයක්‌ දෙකක්‌ ඇතුළතම දින ඉල්ලා සිටී. “නැකැත් ගන්න පස්‌සෙ එන්නම්, දිනය විතරක්‌ අද දෙන්න”. යනුවෙන්ම පවසා සිටී. මෙහිදී මංගල නැකැත් දින යනුවෙන් පංචාංග ලිත්වල සඳහන් දින ඒ අයට සුදුසු ඇතැයි සිතා සිටින බව හැඟෙයි.

එහෙත්, මනාලිය. මනාල මහත්මා, උපන් නැකැත් ලග්න, දෙර්කාණය ආදිය මංගල නැකැත් සෑදීමේදී ඉතාම වටිනා බව ඔවුන් නොදනී. උපන් දෙර්කාණයෙන් 22 වන දෙර්කාණය මාරක හෙවත්, මරණය ගැන කියෑවෙන ස්‌ථානයක්‌ නිසා, එම දෙර්කාණය හෝ අටවන රාශියම හෝ ශුභ කටයුතු සඳහා නොගන්නට වග බලාගත යුතුයි. මේ ගැන සලකන විට ශුභම ලග්න දෙකක්‌ ඉවත දමන්නට සිදුවන අවස්‌ථා ඇති අතර 22 වන දෙර්කාණය අධිපති ග්‍රහයාගේ දිනයද, විශේෂයෙන්ම හෝරා, පංචම හෝරාද, අත්හැරිය යුතුවේ.

මනාල මහත්මාට ගැලපෙන සම්පත්, ක්‍ෂේම, සාධක, මෛත්‍රී, පරමමෛත්‍රී, නැකැත් අතුරින් මනාලියට ගැළපෙන ශුභ නැකැත්ද තෝරාගත යුතුය. දිනය පංචාංග ශුද්ධිය නොමැති නම්, අටවිසි යෝග අතුරින් ශුභ යෝගයක්‌ වත් යෙදී තිබිය යුතු අතර, අමාවක දින ආසන්න දිනද, අතහැරිය යුතුය. අශුභ තවත් දිනද ඇත. අටවක, පුර පසළොස්‌වක ඇතුළු අශුභ තිථිද ඉවත දමා දිනයක්‌ සොයාගත් විට මංගල පෝරුවට නැංවීමේ නැකත යෙදී ඇති අවස්‌ථාවද ශුභ හෝරා, ශුභ පංචම හෝරා, සූක්‍ෂම හෝරා නිවැරදිව සොයාගත යුතුයි. සඳු සිටින ස්‌ථානය, ලග්නාධිපති සිටින ස්‌ථානය. සෙනසුරු කුජ සිටින ස්‌ථානද ඇතුළුව ඒ වේලාවේ ග්‍රහ චාරද, විමසා බැලීම සිදුකෙරෙයි. මේ සියලුම දේ දෙදෙනාටම ශුභවී දිනය, නැකත, තිථිය, ලග්නය, යන හතරම එකතුකොට ගත්විට එකතුව 9 න් බෙදා ඉතිරිය 0,3,5,7 ද වියයුතුව ඇත. මෙසේ ඉතාම අපහසු කරුණක්‌, ජන්ම පත්‍ර දෙක අතට දුන් ගමන් තීරණය කරන්නේ කෙසේද?

මෙය ඉතාම භාරදූර කාර්යයක්‌ වුවද, සේවාදායකයා සිතන්නේ හෝටලය, මනාලිය හැඩගැන්වීමේ කරුණු ඉටුකරන අය ගැන පමණි. එක්‌ මනාල යුවළකට ගැළපෙන මංගල නැකැත් මාලාවක්‌ තවත් දෙදෙනෙකුට ගැලපෙන්නේ නැත. මෙහි අපහසුව මත සමහර ජ්‍යෙdතිෂවේදීන් මනාල මහතා ගැන පමණක්‌ සලකා, මුලින් සාදාගත් නැකැත් මාලාවම දෙන්නට යෙදුන අවස්‌ථා දුටුවෙමි. එහෙත්, එය මනාලියට කළ බලවත් අපරාධයකි. මනාල මනාලි පාර්ශ්වයේ අයම එකට එකතු කොටගෙන ශුභ මොහොතින් බුලත් හුරුළු ගෙන මංගල නැකැත් සෑදීම කළ යුතුවේ. එවිට හෝටලය වෙන් කරන්නට හැකි දිනය තීරණය වනවා විනා අනෙක්‌ අයට ශුභ වූ දිනයම නොදිය යුතුයි. සේවාදායකයාගේ ඇති නොදන්නාකම ප්‍රයෝජනයට නොගෙන කරුණු වටහා දීම මගින් අනර්ථයක්‌ සිදුවීම වළක්‌වා ගත හැකිවේ. දැන් දැන් නිවෙස්‌ වල ඉඩකඩ තිබියදීම පහසුව තකා හෝටල්වලම මංගල කටයුතු සැලසුම් කරන අතර, බදාදා දින, සඳුදා දින ඇති මංගල කටයුතු වලදී. වසර 20 ක්‌, 25 ක්‌ සමාගේ සෙවනේ ඇති දැඩිවූ දියණිය අඟහරුවාදා, ඉරිදා වැනි දිනක මහා රාත්‍රියේ එළියට බස්‌සවන්නට කටයුතු කරන බව පෙනේ.

ලග්නයකට නවාංශක 9 ක්‌ ඇති අතර, එහි මුල, මැද, අග යන නවාංශක 3 බැගින් වූ කොටස්‌ තුළ උපන් අයට අශුභම දිනයකි, ග්‍රහයෙකු සහ හෝරාද ඇති බව දැනගත යුතුයි. මේෂ, කන්‍යා ලග්න වල මුල නවාංශක 3 තුළද, වෘෂභ, ධනු ලග්න වල දෙවන නවාංශක 3 තුළද සිංහ, මකර ලග්නවල 3 වන නවාංශක 3 තුළද, උපත ලද අයට කුජ ඉතාම අශූභවේ. ඒ අනුව වෘෂභ, සිංහ, ලග්න වල මුල නවාංශක වලද, මේෂ, මකර ලග්න වල මැද නවාංශක වලද, කන්‍යා, ධනු ලග්න වල අග නවාංශක වලද, උපන් අයට ගුරු දිනය, හෝරා, පංචම හෝරාද, අශුභයි. මිථුන, කටක ලග්න වල මුල නවාංශක වලද, කුම්භ, මීන ලග්න වල මැද නවාංශක වලද, තුලා, වෘශ්චික ලග්න වල අග නවාංශක වලද, උපන් අයට සෙනසුරාදා දිනය, සෙනසුරු හෝරා ආදිය අශුභ ලග්න වල අගද, උපන් අයට සිකුරාදා දිනය, හෝරා, පංචම හෝරා. ඉතා අශුභයි. වෘශ්චික, කුම්භ ලග්න වල මුලද, කටක. තුලා ලග්න වල මැදද, මිථුන, මීන ලග්න වල අගද, උපන් අයට බදාදා දිනය සහ හෝරා, පංචම හෝරා අශුභයි. ධනු ලග්නයේ මුලද, සිංහ ලග්නයේ මැදද, මේෂ ලග්නයේ අගද, උපන් අයට සඳුදා දින සහ හෝරා අශුභයි. මකර ලග්නයේ මුල, කන්‍යා ලග්නයේ මැද, වෘෂභ ලග්නයේ අග උපන් අයට ඉරිදා දිනයද, හෝරා, පංචම හෝරාද, ඉතා විෂයි. මේ මහ දශා, අතුරු දශාද, අපල ගෙන දෙනවා.

මේ අශුභම ග්‍රහයා දැනගන්නට නිවැරදි ලග්න ස්‌ථුටය දැනගත යුතු අතර, උපන් ස්‌ථානය ගැන නොසලකා හැරීමෙන්ද, ස්‌ත්‍රී පුරුෂ භේදය මත උපන් ලග්න නවාංශක ඉදිරියට හෝ පසුපසට ගෙන යැම මගින්ද, මේ අශුභ ග්‍රහයා ගැන සොයා ගැනීමට නොහැකිවන අයුරින් ජන්ම පත්‍ර සාදා ඇත. උදාහරණයක්‌ ලෙසට 2011-01-01 දින දහවල් 12.52 ට කොළඹ නගරයට මීන ලග්නයේ මීන නවාංශකයද, පාදුක්‌ක නගරයට මේෂ ලග්නයේ මේෂ නවාංශකයද, උදාවී තිබූ බව සිහිපත් කළ හැකිය. මෙය ඉතා ප්‍රවේශමින් සිදුකළ යුතු කටයුත්තකි. එකම වේලාවකදී කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ ඇති නගර දෙකක උපන් දෙදෙනකුට මාරක ග්‍රහයා බුධ හෝ කුජ වීමේ හැකියාව පවතින බැවින්, ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මේ සියලුම කරුණු ගෙනහැර දැක්‌වූයේ ඔබගේ හදිසියට අපට මංගල නැකැත් හෝ වෙනත් නැකතක්‌ සොදා ගන්නට බැරි බව පෙන්වා දීමටයි. මේ ගැන නොසලකා වැඩ කරන සමහර ජ්‍යෙdතීර්වේදීන් සිටින නිසා හරියට වැඩ කරන අයටත් වරද පැටවෙන බව පෙනෙයි. ඒ සියලු දෙනාටම එකම හැන්දෙන් බෙදන නිසාය.

We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here