හයවෙනි භාවය හෙවත් ‘රෝගස්‌ථානයේ’ ග්‍රහයින් සිටින විට…

1747
හයවෙනි
හයවෙනි

[ratings]

කේන්ද්‍රයක 6 වෙනි භාවය සහ 6 අධිපති ග්‍රහයාද 6 වැන්නේ සිටින ග්‍රහයින්ද 6 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින්ද සැලකිල්ලට ගනිමින් කෙනෙකුට වැළඳෙන රෝගාබාධ ගැන දීර්ඝ වශයෙන් තොරතුරු පැවසීමට ඇති හැකියාව නිසා ජ්‍යෙdතිෂ්‍යයේදී 6 වෙනි භාවය “රෝගස්‌ථානය” ලෙස හැඳින්වේ.

එලෙස රෝග ස්‌ථානය යනුවෙන් හැඳින්වෙන 6 වෙනි භාවයෙන් ජන්මීන්ට වැළඳෙන්නා වූ රෝග පිළිබඳව ආනාවරණය කරගත හැකි අතර උදරයේ ඇති වන්නා වූ ආබාධ මෙයින් ප්‍රධාන වේ. එයට හේතුව කෙනෙකුගේ ශරීරය කොටස්‌ වශයෙන් ගත් කල උදරය හා යටි බට යන ප්‍රදේශ පිළිබඳව හඳහනක 6 වෙනි භාවයේ තොරතුරු පැවසීමට ඇති හැකියාවයි.

කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිතව හටගන්නා රෝග හා මාස්‌ ශුද්ධිය පිළිබඳ කරුණුද 6 වෙනි භාවයෙන් බොහෝ දේ දැන ගැනීමට හැකි අතර බේදයකින් තොරව ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම උදරය හා යටිබඩ ආශ්‍රිත ආබාධ පිළිබඳව හය වෙනි කොටුවෙන් දැනගත හැකිය.

උදාහරණ වශයෙන් ගත් කල ශනි යනු වාතාධික ග්‍රහයෙකි. එබැවින් ශනි ග්‍රහයා 6 වෙනි භාවයේ සිටින කල අනිවාර්යයෙන්ම එකී ඡන්මියාගේ උදරයේ වාතය මගින් හටගන්නා ආබාධ හා අපහසුතා ඇතිවීම වැළැක්‌විය නොහැක.

තවද කේතු යනු කෘෂ ග්‍රහයෙකි. එබැවින් කේතු 6 වෙනි භාවයේ සිටින කල එකී ජන්මීන් ආහාර අනුභව කරන්නේ ඉතා සුළු වශයෙනි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එවැනි අය හැමවිටම ඉතාමත් සිහින් සිරුරකට හිමිකම් කියන්නෝ වෙති.

සඳු යනු චංචල ගති ඇති ග්‍රහයෙකි. එහෙයින් කේන්ද්‍රයක 6 වෙනි භාවයේ සඳු සිටින අවස්‌ථාවන්හිදී පෙරකී තත්ත්වය වෙනස්‌ වන අතර එවැන්නන්ට නිතර නිතර සුළු වශයෙන් ආහාර ගැනීමේ අවශ්‍යතාව ඇතිවේ.

තුවාල, දද, කුෂ්ඨ රෝග සහ පිළිකා වැනි ඉතාමත් දරුණු රෝගාබාධ ඇතිවීමටද හයවෙනි භාවයේ ග්‍රහ යෙදුම් ඉවහල් වේ.

මීට අමතරව “ශතෘ” ස්‌ථානය නොහොත් සතුරු ස්‌ථානය ලෙසද හැඳින්වෙන මෙම භාවයෙන් පුද්ගලයකුට ඇති වන්නා වූ සතුරු කරදර පීඩා පිළිබඳව කියෑවේ.

කෙසේ නමුත් 6 වෙනි භාවය බලවත් අයෙකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ කටහඬට පවා අන් අය බියවීම තුළ ඔවුන් යටහත් පහත්ව තබා ගැනීමද මෙවැනි ග්‍රහ යෙදුම්වල ලක්‍ෂණයකි.

රවි 6 වෙනි භාවයේ සිටින විට

සතුරන් පරාජයට සමත් වේ. බිය සැක නැතිව දිවිගෙවයි. බලවත් ලෙඩ රෝග නැත. මවගේ සහෝදරයන්ට (මාමලාට) අපල ඇති කරයි. සේවක පාලනයට දක්‍ෂවේ. උසස්‌ රැකියාවක්‌ ලැබේ.

සඳු 6 වෙනි භාවයේ සිටින විට

ආමාශගත රෝග ඇති කරයි. දියවැඩියා හා සෙම් රෝග සාදයි. ස්‌ත්‍රීන්ගෙන් සතුරු කරදර ඇතිවේ.

කුජ 6 වෙනි භාවයේ සිටින විට

අමාශයේ උෂ්ණරෝග සාදයි. ශල්‍යකර්ම වලට භාජන වීමට ඉඩ ඇත. ශරීරය ශක්‌තිමත්ය. සතුරන් පරාජයට පත් වේ.

ගුරු 6 වෙනි භාවයේ සිටින විට

සතුරු බලවේග ඇතිවේ. උණ රෝග ඇති කරයි. ඥාති පරපුරෙන් උදව් උපකාර ලැබේ. දරුවන් අකීකරු වේ. තරමක්‌ ලෝභ කෙනෙකි.

සිකුරු 6 වෙනි භාවයේ සිටින විට

සතුරු බලවේග අඩුවේ. මිතුරෝ එතරම් සුබ අය නොවේ. සුරතල් සතුන් ඇති කිරීමට ප්‍රිය වේ. දියවැඩියා රෝග සාදයි. ශරීරය කෙට්‌ටු වීමට ඉඩ ඇත.

ශනි 6 වෙනි භාවයේ සිටින විට

කල් අල්ලන අසනීප සැදීමට ඉඩ ඇත. සතුරෝ ඇතිවේ. රැකියා සම්බන්ධව ගැටලු ඇතිවේ. උදරයේ රෝග සහ ඇවිදීමට අපහසු රෝග සාදයි.

බුධ ග්‍රහයා 6 වෙනි භාවයේ සිටින විට

අධ්‍යාපනය දුර්වල වේ. කලක්‌ පවතින ස්‌නායු රෝග ඇති කරයි. නිතර මවට අසනීප සාදයි.

රාහු ග්‍රහයා 6 වෙනි භාවයේ සිටින විට

ඉඩකඩම් ලාභ හිමිවේ. වස්‌තුව ලැබේ. නම ප්‍රසිද්ධ වෙයි. නිරෝගී වෙයි. සතුරන් පරාජයට පත්වේ. විදේශ ගත වීමට අවස්‌ථාව උදාවේ.

කේතු ග්‍රහයා 6 වෙනි භාවයේ සිටින විට

අමාශගත අම්ල පිත්ත රෝග වැළඳේ. අධ්‍යාපනයට දක්‍ෂ වේ. දරුඵල අඩුවේ. දිය වැඩියා රෝගය සෑදේ. ශරීරය කෙට්‌ටු වේ.

We found this article from Divaina on 2012/03/03.
Also Sinhala to English Google word to word translation can be found here