Friday, September 12, 2025
HomesiOminousඅපල උපද්‍රව දුරුකරන දානමය පුණ්‍යකර්ම

අපල උපද්‍රව දුරුකරන දානමය පුණ්‍යකර්ම

[ratings]

අපල උපද්‍රව ගැන, ග්‍රහ බලපෑම් ගැන, සුබ අසුබ කාල වකවානු ගැන අපේ ජන සමාජයේ ඇත්තේ දැඩි විශ්වාසයකි. උන්හිටි ගමන් කඩා වැටෙන කරදර දුක්‌ වේදනාවන්හිදි සැපත ශාන්තිය පතා නොයෙක්‌ දෙනා විවිධ වත්පිළිවෙත් වල නිරත වෙති. ඇතමුන් කල්තබාම අපල කාල දැන එය සඵළයක්‌ කරන්නට සෙත් ශාන්තිවල නිරත වෙති.

දිවි ගමන හැම කල්හිම එකලෙස නොපවතින බවත් අටලෝ දහමට අනුව සැප දුක්‌ දෙකටම මුහුණ දෙන්නට වන බවත් පොදු පිළිගැනීමයි. එය එසේ වුවත් මොළොව දිවිය දුක්‌කරදර අඩු එකක්‌ කරගැනීමට අපල උපද්‍රව දුරු කරන ශාන්ති කර්ම, පුදපූජා, භාරහාර, පින්දහම් වල නිරතවීමට අපේ අය පසුබට නොවෙති.

සැබවින්ම අපල උපද්‍රව කරදර බාධක දුරු කරන වැඩි වෙහෙස මහන්සියක්‌ ලොකු වියහියදමක්‌ නැති බොදු පිළිවෙත් මාලාවක්‌ පවතී. බෞද්ධ ජන සමාජයට මේ බොදු පසුබිමක්‌ ඇති පිළිවෙත් වලින් ලැබිය හැක්‌කේ අපමණවූ ශාන්තියකි, එමගින් අපල උපද්‍රව දුරුකිරීම පමණක්‌ නොව පරලොව සුගතියද සලසා ගත හැකි බැවින්ද ජන සමාජයට සෙතක්‌ සැලසෙන බැවින්ද වඩාත් වැදගත් වේ. එනිසා zනැකතZ අතිරේකය තුළින් මේ බොදු පිළිවෙත් මාලාව එකින් එක ගෙන හැර දක්‌වන්නට තීරණය කළෙමු. අද අප මේ තුළින් ගෙනහැර දක්‌වන්නේ තමන්ටත් අනුන්ටත් සෙතක්‌ සැලසෙන දානමය පුණ්‍ය කර්මයයි. එනම් දානමය කුසළය නිසිලෙස අත්පත් කරගත හැකි අන්දමයි.

දානය ගැන කියන විට බොහෝ දෙනා සිතන්නේ කියන්නේ විශාල වශයෙන් මිල මුදල් වැයවන කටයුත්තක්‌ ලෙසිනි. එහෙත් එය එසේ නොවන බවත් කාටත් තම තමන්ට හැකි පමණින් මේ පුණ්‍ය කර්මයේ නියෑළිය හැකි බවත් කිව යුතුය.

දානය යනු දීමයි. පරිත්‍යාගයත් එයට සමානවූ යහපත් ක්‍රියාවකි. දස පාරමිතා අතරද, දසරාජ ධර්මයන් අතරද, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතරද, සතර සංග්‍රහ වස්‌තු අතරද දානය උතුම් කොට දක්‌වා ඇත. බෞද්ධ ජන සමාජයේ සාංඝික දාන, අභය දාන, ධර්මදාන, ශ්‍රමදාන, සෞඛ්‍යදාන ආදි නොයෙක්‌ නම් වලින් හඳුන්වන තමන්ටත් අනුන්ටත් සෙතක්‌ වන යහපත්වූ ක්‍රියා රැසක්‌ දක්‌නට ලැබේ. අටමහ කුසල් අතරත් සාංඝික දාන ගැන සඳහන් වී ඇත.

බොහෝ දෙනා දානමය පින්කම්වල යෙදුනත් එයින් නියම යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට දහමට අනුව කටයුතු නොකරන බවක්‌ පෙනේ. දානයක්‌ මහත්පල මහානිසංස ගෙන දෙන්නාවූ පුණ්‍ය කර්මයක්‌ වීමට කරුණු කිහිපයක්‌ සම්පූර්ණ විය යුතුය. ඒ සඳහා වියදම් කරන මුදල ධාර්මික වීම, දානවස්‌තුව ධාර්මික වීම ඉන් එකකි. දෙවැන්න දෙන දෙය සිල්වත් ගුණවත් පිරිසකට දිය යුතුය. අනෙක්‌ කරුණ වන්නේ සිත පිරිසිදුව දීමයි. කුමන දෙයක්‌ දුන්නත් එමගින් දෙන අයගේ අපල දුරුවී කුසල විපාක මතුවී සැපත සැලසෙන්නේ ඒ අයුරිනි.

තවත් පැත්තකින් බලන විට දානය අනුකම්පා සිතින් දෙන දානය පූජා සිතින් දෙන දානය යනුවෙන් කොටස්‌ දෙකකි. ලැබෙන තරමින් දීමට බොහෝ දෙනා බලා සිටියත් “දෙන්න දෙන්න තව ලැබෙනවා”, යන කියමන නම් පැහැදිලි සත්‍යයකි. දෙන විට, පරිත්‍යාග කරනවිට, කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව අනුනට පිරිනමන විට තව තවත් පිරිනමන අයට ලැබීම බොහෝ දෙනා අත්දැක තිබේ. එය මොළොවදී ලැබෙන යහපත්වූ විපාකයකි.

ඒ නිසා සතුනට, පක්‍ෂීණට ආහාර, ධාන්‍ය, ජලය දිනපතා සැපයීම, නැති බැරි අයට යාචකයන්ට ආහාර මිල මුදල් වස්‌ත්‍ර ආදිය සැපයීම, ලෙඩුනට ගිලනුන්ට වියපත් වූවන්ට උපස්‌ථාන කිරීම, නොමිලේ ශ්‍රමදානවල යෙදීම, සඟුනට දානමාන පිරිකර පිරිනැමීම, නැති බැරි අයගේ යහපතට ආහාර, වස්‌ත්‍ර, නිවාස, බෙහෙත් අධ්‍යාපන පහසුකම් සැපයීම ආදී වූ නොයෙක්‌ දේ පිරිසිදු සිතින් ලබාදී උවදුරු අපල විපත් දුරුකර ගත හැකිය. ප්‍රසිද්ධිය කීර්තිය ගරු නම්බු සඳහා කෙරෙන පරිත්‍යාග වලින් අනුනට යහපතක්‌ සැලසුනත් ලැබෙන ආනිසංස හීන වේ.

ජීවත්ව සිටින අයගේ යහපත උදෙසා දුන්නත් මළගිය ඥතීනට පින් අනුමෝදන් කිරීමට දුන්නත් තිසරණ සහිත පංචශීලයේ පිහිටා එකඟ කරගත් යහපත් පිරිසිදු සිත් ඇතිව දීමෙන් පරිත්‍යාග කිරීමෙන් සිත සතුටින් “යහපතක්‌ම වේවායි” සිතාගෙන කටයුතු කිරීමෙන් බොහෝ අපල උපද්‍රව දුරු කරගත හැකිය.

මේ කරුණු වලින් පෙනී යන්නේ යමක්‌ දෙනවිට, පිරිනමන විට, දනට පිනට දෙන විට, ඕනෑවට එපාවට නොකර, බැරිකමට අනුන්ගෙන් හොඳනම ගැනීමට දීම වෙනුවට පරාර්ථය උදෙසාම මෛත්‍රීසහගත සිතින්ම පිරිනැමිය යුතු බවයි. දෙන දෙය අත්හැරීමේ ෙච්තනාවෙන්ම දිය යුතු බව පෙනේ. අපලය සපලයක්‌ කර ගැනීමට උවදුරු කරදර සහිත කාලය යහපත් ලෙස ගෙවීයාමට පරිත්‍යාගයෙන් දීමෙන් මහත් සෙතක්‌ ඇති කරගත හැකිය. ඔබත් තමන්ට හැකි පමණින් නැති බැරි අයගේ යහපත උදෙසා යමක්‌ පිරිනමන්නට පුරුදු වන්න. එය යන්ත්‍ර දැමීම, සෙත් සාන්ති කිරීම, මැණික්‌ ගල් පැළඳීම ආදි වූ අපල දුරු කරන ක්‍රම වලට වඩා බලවත්ය. දොලොවටම වැඩදායකය. සිතෙහි ඇතිවන යහපත් ෙච්තනාවක්‌ ක්‍රියාවට නැගීමේ පලවිපාක නිසැකවම ඔබකරා එන බව කිව යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments