[ratings]
උත්තරීතර මනුෂ්‍යයකු යනු කවරෙක්‌ද? මෙකල ලොව පුරා වාසය කරන කෝටි පන්සීයකට අධික මිනිසුන් අතර එවන් උත්තරීතර මිනිසකු සිටීද?. මේ ප්‍රශ්නවලට බුදුරජාණන්වහන්සේ විසින් ම උන්වහන්සේගේ රූපයට අතිශයින් පැහැදුනු උපක ආජීවකට කළ ප්‍රකාශයකින් පිළිතුරු ලබා ගත හැකි වේ.
“මම සියල්ල දනිමි. සියල්ලෙහිම නො ඇලුනෙමි. සසර දුකින් මිදුනෙමි. මගේ උත්සාහයෙන් ම සත්‍ය අවබෝධ කළෙමි. මට ගුරුවරයෙක් නැත. දෙවියන් සහිත ලොවෙහි මට සම වූ පුද්ගලයෙක් නැත.” මේ වූ කලී ඔබ කවරෙක් දැයි උපක විසින් අසන ලද ප්‍රශ්නයට උන්වහන්සේ දුන් පිළිතුරයි.
“අරහං” ආදී ගුණ නවයකින් කෙටිකර විස්‌තර කළ ද අනන්ත ගුණවලින් යුක්‌ත වූ බුදුරජාණන්වහන්සේ එදා මෙදාතුර ලොව පහළ වූ උත්තරීතර මනුෂ්‍යයා ය. ඒ අසිරිමත් උපත හා බැඳුනු ජ්‍යෙdaතිෂමය කරුණු පිළිබඳව විමසා බැලීමට මේ ලිපිය යොදා ගනිමු.
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උපත සිදු වූ වේලාව අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසින් ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ නාඩි වාක්‍ය වලින් වන අතර, zශාක්‍ය මුනින්ද්‍රdවදානයZ නම් ග්‍රන්ථයේ එය මෙසේ විස්‌තර කෙරේ.
කලියුග වර්ෂ 2478 හි වෙසක් මස පුන් පොහෝලත් ඉරිදා උදයාදී එකොළොස්‌පැය විනාඩි හතරට විසා නැකතින් කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන් බව කෞමාර නාඩි වාක්‍යයේ සඳහන් වේ. උන්වහන්සේගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින 15 කැයි එහිම සඳහන්a වේ.
නාඩි ග්‍රන්ථවල රවි 11 ලියා ඇත්තේ දල කේන්ද්‍ර ක්‍රමයෙනි. මෙය ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන්නේ 10 භාවය වශයෙනි. මෙම කේන්ද්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති 1 උච්චව ද, කුජ 7 උච්චව ද සිකුරු 9 උච්චවද, රවි 10 දිග්බලවද, සඳු 4 දිග්බලවද, සිටී. මෙයට අමතරව පුර පසළොස්‌වක පෝය දිනයක් යනු සඳු ග්‍රහයා සම්පූර්ණයෙන් දර්ශනය වන සඳු බලවත් දිනයකි.
එබැවින් මෙවැනි ග්‍රහ පිහිටීමක් දකින්නා වූ ජ්‍යෙdaතිෂය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවද මේ උත්තරීතර මනුෂ්‍යයකුගේ කේන්ද්‍රයක් බව වැටහෙනවා ඇත. මේ ග්‍රහ පිහිටීම් පිළිබඳව පුරාණ ජ්‍යෙdතිෂ ග්‍රන්ථවලින් කරුණු කිහිපයක් උපුටා දක්‌වමු. මෙම කේන්ද්‍රයේ ගුරු 1 භාවයේ බලවත්ව පිහිටීම ගැන “භාව ප්‍රකාශයේ” සඳහන් වන්නේ මෙසේය.
“හේ ආත්මීය ගුණ සමූහය කරන කොට ගෙන සියලු ලෝ වැසියන්ගේ ගුරු බවට පැමිණේ” සුවපත් වූ යහපත් ශරීර කාන්තිය ඇත්තෙක් වෙයි.”
කටක ලග්නයේ ගුරු 9 අධිපති වෙයි. එනම් ධර්මස්‌ථානය අධිපතිය. එබැවින් ලග්නගත ගුරු බලවත්වීම පෙර පින වාසනාව මෙන්ම උතුම් ඥානයන් ලබන කෙනෙක් බව ද පෙන්වයි. දහවැන්නේ රවි දිග්බලය ලබයි. ප්‍රධානත්වය, නායකත්වය ගෞරවය පෙන්වන රවි බලවත් වීම ඉතා උසස් පෞරුෂත්වය විදහා පායි. අනුන්ගේ වන්දනාවට පාත්‍ර වීම මෙම රවි හා ගුරු ගේ බල අනුව විය. රවි බලවත් වීම රජුන් බිහිකරන නමුදු ගුරුගෙන් ප්‍රඥාව ලබන නිසා උන්වහන්සේ සක්‌විති රජු නොව බුදුරජුන් වූ බව පැහැදිලි වේ.
මෙම කේන්ද්‍රයේ කුජ උච්ච බලයෙන් යුක්‌තව 7 වැන්නේ තැන්පත් වී ඇත. 7 අධිපති 8 වීම ද විවාහයට ශුභ නැති බව ජ්‍යෙdතිෂ නියමයන් වේ. එහෙත් නිර්භීත බව, නොපසුබස්‌නා බව, ඉලක්‌කය කරා නොනැවතී යන බව, බලවත් කුජ ග්‍රහයා පෙන්වයි. උන්වහන්සේ සය අවුරුද්දක් කරන ලද දුෂ්කර ක්‍රියා සමය ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයකු නම් අධෛර්යයට පත් කරනු ඇත. එතරම් දුක් කරදර විඳගෙන හෝ අරමුණ කරා යැමට ධෛර්යය ඇති බව බලවත් කුජගෙන් සනාථ වෙයි.
උච්ච වූ සිකුරු ග්‍රහයා පුණ්‍යස්‌ථානයේ ය. මේ අනුව උන්වහන්සේට ඕනෑ තරම් ගේ දොර, සුවපහසු ගෘහ භාණ්‌ඩ පූජා කෙරිණ. 4 අධිපති වූ සිකුරු 9 උච්ච වීම ස්‌ථාන, නිවාස ලාභ ලබන බව පෙන්වයි. ඡේතවනාරාමය, පූර්වාරාමය, ආදී කෝටි ගණන් වැය කර සාදවන ලද ආරාම උන්වහන්සේට පූජා කරන ලදී.
සෙනසුරු 8 වැන්නේ පිහිටා ඇත. සෙනසුරු ග්‍රහයා 8 පිහිටීම දීර්ඝායුෂ දෙන බව පෙන්වයි. එමෙන්ම උපතින්ම ශනි 8 පිහිටීම ඒරාෂ්ටක අපලයක් ඇතිව ඉපදී ඇති බව සනාථ කරයි. කටක ලග්නය හා සඳු 4 නිසා මේ ඒරාෂ්ඨක අපල කාලයේම උන්වහන්සේගේ මව්තුමිය කළුරිය කළාය.
සම්බුද්ධ කේන්ද්‍රය අනුව උන්වහන්සේ උපත ලබා ඇත්තේ විසා නැකතේ වන අතර, නවාංශකය අනුව එය දෙවැනි පාදය බව පෙන්වයි. මේ අනුව මහ දශාව ගුරු ග්‍රහයාට අයත් වන බවත්, එහි ශේෂය වසර දහයක් පමණ වන බවත් පෙනේ. උච්ච ගුරුට අයත් මෙම දශා කාලයේදී සිදුහත් කුමරුගේ මූලික අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදු වූ අවධියයි. එතැන් සිට උදාවන්නේ ශනි මහ දශාවයි. වයස 10 – 29 අතර ශනි මහ දශාව ගත වී තිබෙන බව පෙනේ. මේ කාලය විවාහය සිදුÊවුවද එතරම් ශුභ කාලයක් බව නොපෙනේ. සෙනසුරු දශාව තුළ උන්වහන්සේට දරුවකු ලැබීමක් ද සිදුවී නැත්තේ එබැවිනි.
උන්වහන්සේට වයස අවුරුදු 80 වන විට රවිගේ මහ දශාව ගෙවී සඳුගේ මහ දශාව හා අතුරු දශාව උදා වී ඇති බව පෙනේ. ඉහත දත්තයන් අනුව වයස අවුරුදු 79 දී රවිගේ මහ දශාව නිම වී ඇති බැවිනි. සඳුගේ මහ දශාව වන විට සඳු මතින් ශනි ගමන් කරන තෙවැනි ඒරාෂ්ටක අපලය ද උදා වූ අතර පරිනිර්වාණය සිදු වී ඇත්තේ ඒ කාලයේදී ය.
මේ ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍යයකු වූ බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රයේ පිහිටීම්වලට සමාන ග්‍රහ පිහිටීම් ඇති කෙනෙකු කෝටි සංඛ්‍යාත වත්මන් මිනිසුන් අතර නැත. එසේ නම් ඒ බුදු කෙනෙකුම විය යුතුය. ඒ බුදුරජාණන් වහන්සේ ලොවට දුන් පණිවිඩය ද මෙහිදී සිහිපත් කිරීම කාලෝචිතය.
එනම් සියලු පවින් වෙන්වන්න (සබ්බ පාපස්‌ස අකරණං) කුසල් උපදවන්න (කුසලස්‌ස උපසම්පදා) සිත දමනය කරන්න (සචිත්ත පරියෝ දපනං) ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.
මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන කාලය තුළ පවින් වෙන්ව සිල් සමාදන් වන අය මෙන්ම දානයන් පිරිනමන කුසල් කරන අය බොහෝ දැකිය හැකිය. එහෙත් සිත දමනය කරන්නට උත්සාහවත් වන අය දැකීම දුර්ලභය. එයට භාවනාව අවශ්‍යය. මේ භාවනාවට කාලයයි. උන්වහන්සේගේ අනුශාසනය අනුගමනය කරන විට උන්වහන්සේ දැකගත හැකි වනු ඇත. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here