[ratings]
නැකතක් නැති වෙලාවක් නැත. එසේ නම් අප උපන් මොහොතේද නැකත් විසි හත අතුරෙන් මොනයම් හෝ නැකතක් උදාවී තිබිය යුතුය. ඔබ උපන්නේ කුමන නැකතකින්ද යන වග ඔබේ ජන්ම පත්‍රයේ සඳහන් කර ඇත. මේ ලියන්නේ ඒ ඒ නැකත් වලට සම්බන්ධ නැකත් ඵලයි.
අස්විද නැකතින් උපන්නේ නම් යහපත් ශරීරය ඇති, අලංකාරයට කැමැති නුවණැත්තෙක් වෙයි.
බෙරණ නැකතින් උපන්නේ නම් බොරු නොකියයි. නිරෝගී තැනැත්තෙකි.
කැති නැකතින් උපන්නේ නම් නොඉවසන සුළුය. ප්‍රසිද්ධ වෙයි.
රෙහෙණ නැකතින් උපන්නේ නම් සැබෑ වචන කියන නිර්ලෝභී කෙනෙකි.
මුවසිරස නැකතින් උපන්නේ නම් ස්ථිර ගති නැත්තෙකි. උත්සහාය සහිතයි.
අද නැකතින් උපන්නේ නම් අන්‍යයන්ට උදව් නොකරන, හිංසා පීඩා කරන, කළගුණ නොසලකන කෙනෙක් වෙයි.
පුනාවාස නැකතින් උපන්නේ නම් ලද දෙයින් සතුටු වන්නෙකි. සන්සුන්ය. යහපත්ය.
පුෂ නැකතින් උපන්නේ නම් ධර්මයට ලැදියාවක් දක්වයි. ධනවතෙක් ද වෙයි.
අස්ලිය නැකතින් උපන්නේ නම් අනුන් රවටන කළගුණ නොසළකන කෙනෙක් වෙයි.
මා නැකතින් උපන්නේ නම් ධනවත් වෙයි. උත්සහ වන්තයි.
පුවපල් නැකතින් උපන්නේ නම් සත්‍යය වචනම කියයි. ත්‍යාගවන්තය.
උතුරුපල් නැකතින් උපන්නේ නම් ධනය ඇත්තෙක් වෙයි. අන්‍යයන්ට ප්‍රිය වෙයි.
හත නැකතින් උපන්නේ නම් උත්සහවන්තය. නිර්ලඡ්ජිතය.
සිත නැකතින් උපන්නේ නම් යහපත් ශරීරය වෙයි. අලංකාරයට කැමතියි.
සා නැකතින් උපන්නේ නම් ප්‍රිය වචන කතා කරයි. හික්මීමෙන් යුතුය.
විසා නැකතින් උපන්නේ නම් ලෝභියෙකි. ඊර්ෂ්‍යා ඇත්තෙකි.
අනුර නැකතින් උපන්නේ නම් ධනය ඇත්තෙක් වෙයි.
දෙට නැකතින් උපන්නේ නම් නිතර සතුටින් සිටියි. ධර්මානුකූලය. කෝපය ද සහිතයි.
මුල නැකතින් උපන්නේ නම් ආඩම්බරය. සැප සම්පත් ලබයි.
පුවසල නැකතින් උපන්නේ නම් යහපත් මිතුරන් ලබයි. අහංකාරයි.
උතුරුසල නැකතින් උපන්නේ නම් කළගුණ සලකන කෙනෙකි. ධර්මානුකූලව ජීවත් වෙයි. හෝ ධර්මය දනී.
සුවන නැකතින් උපන්නේ නම් වස්තුව ද ප්‍රසිද්ධිය ද හිමි වෙයි.
දෙනට නැකතින් උපන්නේ නම් ධනවතෙක් වෙයි. ලෝභියෙක් ද වෙයි.
සියාවාස නැකතින් උපන්නේ නම් සත්‍ය වචන කතා කරයි. නොනැමෙන සුළුය.
පුවපුටුප නැකතින් උපන්නේ නම් ලෝභියෙකි. නිතර දුකින් පසු වෙයි.
උත්‍රපුටුප නැකතින් උපන්නේ නම් සැප ඇති ධර්මානුකූල කෙනෙකු වෙයි.
රේවතී නැකතින් උපන්නේ නම් ලෝකයාට ප්‍රිය වෙයි. අවංක වූ කෙනෙකි. ධනවතෙක් ද වෙයි.
මේ කියන ලද නැකත් ඵල සියල්ලන්ටම එක ලෙස නොවේ. සඳු බලවත්ව සිsටින්නේ නම් පමණක් කී ආකාරයෙන්ම ඵල ලැබෙයි. නැතොත් නැතුවාම නොවේ. සඳුගේ බල දුබලතාව මත එය තීරණය කළ යුතුය. මෙහි සඳහන් කළ නැකත් ඵල සඳුගේ දශා කාලයේදී මැනවින් ඉස්මතු වන්නේය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here