[ratings]
නව ග්‍රහයන්ගෙන් චන්ද්‍රයාට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. චන්ද්‍රයාගේ පක්‍ෂ දෙකක් ඇත. ඒ දෙපක්‍ෂය, පුර පක්‍ෂය හා අව පක්‍ෂයයි. චන්ද්‍රයා දිනෙන් දින මෝරමින් පවතින දෙසතියක පමණ කාලය, පුර පක්‍ෂය වන අතර, සම්පුර්ණයෙන් ම මේරූ විට පසළොස්‌වකය. මේ අතර එසේ මේරූ චන්ද්‍රයා දිනෙන් දින පෘථිවි ඡායාවෙන් වැසී යන දෙසතියක පමණ කාලය අව පක්‍ෂය වන අතර සම්පූර්ණයෙන් ම වැසී ගිය විට අමාවකය.
චන්ද්‍රයා මෝරන පුර පක්‍ෂයේදී උපත ලබන කෙනෙකු පුන්සඳක් මෙන් ශෝභා සම්පන්න කෙනෙකු වනු නො අනුමානය. ඔහු හෝ ඇය හෝ ඥානවන්ත, ධනවත්, විවිධ ශාස්‌ත්‍ර උගෙන ගන්නා, උෙද්‍යාaගිමත්, වැඩ කටයුතුවලට ද දක්‍ෂතාවක් දක්‌වන කෙනෙකු වනු නිසැකය.
චන්ද්‍රයා බැස යන අව පක්‍ෂයේදී උපත ලබන කෙනෙකු දුෂ්ට ගති සහිත, බුද්ධියෙන් හීන, දොම්නස් ගතියක් ද සහිත ගැහැණුන් කෙරෙහි වෛරයක් ද දක්‌වන කෙනෙකු විය හැකිය.
චන්ද්‍රයාට අදාළව ජ්‍යෙdතිෂයේ ජන්ම තිථි 16 ක් ගැන සඳහන්ව ඇත.
පහත සඳහන් වන්නේ “මානසාගරී” නමැති
පැරැණි ජ්‍යෙdතිෂ ග්‍රන්ථයට අනුව, ඒ ඒ ජන්ම තිථිවල උපන් අයගේ පලාපලය.
* පෑලවිය – කුලයට ගැටලුවක් විය හැකි කෲර ස්‌වභාවයේ, කරදර විපත් ද පැමිණිය හැකි, දිළිඳු කෙනෙකු වන්නට පුළුවන.
* දියවක – සත්‍යයෙන් මෙන්ම පිරිසිදු ගතියෙන් ද තොර කිසිවකුට ආදරය නොකරන, පරදාර සේවනයෙහි මෙන්ම හොරකමෙහිද යෙදෙන කෙනෙකු විය හැකිය.
* තියවක – දිළිඳු, හීන සිතිවිලි සහිත, විකල ස්‌වභාවයක් ද තිබිය හැකි අනුන්ට ද්වේෂ කරන කෙනෙකු වීමට ඉඩ ඇත.
* ජලවක – ධන සම්පතින් අනූන, අනුන්ට ද තම ධනයෙන් කොටසක් දීමට කැමැත්තක් දක්‌වන, මිතුරු මිතුරියන්ද බොහෝ පිරිසක් සිටිය හැකි, දරුවන් ද සිටින කෙනෙකු වන්නට පුළුවන.
* පස්‌වන තිථිය – ව්‍යවහාරය මෙන්ම අනුන්ගේ ගුණයද දන්නා, දෙමාපියන් ආරක්‍ෂා කරන, අනුන්ට දීමට කැමැත්තක් දක්‌වන, තමා උපයා සපයා ගත් ධනය මනා සේ පරිභෝජනය කරන කෙනෙකු විය හැකිය.
* හයවන තිථිය – විවිධ රට රාජ්‍යවලට යාහැකි, නිරතුරුවම වාගේ කල කෝලාහලවලට සම්බන්ධ විය හැකි, උදර රෝගයකින් නිතර පෙළෙන්නට හැකියාවක් ඇති කෙනෙකු වීමට ඉඩ ඇත.
* හත්වන තිථිය (සතවක) – මඳ දෙයකින් වුවද සන්තෝෂයට පත්වන තෙදැති වාසනා ගුණයක් ද සහිත පුතුන් මෙන්ම ධනය ද සහිත කෙනෙකු වන්නට පුළුවන.
* අටවක – ධර්මිෂ්ට, සත්‍යයට ගරු කරන අනුන්ට දීමට කැමැත්තක් දක්‌වන, තමන් උපයා සපයා ගත් වස්‌තුව මැනවින් පරිභෝජනය කරන, දයා ගුණයෙන් යුතු, ගුණ අමතක නොකරන, හැම කටයුත්තකටම වාගේ සමර්ථ කෙනෙකු විය හැකිය.
* නමවක – දෙවියන් කෙරෙහි ඉමහත් භක්‌තියක් දක්‌වන, දරුමල්ලන් ද සහිත, ධනය හා කාන්තාවන් ද කෙරෙහි ඇලුම්කමක් දක්‌වන ශාස්‌ත්‍රය දැන උගත් කෙනෙකු වීමට ඉඩ ඇත.
* දසවක – ධර්මය මෙන්ම අධර්මය ද ගැන අවබෝධයක් සහිත, උපන් රටට ඇලුම් කරන, යාග කටයුතු ද දන්නා, තේජස් ගතියක් ද සහිත, ශරීර සෞඛ්‍යයකින් ද යුතු කෙනෙකු වන්නට පුළුවන.
* එකළොස්‌වන තිථිය – ලද දෙයින් සන්තෝෂයට පත්වන, රාජමාන්‍ය, පවිත්‍ර, ධනයෙන් වත්පොහොසත්, දරු මල්ලන් ද සහිත, නුවණැති කෙනෙකු විය හැකිය.
* දොළොස්‌වන තිථිය – චංචල ස්‌වභාවයක් සහිත, බුද්ධි මට්‌ටමේ ස්‌ථිර ස්‌වභාවයක් නොමැති, කෙසඟ සිරුරක් තිබිය හැකි, විදේශ සංචාරයනට ප්‍රිය කරන, ශීලවන්ත කෙනෙකු වන්නට ඉඩ ඇත.
* තෙලෙස්‌වන තිථිය – මහාසිද්ධ මහා ප්‍රාඥ, ශාස්‌ත්‍රභ්‍යාසයෙන් යුක්‌ත, ඉන්ද්‍රියයන් දිනූ, අනුන්ගේ වැඩකටයුතුවල බොහෝ විට නියෑළී සිටිය හැකි කෙනෙකු වන්නට පුළුවන.
* තුදුස්‌වන තිථිය – අතමිට සරු, ධර්මානුකූල ජීවිතයක් ගත කරන, ශූර ස්‌වභාවයක් ද සහිත, යහපත් වචන කතාබස් කරන, රාජ ප්‍රසාදයට ද පාත්‍ර වන කිත් යසසක් ද සහිත කෙනෙකු විය හැකිය.
* පසළොස්‌වක – ධන සම්පත් සහිත, නැණ නුවණැති, භෝජනවලට ඇල්මක් දක්‌වන, උෙද්‍යාaගි සම්පන්න. පරදාර සේවනයෙහි යෙදීමට ද, සමහර විට ඉඩකඩ ඇති කෙනෙකු වීමට ඉඩ ඇත.
* අමාවක – ස්‌ථිර ආකාරයකින් වැඩ කටයුතු ආරම්භ කරන, අනුන්ට ද්වේෂ කරන, කපටි ස්‌වභාවයක් ද සහිත, අඥාන විධියට සමහර වැඩ කටයුතු කරන, පරාක්‍රම ස්‌වභාවයක් ද පැවතිය හැකි, කතාබස් කරන විට සමහර අවස්‌ථාවල මෝඩ ගතියක් දැක්‌විය හැකි වුවද, නුවණක් සහිත කෙනෙකු වන්නට පුළුවන.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here