Friday, September 12, 2025
Homesiඔබ නොදත් ජ්‍යෙතිෂ රහස්‌

ඔබ නොදත් ජ්‍යෙතිෂ රහස්‌

[ratings]

මහාවීර්ය මහා බලයෙන් යුක්‌ත වු සුබ ග්‍රහයෝ රාජ්‍ය සැප ලබාදෙයි. පාපග්‍රහයෝ පීඩා දෙයි. පයින් ඇවිදීම කරයි. ශරීරයාගේ සමාගම පහළ වීමද ජය බලයෙන් යුක්‌ත වීමද සියලු සුබද කරති. දිවා බල පූර්ණ ග්‍රහයා හේතුවෙන් සත්ව තෙම සුර බවෙන්ද ශ්‍රියාවෙන්ද බැබලෙයි. දියුණුව දියුණු කොට දෙයි. තම තමන්ගේ දශාව ශුභ වූ කල වස්‌තුවද කීර්තියද දෙයි. පක්‌ෂ බල එක්‌ සමූහ බලයක්‌ද ඇත් අස්‌ සම්පතද ගෑනුය භූමි ලාබද භූමියද මෙකී ලාබයන්ද කීර්තියද දෙයි. සියලු බල භාරයෙන් භරිතවූ නිර්මල රශ්මි සමූහය බබලන්නාවූ ග්‍රහයෝ රාජ්‍යයද මනෝ රථයන්හි හික්‌මුනාවූ සුඛිත භාවයද ලබාදෙයි.

බලයෙන් යුක්‌තවූ සෞම්‍ය ග්‍රහයෝ හේතුවෙන් උපන්නහුට මනාවූ රූපය ඇත. තේජස ඇත. කෙළෙහිගුණ දනියි. පුරුෂ රාශිය ස්‌ත්‍රි රාශිය යන මේ දෙදෙනාගේ බලයෙන් යුක්‌තවූ ග්‍රහතෙම ජන පූජිත කරයි. ජනයා විසින් පුදනු ලැබේ. කාලවෙහි දක්‌ෂ වේ. ප්‍රසන්න වූ සිත් ඇත්තෙකි. නිරෝගීය. පරලොව කෙරෙහි බිය නැත්තෙකි. දිග් බලයෙන් යුක්‌තවූ ග්‍රහතෙම තමාම නීති පනවති. රටට නායක කරයි. නිතර ආභරණ පළඳියි. සැපත ලබයි.

බුධහුට කණ්‍යා රාශියෙහි ත්‍රිංශාංසකයෙහි සිටීමෙන් උපන්නාට උච්චඵල උදාකරයි. සඳු සිටි රාශියට අධිපති ග්‍රහයෝ කේන්ද්‍රයෙහි සිටියේද සැප පමුණුවති.

සඳු තෙම සෞම්‍ය වන්නේය. යහපත් ඇස්‌ ඇත. මධුර වදන්ය. මොළොක්‌ තෙපුල්ය. සිහින් දේහ ඇත. අක්‌ බඹරු අතිශය කළුවූ ඉස කේය. නුවණ ඇත. මනහරවේ. ඉතා සුන්දරය. සුදුපිලි දරයි.

කුජ තෙම මිටි වන්නේය. පිඟුවන් ඇස්‌ස දඩි වූ දේහයයි. ගින්නට බඳුවූ ප්‍රභා ඇත. ශක්‌තිමත්ය. රත් පිලි දරයි. යහපත් තෙපුල්ය. හිංසා කරන සුළුය. දිළිහෙන කෙස්‌ය. පිතත ස්‌වභාව කොට ඇත. පවිටුය. දැඩිය, සාහසික ක්‍රියා කරයි.

උපචය රාශියෙහි සඳු සිටි කල කුජයාගේ දැකීම ඇතිවිට ඔසප් නිශ්ඵල වෙයි. උපචය රාශියෙහි සිටි චන්ද්‍රතෙම ගුරු විසින් දකින ලද විට මිත්‍රග්‍රහයෙකු වී නම් පිරිමි දරුවකු ලබයි. කුජ සියලු පාපයන් විසින් දකින ලද කල ස්‌ත්‍රීතෙම තමාගේ ගෙය හැර වෛශා බවට යන්නීය. ලග්නය පටන් සත් වැන්නෙහි ද්විත්ව රාශි වී නම් මිනිසුන්සේද චතු පාද රාශි වී නම් බහු පාදයන් සේ මෛථුනය කරයි. සත වැන්නේ අසුබ දෘෂ්ටිය පාපයන් ගේ නම් ගම්වාසීයෙක්‌ සමගය. කුසලාකුසල ක්‍රියාව හේතුකොට ගෙන ගභීධාන කාලයෙහි කුසලා හා ස්‌ත්‍රීයගේ රුධිරය හා දෙන්නා සංයෝගයක්‌ ඇති කල්හි ගභී නිස්‌පත්තිය වේ.

මිථුනයෙහි සිටි කල ගුරු විසින් දක්‌නේනම් ගභ_ධානයෙන් පිරිමි දරුවන් දෙදෙනෙකු ලබයි. රවි චන්ද්‍ර දෙදෙනා විෂම රාශියකට ගිය විටදී නපුංශකයකු ලබයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments