Friday, September 12, 2025
Homesiකරන දෙයක්‌ හෝරාව බලලා කරන්න

කරන දෙයක්‌ හෝරාව බලලා කරන්න

[ratings]

හෝරාව යනුවෙන් සඳහන් වන්නේ එක්‌තරා කාල ප්‍රමාණයකි. සිංහල පැය ක්‍රමයට අනුව දිනකට හෝරා 60 ක්‌ ඇත. ඉංග්‍රීසි පැය ක්‍රමයට අනුව හෝරා විසිහතරකි. මේ අනුව හෝරාව වශයෙන් පැයක පමණ කාලයක්‌ ඇති බව සඳහන් කළ හැක.

සෑම දිනකම උදයේ ආරම්භයේ පළමු හෝරාව හෙවත් පළමු පැය එම දිනය අධිපතිගේ නමින් යුත් හෝරාව වේ. ඉරිදා දින උදය පෙ. ව. 6.00 – 7.00 අතර කාලයේ රවිගේ හෙවත් ඉරුගේ හෝරාවයි. සඳුදා පළමු හෝරාව සඳු හෙවත් චන්ද්‍ර හෝරාවයි. අඟහරුවාදා කුජ හෝරාවය. බදාදා බුධ හෝරාවයි. බ්‍රහස්‌පතින්දා ගුරු හෝරාවයි. සිකුරාදා ශුක්‍ර හෙවත් කිවි හෝරාවය. සෙනසුරාදා ශනි හෝරාව වේ.

මෙහිදී උදයේ 6.00 – 7.00 වශයෙන් සඳහන් කර ඇත්තේ ඉර පායන්නේ උදයේ 6.00 ට වශයෙන් සලකාගෙනය. මෙම කාලය හිරු පායන වේලාව අනුව වෙනස්‌ වේ.

දිනපතා ඉර පායන්නේ එකම වේලාවක නොවේ. ඉර පායන වේලාවට අනුව එදින හෝරාවේ ආරම්භක වේලාව වෙනස්‌ වේ. එක්‌ වර්ෂයක මැයි මාසයේදී පෙ. ව. 6.23 ට ඉර පායයි. මෙදින රිවි හෝරාව පෙ. ව. 6.23 සිට පෙ. ව. 7.23 දක්‌වා කාලය තුළ බව සැලකිය යුතුය. පෙ. ව. 6.52 ට ඉර පායන වෙනත් දිනයක එනම් සඳුදා දිනක්‌ ලෙස සිතුවොත් එදින 6. 52 සිට 7.52 දක්‌වා ඇත්තේ චන්ද්‍ර හෝරාවයි. මේ ආකාරයට සෑම දිනකම ඉරපායන වෙලාව අනුව පළමු පැය හෙවත් පළමු හෝරාව ආරම්භ වී එම ඉර බැසීම අවසානයේදී දහවල් කාලය ගෙවේ. එනම් මේ කාලය ප්‍රමාණය හෝරා දොළහකට බෙදයි. ඉර පෑයීමේ සිට ඉර අස්‌තය දක්‌වා ඇති කාලය පැය 12 ක්‌ පමණ වේ. මෙම කාලය පැය 12 කට බෙදා හෝරාවක කාලය සොයා ගනී. ඉර අස්‌තයේ සිට පසුදා ඉරපෑයීම තෙක්‌ කාලය නැවත 12 ට බෙදා රාත්‍රි හෝරා කාලය ගණනය කරයි.

දිනකට හෝරා 24 කි. සාමාන්‍යයෙන් හෝරාව ආරම්භ වන්නේ එම දින හිමි ග්‍රහයාගේ නමිනි. ඉරිදා දිනයක ආරම්භ වන්නේ රවි හෝරාවයි. ඉන්පසු දිනයක්‌ හැර දිනයක්‌ ආපස්‌සට ගමන් කිරීම සිදුවේ. රවි හෝරාව ළඟට ආපස්‌සට ඇත්තේ ශනි හෝරාවයි. ඉන්පසු හෝරාව සිකුරු හෝරාවය. එකක්‌ හැර එකක්‌ බැවින් රවි හෝරාව ළඟට එන්නේ කිවි හෙවත් සිකුරු හෝරාවය.

කිවි හෝරාවෙන් පසු එක්‌ දිනයක්‌ හැර ගණන් කළ විට බුධ හෝරාව පැමිණේ. ඉන්පසු චන්ද්‍ර හෝරාවයි. මේ ආකාරයට ආපස්‌සට දිනයක්‌ හැර දිනයක්‌ ගණන් කිරීම තුළින් එම දිනයට නියමිත වෙලාවට හිමි හෝරාව ගණන් ගත හැකිය. මේ පිළිබඳ සංස්‌කෘතයෙන් මෙසේ දැක්‌වේ.

“අර් කඃ ශුක්‍රො බුධඃ චන්ද්‍රඃ

ශනීර් මන්ත්‍රී මහී සුතඃ”

මෙයට අනුව රවි ශුක්‍ර බුධ චන්ද්‍ර ශනි කුජ ගුරු ආදී වශයෙන් පිළිවෙළට හෝරා ලබන බව දැක්‌වේ.

ඉරු දින ආරම්භය රවි හෝරාව ලැබීමෙන් පසු ඉහත පිළිවෙළට ගමන් කර නැවත රවි හෝරාවෙන්ම පටන් ගනී. මේ ආකාරයට කීප විටක්‌ම එකම හෝරාව ලබයි.

සඳුදා දිනය ආරම්භ වන්නේ සඳුගේ හෝරාවෙනි. එහි දෙවන හෝරාවට දිනයක්‌ හැර ආපස්‌සට ගණන් කළ විට ශනි හෝරාව බුධ දින බුධ හෝරාවෙන් දවස පටන් ගනී. ඉන්පසු සඳු හෝරාව ලබයි. ඉන් පසු ශනිය. මේ ආකාරයට දිනපතා හෝරාව ලබා ගෙවීයයි.

මෙලෙස සලකන විට එක්‌ දිනකදී එක හෝරාවක්‌ නැවත එන්නේ පැය හතකට පසුවය. එනම් පෙ. ව. 6.00 ට ආරම්භ වූ වෙලාව නැවත දහවල් 1.00 ට පැමිණේ. නැවත එම හෝරාව රාත්‍රි 8.00 ට පැමිණේ. අවසන් වරට අළුයම 3.00 ට එම හෝරාව පැමිණේ.

මේ ආකාරයට දිනකට හතරවරක්‌ උදාවිය හැක්‌කේ මුල් ග්‍රහයන් තිදෙනා නමින් යුත් හෝරා පමණි. අනෙක්‌ ග්‍රහයන්ට අයත් හෝරාව උදාවිය හැක්‌කේ තෙවරක්‌ පමණි. නැකැත් ශාස්‌ත්‍රයේදී හෝරාව වැදගත්ය. මුහුර්තයක්‌ සාදා ගැනීමේදී හෝරාව බලයෙන් වැඩි බව සඳහන් කළ හැකිය.

“හෝරා ගුණ සහශ්‍රානි,
ලග්න ගුණ ශතඃ භවේත්”

වශයෙන් හෝරාවේ ශුභ ඵල දහසක්‌ වශයෙන් ද ලග්නයේ ගුණ සියයක්‌ වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ දැක්‌වේ. මෙයින් පැහැදිළි වන්නේ අපට හෝරාව ඉතා වැදගත් බවයි.

කාල හෝරා චක්‍රය අධ්‍යයනය කිරීමෙන් හෝරාව පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගත හැක.

එදිනෙදා කටයුතු වලින් සුබඵල ලැබිය හැක්‌කේ කුමන හෝරාවෙන්ද යන්න ලබන සතියෙන්.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments