පොහොය දිනය ලෞකික කටයුතු සඳහා සුබද?

1880
පොහොය
පොහොය

[ratings]

පොහොය දිනයේදී ලෞකික කටයුතු සඳහා සුබ නැකත් සාදා ගැනීම සුදුසු නැත. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර සිටම මෙම මතය පැවතින. සාමාන්‍ය කටයුතුවලින් ඈත්ව පොහොය දිනයේ දී සීල සමාදානයේ යෙදීම බණ භාවනා කිරීම වැනි ආගමික කටයුතුවල යෙදීම සුදුසු බව බෞද්ධ මතයයි.

අපගේ පැරැන්නෝ පොහොය දිනයේදී ගොවිතැන් කටයුතුවලින් නිදහස්‌ව විවේකී දිනයක්‌ ලෙස කාලය ගත කළහ. පොළව කෙටීම, වනාන්තර එළි පෙහෙළි කිරීම වැනි ක්‍රියාවලදී කෘමි සතුන්ට, සිව් පා සතුන්ට වන හානිය ගැන ඔවුහු දැන සිටියහ. පොහොය දිනයේ දී වැඩ කරන්නට යැමෙන් තුවාලයක්‌ සිදු වීම, සර්පයකු දෂ්ට කිරීම වැනි අවස්‌ථාවකදී සුව කිරීම තරමක්‌ අපහසු බව ඔවුන් දැන සිටින්නට ඇත.

පොහොය දිනය ආගමික කටයුතු සඳහා සුබ වුවද ලෞකික ජීවිතයේ කටයුතු සඳහා අසුභ බව බොහෝ දෙනා දනිති. එහෙත් එයට බලපාන ජ්‍යෙdතිර් විද්‍යාත්මක හේතු මොනවාදැයි ඔවුහු නොදනිති. මේ ගැන විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ග්‍රහ ලොව පියා සහ මව වශයෙන් සැලකෙන රවි, සඳු මුල් කරගෙන සුබ නැකත් සැදීම ජ්‍යෙතිෂ නියමයයි. සඳු බලවත් වූ වේලාවක සාදනු ලබන සුබ මෙහොත ඉතා බලවත් වෙයි. රවි, සඳු දෙදෙනාගේ ගමන අනුව පොහොය දිනවලදී එම ග්‍රහයන් අසුබ දෘෂ්ටිවලට ලක්‌වීම නිසා, පොහොය දිනය සුබ කටයුතු සඳහා සුදුසු නොවේ. මෙය තවදුරටත් විග්‍රහකර බලමු.

පුර අටවක දිනයේදී රවි, සඳු දෙදෙනා අතර දුර ප්‍රමාණය අංශක 84 සිට අංශක 96 දක්‌වා වෙයි. මෙම කාලය තුළ මෙම ග්‍රහයන් දෙදෙනා අතර අංශක 90 ක චතුරශ්‍ර අසුබ දෘෂ්ටිය ඇතිවන නිසා, සුබ කටයුතු සඳහා සුදුසු නැත.

පුර පසළොස්‌වක දිනයේ දී රවි, සඳු දෙදෙනා අතර දුර ප්‍රමාණය අංශක 168 සිට අංශක 180 දක්‌වා වෙයි. මෙම කාලය තුළ රවි, සඳු අතර අංශක 180 ක සප්තම අසුබ දෘෂ්ටිය ඇතිවන නිසා, සුබ වැඩ ආරම්භ නොකළ යුතුය. ලෞකික ජීවිතයේ කටයුතුවලින් ඈත්ව දන්දීම, සිල් රැකීම වැනි පුණ්‍ය ක්‍රියාවල යෙදීමට මෙම දිනය යොදා ගත හැකිය.

අව පක්‌ෂයේ අටවක තිථිය යෙදෙන දිනයේදී චJද්‍රයා රවිගෙන් අංශක 96 සිට අංශක 84 දක්‌වා ඈත්ව ගමන් කරන අතර, රවි, සඳු අතර අංශක 90 ක චතුරශ්‍ර අසුබ දෘෂ්ටිය යෙදේ. මෙම දිනයද සුබ කටයුතු සඳහා සුදුසු නැත.

අමාවක දිනයේ දී රවි, සඳු දෙදෙනා අංශක 12 සිට අංශක 0 දක්‌වා ලංවී ගමන් කරයි. මෙදින චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම නොපෙනී යැම නිසා, සඳුගේ බලයක්‌ නැත. සියලුම සුබ කටයුතු සඳහා සඳු බලවත් විය යුතු හෙයින්, මෙදින කිසිම සුබ කටයුත්තක්‌ සඳහා සුදුසු නොවේ.

පුර නවවක තිථියේ සිට අව සතවක තිථිය දක්‌වා (පුර පසළොස්‌වක හැර) කාලයේදී සඳු බලවත් හෙයින් ශුක්‌ල පක්‌ෂයා නමින් හැඳින්වෙන අතර එම කාලයේදී අනෙකුත් කරුණු සම්පූර්ණ වේ නම්, සුබ කටයුතු සඳහා සුබ මුහුර්ත සාදා ගැනීම මැනවි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here