Friday, September 12, 2025
Homesiකාන්තාවගේ උපන් නැකතට පලාපල මෙන්න

කාන්තාවගේ උපන් නැකතට පලාපල මෙන්න

[ratings]

අස්‌විද, බෙරණ, කැති, රෙහෙන, මුqවසිරස, අද, පුනාවස, පුස, අස්‌ලිස, මා, පුවපල්, උතුරුපල්, හත, සිත, සා, විසා, අනුර, දෙට, මුල, පුවසල, උතුරුසල, සුවන, දෙනට, සියාවස, පුවපුටුප, උතුරුපුටුප, රේවතී යනාදී වශයෙන් නැකත් 27 කි. උපදින සෑම කෙනෙකුම මේ නැකැත්වලින් කුමන හෝ නැකතක්‌ පවතින වේලාවක උපදින අතර, මේ ලිපියෙන් විස්‌තර කෙරෙන්නේ ඒ ඒ නැකත්වලින් උපදින කාන්තාවන්ට අත්වන පල විපාක පිළිබඳවය.

* අස්‌විද – ප්‍රියජනක සිතක්‌ සහිත බෙහෙවින් ධනවත්, ප්‍රියමනාප පෙනුමකින් යුත්, ප්‍රිය චවන කතා කරන, මිතුරු මිතුරියන් සියලු දෙනාම සතුටට පත් කරන බුද්ධිසම්පන්න, දෙවි දේවතාවුන් වහන්සේලා හා ගුරුවරුන් ද කෙරෙහි ඇල්මක්‌ දක්‌වන කෙනෙකි.

* බෙරණ – කාන්තාවන් ඇසුරට කැමැත්තක්‌ දක්‌වන, පරෙද්‍රdaහී ස්‌වභාවයක්‌ සහිත, රණ්‌ඩු කෝලාහලවලට කැමැත්තක්‌ දක්‌වන, නපුරු ස්‌වභාවයේ සිතකින් යුත්, එතරම් යසිසුරක්‌ නොමැති, එහෙත් ප්‍රතාපයකින් යුත්, හැම විටකම වාගේ කිලුටු කෙනෙකි.

* කැති – ක්‍රෝධාධික, වෛරී සිතකින් යුතු, යුද ගැටුම්වලට පෙළඹෙන, ඥාතීන් එතරම් නොමැති, සෙම් රෝග පැවතිය හැකි, නිරතුරුවම වාගේ දුබල සිරුරකින් යුතු කෙනෙකි.

* රෙහෙන – තරබාරු සිරුරක්‌ සහිත, සැමියාගේ ප්‍රධානත්වයෙන් දිවි ගෙවන, දෙමාපියන්ට ගරු සැලකිලි දක්‌වන, යහපත් දරුමල්ලන් සිටින කෙනෙකි.

* මුවසිරස – සිත් ගන්නා රූපයක්‌ ඇති, මාන්න ගතියක්‌ සහිත සිත ප්‍රසන්න, සිත් අදනා වචන කතාකරන, ආභරණවලට හිමිකම් කියන, නැණනුවණක්‌ ද සහිත දරු මල්ලන් ද සිටින, ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරන, සුදු පැහැති සිරුරක්‌ සහිත කෙනෙකි.

* අද – කළ දෙයක්‌ ගැන උදම් වන, නපුරු ස්‌වභාවයක්‌ සහිත, සෙම් පිත් සහිත සිරුරකින් යුතු අනුන්ගේ අඩුපාඩුකම් සෙවීමට උනන්දුවක්‌ දක්‌වන, දිගට හරහට විය පැහැදම් කරන, කෘත්‍රිම ස්‌වභාවයේ පණ්‌ඩිත ගතියක්‌ පෙන්නුම් කරන කෙනෙකි.

* පුනාවස – උඩඟු ගතියක්‌ නොමැති, විනීත ගතියක්‌ ඇති, බොහෝ දේවල් ඇසීමට කැමැත්තක්‌ දක්‌වන, පින්වත් ගතියකින් යුතු, ධර්මයෙහි පිහිට පතන, මන වඩනා පූජනීය ස්‌වභාවයක්‌ සහිත, සෞභාග්‍යවත් භාවයකින් යුතු කෙනෙකි.

* පුස – සිත් ගන්නා රුවකින් යුතු, ප්‍රසිද්ධියකට පත් විය හැකි, භාග්‍යසම්පන්න, දෙවි දේවතාවුනට හා බ්‍රාහ්මණයනට ද පූජා සත්කාර කරන නිහතමානී ගතියකින් යුතු සුබදායක ගෘහයක්‌ හිමිවන අධික ලෙස සැප ලබන නෑදැයනට ප්‍රියජනක කෙනෙකි.

* අස්‌ලිස – විවිධාකාර විපත් සහිත, සිත් අදනා කටයුතුවලට එතරම් ඇල්මක්‌ නොදක්‌වන, ඉතාමත් රළුÊ පරුෂ වචන කතා කරන, සත්‍යයට අනුකූලව කටයුතු කිරීමට මැළිකමක්‌ දක්‌වන වෛරී, ක්‍රෝධ ගතියකින් යුතු පව් වැඩ කරන්න කැමැත්තක්‌ දක්‌වන, කළ ගුණ නොදන්නා කෙනෙකි.

* මා – උඩඟු ගතියක්‌ පැවතිය හැකි, නොයෙකුත් ශාස්‌ත්‍ර උගත් ශ්‍රීයාසම්න්න පවට බියක්‌ දක්‌වන ගුරු භක්‌තියක්‌ සහිත බ්‍රාහ්මණයන්ට අවනත, රජ සැප විඳිය හැකි කෙනෙකි.

* පුවපල් – භාග්‍යවන්ත භාවයෙන් සතුරන් දිනිය හැකි, උතුම් ගති ගුණැති, දරු මල්ලන් සහිත නිහතමානී ගතියකින් යුතු, වැදගත් විදිහේa වාද විවාදයන්ට දක්‍ෂ, ශිල්ප ශාස්‌ත්‍ර උගෙනීමට කැමැත්තක්‌ දක්‌වන සිත් ගන්නා විදිහට කතාබස්‌ කරන පින්වත් ගතියක්‌ සහිත, කෙළෙහි ගුණ අමතක නොකරන කෙනෙකි.

* උතුරුපල් – ස්‌ථිර සිතක්‌ සහිත, අතමිට ද සරු, නිහතමානී ගතියකින් යුතු, ගෙදර දොර වැඩ කටයුතුවලට හපන්කමක්‌ දක්‌වන, ගුණ ගරුක, ආපදා විපත්වලට ඉඩකඩක්‌ නොමැති නිරෝගී සිරුරක්‌ සහිත කෙනෙකි.

* හත – සිත් ගන්නා දැතක්‌ද, නෙත් සඟලක්‌ හා කන් ද සහිත ඉවසීමේ ගුණාංගයෙන් හා ශීලවන්ත ස්‌වභාවයකින් ද යුතු, ධනවත් භාවයකට පත්වන, නොයෙක්‌ දේවල් දන්නා, සැප ඇතිව වැඩුනු සිරුරකින් යුතු කීර්තියක්‌ ද සහිත කෙනෙකි.

* සිත – අලංකාර ආභරණවලින් සැරසුණු සුරූපිනියක්‌ විය හැකිය. පුර පක්‍ෂයේ තුදුස්‌වක උපන් කෙනෙකු නම් දුප්පත්, පාප ක්‍රියා සිදුÊකරන කෙනෙකු ද, අව පක්‍ෂයේ තුදුස්‌වක නම් වැන්දඹු කෙනෙකු ද වීමේ ඉඩකඩ ඇත.

* සා – නිරතුරුවම වාගේ දරු මල්ලන්ගේ ඇසුර ලබන, සෑහෙන චතුරත්වයක්‌ සහිත, සත්‍යයට ගරු කරන, ධන සම්පත්තිය ද සහිත, සමහර විට මත්පැන් පානයට පෙළඹිය හැකි, යසසකින්ද යුතු මිතුරු මිතුරියන් රැසක්‌ සිටිය හැකි, සතුරන් දිනා ගැනීමේ හැකියාවක්‌ ඇති කෙනෙකි.

* විසා – මිතුරු මිතුරියන්ගේ ප්‍රභාවය සහිත, සුකොමොළ සිරුරකින් යුතු, යස ඉසුරු ද සහිත, ධර්මය පිළිබඳ දක්‍ෂතාවක්‌ දක්‌වන, ඥාතීන්ගේ ආදරයට පාත්‍ර වන කෙනෙකි.

* අනුර – ගුණ යහපත් මිතුරු මිතුරියන් ඇසුරු කරන උඩඟුකමක්‌ නොමැති, සිත්ගන්නා සිරුරකින් යුතු, ඉසුරු සම්පත් ද සහිත, විනීත ගතියකින් යුතු ආභරණාදිය ද හිමි ගුරුවරුන්ට හා ස්‌වාමියාට ද භක්‌තියක්‌ දක්‌වන කෙනෙකි.

* දෙට – සෝබන තත්ත්වයකින් යුතු බිය ගතියකින් තොර, සිත් ගන්නා විධියට කතාබස්‌ කරන විනීත ගතියකින් යුතු කෙනෙකු වුවද, ක්‍රෝධ ගතියක්‌ හා සෞභාග්‍යවන්ත ගතියක්‌ ද සහිත දරුවන් සිටිය හැකි, ඥාතීන්ගේ ප්‍රියමනාපයට පාත්‍ර වන, පතිවත රකින කෙනෙකි.

* මුල – සැප සම්පත් හීන, වැන්දඹුවක බවට පත්විය හැකි, දුප්පත් රෝග පීඩාවලට ද ගොදුරු වන, එසේ වුවද, ශිල්ප ශාස්‌ත්‍ර බොහොමයක්‌ පිළිබඳව දැනුම් තේරුම් සහිත, නෑදැයන් එතරම් නොමැති අනුන් යටතේ සිටිය හැකි වුවද, අබිමනකින් යුතු කෙනෙකි.

* පුවසල – ස්‌වකීය කුලයට අනුකූලව ජීවත් වන, පින්දහම් කිරීමට කැමැත්තක්‌ දක්‌වන, පතිවත රකින, ඇස්‌ දෙක විශාල විය හැකි, නිරතුරුවම යසසකින් ද යුතු කෙනෙකි.

* උතුරුපල – මන බඳනා, කාන්තාවන් අතර ප්‍රසිද්ධියක්‌ ලබන, ධන සම්පතින් හා භව භෝගයන්ගෙන් ද යුතු, ප්‍රධානත්වයට පත් විය හැකි, සිතේ සතුටින් කල් ගෙවනා, ස්‌වාමියාට හිතැති කෙනෙකි.

* සුවන – රූපශ්‍රීයකින් යුතු, නැණ නුවණක්‌ද සහිත, ශිල්ප ශාස්‌ත්‍රයන්ට කැමැත්තක්‌ දක්‌වන, දක්‍ෂතාවක්‌ සහිත, දන් දීමට නිරතුරු පෙළඹෙන, පතිවත රකින, පරෝපකාරයට කැමැත්තක්‌ දක්‌වන, නිහතමානී ගතියක්‌ සහිත කෙනෙකි.

* දෙනට – විවිධාකාර කතා ශ්‍රවණය කිරීමට කැමැත්තක්‌ දක්‌වන, අගනා වස්‌ත්‍ර අඳින්නට ආසාවක්‌ ඇති, නොයෙක්‌ විධියට දන් දෙන, සත්ත්වයන් කෙරෙහි දයාවක්‌ දක්‌වන, සත්ගුණවත් භාවයක්‌ සහිත කෙනෙකි.

* සියාවස – ත්‍යාගවන්ත භාවයක්‌ සහිත,පවුලේ පූජනීයත්වයට පාත්‍රවන, දෙවි දේවතාවුන් වහන්සේට පුද පූජා පවත්වන, නිරතුරුවම වාගේ සියලු දෙනාම සන්තෝෂයට පත් කරවන කෙනෙකි.

* පුවපුටුප – ධන සම්පත් සහිත, කතා ඇසීමේ රුචියක්‌ ඇති, දන් දීමට කැමැත්තක්‌ දක්‌වන, සාධු චරිතයකින් යුතු අය ඇසුරට කැමැති, විද්‍යා ශාස්‌ත්‍ර දැනුමැති, ධනයට ප්‍රධානත්වයක්‌ දක්‌වන කෙනෙකි.

* උතුරුපුටුප – සැමියාට හිතදායක දේවල් කිරීමට කැමැත්තක්‌ දක්‌වන, අනුකම්පා සිතකින් යුතු, ගුරුවරුන් ප්‍රීතියට පත් කරන ස්‌වභාවයක්‌ සහිත, ශාන්ත ගතියකින් යුතු, අභිමානවත් ගතියක්‌ ද සහිත, දරු සැපලබන, චතුරත්වයකින් ද යුතු සත්‍යය කෙරෙහි ම ඇලෙන්න කැමැත්තක්‌ දක්‌වන කෙනෙකි.

* රේවතී – තරබාරු සිරුරකින් යුතු මිතුරු මිතුරියන් රොත්තක්‌ සිටිය හැකි, හුරු පුරුද්දෙන්ම පිරිසිදුව සිටින, විවිධ ව්‍රතයන් හි ඇලුණු තේජස්‌ ගතියකින් යුතු සිවුපාවුන් බොහොමයක්‌ සිටිය හැකි, සතුරන්ගෙන් ජය ලබන ප්‍රියමනාප පෙනුමක්‌ ඇති කෙනෙකි.

We found this article from Divaina on 2012/05/18.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments