Friday, October 31, 2025
Homesiකාන්තා සිරුරේ ලපවලින් කියවෙන අනාවැකි

කාන්තා සිරුරේ ලපවලින් කියවෙන අනාවැකි

[ratings]

නළල් තලේ ත්‍රිශූල ලක්‌ෂණයක්‌ ඇත්නම් දහසක්‌ දෙනා පාලනය කරයි
කරන කෙනෙක්‌ වනු ඇත.
නැබෙහි චක්‍ර ලක්‌ෂණයක්‌ පවතී නම්, ඇය පතිවත රකින්නයකි
වම් කම්මුලේ රත් පැහැති ඉන්නෙක්‌ සිටීනම් මාහැඟි භෝජන ලබන්නියකි

පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේද ලප, කැළැල්, ඉන්නන් හා වමට හෝ දකුණට හෝ කැරකුණු රෝම චක්‍රද දක්‌නට ඇති වග අපි දනිමු. ඒවායින් පෙන්නුම් කෙරෙන්නේ අදාළ කාන්තාවගේ චරිත ලක්‌ෂණය.

කාන්තාවකගේ ශරීරයේ යම් යම් ස්‌ථානවල ලප, කැළැල්, ඉන්නන් හා රෝම චක්‍රද පිහිටා තිබීමෙන් ඇය කුමන විධියේ කෙනකු දැයි වටහා ගත හැකිය.

ස්‌ත්‍රී ජාතක චන්ද්‍රිකා නමැති ග්‍රන්ථයේ ඒ පිළිබඳ විස්‌තර සඳහන්ය.

පහත දැක්‌වෙන්නේ කාන්තාවකගේ ශරීරයෙහි යම් යම් ස්‌ථානවල ලප, කැළැල්, ඉන්නන් හා රෝම චක්‍ර ද පිහිටා තිබීම පිළිබඳ විස්‌තරයකි.

* බැම මැද ලස්‌සේ හෝ නළලේ ඉන්නෙක්‌ – තමන්ගේ කුලයට අනුකූලව රාජ්‍යයට පැමිණේ. රාජ කන්‍යාවක නම් රාජ්‍යයන් බොහොමයක නායකත්වයට පැමිණෙනු ඇත.

* පපු පෙදෙසේ තල කැළැලක්‌ – සෞභාග්‍ය කරා යන කෙනෙකි.

* දකුණු පයෝධරයේ රත් පැහැති තල කැළැලක්‌ – කන්‍යා දරුවන් හතර දෙනකු හෝ පුතුන් තිදෙනකු හෝ ලබනු ඇත.

* වම් පයෝධරයේ රත් පැහැති ලපයක්‌ – එක්‌ පුතුකු බිහි කළ පසුව වැන්දඹුවකු බවට පත්විය හැකිය.

* රහසඟේ දකුණු පස ලපයක්‌ – රජ බිසවක්‌ වන්නට හෝ රජකමට පත්වන දරුවන් ලබන්නට හෝ පුළුවන.

* නාසයේ අග කොටසේ රත් පැහැති ඉන්නෙක්‌- ඇය රැජිනියක වනු ඇත. ඉන්නා කළු වුවහොත්, සිය සැමියා ඝාතනය කිරීමට හෝ ගණිකාවක්‌ බවට පත්වීමට හෝ ඉඩකඩ ඇත.

* ඇස්‌වටය මත ඉන්නෙක්‌ හෝ ලප කැළැලක්‌ – එය සිය දිළිඳු බවේ ලක්‌ෂණයකි.

* අතේ කනේ, කම්මුලේ හෝ බෙල්ලේ වම් පස තල කැළැලක්‌, ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පළමුවෙන්ම බිහි කරන්නේ පුතෙකි.

* අතේ දකුණට කැරකුණු චක්‍රයක්‌ හෝ අත පසු පස රෝම වලින් දකුණට කැරකුණු චක්‍රයක්‌ – ඒවා සුබ ලකුණු වන අතර, වමට කැරකුණා චක්‍ර අසුබය.

* නැබේ, පයෝධරයේ හෝ පපුවේ දකුණට කැරකුණු රොම් වැලක්‌ – ජීවිතය දුක්‌බරය. වමට කැරකුණු රොම්වැලද අසුබය.

* පිට පෙදෙසේ දකුණු පැත්තේ දකුණට කැරකුණු රොම් වැලකින් සැදුණු චක්‍රයක්‌ එය සුබ ලකුණකි.

* පිට පෙදෙසේ ගෝලාකාර චක්‍රයක්‌ – දීර්ඝායුෂ ලබන්නියකි. දරුමල්ලන් ද සිටින්නියකි.

* රහසඟ පෙදෙසේ දකුණට කැරකුණු චක්‍ර ලක්‌ෂණයක්‌ – රජ බිසවක්‌ වනු ඇත.

* තුනටියේ හෝ රහසඟේ හෝ රෝම චක්‍රයක්‌ – සැමියාත්. පුත්‍රයාත් නසන්නට ඉඩ ඇත.

* උදර ප්‍රදේශයේද, පිට ප්‍රදේශයේද රෝම වැල් දෙකක චක්‍රයක්‌ – එය අසුබ ලකුණකි. එවැනි චක්‍ර දෙකක්‌ පිහිටීම ගණිකාවක වන ලකුණකි. එවැනි රෝම වැල් එකක චක්‍රයක්‌ තිබේ නම් සැමියා ඝාතනය කිරීමට ඉඩ ඇත.

* බෙල්ලෙහි දකුණට කැරකුණු රෝම වැල් චක්‍රයක්‌ – විවිධාකාර රෝග සහිත කෙනෙක්‌ විය හැකිය. වැන්දඹුවක වන්නටද බැරිකමක්‌ නැත.

* කේසයේ හා නළලේද කියඹු චක්‍රයක්‌ – ඇය වීර්යයයෙන් දුරින් දුරු කළ යුතු කෙනෙකි. හිසේ උකුණු වළ මධ්‍යයේ රෝම වැල් චක්‍රයක්‌ ඇත්නම් ඇය මාසයක්‌ තුළ සැමියා ඝාතනය කිරීමට ඉඩ ඇත.

* හිස මුදුනේ වමට කැරුකුණු චක්‍රයක්‌ හෝ දෙකක්‌ – දින දහයක්‌ ගතවීමට ප්‍රථම ස්‌වාමියා ඝාතනය කිරීමට ඉඩ ඇත. * තුනටියේ වමට කැරකුණු රෝම දම් වැල් චක්‍රයක්‌ – ගණිකා ස්‌ත්‍රියක වීමේ ලකුණකි.

* පිටෙහි වමට කැරකුණු චක්‍රයක්‌ – එම ලක්‌ෂණය ස්‌වාමියා නසා, ගණිකාවක්‌ බවට පත්වීමේ ලක්‌ෂණයකි.

We found this article from Divaina on 2011/11/18.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments