[ratings]
“ගැහැනිය” යනු දෙවියන්ගේ හෝ මහ බඹුගේ විස්‌මිත නිර්මාණයකි. එම නිර්මාණය බොහෝ විට ගුප්ත ගති ගුණවලින් සමත්විතය. හොඳ හා නරක යන දෙවර්ගයම ගැහැනිය තුළ අන්තර්ගතව ඇත.
කළු වලාකුලේ රිදී රේඛා ඇති සේ නරකම ගැහැනිය තුළ වුවත් හොඳ, යහපත් ගති ගුණ ඇති අතර ඉතා හොඳ යෑයි සම්මත වූ ගැහැනිය තුළ පවා නරක ගති ලක්‍ෂණ එමට ඇති බව අපගේ පර්යේෂණයන් වලදී හෙළි වී තිබේ. එනිසාම ගැහැනිය පහසුවෙන් තේරුම් ගත නොහැකි වස්‌තුවකි.
ගැහැනිය බොහෝ විට ගුප්තය. කියන දේ නොකරන, නොකරන දේ කියන සමහර ගැහැනුන් පිරිමින්ගේ ජීවිත සමග සෙල්ලං කරන අතර ඔවුනට ජීවිතය තිත්ත කරවීම ඇයට සුළු දෙයකි.
එමෙන්ම පතිභක්‌තිය ඇති, යහපත් ගති ගුණයෙන් හෙබී සුන්දර කාන්තාවන් ද ඒ අතර නැත්තේ නොවේ. මෙම ද්වි ගුණාකාර ගැහැනුන්ගේ ගුප්ත ගති ලක්‍ෂණ හෙළි කර ගත හැකි ක්‍රමයක් ජ්‍යෙdතිෂයේ සඳහන්ව ඇත.
ලලනා ජන්ම කේන්දර මනාසේ විශ්ලේෂණය කිරීම තුළින් ගැහැනිය තුළ සැඟවුණ පුදුමාකාර ඡන්ම ගති හෙළිකර ගැනීම දක්‍ෂ ජ්‍යෙdතිෂඥයකුට නම් එතරම් අපහසු කාර්යයක් නොවන බව ඨගණග ධJHA නමැති ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රඥයා පවසා ඇත. ඔහු විසින් ලියන ලද 1000, Aඡ්‍යධRෂීපෑ ධභ ඛධඪෑ Aභෘ ඵARRෂ්ඨෑ නමැති ග්‍රන්ථයේ ඒ බව ඉතා පැහැදිලිව දක්‌වා තිබේ.
එවැනි ග්‍රහ යෝග සහ පිහිටීම් බොහෝමයක් සත්‍ය වූ අවස්‌ථා අපගේ පර්යේෂණ වලදී හෙළි වී ඇත. මෙවැනි පොත් පත් සිංහල පාඨකයනට පරිශීලනය කිරීමට නොලැබීම ජ්‍යෙdතිෂයේ ප්‍රගමනයට මහත් බාධාවක් වන අතර ඒ පිළිබඳව පරිවර්තන කිරීමේ හැකියාව ඇති ජ්‍යෙdතිෂ විද්වතුන්ගේ අවධානය යොමු විය යුතු කාලය පැමිණ ඇත.
රාහු – සිකුරු – බුධ යන ග්‍රහයින් තිදෙනා මිථුන හෝ කන්‍යා රැසක වී අංශක 30 ක් ඇතුළත ඔවුනොවුන් සිට චන්ද්‍රයාට සප්තම හෝ ත්‍රිකෝණ දෘෂ්ටි ගත වුයේ නම් ඇත්ත වශයෙන්ම ඇය නියම කලා කාරියකි. එමෙන්ම කාමිණියකද වේ.
ඇය නිතරම ඇසුරට ආශා කරනුයේ තමන්ට වඩා වයසින් බොහෝ අඩු තරුණයින්ය. කෙළිලොල් බවින් හා විනෝදකාමිත්වයෙන් අනූන වු ඇය, එම තරුණයන්ට සතුට සොම්නස ළඟාකර දීමට මහත් කැමැත්තක් දක්‌වනු ඇත.
එවන් ගැහැනියගේ අත් අකුරු වටකුරුය. තරමක් මහත අකුරින් ලියන ඇය, අත්සන් කරන විට අත්සනට යටින් තද තිත් දෙකක් තබයි. නැත්නම් කැඩුන හැඩ ඉරක් අඳියි.
මැයට දිගටි නාසයක් පිහිටන අතර, නළල මැද තිලකයක් තැබීමට ඇය දක්‌වන්නේ පුදුම ආශාවකි. කඩිසර ලෙස වචන උච්චාරණයේ යෙදෙන මෙම කලාකාමිණියට බොහෝ විට සිහින් සිරුරක් පිහිටනු ඇත.
මේෂ – තුලා – වෘශ්චික – කුම්භ යන ලග්නයකින් උපත ලද කාන්තාව ලිංගික රසාස්‌වාදයට බොහෝ නැඹුරුවක් දක්‌වනු ඇත. කායික වින්දනය නොඅඩුව ලබා දෙන සුකොමල, පිරිපුන් අවයව ඇයට නිතැතින්ම පිහිටන අතර ලිංගික ආශාවන් ඉතා තදින් දැනෙනු ඇත. තරුණ වියට පිවිසෙන විටදීම විවාහය සිදුවන අතර බොහෝ විට විවාහ දෙකක් සිදුවීමට ද ඉඩ තිබේ.
ගෘංගාරාත්මක ලේඛන ශෛලියකට උරුම කම් කියන එවන් ළඳුන් හට කුඩා කලදීම මව් පිය සොහොයුරු ඥාති ඇසුර අප්‍රිය වනු ඇත. “විවාහය රෝසමල් යහනාවක්” යන මතය ඇය හිස් මුදුනින් පිළිගන්නා කාමිණියක වන්නේ යෑයි සඳහන්ව තිබේ.
මේෂ- වෘෂභ – කටක – කන්‍යා යන රාශියක චන්ද්‍ර, කුජ, බුධ යන නිත්‍ය ග්‍රහ සංයෝගය එකම භාවයකට අසුවන පරිද්දෙන් සංයෝගව සිට ලග්නභාවයේ සිකුරු ග්‍රහයා ද පිහිටියේ නම් චර පුරුෂ සේවයට උචිත මායාකාරී ස්‌ත්‍රීයක් ජනිත කරවන බව කියා ඇත.
ඕනෑම පුරුෂයකු දෙස එකම එක් වරක් බැලීමෙන් ඔහුගේ මුළු ජීවිතයම ද ගති පැවතුම් ද සිතුවිලි ද පහසුවෙන් අවබෝධ කර ගැනීමට ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඇයව රැවටීම නම් පිරිමියෙකුට තරමක් අපහසු කරුණක්. වන අතර දිය යටින් ගිනි කෙළි පෑම ඇගේ විනෝදාංශය වනු ඇත. ඇත්ත වශයෙන්ම ඇය විනෝදයට පිරිමින් රවටන තීක්‌ෂණ බුද්ධියකින් හෙබි තැනැත්තියකි.
ඇග පත ලෙළවමින් ගමන් කරන ඇයට කලාත්මක අඟ පසග පිහිටන අතර විශේෂයෙන් දැකුම්කළු මුහුණක් හා පැහැපත් සමක් උපතින්ම පිහිටනු ඇත. දෙඅත් දෙපා දිගුවන අතර මුදු මොළොක් සිරුරකට වඩා ඝන මස් පිඩු සහිත සිරුරක් ඇති කෙරේ. පුළුල් උකුලක් සහ දැඩි උස් වූ පියයුරු ලබා දෙන අතර කායික සංතර්පනයේදී පහසුවෙන් සුරතාන්තයට පත් නොවේ. දීර්ඝ වේලාවක වින්දනයක් ඇය මුළු හදින්ම අපේක්‍ෂා කරනු ඇත.
ඇය යමක් ලියන විට කුඩා දිගටි හැඩයේ අකුරින් ලිවීම විශේෂ ලක්‍ෂණයකි. අත්සන් කරන විට අත්සනට යටින් දකුණේ සිට වමට තද ඉරක් ගසන ඇය, පොතක් හෝ පත්‍රිකාවක් කියන විට මුල සිට අගට නොව, අග සිට මුලට කියවීම බොහෝ විට සිදුවේ.
ආභරණ පැළදීමටත්, විලාසිතාවලින් සැරසීමටත්, විනෝද චාරිකාවන්හී යෙදීමටත් ඇය තුළ ඇත්තේ නොමඳ ආශාවකි. සුරතල් සතුන් ඇති කිරීම ඇගේ හොඳම විනෝදාංශය වේ.
තුලා ලග්නයන් ඉපිද අටවැන්න වූ වෘෂභයේ මෙම යෝගය යෙදුනේ නම් ඇත්ත වශයෙන්ම ඇගේ යුග දිවිය යුද පිටියක් වනු නොඅනුමානය. තම සහකරුගේ සෑම ක්‍රියාවක්‌ම ඇය තදින් විවේචනය කරන්නියක් වේ. පුදුමය නම් මෙවැනි අහන්නට ලැබෙන පුරුෂයාද බොහෝ විට තම බිරිඳ විවේචනයට දක්‍ෂ, සුළු අඩු පාඩුවක් වුවත් මහ මෙරක් සේ සිතන කටසැර පුද්ගලයකු වීමයි. මෙවිට යුග දිවිය යුද පිටියක් වීම අරුමයක් නොවේ.
ලග්නය මීනය වී කන්‍යා රාශියේ මෙම සංයෝගය යෙදුනේ නම් විවාහය සිදුවන්නේ බොහෝ විට තමන්ට වඩා වයසින් අඩු පුද්ගලයකු සමගය. හිතුවක්‌කාර, ඒකමතික තීරණයකට සිදුවන විවාහයකි. මැය යොවුන් වියේ සිටම තද බල ප්‍රේමවන්තියක වේ. සහකරු සොයාගන්නේ ඇය විසින්මය.
කඩවසම් සිරුරකට ලොල් වීමෙන් හෝ මිහිරි කට හඬට වශී වීමකින් හෝ සිදුවන විවාහයකි. බොහෝ විට විවාහ ජීවිතය අසාර්ථක වන අතර ඉතා ඉක්‌මනින් අන් පුරුෂයකුගේ කායික ඇසුරට පත්වනු ඇත.
ස්‌ත්‍රී කේන්ද්‍රයක කෙසේවත් නොයෙදිය යුතු ග්‍රහ සංයෝගයක් ලෙස රවි, ශනි, ශුක්‍ර (සිකුරු) යෝගය හැඳින්විය හැකිය. විශේෂයෙන්ම මෙම යෝගයට කුජ, රාහු, කේතු හෝ යුරේනස්‌ගේ සම්බන්ධයක්‌ද ඇති වුනි නම් එහි ප්‍රතිඵලය ඉතාමත් අභාග්‍යසම්පන්න වේ.
එක – සත – අට හා සය යන භාවයන් තුළ යෙදෙන මෙම යෝගය ඉතාම නරක ප්‍රතඵල උදාකරනු ඇතැයි එම ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන්වේ. විශේෂයෙන් මෙම යෝගය ඉහත කී ස්‌ථාන හතරෙන් එකක පිහිටීම තුළින් ඇය අවාසනාවන්ත තත්ත්වයකට පත් වීම නොවැළැක් විය හැකි යෑයි පැවසේ. එක – හත – අට භාවයක් වී නම් බොහෝ විට අවිවාහකව සිටීමට සිදුවිය හැකිය.
වෙන යම් ග්‍රහ ශක්‌තියක් ඉස්‌මතු වීමකින් විවාහයක් සිදු වූවත්, එසේ වන්නේ අවුරුදු 35 වත් පසුවීමෙන් අනතුරුවය. ලැබෙන සහකරු ද බොහෝ විට වයසක පෙනුමකින් යුක්‌ත අයෙකි. විවාහ දිවියේ මිහිරියාවක් භුක්‌ති විඳීමට ලැබෙන්නේ නැත. විශේෂයෙන් හතේ හෝ අටේ පිහිටීම නිසා ලිංගේන්ද්‍රීයන් සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීමෙන් විවාහ සැපතට බාධා යෙදෙනු ඇත.
ඔවුනට ස්‌වභාවික ලිංගික ආශ්වාදයක් ලැබීමට තිබෙන ඉඩ කඩ අවහිර කරන අතර දරු ප්‍රසූතියේදී ස්‌වභාවික තත්ත්වයට වඩා අමාරු වීම මෙම යෝගය අටවන භාවයේ යෙදී භාHයෙකු. සප්තම වීමෙන් සිදුවේ. හයේ පිහිටීමෙන් නිතර රෝගී තත්ත්වයක් ගෙන දෙවන සිරුරකට උරුම කම් කියනු ඇත. වකුගඩු ආබාධ, මුත්‍රා රෝග ගෙනෙන අතර අලස කමින්ම දවස ගෙවීමට කැමැත්තක් දක්‌වනු පෙනේ.
ලග්න භාවයට හසුවන පරිදි මෙය යෙදීම නිසා හිතුවක්‌කාර තැනැත්තියක් ජනිත කරවාලයි. බොහෝ විට දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් වෙන්ව වෙනත් ස්‌ථානයක හැදී වැඩෙන්නට සිදුවේ. තම දියුණුවට තමා විසින්ම අකුල් හෙළා ගැනීම මෙම පිහිටීම ඇති ඡන්මීන් විසින් සිදු කර ගන්නා බව අපගේ පර්යේෂණ වලින් ද මනාව හෙළි වී ඇත.
ක්‍ෂණික තීරණ වලට එළඹෙන මොවුන්, මව්පියන්ව පවා විශ්වාස නොකරන අතර, අප්‍රසිද්ධ ජීවිතයක් ගත කිරීමට මහත් කැමැත්තක් දක්‌වන අයය. රහස් ගුප්ත දිවියක් ගෙවන අතර ඕනෑම පුද්ගලයකු විවේචනය කිරීමටත්, හෙළා දැකීමටත් මොහොතකට හෝ පසුබට නොවේ.
පාප ග්‍රහයින් දෙදෙනෙකුට සප්තම වීම හෝ පාපග්‍රහ දෘෂ්ටි දෙකකට අසුවීම හෝ පාපකාර්තරී යෝගයක් ලෙස හෝ අටවැනි භාවයේ ඉහත කී ග්‍රහ සංයෝගය යෙදී ඇත්තම් ස්‌ථීර වශයෙන්ම සහකරුට අකල් විපතක් සිදුවිය හැකිය.
We found this article from Divaina on 2011/11/04.
Also Sinhala to English Google word to word translation can be found here	

