[ratings]
ග්‍රහ වල්ලලේ ග්‍රහයන් උච්ච ස්‌වකේෂත්‍ර මිත්‍ර, සම, සතුරු නීච, යනාදී වශයෙන් ඒ. ඒ. රාශිවල ගමන් කිරීමේදී එකට මිශ්‍රවෙයි. උපදින විට එක රාශියක ග්‍රහයන් 02 ක් හෝ ඊට වැඩි ගණනක් සිටිය හැකිය. මේවා දිවි, ත්‍රිග්‍රහ, චතුර්ග්‍රහ, පංචග්‍රහ සහ ෂඩ් ග්‍රහ යනාදී වශයෙන් නම් කෙරේ. ග්‍රහයන් උච්ච හා ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසාද යෝග ඇතිවේ. රවි, චන්ද්‍ර, කුජ, බුධ ශුක්‍ර ශනි, යන ග්‍රහයන් ලග්නවලට උච්ච – ස්‌වක්‍ෂේත්‍ර වන්නේ මෙසේය.
මේෂ රාශිය – රවි මේෂ රාශියට උච්ච වෙයි. මේ නිසා මයුරපාල යෝගය යෙදේ. මයුරපාල යෝගය යෙදීමෙන් එඩිතරකම ප්‍රතාපවත් පෙනුම, රාජ්‍ය බලයෙන් යුක්‌තවීම, නිලබලය ඇතිවීම, ධන ධාන්‍යයෙන් සම්පූර්ණ වීම, දරුවන් වැඩිවීම, සැප විඳීමට හැකියාව, වැනි කරුණු වලින් පෝෂිතවේ.
සිංහ රාශියේ රවි සිටීමෙන්
උපේන්ද්‍ර යෝගය යෙදේ. ඔහු හෝ ඇය වික්‍රමාන්විතයි. ප්‍රසිද්ධ අයකුවේ. ප්‍රදේශාධිපතියකු වන්නේය. අන් අයට හිතවත් වේ. නිල තල ලබයි.
සඳු – වෘෂභ – කටක රාශිවල සිටීම – සඳු වෘෂභයේ නම් සස යෝගය යෙදෙයි. මේ යෝගයෙන් උපන් අය රූප ශෝභාසම්පන්නයි. රත්රන් ධන ධාන්‍යයෙන් පෝසත්වේ. භූමිලාභ ලබයි. මව්ට හිතවත්ය. ගේදොර වස්‌තුව හිමිවේ. සඳු කටකයේ නම් කුලීර යෝගය යෙදෙයි. දැසි දස්‌සන් ගම්බිම් ඉඩ කඩම් මුතු මැණික් ලැබීමේ භාග්‍ය උදාකරයි. විවාහ ජීවිතයද සාර්ථකයි. දරුවෝ වාසනා වන්තවෙති. සඳු සිටි තැනින් දෙවන රාශියේ රවි හැර අන් ග්‍රහයියන් (කුජ, බුධ, ගුරු ආදී) සිටිවිට සුනථා යෝගය යෙදේ. මේ යෝගය යෙදුන අය තමන් විසින් උපයා සපයාගත් වස්‌තුව ඇති ඉහළ පන්තියේ අය වෙති. රජෙකු – ඇමැතියෙකු හා සමානය. කීර්තිය ප්‍රසිද්ධිය ලබයි.
කුජ ග්‍රහයා මේෂ රාශියේ සිටීමෙන්
ගජ කේශර යෝගය යෙදේ. මේ යෝගයෙන් උපන් අය රජකු සමාන උසස් ජීවිතයක් ගත කරයි. භූමි ලාභ රන්රිදී වස්‌තුව ලබයි. විවාහ ජීවිතය එතරම් සාර්ථික නැත. කුජ වෘශ්චිකයේ සිටීමෙන් – මහීපාල යෝගය යෙදේ. භෝග සැපද, ප්‍රදේශපාලනයද ලබයි. හදිසි විපත් කරදරද ඇති කරයි.
බුධ – මිථුන – කන්‍යා රාශිවල සිටීමෙන්
අමෘත යෝගය සහ විදුරවි යෝගය යෙදෙයි. මිථුන රාශි ගත වු බුධ, සැප ජය ලබාදී යස ඉසුරින් යුත් අයකු කරයි. කථාවෙන් ජයගනී. පණ්‌ඩිතයෙකු ලෙස සමාජයේ පෙනී සිටී. බුධ කන්‍යා රාශි ගත වීමෙන් යෙදෙන විදුරවි යෝගය නිසා භාෂා ශාස්‌ත්‍ර පිළිබඳ හසල බුද්ධිමතෙකු වේ. ධර්මිෂ්ට අයකු කරයි. ගේදොර වතු පිටි ලබයි.
ගුරු (බ්‍රහස්‌පති ) මීන, ධනු සහ කටක රාශිවල සිටීමෙන් පිළිවලින් භූමිපාල, රණහංස සහ ජය සිඳු යෝග යෙදේ. මීන රාශිගත වූ බුධ ඥානවන්තයෙකු කරයි. ඉහළම සැප ලබයි. අහංකාර නැත. රාජ්‍ය නිල තල දරයි. ධනුවේ සිටීමෙන් යෙදෙන රන හංස යෝගය නිසා පිංවත් දූ දරුවන් ලබයි. ධනයෙන් බලයෙන් යුක්‌තයි. ගුරු කටකයේ සිටීම නිසා විදේශ ගමන් බිමන් වලින් ධනවත් පිළිගත් අයකු වේ. ශිල්ප ශාස්‌ත්‍ර දත් අයකු වන්නේය. තම පෙනුම ප්‍රසන්නයි.
සිකුරු වෘෂභයේ සිටීවිට – විෂ්ණු යෝගය යෙදේ. රජෙක් සමාන සැප ලබයි. ශරීරය ලස්‌සනයි. විනෝදයට කැමැතියි. ගේ දොර වාසනාව යාන වාහන ලබයි. සිකුරු තුලාවේ සිටීමෙන් පියුමාකාර යෝගය ඇතිවේ. බොහෝ ශිල්ප ශාස්‌ත්‍ර දත් අයකු වන්නේය. දෙමාපියන් ඇති හැකි අය වීමට පුළුවන. යහපත් පරිසරයක ජීවත් වෙයි. සිකුරු මීන රාශිගතවීමෙන් මහඖෂධ යෝගය යෙදෙයි. ශරීරය දැකුම්කළු නිරෝගීවේ. අනුකම්පා සහගතයි. භූමි ලාබ වස්‌තු ලාබ ලබයි. ශනි, මකර – කුම්භ – තුලා රාශිවල – සිටීමෙන් ශ්‍රී කාන්ති යෝගය ජයයෝගය සහ සේනක යෝග යෙදෙයි. (පිළිවලින්) ශ්‍රී කාන්ති යෝගයෙන් ශරීර ශක්‌තිය හොඳයි. ගේදොර වස්‌තුව ලබයි. සැප ලබයි. ජය යෝගයෙන් (කුම්භ) රාජ්‍ය නිලධාරීයෙකු වෙයි. කථාවට දක්‍ෂයි. රෝග පීඩා වලින් වැළැකේ. වර්ග නායකයා වෙයි. සේනක යෝගයෙන් (ශනි – තුලා) පිරිස් බලය වැඩිවේ. දුක සැප දෙකම විඳදරාගනී. විවාහය ප්‍රමාදවේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here