Friday, September 12, 2025
Homesiගෘහ කටයුතු නොකළ යුතු අවස්‌ථා

ගෘහ කටයුතු නොකළ යුතු අවස්‌ථා

[ratings]

මේ මිනිස්‌ ලොව උපදින කෙනෙකු ගිහිගෙයි රැඳෙන්නේ නම් ඔහුට නිවසක්‌ අවශ්‍ය වෙයි. එසේ හෙයින් ගිහි ජීවිතයෙහි රැඳෙන කෙනෙකුට නිවසක්‌ ලැබීම හෝ නිවසක්‌ සාදා ගන්නට ලැබීම ලොකු වාසනාවක්‌ වශයෙන් සැලකේ.

කේන්ද්‍රයක සතර වැන්න මාත්‍ය ස්‌ථානය වෙයි. එසේම ඥාතීන් – ගේදොර – වාසනා ශක්‌තිය – යානවාහන – හදවත මෙන්ම ආහාර පිළිබඳවද සතර වැන්නෙන් කියවෙයි. “කේරලීය භාව්‍ය රහස්‍ය” ග්‍රන්ථයේ එසේ සඳහන් වේ.

සතර වැන්න බලවත් වීමෙන් සතර වැන්න අධිපතියා බලවත් වීමෙන්, සතර වැන්නට දෘෂ්ටි වැටීමෙන්, සතර වැන්නේ උප ස්‌ථානාධිපතියා බලවත් වීමෙන් ඉහත සඳහන් කළ කරුණුවල සමෘද්ධිය ඇතිවන බව ක්‍රි. මු. පද්ධතියෙහි මනාව විස්‌තර වෙයි.

ගෘහ වාසනාව ලබන්නට නම් සතර වැන්න බලවත් විය යුතුමය. පාපයන් සතර වැන්න නොදැකිය යුතුය.

කෙසේ වුවත් ගෘහ වාසනාව තිබෙන කෙනෙකු වුවද ගෘහාරම්භය නොකල යුතු අවස්‌ථා ගැන රාමාචාර්යවරයා ඔහුගේ “වාස්‌තු රත්නාවලී” යෙහි මෙසේ කියයි.

ගෘහය හිමියාගේ කේන්ද්‍රයේ රවි – සඳු – ගුරු ශ්‍රක්‍ර යන ග්‍රහයන් දුබලව අස්‌ථව – නීචව සිටින අවස්‌ථාවක ගෘහාරම්භය කලේ නම් ක්‍රමයෙන්, ගෙහිමියාගේ සහ බිරිඳගේ සැප, සෞඛ්‍ය හා ධනය පිරිහෙයි.

1. රවි දුබලවූ විට ගෙහිමියා විනාශයට පත්වෙයි.

2. සඳු දුබල වූ විට සහ සඳුගෙන් සත්වැන්නේ ශනි සිටිවිට ගෘහණිය විනාශයට පත්වෙයි.

3. ගුරු දුබල වු විට ගෙහිමියාගේ සැප සම්පත් හා සෞඛ්‍ය විනාශ වෙයි.

4. සිකුරු දුබල වූ විට ධනය විනාශ වෙයි.

චන්ද්‍ර නක්‌ෂත්‍රය

ගෘහාරම්භය කරන මොහොතේ තත්කාල කේන්ද්‍රයේ සඳු යම් නැකතක සිටී ද එය චන්ද්‍රනක්‌ෂත්‍රය වේ.

ගෘහයේ වර්ගඵලය අනුව ගොඩනැඟෙන නැකත ගෘහ නක්‌ෂත්‍රය වේ. ගෘහරම්භක අවස්‌ථාවේ තත්කාල චන්ද්‍ර නක්‌ෂත්‍රය හා ගෘහ නක්‌ෂත්‍රය සම්මුඛ නැකතක්‌ වීම ඉතා අශූභය. සම්මුඛ නක්‌ෂත්‍රය යනු ඉදිරියෙන් පිහිටි නැකතය. එසේම “සප්ත සලාකා චක්‍රය” අනුව ගෘහ නක්‌ෂත්‍රය චන්ද්‍ර නක්‌ෂත්‍රයට පිටුපසින් පිssහිටීම ද අශුභය.

සප්ත සලාකා චක්‍රය හා වගතුග

ඉහත සඳහන් නැකත් දෙකේ ගැලපීම බලන්නේ “සප්ත සලාකා චක්‍රය” යෙනි.

1. මේ “සප්ත සලාකා චක්‍රය” යෙහි නැගෙනහිර දිසාව කැති නැකතින් ආරම්භ වී අස්‌ලිය නැකතින් අවසන් වේ.

2. දකුණු දිසාව මා නැකතින් ආරම්භ වී විසා නැකතින් අවසන් වෙයි.

3. බටහිර දිසාව අනුර නැකතින් ආරම්භ වී සුවන නැකතින් අවසන් වේ.

4. උතුරු දිසාව දෙනට නැකතින් ආරම්භ වී බෙරන නැකතින් අවසන් වේ.

බටහිර දිසාව

පෘෂ්ඨ චන්ද්‍ර

එසේම තත්කාලීන සඳු සිටින දිසාවේ නැකතක්‌ ගෘහ නක්‌ෂත්‍රය වු විට එය පෘෂ්ඨ චන්ද්‍ර දෝෂයට හසුවේ. එයද ඉතා අශුභය. ගෘහාරම්භ මොහොතේ සඳු සිටි නැකතට වම් පසින් වූ නැකතක්‌ ගෘහ නැකත වූ විට එය ඉතා ශුභය. එයට වාම චන්ද්‍රයා යයි කියනු ලැබේ. වාම චන්ද්‍රයා ගෙහිමියාට ආයුෂ දෙයි. දක්‌ෂිණ චන්ද්‍රයා ගෙහිමියාට ධනය – සතුට දෙයි.

ශ්‍රීපතී මතය

චන්ද්‍රයා සම්මුඛයෙහි තබාගෙන ගෘහ නිර්මාණ කටයුතු නොකළ යුතුය. කළහොත් ගෙහිමියා එහි නොවසන්නේය. සඳු පිටුපසින් තබා ගෙනද ගෘහාරම්භය නොකළ යුතුය. කළහොත් සොර සතුරු භය ඇතිවේ.

ශූභා ශුභ ලග්න

මේෂ – තුලා – ධනු රාශියක්‌ ලග්නයට තබාගෙන ආරම්භ කරන නිවසේ කටයුතු ප්‍රමාද වේ. අඩාල වේ.

මිථුන, කන්‍යා, මීන රාශියක්‌ ලග්නයට තබා ගෙන ආරම්භ කරන නිවස ධනය දෙයි – සැප දෙයි. මකර – වෘශ්චික – කටක රාශියක්‌ ලග්නය වශයෙන් තබාගෙන ආරම්භ කරන නිවස විනාශයට පත්වෙයි.

වෘෂභ – සිංහ – කුම්භ රාශියක්‌ ලග්නය වශයෙන් තබාගෙන ආරම්භ කරන නිවස අර්ථ සිද්ධිය ගෙන දෙයි. “ගෙබිම් ශාස්‌ත්‍රය”

ලග්න ඵල

1. ගෘහාරම්භක මොහොතේ ලග්නයෙහි හිරු සිටි විට නිවසට අකුණු සර වදියි.

2. සඳු සිටිවිට ධනය විනාශ කරයි.

3. කුජ මරණය දෙයි.

4. බුධ ජන්මියාව කුසල් ක්‍රියාවන්ට පොළොඹවයි.

5. ගුරු ධනය – සතුට දෙයි

6. ශුක්‍ර පුත්‍ර ලාභ දෙයි.

7. ශනි – රාහු – කේතු ලග්නයට හෝ හතර වැන්නට තැබීමද අශුභය.

“විශ්ව කර්ම ප්‍රකාශය”

අශුභ කාල

මද්දහනෙහි ගෙවල් ඇරඹීමෙන් ධනය නැසෙයි. මධ්‍යම රැයෙහි ද එසේමය. එසේම සන්ධ්‍යා ලග්නයෙන් ගෙවල් ඇරඹීමද ඉතා අශුභය.

ධනය හා සැප

ලෝකයාගේ හිත සුව පිණිස තුන්කල් දක්‌නා ඉසිවරයන් විසින් ප්‍රකාශිත වාස්‌තු විද්‍යාවට ගරු කොට ඒ අනුව කටයුතු කරන පුද්ගලයාට ධනය, සම්පත්, සතුට, නිරෝගී බව හා ආයුෂ ලැබෙන බව ඉසිවරු කියති.

සප්ත සලාකා චක්‍රය

නැගෙනහිර දිසාව

උතුරු දිසාව

දකුණු දිසාව

බටහිර දිසාව

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments