[ratings]
චතුර්ග්‍රහ යෝග හැටියට සැලකෙන්නේ ග්‍රහයන් සිව් දෙනකු යෝග වීමය. අද ලිපියෙන් විස්‌තර කෙරෙන්නේ චතුර් ග්‍රහ යෝග පිළිබඳවය.
රවි සඳු කුජ බුධ යෝගය
මුඛරි හා කාමුක ගතියක්‌ද සහිත ලිපිකරුවෙක් විය හැකිය. මායාකාරී ගති ලක්‍ෂණද සහිත, හොරකමට හපන් කෙනකු වන්නටද ඉඩ ඇත.
රවි සඳු කුජ ගුරු යෝගය
තේජස් ගතියක් හා ධනයක් ද සහිත නිපුණතාවකින්ද යුක්‌ත, දුකක් ශෝකයක් නොමැති, නීතිය දැනගත් අයකු විය හැකිය.
රවි සඳු කුජ කිවි යෝගය
විද්‍යා ශාස්‌ත්‍ර දැන උගත්, ධනවත්, සුව සම්පතින් යුතු පුතුන් හා පතිවත රැක ගන්නා බිරියන්ද සිටින, කතා බහට හපන් කෙනකු වන්නට පුළුවන.
රවි සඳු කුජ ශනි යෝගය
නුවණින් හීන, දුප්පත්, මිටි ගතියකින් යුත්, ශරීර විෂමතාවන්ද සහිත, භික්‍ෂාවෙන් (ඉල්ලා ගෙන කෑමටද භික්‌ෂාව යෑයි කියති) ජීවිතය ගෙන යන කෙනකු වන්නට ඉඩ ඇත.
රවි සඳු බුධ ගුරු යෝගය
ශිල්ප ශාස්‌ත්‍ර දැන උගත්, අතමිට සරු, සිත් ගන්නා ස්‌වභාවයක් සහිත, එළලු පැහැති නෙත් සඟලක් ඇති, ලෙඩ රෝගවලින් මිදුණු කෙනකු වන්නට පුළුවන.
රවි සඳු බුධ කිවි යෝගය
සිත් ගන්නා රූපයකින් හා මිටි ස්‌වභාවයේ ශරීරයකින්ද යුතු, රාජ පූජිත වීමට ඉඩ ඇති, කතාවට දක්‍ෂතාවක් දක්‌වන විකල ගතියක් තිබිය හැකි කෙනකු විය හැකිය.
රවි සඳු බුධ ශනි යෝගය
දෙමාපියන්ගේ කීමට අනුව, භික්‍ෂාවෙන් ජීවිතය රැක ගන්නා විශාල දෑසක් සහිත දුප්පත් කෙනකු වන්නට ඉඩ ඇත.
රවි සඳු ගුරු කිවි යෝගය
රාජ පූජිත තත්ත්වයකට පත්වන වැව් පොකුණු යනාදියටද, සමුද්‍රයට හා වනාන්තරයටද අධිපතිත්වයක් දරන සුළු සම්පතින්ද යුතු දක්‍ෂතාවක් සහිත කෙනකු වුවද, සතුන් මරා ජීවත් වන කෙනකු වීමට බැරි කමක් නැත.
රවි සඳු ගුරු ශනි යෝගය
මාන්‍ය ස්‌වභාවයක් පැවතිය හැකි, කාන්තාවන්ට ඇල්මක් දක්‌වන සෑහෙන ධනයක් හා දරු පිරිසක්‌ද සිටිය හැකි දුබල සිරුරක් සහිත, මනහර නෙත් සඟලකින් යුතු කෙනකු වන්නට පුළුවන.
රවි සඳු කිවි ශනි යෝගය
බෙහෙවින් දුබල, ගැහැනු ගති තිබිය හැකි, බිය සුළු ගතියක් ඇති කෙනකු විය හැකිය.
රවි කුජ බුධ ගුරු යෝගය
සූත්‍රකාරයකු විය හැකි පරදාර සේවනයෙහි යෙදෙන ශූර ගතියක් සහිත එහෙත් දුක් විඳීමේ ඉඩකඩක් ඇති චක්‍ර දැරීමේ ඉඩකඩ ඇති කෙනකු වනු ඇත.
රවි කුජ බුධ කිවි යෝගය
පරදාර සේවනයෙහි යෙදෙන, විලිලඡ්ජාවක් නොමැති දුර්ජන ගතියක් සහිත, සොරකමටද, කැමැත්තක් දක්‌වන ශරීරාංග විෂම කෙනකු විය හැකිය.
රවි කුජ ගුරු ශනි යෝගය
ශූරකමක් සහිත කිවියකු, මන්ත්‍රීවරයකු තියුණු ගති ඇත්තකු වුවද, පහත් පෙළේ ගති පැවතුම් සහිත කෙනකු වීමට ඉඩ ඇත.
රවි කුජ ගුරු කිවි යෝගය
සෑහෙන ධනයකට හිමිකම් කියන, ලෝකවාසීන්ගේ පුදසත්කාර ලබන, රාජමාන්‍යයට පත්වන නීතිවේදියෙක් විය හැකිය.
රවි කුජ ගුරු ශනි යෝගය
පිරිසකගේ නායකයකු විය හැකි වුවද උන්මාද ගතියක් තිබිය හැකි, රාජ පූජිත තත්ත්වයකට පත්වන කාර්ය සිද්ධියට සමත් කෙනකු වන්නට පුළුවන.
රවි කුජ කිවි ශනි යෝගය
සමාජයේ අපකීර්තියට පාත්‍ර වන, පහත් පෙළේ ගති පැවතුම් සහිත මෝඩ ගතියකින් යුතු කෙනකු වීමට ඉඩ ඇත.
රවි බුධ ගුරු කිවි යෝගය
තීක්‍ෂණ බුද්ධියකින් යුතු, ධනයක්‌ද සහිත, සුබ සැපයද ඇති, අර්ථ සිද්ධියටද දක්‍ෂ සතුටකින් යුතු කෙනකු විය හැකිය.
රවි බුධ ගුරු ශනි යෝගය
සහෝදරයන් සිටින කලහයට කැමැත්තක් දක්‌වන, උඩඟු ගතියක්‌ද සහිත, උදාසීන ස්‌වභාවයේ කෙනකු වන්නට ඉඩ ඇත.
රවි බුධ ශනි කිවි යෝගය
මිතුරු මිතුරියන් සිටින පිවිතුරු ගතියකින් යුතු කීමෙහි බිනීමෙහි දක්‍ෂ, නැණනුවණින් අනූන කෙනකු වන්නට පුළුවන.
රවි ගුරු කිවි ශනි යෝගය
සුව සම්පතින් යුතු කාව්‍යකරණයට සමර්ථ, ගරු සම්මානද ලබන කර්මාන්තයක නියෑළුණු කෙනකු වන්නට ඉඩ ඇත.
සඳු කුජ බුධ ගුරු යෝගය
ශිල්ප ශාස්‌ත්‍ර පිළිබඳ විශාරද දැනුමක් සහිත රජකු වුවහොත්, ඉමහත් ගරු සම්මානයට පාත්‍ර වන ලොකු දියුණුවක් ලබන කෙනකු විය හැකිය.
සඳු කුජ බුධ කිවි යෝගය
තම බිරිඳ වශයෙන් වෙසඟනක් සිටිය හැකි නින්දට කැමැත්තක් දක්‌වන, කලකෝලාහලවලටද යොමු වන පහත් පෙළේ ගති පැවතුම් ඇති නෑසියන්ගේ වෛරයට ගොදුරු වන කෙනකු වන්නට ඉඩ ඇත.
සඳු කුජ බුධ ශනි යෝගය
ශූරකම් දක්‌වන කුලයක උපත ලබන, දූ පුතුන්, මිතුරු මිතුරියන් මෙන්ම භාර්යාවන්ද සිsටින, මව්වරුන් දෙදෙනකු සිටීමේ ඉඩකඩ ඇති කෙනකු වන්නට පුළුවන.
සඳු කුජ ගුරු කිවි යෝගය
අංගවිකල සාහසිකයකු වීමේ ඉඩකඩ ඇති නමුත් දූ දරුවන් සහිත උදාර නැණවතෙක් විය හැකිය.
සඳු කුජ ගුරු ශනි යෝගය
බිහිරි ගතියක් සහිත අතමිට සරු උන්මාද ගතියකින්ද පෙළිය හැකි ස්‌ථිර බස් කතාකරන ශූර ගතියක්‌ද දක්‌වන ප්‍රඥවකින් යුතු කෙනකු වන්නට ඉඩ ඇත.
සඳු කුජ කිවි ශනි යෝගය
පිරිසිදුකමකින් තොර වෙසඟනකගේ සැමියා වන්නට ඉඩ ඇති කලබලකාරී ගතියක් සහිත සර්පයකුට සමාන ඇස් ඇති බයසැක නැති කෙනකු වන සේයකි.
සඳු බුද ගුරු කිවි යෝගය
මන බඳනා සිරුරකින් මෙන්ම ධනවත්භාවයකින්ද යුතු දෙමාපියන්ගෙන් දුරස් වන නැණ නුවණ සහිත සතුරන් නොමැති කෙනකු විය හැකිය.
සඳු බුධ ගුරු ශනි යෝගය
නෑසියනට ප්‍රිය මනාප, කාව්‍යකරණය පිළිබඳව උසස් දැනුමකින් යුතු තේජස් ගතියක්‌ද පවතින රාජ මන්ත්‍රීවරයකුගේ තත්ත්වයට පත්විය හැකි ඉඩකඩක් ඇති කීර්තිමත් ස්‌වභාවයක්‌ද සහිත කෙනකු වන්නට පුළුවන.
සඳු බුධ කිවි ශනි යෝගය
රාජ පූජිත තත්ත්වයක් හිමිකර ගන්නා ඇස්‌වල රෝගී ස්‌වභාවයක් පැවතිය හැකි නගරාධිපතිවරයකු වන්නට ඉඩ ඇති බිරින්දැවරුන් බොහෝ ගණනක් සිටිය හැකි කෙනකු විය හැකිය.
සඳු ගුරු කිවි ශනි යෝගය
පරදාර සේවනයෙහි යෙදෙන, නැණ නුවණින් යුතු දුප්පත් නෑසියන් සිටින, තරබාරු කාන්තාවකගේ සැමියා බවට පත්වන කෙනකු වන්නට ඉඩ ඇත.
කුජ බුධ ගුරු කිවි යෝගය
කාන්තාවන් හා සමග රණ්‌ඩුසරුවල් කිරීමට කැමැත්තක් දක්‌වන, අතමිට සරු ශීලවන්ත ස්‌වභාවයක්‌ද සහිත නිරෝගීමත් ලෝක පූජිත කෙනකු විය හැකිය.
කුජු බුධ ගුරු ශනි යෝගය
ශූරයකු වුවද, දිළිඳු කෙනකු වන්නට ඉඩ ඇති ඇත්ත කතා කිරීමට කැමති පිරිසිදුකමට රුචියක් දක්‌වන ව්‍රත රැකීමට කැමති විද්‍යා ශාස්‌ත්‍ර දත් දීන විධියේ කතාවලට සමර්ථ කෙනකු වන සෙයකි.
කුජ බුධ කිවි ශනි යෝගය
යුධ සෙබළකු වීමේ ඉඩකඩක් ඇතත් අන්‍යයන්ගෙන් රැකෙන ස්‌වභාවයක් සහිත ලෝක ප්‍රකට නමක් දරන හැඩි දැඩි සිරුරක් තිබෙන බල්ලන්ට කැමැත්තක් දක්‌වන කෙනකු වන්නට ඉඩ ඇත.
කුජ ගුරු කිවි ශනි යෝගය
විෂය වාසනාවට ඇල්මක් ඇති පරදාර සේවනයෙහි යෙදෙන අහංකාර ගතියක් ද සහිත කෙනකු විය හැකිය.
බුධ ගුරු කිවි ශනි යෝගය
නැණ නුවණකින් යුතු විද්‍යා ශාස්‌ත්‍රයන්ට ඇලුම්කමක් දක්‌වන කාමයෙහි ඇලුණු පමණ දැන කතා බස් කරන වෙහෙර විහාර දේවස්‌ථාන, කෝවිල් යනාදියට යැමට කැමැත්තක් ඇති කෙනකු වන්නට පුළුවන.
We found this article from Divaina on 2011/09/09.
Also Sinhala to English Google word to word translation can be found here