Friday, September 12, 2025
Homesiචන්ද්‍රයා ඇසුරෙන් නැකත් කලාව

චන්ද්‍රයා ඇසුරෙන් නැකත් කලාව

[ratings]

අස්‌විද බෙරණ කැති රෙහෙණය මුවසිරස

අද පුණවස පුෂා අස්‌ලිය මාය දස

පුවපල් උතුරුපල් හත සිත සාය විස

අනුරය දෙටය මුල පුවසල නැකැත් විස

සමගින් උතුරුසල සුවණට පැමිණි කල

දෙනටය සියාවස පුවපුටුපය එකල

උතු පුටුපය නැකත විසිහය ගැනෙන කල

විසි හත නැකත රේවති වෙයි නම කොමල

මෙබඳු නැකත් 27 ක්‌ ජ්‍යෙතිෂයේ පවතින අතර ඇතැම් කටයුතු වලදී පමණක්‌ භාවිතා වන අභිජිත් යෑයි නැකතක්‌ වෙයි. කුජ හා ගුරු ගමන් මාර්ග දෙක අතර පිහිටි විශාල තරු ප්‍රමාණය නැකත් තරු පංතියයි. එය අති විශාල ග්‍රහ පංතියක්‌ නිසා සංකීර්ණයි. එනිසා නැකත් ගැනීම චන්ද්‍රයා සිටින ප්‍රදේශය අනුව වෙයි. චන්ද්‍රයා යම් තැනක පසුවේද එදින පවතින නැකතද එතනය.

චන්ද්‍රයා අංශක 13 කලා 20 ක්‌ සැරිසරන ප්‍රදේශය නැකතක භුක්‌ති ප්‍රමාණයයි. එය පාද වශයෙන් පාද 4 කි. පෘථි කක්‌ෂය වටා ඇති අංශක 3600.00Ö 130.20 බෙදූ විට ලැබෙන කොටස්‌ 27 නැකත් 27 යි.

නැකත් 27 (27ං4) පාද වශයෙන් 108 කි. ඒ අනුව රාශියක්‌ තුළ (108Ö12) පාද 9 කි. රාශියක්‌ තුළ නැකත් 2 1/4 කි. මේෂ රාශියේ පටන් ගැන්මත් අස්‌විද නැකතේ පටන් ගැනීමත් එකම අවස්‌aaථාවක සිට ගැනගෙන එන නිසා නැකතක්‌ දවසේ පවතින වේලාව පංචාංග ලිතක්‌ ආශ්‍රයෙන් දත යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments