[ratings]
(අවසන් කොටස)
ග්‍රහ ශාන්ති කර්ම වලදී භාවිත කෙරෙන ග්රහයින්ගේ විස්තර ඇතුළත් කවි රචනා කර ඇත්තේ භාරතීය බ්රාහමණයින් සතු බසින් රචනා කළ ශ්ලෝක ගුරු කොට ගනිමිනි. සිංහල බලි ඇඳුරන් තමා පෙරකල බ්‍රාහ්මණයින් විසින් කරන ලද ශාන්ති කර්මයක් මෙකල තමන් විසින් කරන බව පැවසීමෙන් එය සනාථ වේ. බ්‍රාහ්මණ ඇඳුරන් විසින් භාවිතා කළ එවැනි ශ්ලෝක කිහිපයකි මේ.
භාසවාන් කාශ්‍යප ගෝත්රජෝ රුණ රුචිඃ
සිංහාධිපෝ කීඃ සමිත්
ෂට් ත්රිංස්ථෝ දශමඃ ශුභෝ ගුරු ශශී ක්ෂෝණීප මිත්රඃ සදා
ශුක්රාර්ති තුරුපු කාලිංග විෂයේ ශෝග්
නීශවරෝ දෛවනේ
මෙධ්යවර්තුල පූර්ව දිං මුඛ ඉනඃ
කුර්යාත් සදා මංගලම්
මෙම ශ්ලෝකය මෙරට බලි ශාන්ති කර්ම වලදී හෙලබසට නගා ඇත්තේ මෙසේය.
කලිඟුදේසේ කමල කුසයේ නාරායන රුසි හටද ජාතක එළිඟු ඉඹුලේ එරන්සිරිවැස තුලා රැසලත් විසා නැකතක කලිඟු සමිඳේ කොකුම්වන් බත් සතිස්ලක්ෂය යොදුන් දිග ලක කලිඟු ඉරුදෙවි ඉඳුරු දෙස සිට ඔබට දෙන්නේ මහත් සැපතක. මේ ආකාරයට නමග්රහ නම දෙනාගේම බලය අනුහස ස්වභාවය කියෑවෙන කවි ශ්ලෝක දහස් ගනණක් ග්‍රහ පූජා ශාන්ති කර්මවලදී භාවිතයට ගැනේ.
බලි ශාන්ති කර්ම ප්‍රධාන කොටම ග්‍රහදෝෂ නැති කිරීමට භාවිත කරන බැවින් එය ජ්‍යෙdaතිෂයේම කොටසකි. මුල්ම බලියෙහි උපත දැක්වෙන කවි වලින් එය විශාලානුවර ලිච්චවි රාජ පරම්පරාම දක්වා ඈත ඉතිහාසයකට දිවයයි.
ලිච්චවි රජ උපත
ඔවුන් කුමරුන් සිය වෙත
පන්සිය කුමරු වෙත
ගියෝ වැලි කෙලි උනුන් සියවෙත
ඉන් එක් කුමරු හට
ගොස් වැඳ වැටී එම විට
තනා වැලි රුව කොට
දමා මල් පැන් පන්සියක් කොට
එවිට දොස් යන්නේ
කුමරා නැගි සිටින් නේ
බුදු අනුහසින් නේ
එදා සිට බලි පැවන එන්නේ
විසල් පුරයේ උපත ලද මෙම බලි ශාන්ති කර්මයේදී පුද ලබන දෙවියන් මෙසේ දක්වා ඇත.
විසල්පුර එම සඳ
ඇතිවිය මෙමල් බලියද
මෙහි රඟ සිත් පැහැද
ඇසුවන් හට වේය සැප සොඳ
හිං හතර රකුසුද
අට විසි නැකැත් දෙවිඳුද
ශනිශක ත්‍රි මොහොත ද
අෂ්ඨ රකුසත්දේවතාවොද
දොළොස් රුස් දෙවිඳුද
සේනාධිපති දෙවිඳුද
තිපස්වක් දෙවිඳුද
නවග්‍රහ දේවතා සමගද
එක සූවක් පමණ
දේවතාවුන් සමඟින
බුදුන් අනු මැති යෙන
එදා දොලපුද දුන්නු මෙලෙසින
උන් උන්ඩ වෙන වෙන
වර්ණ කර රස බෝජන
සුවඳ දුම් සමඟින
දුන්නු බලිපුද සරා වෙනවෙන
එදා තෙක් පටන් සොඳ
පැවතෙන මෙමල් බලියද
කල උන්ඩ නිවරද
වේය නිති සුබ යාග මනනද
දකුණු පළාතේ මාතර සම්ප්‍රදායට අයත් බලි වර්ග මෙසේය. අත් බලිය, බත් බලිය වැල් බලිය, මාන්ස බලිය, මල් බලිය, නරබලිය යුග බලිය වර්ෂ බලිය, මාස බලිය, පක්ෂ බලිය, කිථි බලිය, දින බලිය, නවග්‍රහ බලිය නක්ෂත්ර බලිය, රාශි බලිය, චක්‍ර බලිය, හිං හතරේ බලිය, අෂ්ඨ රාක්ෂ බලිය, රූප ප්‍රතිමා බලිය, කල්‍යාණ බලිය, කඩ බලිය, කුලු බලිය, සතුරු බලිය, දික් බලිය, පිහිටි බලිය, මාරු තීරු බලිය, උවදෝෂ බලිය, උෂ්ණඡ්වර බලිය, දේව කල්‍යාණ බලිය, බුද්ධ රූප බලිය, ඇස්වහ බලිය, දේව බලිය, විෂ බලිය, විසිපස් ගැබේ මල් බලිය, අසූ එක් ගැබේ මල් බලිය ඒ අතර වෙති, වෙනත් විවිධ සම්ප්‍රදායන්ට අයත් තවත් බලි රාශියක් ඇත. මේ සියල්ලම සෘජුව ජ්‍යෙතිෂයට සම්බන්ධ නිසා ජ්‍යෙතිෂ්‍ය ගුප්ත විද්‍යාවක් බව හොඳින්ම පැහැදිලි වේ.
බලි ඇදුරා ජ්‍යෙතිෂය පිළිබඳව මනා දැනුමක් ඇත්තෙකි. එහෙයින් හඳහන හෝ ජන්මපත්රය පරීක්ෂාකර කේන්ද්‍ර හිමියාට බලපාන ලෙඩදුක් කරදර මාරක අපල මොනවා දැයි ප්‍රකාශ කර එයට නිසි ප්‍රතිකර්ම යොදයි. වර්තමානයේ බහුලව නියම කරන්නේ බෝධිපූජා සෙත්කවි යන්ත්‍ර හා මැණික් පැළඳීමයි. එහෙත් ජ්‍යෙතිෂයේ ඒ සඳහා විශේෂිත වූ ප්‍රතිකර්ම රැසක් නියම කර ඇත.
සවිස්තරාත්මක ජන්ම පත්‍රයක අවසානයේ මෙවැනි විස්තරයක් තිබේ. දක්ෂිණවෘත ශනිගේ කාලචක්‍ර දශාවනු රාහුගේ අෂ්ටෝත්ර දශාවනු කුජගේ පිලිසුං දශාවනු ගුරුගේ මෘත්ය දශා වනු කිවිගේ දේහද් දශාවනු රාහුගේ ප්රාණද්දශා වනු ශනිගේ ශුක්ෂ්ම දශා වනු උල්කා යෝගිනි දශා වනු කේන්ද්‍රයක මෙලෙස විස්තර වන දශා නමයෙන් මෙන්ම කේන්ද්‍රස්ථානය ගත පාප ග්‍රහයින් දුෂ්ඨ එරාෂ්ටක මාරක බාධක වක්‍ර අනුවක්‍ර ආදියෙන් ඇති වන අපල උපද්‍රව දුරු කර ගැනීමට මෙකී බලි ශාන්ති කර්ම අපලයට උචිත පරිදි ජ්‍යෙතිර්වේදියා විසින් නියම කරනු ලබයි.
ග්‍රහයින්ට ජ්‍යෙතිෂ්‍ය තුළ දේවත්වය ආරෝපනය වී පවතින බවට බලිශාන්ති කර්මයේදී කියන කට පැහැදිවලින් මනාසේ ඔප්පුවේ. මේ එවන් කට පැහැදියක කොටසකි.
රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යයි යන නවග්‍රහ නමදෙන, වහන්සේලා අතුරින් සත්වැනි වරුනාධිපති ශනි සෙනසුරු නම් ග්‍රහ දිව්‍යා රාජොත්තමයාණන් වහන්සේගෙන් වැඳ පැමිණෙන මාරක බාධක ඒරාෂ්ටක අපල උපද්‍රවයන් දැනට මහ දශාව ලබා ඇති සෙනසුරු දිව්‍යා රාජයින්ගේ නාමයට මේ ආතුරයින් වෙනුවෙන්………. ඔබ වහන්සේගේ නාමයට පිං පෙත් දී වැඳ නමස්කාර කර ඔබ වහන්සේගෙන් වැඳ පැමිණෙන ලද්දාවූ දස නමයක් අවුරුද්දට අපල උපද්‍රව කරන ලද්දාවූ සෙනසුරු ග්‍රහ දිව්යරාජයින් වහන්සේගෙන් පැමිණුන ලෙඩ දුක් අපල උපද්‍ර අද මෙවන් මෙවේලේ පටන් නිවාරණයි තීන්දුයි.
ජ්‍යෙතිෂ්‍ය සමග වෙන් කළ නොහැකි පරිදි ග්‍රහ පූජා විධි හා ග්රහයින්ගේ දේවත්වය බැඳී පවතී. මෙම බලි ශාන්තිකර්මවලට බෞද්ධ මුහුණුවරක් ලබා දී තෙරුවන් ගුණ ඇතුළත් කර නැවත රචනා කිරීම සඳහා තොටගමුවේ ශ්‍රී රාහුල හා වීදාගම මහතා හිමිවරු ඉමහත් සේවයක් සිදු කර ඇත. අපගේ ශාන්තිකර්ම ඇතුළත් පොත් පත් රාශියක් මේ දක්වාම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පවතී. ඇතැම් පොත් අපගේ කෞතුකාගාරයේද ඇත. ජ්‍යෙතිෂයෙන් ක්‍රමයෙන් දැනට ගුප්ත විද්‍යාත්මක පැත්ත ඈත් වෙමින් පැවතුනද තවමත් මේ පිළිබඳ පොත් පත් රාශියක් විවිධ ගුරුකුල සතුව පවතී.
කොළඹ කෞතුකාගාරයේ පවතින බලි උප්පත්තිය නම් පුස්කොල ග්රන්ථයට අනුව විජයකුමරුට දිවිදොස් ඇති වු කල බොලු පඬි ශාස්ත්‍ර දන්නා ආචාරීහු ජ්‍යෙdaතිෂ්ශාසත්ර ඥාණයෙන් ගැනබලා බලි කිරීම යහපතැයි පවසා ඇත. එතැන් පටන් නක්ෂත්රාචාරීන් විසින් ජාතක පත්‍රය බලා ග්‍රහයින් නපුරට පැමිණි කල ඒ ඒ ග්‍රහයන්ට බලියාග පවත්වාගෙන එනු ලැබේ. බලියාග පිළිබඳ තොරතුරු පෝල් වීර්ස් මහතාගේ ලංකාවේ යක් තොවිල් හා රෝග සුව කිරීමේ කලාව ගැන ලියෑවුණ ජර්මන් ග්රන්ථයේද සඳහන් වේ.
ග්‍රහයින් ජ්‍යෙdaතිෂයට අනුව දෙවියන්ය යන්න සම්භාවනීය ජ්‍යෙdaතිෂ ග්රන්ථ සියල්ලකම පිළිගෙන ඇත. ජ්‍යෙdaතිෂ්‍ය ගොඩනගා ඇත්තේ ඒ පදනම මතය පණ්ඩිත ප්රඤ්ජ රාජාචාර්යයන් විසින් රචිත ශම්භු හෝරා ප්‍රකාශයේ එන මෙම ශ්ලෝකය එයට නිදසුනකි.
ආදිත්‍ය ප්රමුඛාංශ්වයේ දිව්චරා සතාරා ගණෛඃ සංයුතා මේෂද්යා අපි රාශයෝ ගණපතිර් බ්රහ්මේශ ලක්ෂමීධරාම් ගෞර්යාද්යං කිල මහ රෝෂට වසවඃ ශුක්රශව සප්තෂීයඃ තෙරක්ෂන්තු සදෛව යශ්ය විමලා පත්රිමයා ලිඛ්‍යතේ.
තාරකා මණ්ඩලය සහිත රවි ආදි ග්‍රහයෝද මේෂාදී දොළොස් රාශිද ගනේශ හා ත්‍රී මූර්තියද නෞරි ආදී අෂ්ට මාතෘහුද වසු දේවතාවෝද අසුර ගුරු වූ ශුක්‍ර හා සප්ත සෘෂිහුද මේ ජන්මපත්ර ලාභියා රක්ෂා කෙරෙත්වා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනයෙන්ද ග්රහදෙවියන්ගේ රාශි අධිපති දෙවියන්ගේ රැකවරන පැතීමෙන් පූර්වාචාරීහු ජ්‍යෙdaතිෂය හා ගුප්ත විද්‍යාව එකට සම්බන්ධ කළහ.
ඒ නිසා ජ්‍යෙdaතිෂය ගුරුකොටගෙන කරන කුමන කාර්යයක් වුවද සාර්ථකව කළ හැක්කේ එහි ඇති ගුප්ත විද්‍යාමය ස්වරූපය මැනවින් හඳුනාගෙන එයට අනුගතවීමෙන් බව අවසන් වශයෙන් කිව යුතුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here