Friday, September 12, 2025
Homesiදුක්‌ දෙන්නේ සෙනසුරු විතරද?

දුක්‌ දෙන්නේ සෙනසුරු විතරද?

[ratings]

සෙනසුරු අපලය සහ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳව දැනට මාස කිහිපයක සිට ජනමාධ්‍ය මගින් ජනතාව දැනුවත් කර ඇති නිසා නිතර කතාබහට ලක්‌වූ මාතෘකාවක්‌ විය. කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්‌වා “කොහොමද සෙනසුරු අපලය? ඔබටත් සෙනසුරු අපලද?” මඟතොටදී පවා කතාවනු ඇසේ. ඒ අනුව “සෙනසුරු කවුරුද?” “ඔහුගෙන් විය හැකි කරදර මොනවාද?, ඉන් මිදීමට කළ යුත්තේ මොනවාද?” යන්න ගැනත් අප තුළ යම් දැනුමක්‌, අවබෝධයක්‌ තිබේ. අවුරුදු දෙකහමාරකට වරක්‌ සිදුවන මෙම සෙනසුරු මාරුව සහ එම ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ සාමාන්‍ය හෝ අවබෝධයක්‌ ලබා තිබීම වැදගත්ය. එහෙත් සෙනසුරු මාරුවේදී උපතේ දී සඳු හෙවත් චන්ද්‍රයා සිටි ස්‌ථානය අනුව ඇතිවන සෙනසුරු ඒරාෂ්ටක අපලය පොදුවේ පැවසිය නොහැක්‌කේ එක්‌ එක්‌ පුද්ගලයාගේ උපතේ දී චන්ද්‍රයා සිටින ස්‌ථානය වෙනස්‌ නිසාය. එය දැන ගැනීමට ඔබ ඔබේ ජ්‍යෙdතිෂ මහතා හමුවිය යුතුය.

මේ ලිපියෙන් පවසන්නට යන්නේ සෙනසුරු ඒරාෂ්ටකය ගැන නම් නොවේ. අප සිතා සිටින්නේ අපට අපල උපද්‍රව කරනුයේ සෙනසුරු ග්‍රහයා පමණක්‌ය යන වැරැදි අදහස තරමක්‌ හෝ තේරුම් කරදීමට මෙම ලිපිය ඉවහල් වේ යෑයි සිතමි. ජ්‍යෙdතිෂය අනුව සෙනසුරු අපලය අපට දැනෙන්නේ එය අවුරුදු දෙකහමාරක්‌ හෝ හතහමාරක්‌ සිදුවන නිසාය. එහෙත් සෙනසුරු අපලය තරමටම ප්‍රබල අප ජීවිතයට බලපාන වෙනත් ග්‍රහ අපල අපට ඇත. ඔබත් මාත් දන්නා ග්‍රහයන් නවදෙනාගෙන්ම අපට හොඳ මෙන්ම අපලද සිදුවීමට ඉඩ ඇත. සෙනසුරු ග්‍රහයා අපව “නොමරා මැරුවද” ඇතැම් ග්‍රහයන්ගේ ග්‍රහ අපලවලදී අප මරා දමන්නටද ඉඩ ඇත. ඒ නිසා රවි ග්‍රහයාගේ සිට රාහු, කේතු ග්‍රහයන් දක්‌වාම අපට අපල උපද්‍රව සිදු කරන අවස්‌ථා ඇත. උපතේ දී අප ජන්ම පත්‍රය සාදන අවස්‌ථාවේ “උපන් දසාව” සහ උපන් දසාවෙන් ඉදිරියට අවුරුදු, මාස, දින කොපමණ ඇත්දැයි අසා අපහරණයක්‌ පෙන්වා තිබේ. ඇතැම් විට නොදන්නා අයෙකු උපන් දසාව මුළු ජීවිත කාලය පුරාම පවතී යෑයි සිතිය හැක. උදාහරණ ලෙස උපතේ දී රවි මහ දසාවෙන් උපන්නේ නම් එය පැවැතිය හැකි උපරිම කාලය අවුරුදු (06) හයක්‌ පමණි. ජ්‍යෙdතිෂ අනුව අපේ පරම ආයුෂ අවුරුදු එකසිය විස්‌සකි (120). ඒ කාලය මේ ග්‍රහයන් නවදෙනා අතර දසා අනුව බෙදා වෙන්කර ඇත. දැන් ඔබ එකසිය විස්‌ස නවයෙන් බෙදා (120/9) දසා කාලය සාදා ගන්නට සිතුවොත් එය වැරැදිය.

මෙම දසා ක්‍රමය ඒ ඒ ග්‍රහයාට වෙනස්‌ය. එසේම එක්‌ එක්‌ අයගේ උපන් දසාවද වෙනස්‌ය. ඒ අනුව දසා අපහරණයද වෙනස්‌ය. සාමාන්‍ය අවබෝධය සඳහා ඒ ඒ ග්‍රහයාට වෙන්කර ඇති “මහ දසාව” අවුරුදු කොපමණදැයි පහත දැක්‌වේ.

රවි මහ දසාව අවුරුදු 06

සඳු මහ දසාව අවුරුදු 10

කුජ මහ දසාව අවුරුදු 07

රාහු මහ දසාව අවුරුදු 18

ගුරු මහ දසාව අවුරුදු 16

ශනි (සෙනසුරු)

මහ දසාව අවුරුදු 19

බුධ මහ දසාව අවුරුදු 17

කේතු මහ දසාව අවුරුදු 07

ශුක්‍ර (සිකුරු) මහ දසාව අවු. 20

එකතුව අවුරුදු 120

දැන් ඔබේ ජීවිත කාලය පුරා ඒ ඒ ග්‍රහයා නිසා ලබන “මහ දසා” කාලයක්‌ අවබෝධ කරගන්නට ඇත. එසේ නම් ඔබ මෙසේද සිතනවා ඇත. “දැන් මා ගත කරන්නේ සිකුරු මහ දසාව” (සිකුරා ලබලා) නිසා කිසිදු කරදරයක්‌ සිදුවිය නොහැක. මට ලබා ඇත්තේ සෙනසුරු මහ දසාව (සෙනසුරා ලබලා) ඒ නිසා මට කිසිම ගැලවීමක්‌ නැහැ කියා. එහෙත් මා මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ මේ ගැනයි. යමකුට සිකුරා ලැබූ පළියට නැතහොත් සිකුරු මහ දසාව ලැබූ පමණටම සියලු සුබපල උදා කරන්නේ නැත. උපතේදී සිකුරු ග්‍රහයා සිටින ස්‌ථානයත්, සිකුරා උච්ඡද? නීචද යන්න පිළිබඳවත් උපතේදී සිකුරු ග්‍රහයා සිටියේ භෝජන අවස්‌ථාවේද?, සභා අවස්‌ථාවේද? නැතහොත් කුමන අවස්‌ථාවේද? සිකුරු සමග සංයෝගයෙන් සිටින අනෙක්‌ ග්‍රහයන් කවුරුන්ද? යන්නත් දැනගත යුතුය. එසේම සිකුරු ග්‍රහයාගේ දසාව ලැබූ විට ඔබට මුත්‍රා අමාරු සෑදෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද? ඇතැම් විට සිකුරු නිසා නඩු හබවලට පටලැවෙන්නට පුළුවන් බව ඔබ සිතුවාද? ඇත්ත එයයි. ඕනෑම ග්‍රහයකුගෙන් අසුබ ඵල ඇති විය හැක.

මෙසේ “මහ දසා” කාලය ඔබ දැනගත්තද එම කාලය නැවතත් අතුරු දසාවන්ට බෙදීමක්‌ සිදු වේ. ඒ අතුරු දසා නැවත සූක්‍ෂම දසාවලට බෙදේ. සෑම මහ දසාවකම මුල් කාලය එම ග්‍රහයාගේම අතුරු දසාවයි. රවි ග්‍රහයාගේ මුල් මාස තුනයි. (03.18) දින දහඅටක්‌ රවිට අතුරු දසාව වන අතර සිකුරු මහ දසාවේ මුල් අවුරුදු 03 (තුනයි) මාස හතරක්‌ (04) සිකුරු අතුරු දසාවයි. මේ අනුව සිකුරු මහ දසාවේ සිකුරු අන්තර්Êදසාව රවි මහ දසාවෙන් අඩක්‌ පමණ වන බව වැටහෙනු ඇත. මේ සෑම ග්‍රහයකුගේම අතුරු දසා නවයකට බෙදෙන නිසා ඒ ඒ අතුරු දසාවල ප්‍රතිඵල වෙනස්‌ වේ. කේතු ග්‍රහයා නරක ග්‍රහයකු ලෙස දැන හැඳින ගත්තද අධ්‍යාපනය ලැබීමට හොඳම කාලය කේතු මහ දසාවයි. ඔබට එකතැන සිටින්නට අකැමැති නම් රාහු මහ දසාව උදාවන තුරු හෝ රාහු අතුරු දසාවක්‌ එන තුරු සිටින්න. ජ්‍යෙdතිෂයට අනුව යමෙකුගේ උපන් හඳහනේ කේතු ලග්න ස්‌ථානයේ සිටී නම් ඔහුට හෝ ඇයට කුසගින්නේ සිටින්නට සිදු නොවේ. සෙනසුරු නරක ග්‍රහයකු යෑයි සිතුවද ඔහු නිසා ලැබෙන “ශශ” නම් යෝගය සහිතව ඔබ උපන්නේ නම් ඔබට දීර්ඝායුෂ නියතය. කුජ ග්‍රහයා නිසා තුවාල සිදුවීම් හා ශල්‍යකර්මවලට භාජනය වීමට ඔබට සිදුවේ යෑයි ඔබ දන්නවාද? රවි, සිකුරු ග්‍රහයන් නිසා උෂ්ණ රෝග ඇතිවිමට හැකි බව ඔබ දන්නවාද? රවි මහ දසාවේ බුධ අතුරු දශා ලැබූ විට නඩු හබවලට පටලැවීම, ශරීර අභ්‍යන්තරයේ තුවාල සිදුවීම, බුධ මහ දසාවේ රාහු අන්තර් දශාවේදී අජීර්ණ රෝග සෑදීම, හමේ රෝග, දේපළ හානි සිදුවීමට ඉඩ ඇත.

දැන් ඔබට තරමක්‌ හෝ දුරට සෙනසුරු ග්‍රහයාගෙන් පමණක්‌ නොව අනෙක්‌ ග්‍රහයන්ගෙන්ද යම් යම් අපල උපද්‍රව ඇතිවීමට ඉඩ ඇති බව අවබෝධ වන්නට ඇත. ජ්‍යෙdතිෂ්‍යවේදීන්ගේ ක්‍රමය මේ ග්‍රහ අපල ඔබට පෙන්වා දීමත්, ඉන් මිදෙන්නට පාර කියා දීමත්ය. නැතහොත් ඔබ බියගැන්වීම නොවේ. “අපල” සහ “මාරක අපල” පෙන්වා දී ඔබ මානසිකව බියගැන්වීම නොව එම අපල උපද්‍රව කලින් හඳුනාගෙන ඒවායින් මිදීමට මාර්ගය සොයා ගැනීම ජ්‍යෙdතිෂය මගින් සිදු කෙරේ¾ සෙනසුරු අපලය නොව අනෙක්‌ ග්‍රහ අපලවලින්ද බේරෙන්නට පුද පූජා පිළිවෙත් සහ යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යෙdතිෂ්‍යවේදීන් සතුය. සෙනසුරු අපල හඳුනා ගන්නාක්‌ මෙන් අනෙක්‌ ග්‍රහ අපලද හඳුනාගෙන ජීවිතය ශක්‌තිමත්ව ගොඩ නඟාගන්නට ඔබට වාසනාව උදාවේවා

We found this article from Divaina on 2012/01/27.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments