[ratings]
තාරකා ශාස්ත්රයේදී රාහු, කේතු ගැන කිසිවක් උගන්වන්නේ නැත. එසේ උගන්වන්නේ නැත්තේ ඔවුන් දෙදෙනා ග්‍රහ තාරකා නොවන නිසාය. එහෙත් ජ්‍යෙdතිෂ්ශාස්ත්රයේදී රාහු- කේතු ඉතා බලවත් වෙති.
චන්ද්‍රයා පෘථිවිය වටා යන ගමනේදී, පොළොව (පෘථිවිය) හිරුවටා යන ගමන් මාර්ගය, චන්ද්‍රයාගේ දිගු නිරක්ෂයෙන් කැපෙන සන්ධිස්ථානය රාහු හා කේතු ලෙස ජ්‍යෙdතිෂයේදී ඉගැන්වේ.
“රාහු” යනු සියල්ල ව්‍යාප්ත කරන ග්‍රහයා වන අතර හොඳට හෝ නරකට ජන්මියාව ප්‍රසිද්ධ කරවන්නේ ද මොහුමය. රාහුව හැඳින්වීම සඳහා යොදා ගෙන ඇති සංකේතය වන්නේ නාග හිසක් සහිත මිනිස් සිරුරකි. රාහු ලෙහෙසි පහසු ග්‍රහයකු නොවේ. කෲර ගතිවලින් රාහුගේ සිරුර නිතර පිරී පවතී.
ජන්මියාව දුම්බීමට හා මත්පැන්වලට ලොල් කරවන “රාහු” ධූමාකාරය. නිතර බියකරු බවකින් යුක්ත වන අතර වාතාධික, සෙම් රෝග සහිත, ප්‍රඥ හීනකරවන, දුවන අශ්වයකු නිරූපණය කරන ග්‍රහයා රාහුය.
රාහුට ඔළුවක් නැත. ඇත්තේ නයි හිසකි. ඒ නිසා මොළයක් නැත. ඥනය ද නැත. ඔහේ ඉබාගාතේ ඇවිදී. කිසිවෙහෙසක් නොදැනෙන අතර නිතරම සිත පොළඹවන්නේ ඇවිද්දවීමටය. වැඩිහිටියන් දෙන අවවාද නොරුස්සන අතර ඒවා කනකටවත් ගන්නේ නැත. හිතුවක්කාර ගති එමටය.
රාහුට රෑ දහවල් කියා වෙනසක් නැත. යමකට සිත ගියහොත් වෙහෙස, මහන්සි ගැන නොසිතා ඒ දෙයම කිරීම මොහුගේ සිරිතය. රාහු මහ දශාව ගත කරන්නන් තුළ මෙවැනි ගති ලක්ෂණ බොහෝවිට දක්නට ලැබේ.
සතුරු හෝ නීච රාහු පොත, පත, ඥනය, ඉගෙනීම ආදී කටයුතුවලින් ජන්මියා ඈත් කරවන අතර ඒ පිළිබඳව ඇති ඇල්ම හීන කරවනු ඇත. ඉතා හොඳින් ඉගෙනීමේ යෙදුණ අයකු වුවත් රාහුගේ මහ දශාවේ අවසාන භාගයේදී ඉගෙනීම දුර්වල කර අධ්‍යාපනය කඩාකප්පල් කර දමන්නේ සිත් පිත් නැති විලසිනි. එය අත්දුටු සත්‍යයක් වන අතර සමහර විට නොනිසි ප්‍රේම බන්ධනවලට පටලවා අධ්‍යාපනය බිඳ දමයි. එසේත් නැතිනම් ආර්ථික අපහසුතා ඇති කරවා අධ්‍යාපනය එපා කරවයි. “රාහු” යනු විද්‍යාව නමැති ආලෝකයේ “පහන” නිවාදමා ජීවිතයේ අඳුරු පැතිකඩක් වෙත ජන්මියා තල්ලු කරවන කෲර ග්‍රහයෙකි.
රාහුගේ දශා කාලවලදී ජන්මියා පහසුවෙන්ම අනුන්ගේ රැවටිලිවලට හසුවන අතර එයින් බොහෝ අලාභ, පාඩු සිදු කර ගනී. මෙම කාලයේදී ඇසුරට එක්වන්නේ බුද්ධිමතුන් නොවේ. බොහෝවිට හොරු, තක්කඩි හා කපටි පුද්ගලයෝ ඇසුරට එක්වෙති.
අනියම් ලෙසින් හෝ රහස් මාර්ගවලින් මුදල් උපයන, සටකපටි පුද්ගලයන්ගේ බහට මෙම කාලයේදී රැවටෙන අතර දෙමාපිය, වැඩිහිටි පක්ෂය දෙන අවවාද නයාට අඳුකොළ මෙන් දැනෙනු ඇත.
මෙම මහ දශා කාලයේදී සතුරන් හා විරුද්ධවාදීන් ද ඇති වීම සාමාන්‍ය දෙයකි. හිතුවක්කාරකමත්, කලබලකාරී බවත් හේතුවෙන් නැති ප්‍රශ්න ඇති කර ගනී. පරදින්නට ඇති අකැමැත්ත හේතුවෙන් අන් අය සාමයට, සමාදානයට කැමැති වුවත් රාහු දශා ගත කරන්නන් ඊට කැමැති වන්නේ නැත. මොවුන්ට අවශ්‍ය වන්නේ ගැටුම් මැදින් ජයග්‍රහණයයි.
අනුන්ට බලය ලබාදීම සඳහා නොබියව ක්‍රියා කරන්නේ රාහු බලවත් අයය. තමා කැමැති කෙනාට බලය ලබාදීම සඳහා ඔහුගේ විරුද්ධවාදියාගේ බලය සුන් කර දැමීමට මොවුහු මොහොතකටවත් පසුබට නොවෙති. එම නිසා ම තම නම ප්‍රසිද්ධියට පත්වේ. මෙවැනි සිදුවීම් දේශපාලන උණුසුම පවතින විට බහුල ලෙසම සිදුවනු අප අත් දැක ඇත.
වන්දනා හා ආගමික ගමන් බිමන්වල යෙදීමටද මෙම කාලයේදී රාහු මහ දශා ගත කරන්නන්, පෙළැඹීම විශේෂය. එමෙන්ම ඈත දුර කතර, රට රාජ්‍යයන් කරා කැඳවාගෙන යැමද රාහුගෙන් බොහෝදුරට සිදු වේ. බොහෝවිට එම රටවල් තමන් අදහන ආගම හා සබැඳි රටවල්වීම සුවිශේෂී ලක්ෂණයකි.
උපතේදී රාහු උච්චව, සමක්ෂේත්රව හෝ මිත්‍රව පිහිටි ජන්මීන් දේශපාලනයට ද පිවිසේ. ඔවුන් විවේකය ගැන නොබලා, දිවා රෑ නොබලා කටයුතු කරමින් ජයග්‍රහණය කරා දිව ගිය අයුරු පසුගිය මැතිවරණවලදී අපිs අත් දුටුවෙමු. සිතූ දේ සිතුවාටත් වඩා හොඳින් කිරීම එවැනි බලවත් රාහු මහ දශා ගත කරන්නන්ගේ ස්වභාවය වේ.
තම සිත එකඟ කර ගැනීමට ඇති අපහසුවත්, මානසික ආතතියත්, වස, විෂ ශරීර ගත වීමට ඇති ඉඩකඩත්, සර්ප දෂ්ටයට ඇති ප්රවණතාවත් හා සමේ රෝග වැළඳීමත් මෙම දහඅට අවුරුදු රාහු මහ දශා කාලයේදී ජන්මීන්ට අත්විඳීමට බොහෝදුරට සිදු වේ.
රාහු හොඳ වුවහොත් අන්තිම හොඳය. වෘෂභයේදී රාහු උච්ච වේ. රාහුට වෙන් කරදී ඇති රාශිය කන්‍යාව වන අතර එහිදි රාහු ස්වක්ෂේත්ර වේ. වෘශ්චික රාශියේදී රාහු නීච වේ. මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ යන රාශිවලදී රාහු යහපත් ඵල උදා කරනු ඇත.
රාහු මහ දශා ගත කරන්නන් බොහෝ දෙනකු පහසුවෙන් හඳුනා ගත හැකිය. ඔවුන් වේගයෙන් ගමන් කරන අතර ඇවිදීමට මහත් ආශාවක් දක්වනු පෙනේ. දුරදිග නොබලා කටයුතු කිරීම ද රාහු මහ දශා ගත කරන්නන්ගේ ස්වභාවය වේ. එසේ දුරදිග නොබලා කරන මෝඩවැඩවලින් ඔවුන් බොහෝ පාඩු සිදු කර ගනී.
සූදු ක්‍රීඩාවන්ට මෙන්ම තුරඟ තරගයන්ට ද ලොල් වූවන් බොහෝ දෙනකු රාහු මහ දශා ගත කරන්නවුන් බව අපගේ පරීක්ෂණවලදී හෙළි වූ විශේෂ කාරණයකි. රාහු උපතින් බලවත්ව පිහිටා ඇත්නම් එම ක්‍රීඩාවලින් මෙන්aම අනෙකුත් ක්‍රීඩා තරගවලින් ද බොහෝවිට ජයග්‍රහණ හිමි කර ගනී. එමෙන්ම උපතින් රාහු පාප පීඩිතව, දුර්වලව සිsටියේ නම් එවැනි තරග ක්‍රීඩාවලින් පරාජය උරුම වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර පාඩු සිදුවිය හැකිය.
රාහු ග්‍රහයාගේ හොඳ හෝ නරක ප්‍රතිඵල දිගුකල් අල්ලා සිටී. පෘථිවි සෙවණැල්ලේ “ප්රෙත්යqම්බ්රා” කලාපයට රාහු සමාන කර ඇති බව සෘෂිවරු ප්‍රකාශ කර තිබේ. කේතුට වඩා රාහු වැදගත් ලෙස පිළිගැනෙන ග්‍රහයෙකි.
කාල වර්ණයට හුරු මෙම ග්‍රහයාගෙන් උස් පුද්ගලයන් ද, පියපස සීයාද, මව් පස ආච්චී ද නිවේදනය කෙරේ. රාහුගේ දෙනෙත් එළුවාගේ දෙනෙත්වලට සමානය. රාහු ගෝචරයෙන් වක්‍ර ගමනේ යෙදෙන අතර තමා සිටි තැනින් දෙවැන්න හා දොළොස්වැන්න දකී. 2011 ජුනි මස 06 වැනි දින වෘශ්චික රාශියට පිවිසුණ රාහු 2012-12-24 දක්වා එහි රැඳී සිටියි. වෘශ්චිකය රාහුට නීච රාශියකි.
We found this article from Divaina on 2011/10/21.
Also Sinhala to English Google word to word translation can be found here	

