Friday, September 12, 2025
Homesiදෙවැනි භාවයේ ග්‍රහයන් ඔබ ගැන අනාවැකි කියයි මේ විලසින්

දෙවැනි භාවයේ ග්‍රහයන් ඔබ ගැන අනාවැකි කියයි මේ විලසින්

[ratings]

කොටු දොළහක්‌ හෙවත් භාව දොළහකින් සමන්විත වූ ජන්ම කේන්දරයක පිහිsටියා වූ එක්‌ එක්‌ භාවයන් වල තැන්පත් වන ග්‍රහයන් උපයෝගී කරගෙන ඵලාපල පැවසීමේදී එකී භාවයන් තුළ තැන්පත්ව ඇති ග්‍රහයන් අනුව පුද්ලයාගෙන් පුද්ගලයා තුළ පවතින චරිත ලක්‌ෂණ හා ගති පැවතුම් එකිනෙකට වෙනස්‌ වේ.

කේන්දරයක දෙවැනි භාවය නොහොත් දෙවැනි කොටුවෙන් පුද්ගලයකුගේ ධනස්‌ථානය, කුටුම්බ ස්‌ථානය හෙවත් මරණය ගැන කියෑවෙන ස්‌ථානයත්, මුහුණ, කට, බෙල්ල ගැනත්, ඇස්‌ පෙනීම ගැනත් කියවෙන ස්‌ථානය වන අතර පුරුෂයකුගේ දකුණු ඇස ගැනත් ස්‌ත්‍රියකගේ නම් වම් ඇස ගැනත් මෙයින් වැඩිදුරටත් විස්‌තර කළ හැකි වේ.

ඒ අනුව කේන්ද්‍රයක දෙවැනි භාවයේ සිටින ග්‍රහයන්ට අනුව ජන්මීන්ගේ චරිත ලක්‌ෂණ මෙසේ දැක්‌විය හැකිය.

රවි 2 වැනි භාවයේ සිටින විට – ඇස්‌වල රෝග සාදන අතර පියාට සුබ නොවන පිහිටීමකි. දත්වල වෙනසක්‌ දැකිය හැක. ආර්ථික අපහසුතා පවතින වචනයේ බලයෙන් අන් අය යටත් කරගන්නන් වේ.

සඳු 2 වෙනි භාවයේ සිටින විට – දැකීමට ප්‍රිය මුහුණ කට වේ. ලස්‌සන මුහුණක්‌ හිමිවන අතර සෙම් රෝග සාදයි. ආර්ථික තත්ත්වය නිතර වෙනස්‌ වේ.

කුජ 2 වෙනි භාවයේ සිටින විට – විවාහයට සුබ පිහිටීමක්‌ නොවේ. ශල්‍යකර්මවලට භාජනය වීමට ඉඩ ඇත. වචන ගින්දර මෙනි. පියාට සුබ නැත.

ශනි 2 වැනි භාවයේ සිටින විට – ශනි දශාවේදී ධන හානි ඇති වේ. දත් දිරායැම හෝ පිහිටීමේ වෙනසක්‌ ඇති වීමට ඉඩ ඇත. විවාහය සම්බන්ධව පාඩු සිදුකර ගනියි.

සිකුරු 2 වෙනි භාවයේ සිටින විට – කලාවට ලැදි මනා රූ සපුවක්‌ ඇති නිවසට සිරිකත බඳු ධනය ලබන ඉතා ලස්‌සන කටහඬ ඇති කෙනෙකි.

ගුරු 2 වෙනි භාවයේ සිටින විට – විශාල නිවාසවල වාසය කරන ව්‍යාපාර වලට ශූ+ර ආගම දහම සම්බන්ධව නිතර කතා කරන සුබ විවාහයකට හිමිකම් කියන කෙනෙකි.

බුධ 2 වෙනි භාවයේ සිටින විට – කට නිසා ප්‍රකට වෙන, වචනයෙන් ධනය උපයන, මනා බුද්ධිමත්, ජනමාධ්‍ය අංශයේ නීතිවේදී රැකියා කරන ව්‍යාපාරවලට ශූර අයෙකි. කුමන

රැකියාවක්‌ කළත් ධනය උපයන අයෙක්‌ වේ. රාහු 2 වැනි භාවයේ සිටින විට – මුහුණේ කැළල් පවතින දත් තරමක්‌ ඉදිරියට නෙරා ඇති පියාට සුබ පිහිටීමක්‌ නොවන අයෙකි.

කේතු 2 වෙනි භාවයේ සිටින විට – මුහුණේ ළප කැළල් පවතින ඇස්‌ රෝග සාදන ආර්ථික අපහසුතා පවතින වචන ගින්දර මෙනි. ස්‌නායු රෝග පවතින මඳක්‌ සැර පරුෂ අයෙකි.

We found this article from Divaina on 2012/01/27.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments