[ratings]
අප රටේ ගුප්ත විද්‍යා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය අංගයක් බවට බහිරව පූජා තැබීම පත් වී තිබේ. නිවාස තැනීමේදී වැඩ අතරමඟ නතර වූ නිවාසවල වැඩ නැවත ඇරඹීමේදී මෙන්ම සුබ නැකතින් පළමු මුල්ගල තබන විටද බොහෝ දෙනා බහිරව පූජා තබති. භූමිය ආශ්‍රිත සියලු ආකාරයේ කර්මාන්ත ඇරඹීමට පෙර භූමියට අරක් ගත් බහිරවයන්ට පූජා තැබිය යුතු බවට පොදු මතයක් තිබේ. මෙයට පරිබාහිර වූ වෙනම බහිරව පූජා පිළිවෙළක් නිධන් හාරන අය විසින් අනුගමනය කෙරේ. ඒවා නිධන් වදලුවල සඳහන් ආකාරයට විවිධ ස්‌වරූප ගන්නා බැවින් මෙහිදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරනු නො ලැබේ. නිධන් සඳහා බහිරව පූජා තැබීම දැන් කෙරෙන්නේ ද නැත. නව තාක්‍ෂණය යොදාගෙන නිධන් හාරන අය මේවා නොසලකා කටයුතු කරන බැවිනි.
භහිරණ්‌ඩි, භෛරව, බහිරව, බැරැන්ඩි ආදී විවිධ නම්වලින් හඳුන්වන බහිරව තෙමේ දේව හා යක්‍ෂ යන තත්ත්වයන් දෙකටම පුද ලබන අයෙකි. සීතාවක රාජසිංහ රජතුමා ශිවාගම වැළඳගෙන අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් ගේ උපදෙස් අනුව ශිව දෙවියන්ගේ අවතාරයක් වූ බහිරව සඳහා සීතාවක ප්‍රදේශයේ අදටත් නටඹුන් දැකිය හැකි දර්ශනීය
බැරැන්ඩි කෝවිල ඉදිකර සීතාවක ගඟේ මහා යාග මණ්‌ඩපයක් ඉදිකර භෛරව පූජාවක් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බහිරව විටෙක ශිව දෙවියන් සමඟ ද විටෙක මහා කාලි සමඟ ද පුද ලබන බිහිසුණු යක්‍ෂයෙකි. ඒ නිසා නර බිලිද ඇතුළුව බිලි පුද තබා ලේ වලින් පූජා ලබන බලවත් යක්‍ෂයකු ලෙසද පිළිගැනේ. පළමු රාජසිංහ රජුගෙන් පසුව ද මහනුවර රජ වූ වඩුග පරපුරේ රජවරු මේ ආකාරයේ බහිරව පූජා පවත්වා ඇත. ඒ සඳහා මහනුවර බහිරව කන්දේ දේවාලයක් ඉදිකර වසර පතා කන්‍යා නර බිලි ද පුද කළ බවට තොරතුරු තිබේ. සෙල්ලක්‌කාර රජකු වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නොමනා වැඩ නිසා රාජ්‍ය භාණ්‌ඩාගාරය හිස් වූ නිසා පෙර රජ දවස මිහිදන් කළ වටිනා නිධන් වස්‌තු ලබා ගැනීමට මන්ත්‍රකාරයන් ගේ උපදෙස් මත බහිරවයා බැඳ ගැනීමට උත්සාහ දරා ඇත. මෙයින් උරණ වූ දරුණු දේවතාවකු වූ බහිරව මන්ත්‍රකරුවන් මරා බහිරව කන්දට පැන සිංහල රාජ්‍යය නැසේවායි ශාප කළේය. ඒ ශාපය නැති කිරීමට මෙම කන්‍යා බිලිදීම වසර පතා සිදු කර ඇත.
සීතාවක රාජසිංහ රජු සමයේ ද පරංගීන් වනසා රට එක්‌සත් කිරීමට බහිරව බන්ධනය කරන ලෙසට ඌවේ කුඩා මොහොට්‌ටාලට පවරා ඇත. එහිදී ද බහිරව අතින් කුඩා මොහොට්‌ටාල මැරුම් කන ලදී. මෑත කාලයේ මන්ත්‍ර ශාස්‌ත්‍රයට නම් දරා සිටි කොණ්‌ඩදෙණියේ හාමුදුරුවන් බහිරවයා අරක්‌ගත් නිධානයක් බිඳ තෙල් බේත් හා මන්ත්‍ර ලබාගෙන විවිධ දස්‌කම් පා ඇති අතර බහිරවයාගේම ප්‍රහාරයට ලක් වී හදිසියේ මිය ගොස් ඇත. මේ අනුව පෙනී යන්නේ බහිරවයා යනු බිහිසුණු භූත බලවේගයක් බවය.s
එහෙත් බහිරවයා ඉතා සෞම්‍ය ලෙසට දේවත්වයෙන් අදහන අවස්‌ථා ද ඇත. ඒ සඳහා ඔහු වෙනුවෙන් වූ දේවාල පවතින අතර ඒවායේ කිසිදු සත්ව ඝාතනයක් සිදු නොවේ. අනෙකුත් දෙවිවරුන් මෙන් මල්, පහන්, සුවඳ පඬුරු, බුලත්, පලතුරු, කැවිලි, කිරිබත් ආදියෙන් පුද ලබා බැතිමතුන්ට යහපත සෙත ශාන්තිය ආරක්‍ෂාව ලබා දේ. එහෙත් මේවායේ දී ද ගොඩ දිය මස් පුදන බව පෙනේ. හොරොව්පතාන, පල්ලන්කුලම, තිරප්පනේ, ගල්නෑවගම, හිඹුටුගොල්ලෑව, පලුගස්‌වැව, අනුරාධපුර ජයන්ති මාවත යන ස්‌ථානවල මෙවැනි බහිරව පූජා පවත්වන දේවාල පවතී. බොහෝ විට ප්‍රාණයට ප්‍රාණයක් බාර වීම ද බහිරවයා වෙනුවෙන් කෙරෙන දෙයකි. වසංගත රෝග, සාමාන්‍ය රෝග, වෙනත් ආපදා දුරුකර ගැනීමට කුඹුරු පිටි සරුසාර කර ගැනීමට දියුණුව ලබා ගැනීමට ගව මහිෂාදීන් හා ගැබිනි මවුවරුන් හැම දෙනාගේම ආරක්‍ෂාව ලබා ගැනීමට මෙවැනි පූජා පවත්වන බව පෙනේ. බහිරව පූජා තබන කෙම්මුර දිනයන් සඳුදා බදාදා සෙනසුරාදා දිනයන් ය. අනුරාධපුර අභයගිරිය චෛත්‍ය භූමියේ ඇති සංඛ හා පද්ම බහිරව දේවාලව ද බොහෝ දෙනා බාරහාරවීම් පුද පූජා කරති. නුවර කලාවියේ වෙසෙන අය බහිරව දෙවියන් ගැන ගෞරවයක් දක්‌වති. පැරැණි පූජනීය ස්‌ථානවල හා වෙනත් ස්‌ථානවල තැන්පත් කරන ලද නිධන් ආරක්‍ෂා කිරීම පැවරී තිබෙන්නේ බහිරව වෙතට බව විශ්වාස කරන අතර අටමස්‌ථානය වැඳ පුදාගෙන පොහෝ දිනවල මිහින්තලය හරහා නිධන් ඇති ස්‌ථාන කරා බහිරව දේවතාවා ගමන් කරන බවත්, එවිට නිල්පාට ආලෝකයක් විහිදෙන බවත් නුවර කලාවියේ අය පවසති. මෙරට හින්දු කෝවිල් විශේෂයෙන් ඊශ්වර හා කාලි කෝවිල්වල බහිරව පූජාවට පාත්‍ර වන දේවතාවෙකි.
බහිරව යන්නෙන් ලෝකය උසුලා සිටින, දරා සිටින යන අරුත් කියෑවේ. ඔහුගේ රූපය බිය උපදවන ශක්‌තිමත් වාමන ස්‌වරූපයක් ගනී. පැරැණි රජවරුන් ඉදිකරන ලද බොහෝ චෛත්‍ය ප්‍රතිමාගෘහ ආදී සිද්ධස්‌ථානවල පළමුවෙන් දක්‌නට ලැබෙන්නේ යමක් උසුලාගෙන සිටින ආකාරයේ වාමන රූප සමූහයකි. මෙයින් සංකේතවත් වන්නේ ඒවායේ ආරක්‍ෂාව බහිරව දේවතාවා වෙත බාර දී තිබෙන බවය. අවුරුදු දහස් ගණනක් මේවා ආරක්‍ෂා වී පැවැතීමට එය ද හේතුවක් වන්නට ඇත.
හින්දු දහමට අනුව ශිව දෙවියන්ගේ බිහිසුණු අවතාරයක් වූ භෛරව නියෝජනය කරන්නේ ශිව දෙවියන්ගේ දරුණු විනාශකාරී ස්‌වභාවයයි. මේ එයට උදාහරණයකි.
ශ්‍රීමාන් මහේෂ්වර කෘපාම හෙ දයාලෙං
භෙ ෙව්‍යාමකේෂ ශිතිකණ්‌ඨ ගනාධිනාථ
භසමාංග රාග නෘකපාල කලාපමාල
සම්ප්‍රාප්ත දුඃඛ ගහනාජජගදීශ රක්‍ෂ
මෙහි ගණාධිනාථ යන්නෙන් හඟවන්නේ සියලු භෛරව ගනයාට නායක වූ යන්නයි. බහිරවයන්ට නායක වූ ශිව දෙවියන්ගේ බිහිසුනු ස්‌වරූපයට මේ ශ්ලෝකයෙන් වඩාත් පැහැදිලි වේ. ඕං යංයංයං යක්‍ෂ රූපං දශදිශි විදිතං භූමිකම්පාය මානං
සංසංසං සංහාරමූර්තිං ශිරමුකුට ජටාශේඛරං චන්ද්‍ර බිම්බම්
දංදංදං දීර්ඝකායං විකෘතනස්‌වමුඛං චෝර්දව රෝමං කරාලං
පංපංපං පාපනාශං ප්‍රණමත සතතං භෛරවං ක්‍ෂෙත්‍රපාලං
වාමන පුරාණයට අනුව බලකාමයෙන් මත් වූ අසුර රජකු රුද්‍රගේ උදරයට දුන් ගදා පහරින් වැටුණු රුධිරයෙන් අෂ්ට බහිරවයන්ගේ උපත සිදුව ඇත. රුද්‍ර යනු ශිව දෙවියන්ය. එසේ උපන්නේ විද්‍යාරාජ, කාමරාජ නාගරාජ, සවස්‌චJදරාජ, ලම්බිතරාජ, දේවරාජ, උග්‍රරාජ හා විස්‌තරාජ යන බහිරව අට දෙනාය. බ්‍රහ්ම වෛවර්ණ පුරාණයට අනුව කාලි පූජාවේදී එකට පුද ලබන බහිරව අටදෙනෙකි. ඒ මහා බහිරව සංහාර බහිරව, අසිතංගි බහිරව, රූරු බහිරව, කාල බහිරව, ක්‍රෝධ බහිරව, තාම්බ්‍රචූඩ බහිරව, චන්ද්‍රචූඩ බහිරව යනුයි. තන්ත්‍ර සාරයේ මොවුන් අසිතංග, රූරු, චන්ඩ, උමතු, ක්‍රෝධ, කපාල භීෂණ හා සංහාර ලෙස හැඳින්වේ. කාලීක පුරාණයේ මෙයට අමතරව නන්දි, භෘති, මහකාල, ඛටුක හා වේතාල යන බහිරවයන්ද දැක්‌වෙන අතර මේ ප්‍රධාන බහිරවයන් සමග අටකෝටියක් වූ බහිරව පිරිසක් සිටින අතර තව තවත් වස්‌තු තණ්‌හාවෙන් මියයන පිරිස් මෙයට එක්‌වන බවද සකු ග්‍රන්ථවල සඳහන් වේ.
භෛරවයන් පිළිබඳව මත කිහිපයක් පවතින අතර ශිව දෙවියන්ගේ සහ කාලි දේවියගේ ප්‍රධානත්වය යටතේ පුද ලබන භෛරවයන් පිළිබඳ විශ්වාසය එකකි. එහිදී ශිව දෙවියන්ගේ දරුණු අවතාර යක්‌වූ ශනාධිනාථ භෛරව අවතාරයකි. මෙහි ශිව දෙවිඳු බිහිසුණු යක්‌ෂාවේශයක් දරන අතර ඔහු පිරිවරා සිටින යක් සෙනඟ භෛරවයෝ වෙති. ඔවුනට බිලිපූජා පවත්වා ඇත. කුල තන්ත්‍රයට අනුව මෙවැනි පූජා සිද්ධි භෛරව මායිත භෛරව, කඩකාල භෛරව, කාලාග්නි භෛරව, ශක්‌ති භෛරව, ගෝගිනි භෛරව, මහා භෛරව, භෛරවනාථ යන භෛරවයන්ට පවත්වා ඇත. කාලි දේවියද භෛරවී නාමයෙන් මෙකී භෛරවයන් පිරිවරා පුද ලබයි.
මේ හැර මහීපාල කුම්භාණ්‌ඩ භෛරව යනුවෙන් යක්‌ෂ සේනාවක් සිටින අතර ඔවුන් වේතාල නාමයෙන්ද හැඳින්වේ. ඉතා බිහිසුණු මේ කුම්භාණ්‌ඩ යක්‍ෂයෝ මහමෙර පෙරදිගට අධිපති විරූපාක්‍ෂ වරම් රජු යටතේ සිටිති. විධුර ජාතකයේ පූර්ණක යක්‌ෂ සේනාධිපතියා මෙවැනි යකුන් ආරක්‌ෂා කළ ආශ්චර්යවත් මැණිකක් ඔවුන් පළවාහැර පැහැරගනී. එයින් මොවුන් නිධන් රකින යකුන් බව පෙනේ.
වෙසමුනි මහ රජුගෙන් පාලනය වන සත්කෝටි සයානු ලක්‌ෂයක් යක්‌ෂ සේනාවට අයත්ව නව මහා නිධි නම්වූ නිධන්a රකින සංඛ හා පද්ම නම්වූ භෛරව පිරිසක් සිටිති. පැරැනි චෛත්‍ය හා ආරාම සහ ඒවායේ නිධන් රකින්නේ මේ දේවතාවුන් විසිනි.
මෙම භෛරවයන්ට පූජා තැබීමේදී අප රටේ විවිධ ක්‍රම භාවිත කෙරේ. මෙහිදී අටලොස් වාස්‌තු ශාස්‌ත්‍රොaපදේශකයන් අතරට වැටෙන විශ්ව කර්ම ප්‍රකාශය සම්පාදනය කළ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් දෙව්ලොව ගෘහ නිර්මාපකයා වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාගේ බලි රුවක් සහිතව විශ්ව කර්ම පූජාව තබා කෙරෙන භෛරව පූජාව ප්‍රධාන තැනක් ගනී. විශාල කර්මාන්ත, මහා විහාර කර්මාන්ත හා වාරිමාර්ග කර්මාන්තවල ආරම්භයේ දී මේ භෛරව පූජාව තබනු ලැබේ. මැණික් පතල් කපන විට මංග්‍ර දෙවියන්, සමන් දෙවියන් හා කතරගම දෙවියන් ප්‍රධාන කොට භෛරව පූජා තබති.
භෛරවයන් දේවත්වයෙන් සලකා කරන පූජාවක්‌ද, භෛරවයන්, යක්‍ෂයන් ලෙස සලකා කරන පූජාවක්‌ද යනුවෙන් ක්‍රමවේද දෙකක් ඇත. දේවතාවුන් ලෙසට සලකා පුද දෙන විට අටදිගට තටු අටක් හා ආතාල පාතාල භෛරවයන්ට තටු දෙකක් වශයෙන් තටු දහයක් පිළියෙල කරනු ලැබේ. අටකොණ බහිරවයන්ට දිග පළල ගැඹුර එක් රියන් දැඟුලක වළවල් කැන නෙළුම් කොළ අතුරා පුද තටු ඒ මත තබන අතර සමහරු වළවල් එතරම් ගැඹුරට කනින්නේ නැත. පූජාවසානයේ සමහරු මේවා පස් දමා වසති. නමුත් ශාස්‌ත්‍රීය ක්‍රමය වන්නේ ගංගා ජලයේ පාකර හැරීමයි. පාතාල බහිරවයාට ගෙයි මැදද අකාල බහිරවයාට උස තටුවක ගෙයි දොරකඩද පූජා තබයි. ගෙයි දොරකඩ අලංකාර මල් අස්‌නක ඊශ්වර පූජාව සරසා දෙනු ලැබේ. සියලු තටු රඹපත්, නෙළුම්පත් අතුරා අලංකාර ගොක් සැරසිලි කරනු ලැබේ.
මෙහිදී බහිරවයා පළවා හැරීමක් නොකරන අතර ඒ වෙනුවට ඔහු සතුටු කර ආරක්‌ෂාව ඉල්ලා භෛරව ආරක්‌ෂක යන්ත්‍ර අටක් ජපකර අටකොන තැන්පත් කෙරේ. භෛරවයා ප්‍රබල ආරක්‌ෂක දේවතාවකු බව මේ මන්ත්‍රයෙන්ද සනාථ වේ.
ඕං නමඃ ශ්‍රී භෛරවාය අනේක විරාජ අවලෝකනාය මනිමකුඨ නාගේන්ද්‍ර කීර්තිභීම සෝභිකාය සිද්ධාය සාධ්‍යාය යක්‌ෂාය මනෝරථාය… අෂ්ට දිග්භාගේ ත්‍රිකාල සන්ධ්‍යා භෛරවාය රක්‌ෂන්තු සකල කාලේ ශක්‌ති ගණපති මෙධ්‍යශ්වර භෛරවාය රක්‍ෂන්තු සවාහඃ…
භෛරවයා විවිධ වෙස්‌ගෙන මෙවැනි පූජා අවස්‌ථාවලදී හා බලපෑම් කළ යුතු අවස්‌ථාවලදී පැමිණෙන බවට විවිධ සාක්‌ෂි ඇත. ඉන්දියාවේ පුරාවිද්‍යා කැනීම් සිදුකළ කීර්තිමත් පුරාවිද්‍යාඥ සර්Êජෝන් මාර්ෂල් හමුවට භෛරවයා පැමිණ ඉතා ව්‍යක්‌ත ඉංග්‍රිසි භාෂාවෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බවට පුවතක් සිරිසේන මාඉටිපේ ශූරීන්ගේ “මා නැති දවස” ග්‍රන්ථයේ ඇත. මෙයට සමානතාවක් ඇති භෛරවයාගේ පැමිණීම් පිළිබඳ අත්දැකීම් මාහටද තිබේ. පැරැණි රාජධානිවලට ආසන්න ඉඩම්වල බහිරවයාගේ බලපෑම් වැඩිපුර ඇත. භූමියේ නිධන් ඇතිවිටද බහිරව බලපෑම් වැඩි වේ.
භෛරව පූජාව සඳහා ගිතෙල් මිශ්‍ර කිරිබත්, රඹකැන්, පලතුරු, කිරි, ත්‍රිලෝක විජය අබිං සුවඳ වර්ග, කැවිලි වර්ග, දැහැත්, පහන්, මල්, නෙළුම් මල්, පොල් රවුම් පඬුරු, නව රුවන් පස්‌ලෝ ආදී පූජා භාණ්‌ඩ ගනු ලැබේ. අංගසම්පූර්ණ ඊශ්වර දේව පූජාවක් තබා ඉන්පසු භෛරව පූජා අරඹන අතර ඒ සඳහා නියමිත ස්‌ත්‍රොaත්‍ර මන්ත්‍ර කන්නලව් යාදිනි කවි රාශියක් ඇත. එක් එක් දිශාවට වෙන වෙන මන්ත්‍රවලින් තටු කැපකර අවසානයේ සාමුහික මන්ත්‍රවලින් කැඳවා පූජා කැපකළ යුතුය. භෛරව දිෂ්ටිය එන විට සියලු පහන් නිවී ගොස් අඳුරු වන ගතියක් තිබේ. එයට සූදානම්ව සිටිය යුතුය. තටු ඉවත් කරනවාත් සමග යන්ත්‍ර තැන්පත් කළ යුතු අතර තටු ගංගා ජලයේ පාකර දිෂ්ටි උගුලුවා කීල් ගසා අවසන් කළ යුතුය.
නිවසක හෝ ඉඩමක භෛරව පූජාව තබන විට භූම දේවියට පූජාවක් සහිත මල් කලසත්, නියමිත කවි මන්ත්‍ර ස්‌තෝත්‍ර කියා තැබිය යුතුය. එය පූජා ආරම්භයේ සිදුකර භූමිය ඉඩ අරවාගත යුතුය.
මාතර ගුප්තවේදීන්ගේ භෛරව පූජා රටාව මෙයට වඩා වෙනස් වූවකි.
බහිරව අටදෙනාට හා නවග්‍රහයන්ට එකම තටුවක මහල් දෙකක පූජා තැබිය හැකි අන්දමේ තටුවක් පිළියෙල කරන අතර වෙනම ප්‍රේත තටුවක් දෙනු ලැබේ. මෙහිදී බහිරවයන් අටදෙනකුට පමණක් පුද දෙන අතර ඔවුන් නවග්‍රහයන්ගේ බලයට යටත් කර ඇත.
පතිවන ඉඳුරට ඉරු දෙවි අනයෙන
ලැබගෙන වරමුත් එම දිග වැජඹෙන
පුදමින තටුවක් රන්බත් භෝජන
ත්‍රිභූවන යකුහට දෙන් දොල මෙලෙසින
ඕං නමෝ සෞම්‍යාවට අධිපති වන්නා වූ බුධගෙන් අවතාරලත් භද්‍රා නම් යක්‍ෂයා ගිනි කංඩී නම් යක්‍ෂනී ඕං ග්‍රීං සඳුන් සුවඳ මල් බුලත්, බත් භෝජන කැපගං තෝසවාහඃ.
මාතර සම්ප්‍රදායට අනුව අටකොනට වෙනම අයිල අටක් සාදා අටකොනට භෛරවයන්ට එහිදී පුද දෙනු ලැබේ. බොහෝ තැන්වල භෛරව දෝෂයට වඩා තිබෙන්නේ ගෙවල ප්‍රේත, මලප්‍රේත දෝෂ නිසා මෙහිදී ප්‍රේත තටුවක්‌දීම ඉතාම උචිත කරුණක් බව කිව යුතුය.
යමක් නැතිවූ විට අප කියන්නේ බහිරවයා ගිලින්නට ඇත කියාය. එයින් කියෑවෙන්නේ අප සතු සම්පත් දියුණුව තනතුරු මිල මුදල් ව්‍යාපාර ඉඩකඩම් නැති භංග කළ හැකි බලයක් බහිරවයාට ඇති බවයි. පොළොව මත කරන ඕනෑම දෙයක් ඔහුට වනසා දැමිය හැක. ඒ නිසා භූමිය සම්බන්ධ කටයුතුවලදී හා පරිහානිය සිදුවන විටදී බහිරව පූජා තැබීම යහපත් ප්‍රතිඵල ලබාදෙන ක්‍රියාවකි.
We found this article from Divaina on 2012/01/06.
Also Sinhala to English Google word to word translation can be found here