Friday, September 12, 2025
HomeRituals & Consecrationsනවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පහන් පූජාව

නවග්‍රහ දෝෂ දුරුකරන නවගුණ දීපාලෝක පහන් පූජාව

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සේලා නම් තෙරණිය පෙර ජාතියක බෝධීන් වහන්සේට පහන් පූජා කිරීමේ ආනිසංස වශයෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව පඤචදීපා නම් රන් විමනේ උපන් බවත් අවසන් ආත්මභාව හතෙන් පසු ඇය රහත් ඵල ලැබූ බවත් අපදාන පාලියෙහි සඳහන්ය.”

ඒ සත්‍යානුභාව බලයෙන් අදද අපට පෙර ආත්මභවයන්හි සිදුකරන ලද අකුසල් හේතුවෙන් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන් නවදෙනාගෙන් එල්ලවන අසුබ බලපෑම් මගහැර ගනිමින් සතුටින් සහනයෙන් ජීවත්වීමේ භාග්‍ය හිමිකර ගත හැක්‌කේය.

ඒ සඳහා පුරපක්‍ෂයේ (කෙම්මුර) සෙනසුරාදා දිනවල විහාරස්‌ථානයට ගොස්‌ සුපුරුදු පරිදි ත්‍රිවිධ චෛත්‍ය ආශිර්වාද, බෝධි පූජා සිදුකිරීමෙන් අනතුරුව බෝධිරාජයාණන් ඉදිරිපිටදී නැවුම්, මැටිපහන් නවයකට නිවසේදී ඉතා පිරිසිදුව සිඳගන්නා ලද තැඹිලිතෙල් දමා දල්වා දැල්වෙන පහන් දැල්ල දෙස බලා මේ නවගුණ දීපාලෝක පූජාව සම්බුදුපියාණන්ට පූජා කරමි, පූජාවේවා· එසේ පූජා වීමෙන් අනන්ත බුදුගුණ බලයෙන් මටත්, මගේ පවුලේ සියලු දෙනාටත් නවග්‍රහ දෝෂ නිසා ඇතිව තිබෙන්නාවූ සියලු පීඩා දුරුවී සෙත සහනය උදාවේවායි අධිෂ්ඨානපූර්වකව පවුලේ සැමට ඇති බාධක එකින් එක මතක්‌ කරමින් මෙලෙස ඉල්ලා සිටින්න.

(1) අරහං නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· අරහං නම් වූ බුදුගුණ තෙද බලයෙන් ඉරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

අරහං බුදුගුණ මට සිහිවේවා

ඉරුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

පහන්

(2) සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සම්මා සම්බුද්ධ නම් වූ බුදුගුණ තෙද බලයෙන් සඳුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සම්මා සම්බුදු ගුණ සිහිවේවා

සඳුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(3) විඡ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජාකරමි. පූජාවේවා· විඡ්ජාචරණ සම්පන්න නම් වූ බුදුගුණ තෙද බලයෙන් අඟහරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

විඡ්ජාචරණ බුදුගුණ සිහිවේවා

කුජගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(4) සුගත නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සුගත නම් වූ බුදුගුණ තෙද බලයෙන් බුධගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සුගතෝ බුදුගුණ මට සිහිවේවා

බුධගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

පහන්

(5) ලෝක විදූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· ලෝක විදූ නම් වූ බුදුගුණ තෙද බලයෙන් ගුරුගේ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

ලෝක විදූ බුදුගුණ සිහිවේවා

ගුරුගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(6) අනුත්තරෝ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· අනුත්තරෝ නම් වූ බුදුගුණ තෙද බලයෙන් සිකුරුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

අනුත්තරෝ බුදුගුණ සිහිවේවා

කිවිගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(7) පුරිසධම්ම සාරථිගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· පුරිසධම්ම සාරථි නම් වූ බුදුගුණ තෙද බලයෙන් සෙනසුරු අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

පුරිසධම්ම සාරථි ගුණ සිහිවේවා

ශනිගෙන් වන අපලය දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

පහන්

(8) සත්ථා නම් ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· සත්ථා නම් වූ බුදුගුණ තෙද බලයෙන් රාහුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

සත්ථා බුදුගුණ මට සිහිවේවා

රාහුගෙ අපලය ඉන් දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

(9) භගවා නම්වූ ගුණයෙන් යුක්‌ත වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේට මේ නවගුණ දීපාලෝකය පූජා කරමි. පූජාවේවා· භගවා නම් වූ බුදුගුණ තෙද බලයෙන් කේතුගෙ අපලය දුරුවී සියලු යහපත උදාවේවා·

භගවා බුදුගුණ මට සිහිවේවා

කේතුගෙ අපලය ඉන් දුරුවේවා

මරබල සුන්කළ බෝහිමි ගාවා

දීපාලෝකය පූජා වේවා

බෝසතාණන් වහන්සේ මාර පරාජය කොට බෝධිරාජයාණන් වහන්සේ ඉදිරිපිටදී ජය ලබා බුදු බව ලැබුවා සත්‍යයයි. ඒ සත්‍යානුභාව බලයෙන් අනන්ත වූ බුදුගුණ සිහිපත් කරමින් බෝ මැඬදී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රයන් උදෙසා පූජා කළ නවගුණ දීපාලෝක පූජාවේ බුදුගුණ තෙද බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාට බලපාන්නා වූ නවග්‍රහ අපල දුරුවී සියලු යහපත, ආරක්‌ෂාව දියුණුව උදාවේවා·යි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පිං දී පූජාව අවසන් කරන්න.

We found this article from Divaina on 2013/09/22.

RELATED ARTICLES

Most Popular

Recent Comments