Friday, September 12, 2025
Homesiනිවසේ ප්‍රධාන දොරටුව දරු සම්පත් කෙරෙහිද බලපායි

නිවසේ ප්‍රධාන දොරටුව දරු සම්පත් කෙරෙහිද බලපායි

[ratings]

නිවසක ප්‍රධාන උලුවස්‌ස තැනීම මෙන්ම කාමර වල උලුවහු තැනීමේ දීද කල්තියා සැලසුම් කිරීම වඩා වැදගත්ය. ගෙයි ඉදිරි බිත්තියේ නිවරදි ස්‌ථානයක පිහිටුවන ලද ප්‍රධාන දොරටුවෙන් වසනාව ලැබෙන අතර දරු සම්පත් කෙරෙහිද එම පිහිටීම බලපායි. මෙම දොරටුවෙන් ඇතුළු වූ වහාම ඇස ගැටෙන දේ පිළිබඳවද සැලකිල්ල දැක්‌විය යුතුය. ඉදිරි පස තිබෙන්නේ කැඩපතක්‌ නම් එසේත් නැතිනම් වීදුරුවක්‌ නම් එම මුණගැසීම සුබදායී නැත. එහිදී ගෙට ඇතුළුවන විශ්ව ශක්‌තිය ක්‌ෂය වීමක්‌ සිදු වෙයි.

එසේම එම දොර අබියස තවත් දොරක්‌ මෙන්ම ඊට එපිටින් තවත් දොරක්‌ පිහිටීම ද සුබදායී නැත. වත්මන් බොහෝ ගෙවල් වල ඉදිරි පස පැන්නුම් වහලක්‌ සහිත ඉස්‌තොප්පුවක්‌ පවතී. මෙම කොටසේ මුදුන් ලීය සෘජුවම ප්‍රධාන දොර කරා පැමිණීම ද උලුවස්‌සට උඩින් පැවතීමද බෙහෙවින්ම මාරක පිහිටීමකි. පැරණි ගෙවල් වල මෙම පිහිටීම වළක්‌වා ඉදිරියෙන් දිවයන ලෙසට ආලින්දයක්‌ සකස්‌කර එයට මුදුන් ලීය වැද්දවීමට සලස්‌සවා ඇත. මේ නිසා ගෙය සැලසුම් කිරීමේදී මේ සියල්ල කල්පනා කොට බැලිය යුතුය.

නිදන කාමරවලට ඇතුළුවන දොර සකස්‌ කිරීමේදී ද බෙහෙවින් කල්පනාකාරී විය යුතුය. එයට හේතුව කාමරය සකස්‌ කළායින් පසුව එහි පවතින භෞතික වස්‌තූන් නිවරදි දිශාවට තැබිය යුතු බැවිනි. නිදසුනක්‌ වශයෙන් කාමරයට ඇතුළුවන විටම නිදන ඇඳ දර්ශනය වීම සුබ දායී නැත. මේ නිසා එම ඇඳේ නිදන පුද්ගලයාගේ ජීවිත කාලය කෙටි විය හැකිය. එසේම දොර දෙසට හිස තබා නිදා ගැනීමද මගින් එම ප්‍රතිඵලයම ලබා දේ. මේ නිසා කාමරයක්‌ සැලසුම් කිරීමේදී ඇඳ පුටු තබන පිළිවෙල සාකච්ඡා කළ යුතුය. එසේම ජනේල තබන පිළිවෙල ද කල්තියා සැලසුම් වීම වඩා වැදගත්ය. ඇඳ අද්දරින් ද ජනේලයක්‌ තිබීම වාතාශ්‍රයට වැදගත් වුවද ආරක්‌ෂාව පිළිබඳ ප්‍රශ්නයක්‌ එහිදී පැන නැගේ. නිදන ඇඳේ හිස තබන පිළිවෙල නැගෙනහිර දිශාවට තැබීම වඩා යහපත්ය.

මෙම කාමරවලට ඇතුළුවන දොර අබියස ඉදිරි කාමරයක ටී සන්ධියක්‌ පැවතීමද වහලයේ මූට්‌ටුව නොහොත් කිඹුල් තල්ල පැවතීමද ගුණදායී නැත. කාර්යාල කාමරයක්‌ පවතින විට ද දොර අබියස ලියන මේසය පැවතීම සුභදායී නැත. එසේම දොරට පිටුපා ලියන මේසය පැවතීම ද සුදුසු නැත. මේ නිසා එම මේසයේ අසුන් ගෙන සිටින පුද්ගලයාගේ පෞරුෂය බිඳ වැටේ. එම නිසා දොරට ඉදිරියෙන් නොව දොරට වම් පැත්තට බරව ඇතුළු වන්නා සම්මුඛ වන පරිදි ලියන මේසය තැබීම වඩා යහපත්ය. මෙම තත්ත්වය කාර්යාලයක්‌ තුළදී වුව වලංගු වේ. එහිදී කාර්යාල ප්‍රධානියා මෙන්ම අනෙක්‌ ලිපිකරුවන්ගේ ද පෞරුෂය ආරක්‌ෂා වේ. මෙහිදී ලියන මේසයේ අසුන් ගත් තැනැත්තා නැගෙනහිර හෝ උතුර බලා අසුන්ගන්නේ නම් වඩා මැනවි. දකුණු දෙස බලා අසුන් ගන්නාට එම අසුනේ වැඩි කාලයක්‌ සිටිය නොහැකිය. බටහිර දෙසට මුහුණලා හිඳ ගැනීමද නොකළ යුතුය.

කාර්යාල කාමරයක පවතින පොත් රාක්‌ක හෝ ලිපි ගොනු බොහෝවිට විවෘත රාක්‌ක වල පවතින බව බහුලව දකිමු. මෙය සුදුසු නැත. රාක්‌කවලට අල්ලන දුහුවිලි නිරන්තරයෙන් පිස දැමුවද එම පිහිටීමේ තියුනු භාවය නිසා කාර්යාලයේ සිටින්නා තුළ නිතරම කනස්‌සල්ලක්‌ වර්ධනය වේ. කන්තෝරුවකදී නම් ඔවුන් අභිමුවට පැමිණෙන පුද්ගලයින්ට කරුණාවන්ත මුහුණක්‌ පෙන්වීමට නොහැකි වනවා ඇත. වීදුරු දොරවල් දමා වසා ඇති රාක්‌ක මගින් කාර්යාලයට අභිමානයක්‌ එකතු වේ. හමුවට එන පුද්ගලයින් ද සතුටට පත් වේ. තමන් හිඳගන්නා මේසය පිටුපස අභිමානවත් චිත්‍රයක්‌ හෝ ඡායාරූපයක්‌ එල්ලා ගැනීමද හාත්පස බිත්ති වල පාරිභෝගිකයාගේ සිත් ඇද ගන්නා චිත්‍රයන් එල්ලා තැබීමද මගින් දෙපක්‌ෂයේම මිත්‍රත්වය වර්ධනය වේ. ඇතැම් ආපන ශාලාවල දෙපස කැඩපත් සවි කර තිබෙන්නේ පළතුරු හා ආහාර දෙගුණ තෙගුණ වී පෙනෙන්නටයි. මේ මගින් කඩයට ගොඩවන්නා තුළ සතුටක්‌ වර්ධනය වේ. ව්‍යාපාරය වැඩි දියුණු වීමට මේ සාධකයන් ඉවහල් වේ. වර්තමාන ව්‍යාපාරිකයින් ලෝකයේ අලුතින් නිපදවන බොහෝ දේ සිය කඩ සාප්පු වලට සවි කර ගැනීමට උනන්දුවක්‌ දක්‌වති. අලංකාරය ඇති කර පාරිභෝගිකයා ආකර්ශනය කර ගැනීම එහිදී ඇතිවන අරමුණයි. නමුත් මේ සියල්ලෙන් වන්නේ විදේශ විනිමය අධික ලෙස වැය වී රටක්‌ වශයෙන් ණය ගැති භාවයට පත් වීමයි. අප කළ යුත්තේ තිබෙන සම්පත් වාස්‌තු විද්‍යානුකූලව සකස්‌ කර ගැනීමෙන් පරමාර්ථය කරා යාමයි.

We found this article from Divaina on 2012/05/25.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments