Friday, September 12, 2025
Homesiනිවැසියන්ට මරු කැඳවන සොහොන් පරාලය

නිවැසියන්ට මරු කැඳවන සොහොන් පරාලය

[ratings]

වාසය කරන නිවහන සිතූපැතූ සම්පත් ගලාඑන, දියුණුව ඇතිවන, සැප සම්පත්, නිරෝගි භාවය හා ආයුෂ අපට ලබාදෙන චූඩා මාණික්‍යයකි. එය මාණික්‍යයක්‌ වන්නේ නිවසෙහි ඇති සියලුම දොaෂයන්ගෙන් තොරව නිවහනක්‌ ඉදි කරගතහොත් පමණි. එසේ නොමැති නම් එය පාළු සොහොනක්‌ බඳුයි. පෙර ඉසිවරු විශ්වකර්ම නීති හා උපදෙස්‌ අනුව නිවසක ඇතිවන දොaෂයන් මුහුර්ති “චින්තා මාණික්‍යයේ” මෙසේ සඳහන් කොට ඇත.

මුදුන නව නැකැත් ගින්නේම දන්නේ

දෙතුලේ දෙපිට සයගේ පාළු වන්නේ

ගේමුල නැකැකගේ හිමියා මැරෙන්නේ

මැද දොළසින් සිරිදී ලාබ වන්නේ

මෙම කාව්‍යයන් අත කහනවට ලියූ ඒවාවත් කට කහනවට කියූ ඒවාවත් නොවේ. මේවා මතු පරපුරට ඉගෙන ගන්න දැනගන්න ලියූ වාස්‌තු විද්‍යාවට අයත් උපදේශයන්ය. මේ කරුණු අනුව නිවසක සොහොන් පරාලය හා මරු දණ්‌ඩ නිවැසියන්ට ඉතා තදබල ලෙසින් මාරක විපත් හා විපාක ගෙනදෙන්නකි. ගෙහිමියාට හා භාර්යාවට මරණය ළංකරන අතර දරුවන්ද සීසීකඩ පලායයි. සොහොන් පරාලය කියන්නේ මුදුන් යටලීයෙහි හරි මැදින් දෙපැත්තට ගසන පරාල ජෝඩුවයි. යම් නිවසක මුදුන් යටලීයට 1,3,5,7,9 ආදී වශයෙන් ඔත්තේ ගණනක්‌ ගසා ඇත්නම් එය සොහොන් පරාලයයි. මෙවැනි සොහොන් පරාලය ගසා ඇති නිවසක ජීවත්වන අය ඉතාම කෙටි කලකදී පරලොව යයි. ගෙහිමියාගේ ග්‍රහබල ශක්‌තිමත් නම් ටික කලක්‌ ජීවත් වීමට හැකිය. එමෙන්ම අඹුවගේ හෝ දරුවන්ගේ ග්‍රහ බල හීන නම් ඔවුන්ට ඒ අශුභ විපාකයන් අත්වේ. තව සමහරුන් ටිකකලක්‌ දියුණුව කරා පියනඟන විට නිවසේහි යම් යම් වෙනස්‌කම් කරති. ඒ කරුණු අනුව කලාතුරකින් කෙනෙකු දියුණු වුවද ඒ දියුණුව නැති කරගෙන නැති භංගවී මහපාරට බසී. අනුන්ට දණනැමීමට සිදුවේ. සමහර විට නිවසේ දොර, ජනෙල්, උළුවහු පවා විකුණාගෙන කාලා දහදුකේ වැටේ. එවන් අයට මේ ගැන තේරුමක්‌ නොමැති නිසා පරිහානියටම පත්වේ. දහදුක්‌ විඳී. ඒ දුක්‌ ගොඩේම ලඟී. තවත් විටෙක නිවස ආරම්භ කළ දින පටන් කම්කරුවන්ද සොයා ගැනීමට නොහැකි වුවත්, කම්කරුවන් ගෙන්වා වැඩ කළද ඔවුන් අමනාපවී යයි. වැඩ ඇණ හිටී. මුල්ගල තබා අත්තිවාරම දැමීම ආරම්භ කළද එදින සිට බාධා ඇතිවී අත්තිවාරම වටේ වැල් ගාල්වලින් වැසී අත්තිවාරම්, බිම් පෙදෙස වසා පාළුවට පත්වේ. එම අත්තිවාරම් තුළ ඇති පසේ හදන බව බෝගයන්ද ගෙඩි, මල් නොමැතිව කනාටුවට පත්වේ.

එමෙන්ම ළිං කැපීමේදී අත්තිවාරමට දකුණු දෙසින් ළිඳ කැපීමෙන් බිරිඳ නැසේ. ගිනි කොන දෙසින් දරුවන් විනාශ වේ. තම නිවසේ කුස්‌සියේ ඇති ලිපේ අඟහරුවාදා ගිනි මෙලෙව්වේ නම් වසරක්‌ යැමට පෙර තම අඹුව නැසේ. ගෙහිමියාගේ උපන් නැකතත් ගෙයි නැකතත් සමාන නම් ගෙහිමියාද වසරක්‌ යැමට පෙර නැසේ. ගෙයි දකුණු දෙසින් මුල්ලෙහි දොර උළුවහු තැබීමෙන් අඹු දරුවන්ගේ විනාශය ඇතිවේ. නිවසේ බටහිර හා උතුර යාවෙන ස්‌ථානයේ නිදන අය රෝගී වෙයි. එම රෝගීන්ගේ රෝගවල ලක්‍ෂණයන්ද වෛද්‍යවරුන්ට පවා සොයාගැනීමට නොහැකිවේ. එහෙත් එවැනි රෝගී අය නිවසේ වැඩ පූර්ණකළ විට නිධන්ගත රෝග සුවවේ. එම නිසා නිවසක්‌ හදන විට පැරැණි ගෘහ නිර්මාණ උපදෙස්‌ දන්නා වාස්‌තු විද්‍යාව දන්නා මහතකු මේ සඳහා කැඳවා ගැනීමට ඔබ වග බලාගත යුතුයි.

එසේ නැතිනම් ඔබ නොසිතූ අකල් උපද්දාවන්ට ඔබට මුහුණදීමට සිදුවේ. ගොදුරු වේ. එවන් දොaෂ ඇතිවීමෙන් නිවස ඉදිකිරීමට නොහැකිවීම, හැදුවත් නිවසේ ඉන්න බැරිවීම, දේපළ සොර සතුරන්ට බිලිවීම, අසල්වැසි අඬදබර, නඩු හබවලට මුහුණ දීමට සිදුවීම, රැකියා අහිමිවීම, ගැහැනු දරුවන් පහත් කුලයන් සමඟ රහසින් පැනයැම, එයින් නින්දා අපහාස ගෙනදීම, හැදූ දරු දැරියන් ගෙන් ගුටි බැට ඇනුම් බැනුම් තර්ජන ආදියට ලක්‌වීම සිත් කලකිරීම් ඇතිවීම, අංශබාග රෝගයන් හැදී ඔත්පලවීම, නිවසේ වැඩ නිම කිරීමට පෙර ගෙහිමියාගේ මරණය සිදුවීම, වසරක්‌ යැමට පෙර නිවස විකුණා අහිමිවීම, තරුණ තරුණියන්ගේ විවාහ නොසිදුවීම, ධන ධාන්‍ය බවබෝග නොලැබීම, මහමඟටම ඇදවැටී ලෝ වැසියනට දණ නැවීමට සිදුවීම ආදී දුක්‌කම්කටලු රාශියකට මුහුණ පෑමට සිදුවේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments