Friday, September 12, 2025
Homesiපස්‌වැන්නෙහි ගුරු දියණි සම්පත් වැඩි කරයිද?

පස්‌වැන්නෙහි ගුරු දියණි සම්පත් වැඩි කරයිද?

[ratings]

පුරාණයේ විසූ ශ්‍රේෂ්ඨ ජ්‍යෙතිශවේදී ආචාර්යවරුන්ගේ ප්‍රකාශයනට අනුව කේන්ද්‍රයක 5 වැන්න පිරික්‌සීමෙන් ජන්මියා කුමන ලිංගිකයෙක්‌ද යන්න සහ 5 වැන්න අධිපතියා, පස්‌වැන්න සම්බන්ධ සහ පස්‌වැන්නේ සිටින ග්‍රහයන්ට අනුව ඔහුගේ දරුවන් පිළිබඳව පුදුම එළවනසුළු ප්‍රකාශන ඉදිරිපත් කිරීමට පුළුවන.

නමුදු භාවාර්ථ රත්නාකරයේ දැක්‌වෙන පරිදි මීන ලග්නකාරයාගේ පස්‌වැන්නෙහි ගුරු හෙවත් බ්‍රහස්‌පති උච්ච නම් උපදින දරුවන්ගෙන් වැඩි දෙනා ගැහැනු දරුවන් වෙති. පිරිමි දරුවන් අල්පය.

පලදීවිකාවේ සඳහන් වන්නේ පස්‌වැන්නෙහි ගුරු උච්චවීම ගැහැනු දරුවන් බොහෝවීමට හේතුවන බවයි. පිරිමි දරුවන් ගැන කිසිදු සඳහනක්‌ නොමැත.

පස්‌වැන්නෙහි ගුරු උචච් සෑම ජන්මියකුම උපතේ සිට මරණය දක්‌වාම ඉතා සැපවත්, වාසනාවන්ත ජීවිතයක්‌ ගත කරයි. නමුත් එවැනි අයගේ පවුලේ දරු දැරියන් දෙස මොහොතකට නෙත් යොමු කළ විට දක්‌නට ලැබෙන චිත්‍රය බෙහෙවින් වෙනස්‌ය. එම දරුවන්ගෙන් වැඩි දෙනා ගැහැනු දරුවන් වීම නිසාම පියාට විශාල වගකීමක්‌ තම පවුල වෙනුවෙන් දැරීමට සිදුවේ.

පස්‌වැන්නෙහි ගුරු උච්චවීම ගැහැනු දරුවන් පමණක්‌ ලබාදීමට හේතුවන්නේ ඇයි? ජ්‍යෙdතිෂයේ පෙන්නා දෙන අන්දමට 5 වැන්නෙහි ලග්නාධිපති සිටීනම් ජන්මියා වාසනාවන්තයෙකි. පස්‌වැන්නෙහි ගුරු උච්චවීම ඉතා යහපත් ප්‍රතිඵල ලබාදීමට හේතුවේ. එවැනි පුද්ගගලයන් ධනය, ඥනය, බුද්ධිය, රැකියාව, ගතිගුණ අතින් සමාජයෙහි අන් අයට වඩා ඉහළින් සිටීම නිතැතින්ම සිදුවන්නකි. පුත්‍ර කාරක ග්‍රහයා පස්‌වැන්නේ වීම නිසා සිදුවන විපර්යාසය වන්නේ අධික ගැහැනු දරුවන් ලැබීමයි.

කෙසේ නමුත් උච්ච ගුරු පස්‌වැන්නෙහි නම් ඔහුට දියණියන් බොහෝ වේ.

We found this article from Divaina on 2011/11/04.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments