[ratings]
තමා ජීවත් වන නිවස ඉදිරිපිට පහන් පැලක් තිබීම ඉතා යහපත් යෑයි බොහෝ අය සිතති. එසේ සිතා තම නිවස ඉදිරිපිට පහන් පැලක් තනා ගැනීමට තමා කැමැති ස්‌ථානයක් තෝරා ගනිති. එහෙත් හිතුමතේට තම ගෙවත්තේ පහන් පැල තැනීම ඉතා අශූභය. අනතුරුදායකය. විශේෂයෙන් පහන් පැල තැනීමේදී ශූභ දිශාවක් හා සුදුසු ස්‌ථානයක් තෝරා ගත යුතුය. එසේම එම ස්‌ථානය පිරිසිදු ස්‌ථානයක් විය යුතුය.
ඊසාන දිශාව
තම ගෙවත්තේ මල්පැල තැනීමට ඉතාමත් සුදුසු දිසාව වන්නේ ඊසානය. ඊසාන දිශාව මරු නැති දිශාව වශයෙන්ද සැලකේ.
උතුරු දිශාව
උතුරු දිශාව දෙවියන් වැඩ සිටින දිශාව වශයෙන් සැලකේ. ඒ නිසා පහන් පැල තැනීමට උතුරු දිශාවද සුදුසුය.
නැගෙනහිර දිශාව
බුදුවරු බුදුවීමේදී වජ්‍රාසනයේ වැඩ සිටින්නේ නැගෙනහිර දෙස බලාගෙන නිසා ඕනෑම කටයුත්තකට නැගෙනහිර දිශාව ඉතා ශුභය. මේ අනුව තම ගෙවත්තේ පහන් පැල තැනීමට ඉතාමත් සුදුසු දිශාවන් වන්නේ නැගෙනහිර, උතුර සහ ඊසානය.
බුදු පිළිමවහන්සේ
බුදුරජාණන් වහන්සේට පහන් පැල තනන විට බුදුරජාණන් වහන්සේ බුදුවීමේදී මුහුණ දුන් නැගෙනහිර දිශාවට බුදු පිළිම වහන්සේ මුහුණ දී සිටින සේ පහන් පැල සකස් කිරීම ඉතා ශුභයි.
සුවඳ පැන්
තමාගේ ගෙවත්තේ හෝ ගෙමිදුලේ පිහිටි පහන් පැල අවට ඉතාමත් පිරිසිදුව තිබිය යුතුය. උදේ සවස සුවඳ දුම් අල්ලා සුවඳවත් කළ යුතුය. එසේම සමන් පිච්ච හා සුවඳ හමන වර්ණවත් මල් වර්ග සිටුවිය යුතුය. කටු සහිත පඳුරු අශුභය. බටගස් අශුභය.
තම ගෙවත්තේ නැගෙනහිර දිසාවේ හෝ උතුරු දිසාවේ හෝ ඊසාන දිසාවේ හෝ විශාල ගසක් තිබේ නම් එම ගස අසල පහන් පැල තැනීම වඩාත් සුදුසුය. අටවිසි බුදුවරයන් වහන්සේලා පිටදුන් නුග, අන්, දර ඉඹුල්, තෙලඹු, ඇටඹ, සැඩවක, මිදෙල්ල, ඇසටු හා කෝං යන ගස් වර්ග, බුදුරජාණන් වහන්සේලා පිටදුන් බෝ රුක් නිසා එම ගස් අසල තනන පහන් පැල ඉඩමට නිවසට සෙත සලසයි. එසේම මානසික සතුට ඇති කරයි.
බ්‍රහ්ම පාදය
එසේම ඉඩමක හෝ ගෙවත්තේ හෝ ගෙඋයනේ බ්‍රහ්මපාදය පිහිටි සීමාව තුළ බුදුකුටි පහන්පැල් තනා වතාවත් කිරීමෙන් නිවස වෙත සිරියාවත් වාසනාවත් ඇතිවේ.
මංගල දොරටුව
නිවසේ ප්‍රෙෘඪත්වයත් ගෘහපතියාගේ කීර්තියත් රැඳී පවතින මංගල දොරටුව ඉදිරිපිට පහන් පැල තිබීම ඉතා අශුභය. පහන් පැලේ ආලෝකය නිවස වෙතට එල්ලවීම ශුභ වුවද මංගල දොරටුව වෙතට එල්ලවීම ඉතා අශුභය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මිදුලේ පහන් පැලේ දල්වන පහන සවස 6 ත් 6.15 ත් අතර දැල්වීම ශුභ වුවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දල්වන පහන ඕනෑම වෙලාවක දැල්වීම ශුභය.
දෙවියන්ට පහන්
දෙවියන් වෙනුවෙන් දල්වන පහන් දැල්විය යුත්තේ රාත්‍රි 10 න් පසුවයි. දෙවියන්ට පහන් දල්වා තමා කැමැති ස්‌තෝත්‍ර ගායනා කර කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පිං දීමෙන් දෙවියන්ගේ ආශිර්වාදයත්, ආරක්‍ෂාවත් ලැබේ.
එහෙත් දෙවියන් උදෙසා දල්වන පහන අතරමගදී නතර කළහොත් මානසික අසහන ඇතිවේ. එසේම වතුපිටි ගේ දොර පාළු වේ. විනාශ වේ.
යක්‌ෂ දිෂ්ටි
අලුත් වේලාවෙන් සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්‌වා යක්‌ෂ දිෂ්ටි ක්‍රියාත්මක වන කාලය වශයෙන් සැලකෙන නිසා ඒ වෙලාවට එළිමහනේ පහන් දැල්වීම ඉතා අශුභය. කාලි දුර්ගා හා සූනියන් වැනි යක්‌ෂයන්ට නිවස තුළ පහන් නොදැල්විය යුතුය.
නිවසින් පිටත
නිවසින් පිටත පහන් පැල තුළ වුවද යක්‌ෂයන්ට පහන් නොදැල්විය යුතුය. විවිධ දිෂ්ටි වැටෙන වේලාවන් පහත සඳහන් වගුවෙන් බලාගත හැකියි.
දවසේ 24 පැය තුළ දිෂ්ටි වැටෙන වේලාවන්
උදේ 6.00 සිට 6.24 දක්‌වා මහසෝන් දිෂ්ටිය, උදේ 6.24 සිට 6.48 දක්‌වා රීරියක්‌ෂ දිෂ්ටිය, උදේ 6.48 සිට 7.12 දල්වා සූනියන් යක්‌ෂ දිෂ්ටිය, උදේ 7.12 සිට 7.36 දක්‌වා කඩවර යක්‌ෂ දිෂ්ටිය, උදේ 7.36 සිට 8.07 දක්‌වා කළුකුමාර දිෂ්ටිය, උදේ 8.07 සිට 8.24 දක්‌වා භද්‍රකාලී දේවි දිෂ්ටිය, උදේ 8.24 සිට 8.48 දක්‌වා මදන යක්‌ෂ දිෂ්ටිය, උදේ 8.48 සිට 9.12 දක්‌වා ගොපළු යක්‌ෂ දිෂ්ටිය, උදේ 9.12 සිට 9.36 දක්‌වා බහිරව දේවතා දිෂ්ටිය, උදේ 9.36 සිට 10.01 දක්‌වා කොහොඹ යක්‌ෂ දිෂ්ටිය, දහවල් 10.01 සිට 10.23 දක්‌වා ගම්භාර දේව දිෂ්ටිය, දහවල් 10.23 සිට 10.47 දක්‌වා දැඩිමුණ්‌ඩ දේව දිෂ්ටිය, දහවල් 10.47 සිට 11.11 දක්‌වා කතරගම දේව දිෂ්ටිය, දහවල් 11.11 සිට 11.36 දක්‌වා වීරමුණ්‌ඩ දේව දිෂ්ටිය, දහවල් 11.36 සිට 12.00 දක්‌වා සත්පත්තිනි දේව දිෂ්ටිය, දහවල් 12.12 සිට 12.24 දක්‌වා විෂ්ණු දේව දිෂ්ටිය, දහවල් 12.24 සිට 12. 36 දක්‌වා ඊශ්වර දේව දිෂ්ටිය, දහවල් 12.36 සිට 1.00 දක්‌වා සිව්වරම් දේව දිෂ්ටිය, දහවල් 1.00 සිට 1.24 දක්‌වා සමන්දේව දිෂ්ටිය, දහවල් 1.24 සිට 1.48 දක්‌වා විභීෂණ දේව දිෂ්ටිය, දහවල් 1.48 සිට 2.00 දක්‌වා ශක්‍ර දේව දිෂ්ටිය, දහවල් 2.00 සිට 2.24 දක්‌වා නවග්‍රහ දේව දිෂ්ටිය, දහවල් 2.24 සිට 3.00 දක්‌වා යමදේව දිෂ්ටිය, සවස 3.00 සිට 3.24 දක්‌වා මරුගේ අනිෂ්ඨ දිෂ්ටිය, දහවල් 3.24 සිට 3.48 දක්‌වා මහිමේඛලා දිෂ්ටිය, දහවල් 3.48 සිට 4.00 දක්‌වා අසුර දිෂ්ටිය, සවස 4.00 සිට 4.24 දක්‌වා පංච සිවදේව දිෂ්ටිය, සවස 4.24 සිට 5.09 දක්‌වා විත්‍රීනි මරදූතියන්ගේ දිෂ්ටිය, සවස 5.00 සිට 5.24 දක්‌වා ධර්ම දේවතාවාගේ දිෂ්ටිය, සවස 5.24 සිට 5.48 දක්‌වා මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය, සවස 5.48 සිට 6.00 දක්‌වා සන්නි දේව දිෂ්ටිය,
මේ දිෂ්ටි මේ ආකාරයෙන්ම සවස 6.00 සිට උදේ 6.00 දක්‌වාද ක්‍රියාත්මක වේ.
විශේෂ
සෙත්කවි රචනා කිරීමේදී මෙන්ම සෙත්කවි ගායනා කිරීමෙහිදීද, දේව කන්නලව්, යාදිනි කිරීමෙහිදීද, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සෙත් ශාන්ති කිරීමෙහිදීද, ඉහත සඳහන් දිෂ්ටි අනුව සුදුසු වේලාවක් තෝරා නොගතහොත් තමා කරන කටයුතු නිශ්ඵල වේ.
පහන් පැලට නැකත්
තම ගෙවත්තේ හෝ ගෙමිදුලේ පහන් පැලක් තැනීමේදී හා පළමුවරට පහන් පැලේ පහන දැල්වීමේදී සවස 06 ත් 6.30ත් අතර යෙදෙන “ගෝධූලි මුහුර්තය” යොදා ගැනීමෙන් ඉඩමේ හා නිවසේ සකල දෝෂ දුරු වී සෙත සැලසේ.
තුන්කල් දක්‌නා ඉසිවරයන් විසින් පසස්‌නා ලද “ගෝධූලී මුහුර්තය” පිළිබඳව විස්‌තර “ගමන් නැකත් පොත” (හරමානිස් අප්පුහාමි) “විවාහ වාන්දාවනය” (වරහ මිහිර) වැනි ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල සඳහන් වේ.
ක්‍රි. මූ. පද්ධති
ක්‍රි. මූ. පද්ධතියේ සඳහන් වන්නේ ගෙවත්තේ හෝ ගෙමිදුලේ පහන් පැල තනන විට නිවසේ ඉදිරිපස සිට ගෙබිමේ ඉදිරි පස මායිම් වැට දක්‌වා ඇති දුර ප්‍රමාණය අඩි වලින් මැන එම අඩි ප්‍රමාණය නවයෙන් බෙදා පහ සහ හය යන කොටස් දෙක තුළ පහන් පැල තැනී මෙන් බොහෝ ශුභපල ලැබෙන බවයි.
ගෙමිදුලේ පහන් පැල
තම ගෙමිදුලේ ගුරුට හා සිකුරුට අයත් කොටස් තුළ පහන් පැල තැබීමට ඉතා ශුභය. නිවස ඉදිරිපස පිහිටි මායිම් වැට හෝ තාප්පය
අශුභ වේධ දෝෂ
තම ගෙවත්තේ හෝ ගෙමිදුලේ පිහිටුවන පහන් පැල තම නිවසේ දොර ජනෙල් – බිත්ති මුළු – වහළේ මුදුන් – මුදුන් යටලී – යටලී -ලිං – පොකුණු – දිය ඇලි – ගේට්‌ටුවලට – කෙළින්ම එල්ලවන ලෙස පිහිටා නොතිබිය යුතුය.
එසේ තිබුණහොත් එය අශුභ විපාක ඇති කරන වේධ දෝෂයක් බවට පත්වේ. එම වේධ දෝෂය හේතුකොටගෙන එම නිවසේ වසන අයට මානසික අසහන – කෝප ගති – කරදර – අසමගිය – හිතුවක්‌කාරකම් – අසනීප- නිතර ඇතිවේ.
අලංකාරය අවශ්‍යයි
පහන් පැල අලංකාරවත් ලෙස සාදා ගත යුතුය. පිරිසිදු විය යුතුය. එම බිම්කඩ නොහොත් පහන් මළුව සුදු වැලි අතුරා සීමාකර ගත යුතුය. ලස්‌සන කරගත යුතුය.
විශේෂ සටහන
කාන්තාවන් දේව පහන් නොතැබිය යුතුය.
එසේම දෙවියන්ට පහන් තැබීමේදී මේ පෘථිවිය මතට දේව දිෂ්ටි වැටෙන වේලාවන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
අටමහා කුසල්
දෙවියන්ට ප්‍රිය වන්නේ කුසල්ය.
ඒ නිසා බැතියෙන් යුතුව තෙරුවන් සරණ ගිය කෙනෙකු සොම්නස් සහගත සිතින් තෙරුවන්ට දන්දී, අටමහා කුසල් රැස්‌කර ගෙන පිං කැමැති සියලු දෙවියන්ට එම පිං අනුමෝදන් කරවීමෙන්, එම පුද්ගලයාට විපතක් ව්‍යසනයක් අපල උපද්‍රවයන් පැමිණි අවස්‌ථාවක, සත්‍ය ක්‍රියාවක් කර දෙවියන්ගෙන් පිහිට පැතිය හැකිය. එබඳු අවස්‌ථාවලදී දෙවියන්ගේ පිහිට ලැබේ. එසේම දැහැමිව ජීවත් වන අයටද දෙවියන්ගේ පිහිට පැතිය හැකිය.
දේව තුන් කට්‌ටුව
විශේෂ දෙවි කෙනෙකු අරමුණු කර නොගෙන පහන් පැලක් සාදන්නේ නම්, තමා තනන පහන් කූඩුව එක සමාන කොටස් 03 කට බෙදා විෂ්ණු – ඊශ්වර – කතරගම – දෙවියන්ගේ රූප තබා පහන් තුනක්‌ද වෙනම දැල්විය යුතුය.
විශේෂයෙන් දේව පහන්වල ආලෝකය නිවස වෙත එල්ලවීම ඉතා අශුභය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here	

