Friday, September 12, 2025
Homesiබුධ ග්‍රහයාගෙන් අපට ඇති බලපෑම

බුධ ග්‍රහයාගෙන් අපට ඇති බලපෑම

[ratings]

සෞරග්‍රහ මණ්‌ඩලයේ ඉතාම කුඩා ග්‍රහයා බුධ ග්‍රහයාය. ජ්‍යෙdතිෂයට අනුව වචනයට අධිපති වනුයේද බුධහුය.

බුද්ධිය, කලාව, මාධ්‍ය, සාහිත්‍ය, සිහිය පොත්පත් ලිපි ලේඛන ලිවීම, විවිධ භාෂාධ්‍යයනය, ප්‍රසිද්ධිය ආදී විවිධ කරුණු කෙරෙහි බුධගේ බලය එල්ල වේ.

මිනිස්‌ සිරුරේ මුඛය, දිව, නාසය, හිස, මොළය, අත්, පෙනහැල්ල, නහරවැල් ආදී අවයව කෙරෙහි මෙම ග්‍රහයාගේ බලපෑම් පවතී. මිථුන රාශිය බුධ ස්‌වක්‌ෂේත්‍ර වන අතර කන්‍යා රාශිය උච්ච වේ. මීන රාශියේදී බුධ ග්‍රහයා නීච වන අතර සෙසු රාශි අටට මිත්‍ර වේ.

බුධගේ දුබලභාවය හේතුවෙන් ගොත ගැසීම, බිහිරි බව, මානසික රෝග, වලිප්පුව ආදී රෝග තත්ත්වයන් බලපානු ඇත. එමෙන්ම උක්‌ත මිනිස්‌ සිරුරේ අවයවයන් කෙරෙහිද යම් යම් අසනීප ආබාධ දුබල බුධගේ බලපෑම් අනුව ඇති කරයි.

කෙනෙකුගේ ජන්මයෙහි බුධ බලවත්වී නම් යහපත් ප්‍රතිඵලත්, දුබලවී නම් අයහපත් ප්‍රතිඵලත් උදාවනු ඇත. එමෙන්ම බුධ බලවත්ව බලවත් ග්‍රහයින් හා සංයෝගයෙන් ජන්ම ග්‍රහයෝග ඇත්නම් බොහෝ දෝස භංගවේ. තවද සුබ ග්‍රහ දෘෂ්ටි අනුවත්, අසුබ ග්‍රහ දෘෂ්ටි අනුවත් බල හා දුබල ඵල ඇති කරයි.

බුධගේ අපල වලින් බේරීමට නම් හැකිතාක්‌ දැහැමි ජීවිතයට හුරුවිය යුතුය. ලෙඩුන්, අසනීප ඇත්තන් රෝගීන් වෙනුවෙන් පිහිට විය යුතුය. සිප් නැණ ලබන්නන්ට උදව් උපකාර කළ යුතුය. සිල්වතුන් ගුණවතුන් උගතුන් බුද්ධිමතුන් හට පිහිට විය යුතුය. ආශිර්වාද ලබා ගත යුතුය.

We found this article from Divaina on 2012/01/13.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments