[ratings]
ගැහැනු දරුවකුගේ ප්‍රථම සෘතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස් කරයි. කොටහළු වීම, දැනමුතු වීම, කිළිවීම වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන් ද මල්වරවීම හඳුන්වයි. ජ්‍යෙdතිෂයේ හැටියට සඳු සහ කුජ දෙදෙනා හේතු කොටගෙන ප්‍රථම මල්වරය සිදුවේ. ගැහැනු දරුවාගේ ජන්ම පත්‍රයේ 1, 2, 4, 5, 7, 8, 9, 12 යන ස්‌ථානයක් මිථුන, කන්‍යා, තුලා, ධනු පූර්වාර්ධය (පළමු අංශක 15) කුම්භ යන රාශියක් වී චන්ද්‍රයා එකී රාශියක සිටිද්දී කුජගේ දෘෂ්ටියකට ලක් වූයේ නම් මල්වරය සිදුවේ. දැරිය සුදුසු වයස ද සපුරා තිබිය යුතුය.
මල්වරය සිදු වූයේ උදය කාලයේ නම් පිනැත්තියකි. අනෙක් කාලවල මල්වරය සිදුවුයේ නම් අශූභයි. එනම් සවස හා රාත්‍රියේ යි.
මල්වරය සිදුවූ තත්කාල හෝරාව අනුවද සුබ අසුබ ඵල දැක්‌විය හැක. රවි තත්කාල හෝරාවේ නම් නිතර රෝගී වෙයි. සඳු තත්කාල හෝරාවේ නම් පතිවත රකී. කුජ තත්කාල හෝරාවේ නම් වාසනාවක් නැත. බුධ තත්කාල හෝරාවේ නම් යහපත් දරුවන් ලබයි. ගුරු තත්කාල හෝරාවේ නම් සැප විඳියි. සිකුරු තත්කාල හෝරාවේ නම් නීරෝගී වේ. ශනි තත්කාල හෝරාවේ නම් ලෙඩ දුක් කරදර ඇති වේ.
මල්වර කේන්ද්‍රයේ ලග්නය අනුව පලාපල පහත පරිදි වේ. ලග්නය මේෂ නම් දුප්පත් වෙයි. වෘෂභ නම් සැප සම්පත් විඳියි. මිථුන නම් සැපවත් ජීවිතයකි. කටක නම් අවුල් සහගත වූ විවාහයක් සිදුවේ. සිංහ නම් දරුඵල සහිතයි. කන්‍යා නම් සැප සම්පත් හිමිවෙයි. තුලා නම් ව්‍යාපාරවලින් දියුණු විය හැකියි. වෘශ්චික නම් චරිතය නරක් කර ගනියි. ධනු නම් සැපවත් ජීවිතයකි. මකර නම් නිsර්ලඡ්ජිතය. කුම්භ නම් ආඩම්බරයි. මීන ලග්නයෙන් මල්වරය සිදුවී නම් සියලු සැප සම්පත් ලැබේ.
මල්වර වූ ස්‌ථානය සෙවීමේදී ඒ මොහොතේ උදාව පැවතියේ කැති – පුනාවස – පුවපල් – සා මුල – සුවණ – උත්‍රපුටුප යන නැකතකින් එකක් නම් මල්වරය සිදුවී ඇත්තේ ස්‌වකීය නිවසේදීය. රෙහෙණ – පුෂ – උත්‍රපල් – විසා පුවසල – දෙනට – රේවතී යන නැකතකින් එකක් නම් ස්‌වකීය නිවස අසලදී ද මුවසිරස – අස්‌ලිස – හත – අනුර – උත්‍රසල – සියාවස අස්‌විද යන නැකතකින් එකක් නම් නිවසින් පිටතදීද මල්වරය සිදුවී ඇත. අද – මා – සිත දෙට – පුවපුටුප – බෙරණ නැකතකින් නම් අතරමඟදී මල්වරය සිදුවී ඇත.
මල්වර අවස්‌ථාවේ නීල වස්‌ත්‍රයක් ඇඳ සිටියේ නම් දොaෂ ඇති වේ. සුදු රෙද්දක් පිනට දීමෙන් එම දොaෂය හංග වෙයි. රතුපාට රෙද්දක් ඇඳ සිටියේ නම් විෂ්ණු, කතරගම දෙවිවරුන් හට සුවඳ දුම් පුජා කිරීමෙන් දොaෂ භංග වේ. මල්වර වනවිට කලුපාට රෙද්දක් ඇඳ උන්නේa නම් එයද දොaෂ සහිතයි. එම රෙද්ද සෝදා පිරිසිදු කර පිනට දීමෙන් දොස් දුරුවේ.
වතුර නැහැවීම මල්වරය සිදුවී දින 14 කට වඩා පමා නොකළ යුතුය. මල්වර දැරියගේ ජන්ම නැකතට සීහෙන නැකතක්‌ම තෝරා ගන්නේ නම් මැනවි. එදිනට අස්‌විද රෙහෙණ – මුවසිරිස – උත්‍රපල් – හත – සා – උත්‍රසල දෙනට – උත්‍රපුටුප යන නැකතක් වේ නම් යහපති. එය අපහසු නම් දිනය පිරිසිදු එකක් විය යුතුය. එනම් පංචාංග ශුද්ධිය ඇති දිනයක් යන අදහසයි.
තිථි වශයෙන් තියවක – විසේනිය සතවක – එකොළොස්‌වක – තෙළෙස්‌වක යන තිථියක් වීම සුබයි. තත්කාල ලග්නය වෘෂභ – මිථුන – කටක – කන්‍යා – තුලා – ධනු – මීන ලග්නයක් විය යුතුය. මෙය දැරියගේ ජන්ම ලග්නයෙත් අටවැන්නට නොවැටෙන එකක් විය යුතුය.
අවසාන වශයෙන් දැරිය නහවන ඔසුපැන් කළය සකස් කරගන්නා අයුරුද දක්‌වනු කැමතිය. එය ද අප විසින් දැන සිටිය යුතුය.
කටුපිල – සුදු සඳුන් – ඡඨාමාංශ – කහ – වද කහ – කළාඳුරු අල – සුවඳ කොට්‌ටන් – වෙනිවැල් ගැට – මානෙල් අල – නෙළුම් අල ලොත් සුබුළු – ගල් සෙවල යන මේවා සම පමණ ගෙන තලා නැවුම් මුට්‌ටියකට දමා ජලය පුරවා රැයක් තබන්න. ප්‍රථමයෙන් ඔසුපැන් කළයෙන් දැරිය නහවා දෙවනුව පිරිසිදු වතුරෙන් නැහැවිය යුතුය.
We found this article from Divaina on 2011/09/30.
Also Sinhala to English Google word to word translation can be found here