[ratings]
රවි, බුධ යෝගය යහපත් තැනක පිහිටීම ගණිතයට දක්‍ෂ කෙනෙක් වේ.
රවි, සිකුරු සංයෝගය සංගීතයට ළැදියාවක් දක්‌වන්නකු බිහිකරයි.
බුධ, සිකුරු එක්‌ව ශුභව පිහිටා ඇත්නම් දක්‍ෂ කවි කාරයෙක් වෙයි. රවි, කුජ, බුධ, ශනි යෝගද එයම කරයි.
බුධ, ගුරු ග්‍රහයාට ශුභ දෘෂ්ටි දී කේන්ද්‍රගතව පිහිටියේ නම් ජන්මියා නීතිඥයකු කරයි.
බලවත් කුජ, බුධ දහවැන්නේ වී නම් වෙළෙ¹මට දක්‍ෂයෙකි.
බුධ ග්‍රහයා ශනිගෙන් අශුභ දෘෂ්ටි ලබයි නම් වඩු කාර්මිකයෙක් වෙයි.
දහවැන්න මකර රාශිය වී කුජ එහි වූවොත් ආරක්‍ෂක අංශයේ රැකියාවක් කරයි.
රවි, සඳු, කුජ, බුධ යෝගයෙන් උපන් තැනැත්තා වෛද්‍යවරයෙක් වෙයි.
දහවැන්නාධිපතියා හත්වැන්නේ නම් විවාහය හේතු කොටගෙන ඇතිවන්නාවූ රැකියාවකින්ද ලග්නයේ නම් රජයේ රැකියාවලින්ද දියුණු විය හැක.
ලග්නයේ හා හත්වැන්නේ ග්‍රහයින් සියලුම දෙනා පිහිටා ඇත්නම් රියෑදුරු රැකියාවක් හිමිවන්නට පිළිවන.
ලග්නයේ ගුරුද දෙවැන්නේ රවිද හත්වැන්නේ සඳු ග්‍රහයා ද පිහිටා ඇතොත් ග්‍රාමසේවා නිලධාරියකු බිහි කරයි.
මිථුන – රාශියෙහි බුධ ග්‍රහයා තැන්පත්වීම ජ්‍යෙdතිෂයට දක්‍ෂ කෙනකු බිහිකරයි.
සිංහ රාශිගත ගුරු සිකුරුට දෘෂ්ටියක් දුන්නේ නම් යාන්ත්‍රික ඉංජිනේරුවන් බිහි කරයි.
බුධ විසින් ගුරු ග්‍රහයාට ශුභ දෘෂ්ටියක් දුන්නේ නම් ගුරුවරයකු වන්නේය.
මේ පිහිටීම් ඇති සියල්ලෝම ඒ ඒ දේවල්වල නියුත්තෝ නොවේ. ලැබෙන්නාවූ ශුභ, අශුභ දෘෂ්ටි මත හිමිවීම අහිමි වීමද උසස් පහත් තත්ත්වයන්ද තීරණය කළ යුතුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here