Friday, September 12, 2025
Homesiයස ඉසුරු කැන්දන සීවලී යන්ත්‍රය

යස ඉසුරු කැන්දන සීවලී යන්ත්‍රය

[ratings]

බුදුරජාණන් වහන්සේගේ අසූමහා ශ්‍රාවකයන් අතර අග්‍රලාභියා වූ සීවලී මහරහතන් වහන්සේට පිරිණිවන්පාන තෙක්‌ම සිවුපසයෙන් අඩුවක්‌ නොවුණු බව කියෑවේ. එසේ වූයේ පෙර පින් බලය නිසාය. උන්වහන්සේගේ පිළිම හා පිංතූර නිවසේ තබා පුද පූජා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව බෞද්ධයන්ගේ විශ්වාසයයි.

සීවලී මහ රහතන්වහන්සේගේ උපත පිළිබඳව විශේෂයක්‌ වේ. එනම් උන්වහන්සේ වසර හතයි මාස හතක්‌ම තම මවගේ කුසයේ සිට බිහිවීමය. ඒ පිළිබඳව ඉතිහාසය මදක්‌ විමසා බැලීමේදී සීවලී කුමරු පෙරආත්මයක බරණැස්‌ නුවර රාජ්‍යත්වයට පත්ව ඇති බවත් එයින් සෑහීමකට පත්නොවී වෙනත් රාජ්‍යයන්ද තමන් සතු කරගැනීමට උත්සාහ කර ඇත. මේ සඳහා සේනාව විධානය කොට සත් අවුරුදු සත් මාසයක්‌ දින සතක්‌ නුවර සතර වාසල් දොරටු රැකවල්ලා සිටියත් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

රජුගේ මව මෙම අසාර්ථක ක්‍රියාව දැනගෙන මෙම නුවරින් පිටවීමට ඇති ලොකු කුඩා සියලු දොරටු වසා දමන ලෙසට පුතුට දන්වා යෑව්වාය. රජතුමා මවගේ වචනය ඉටුකළේය. මෙම ක්‍රියාව නිසා නුවර වැසියන් දැඩිලෙස පීඩාවට පත්ව ඇත. කළ හැකි දෙයක්‌ නොමැති නිසා තම රජු මරා දැමූ රට වැසියෝ බරණැස්‌ රජුට රට භාර දුන්හ.

සත් අවුරුදු සත් මාසයක්‌ වැසියන් දුකට පත්කිරීමෙන් සිදුකළ පාපයේ විපාකය රහත් ආත්මයේදීත් ඵල දුන්නේ තම මවගේ කුස තුළ එම කාළය තුළ සිරවී සිටීමට සිදුවීමෙනි. තම මවටද පුතුට එසේ කිරීමට උපදෙස්‌ දුන් නිසා එම කාලය පුරා පුතු කුස දරමින් දුක්‌ විඳින්නට සිදුවූවාය. කෝලිත නුවර මහා ලිච්චවී රජු සීවලී කුමරුගේ පියාවූ අතර මව සුප්පාවාස නම් වූවාය. සත් අවුරුදු සත් මාසයක්‌ දරු ගැබක්‌ දරා දුකට පත්වීම නිසා ඇය ඒ පිළිබඳව බුදුන් වහන්සේගෙන් කරුණු විමසා සිටි අවස්‌ථාවේ උන්වහන්සේ සුප්පාවාස නිරෝගී වේවායිද පුත්‍රයකු ප්‍රසූත වේවායිද ප්‍රාර්ථනා කළහ. එසේ ලැබුණ දරුවා සීවලී නම් විය.

සත් අවුරුද්දකින් මහණ බිමට පත් මේ කුමරා හිසකෙස්‌ කපන විටම හිසේ බර ඉවත්වී රහත් බව ලැබූ අතර සැරියුත් මුගලන් දෙනමගේ ප්‍රධානත්වයෙන් මහණ වූහ. සසර පෙර පින නිසා ජීවත්ව සිටිනතාක්‌ කිසිදාක උන්වහන්සේට දානයෙන් අඩුවක්‌ නොවීය.

සීවලී මහරහතන් වහන්සේ මිනිsස්‌ලොව උපන් මහා භාග්‍යවන්තයා විය. උන්වහන්සේ මහමග වඩින විට දෙවි බඹුන් පවා බිමට බැස දන්දීම පිණිස දිව බොජුන් දන් පිළිගැන්වීමට සැදී පැහැදී සිටි බව ධර්ම කතාවල සඳහන්ය. එබඳු උදාරතර උත්තමයෙක්‌ වූ සීවලී මහරහතන් වහන්සේගේ පිංතූරයක්‌ පිළිමයක්‌ නිවසෙහි තබාගැනීම තුළින් ඔබටද වාසනාව හා සෞභාග්‍යය ළඟාකර ගත හැකිය.

බෞද්ධයකුට බුදුන් වහන්සේ තරම් උත්තමයෙක්‌ නැත. එහෙත් ලෞකික ජීවිතයේදී ප්‍රතිලාභීන් අතර මුල් තැන හිමිවන්නේ සීවලී මහ රහතන් වහන්සේටය. ප්‍රතිපත්ති ගරුකව සීවලී මහරහතන් වහන්සේට වන්දනාමාන කරන අතරතුර උන්වහන්සේගේ ගුණ සපිරුන සිවලී යන්ත්‍රය ද භාවිත කිරීම තුළින් ඉතා ප්‍රබල ආශිර්වාදයක්‌ ඕනෑම අයෙකුට ලබා ගත හැක.

මෙම යන්ත්‍රය බොහෝ නිවෙස්‌වල උළුවස්‌සට පමණක්‌ සීමා වී ඇත්තේ ඒ පිළිබඳ බොහෝ දෙනාගේ නොදැනුවත්කම නිසාය. මෙම යන්ත්‍රය හෝ සීවලී පිංතූර තැබිය යුත්තේ බුද්ධ රූපයට මදක්‌ පහළිනි. හැම විටම අප නිවෙස්‌වල ආගමික වතාවත්වලදී ප්‍රථම ස්‌ථානය හිමිවිය යුත්තේ බුදුරජාණන් වහන්සේටය. අනතුරුව නිවසේ තැන්පත් කළ සිවලී පිළිමයට, පිංතූරයට, යන්ත්‍රයට වතාවත් ඉටුකිරීම නිවැරැදිය.

බුද්ධ පූජාව මෙන්ම සීවලී මහ රහතන් වහන්සේට ද මල්, පහන්, පැන් බඳුනක්‌, සුවඳ දුම් පූජා කර සීවලී පිරිත. සිවලී දැහැන උදේ සවස ගායනා කිරීමෙන් සියලු බාධක දුක්‌ කම්කටොලු මඟ හැරී සතුට සෞභාග්‍යය උදාවන බව සත්‍යයකි.

තවද මෙම යන්ත්‍රය ප්‍රස්‌ථාරගත කර පැළඳීමට ද කළ හැකි අතර බොහෝ අය ඒ බව නොදනී. මෙම යන්ත්‍රය පළඳින අය දුසිරිතෙන් තොරව එයට නිසි ගෞරවය ලබා දෙමින් දිනපතා සිදුකරන ආගමික වතාවත්වලින් අනතුරුව යන්ත්‍රය මුවට ලංකර සීවලී දැහැන තුන් වරක්‌ කීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගත හැක. නිවසේ තබන හෝ කරපළඳින යන්ත්‍ර ඒ පිළිබඳ මනා දැනුමක්‌ ඇති සුචරිතවත් අයකු ලවා ප්‍රස්‌තාර ගතකොට 108 වරක්‌ ජීවම් කරගත යුතුය. නිවසේ තැන්පත් කිරීමේදී ඊසාන දිශාවෙහි තැන්පත් කිරීම තුළින් නිවසේ සියලු දොaෂ දුරුවී අඹුසැමි භේද, මග හැරේ. ව්‍යාපාර කටයුතු රැකී රක්‍ෂා දියුණුව, මිල මුදල්, යාන වාහන, ධන ධාන්‍ය ආදී සියලුම ලැබීම් සඳහා භාවිත කළ හැකි ප්‍රබලම යන්ත්‍රය සීවලී යන්ත්‍රය වේ.

සෑම දිනකම නිවසේ බුදුන් වැඳීමෙන් පසු

මෙලෙස ප්‍රාර්ථනා කරන්න.

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්‌කාරය වේවා (තෙවරක්‌)

සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්‌කාරය වේවා. (තෙවරක්‌)

බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ගුණයෙනුත් සීවලී මහරහතන් වහන්සේගේ ගුණයෙනුත් මගේ බලාපොරොත්තු ඉටුවේවා.

ඔබේ ප්‍රශ්න සිහිකර ඒවාට විසඳුම් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

සීවලී මහ රහතන් වහන්සේට වැඳීම

1. පියං දේව මනුස්‌සානං – බ්‍රහ්මණඤච පියංතථා

පියං නාගසුපණ්‌ණතං – කත කිච්චං අනාවසං

2. ලාභිං ලාභන්තං සම්බත්ථ – වනෙගාමෙ ජලේ ථලේ

ලාභීනං මග්ගතං පත්තං – කත්වාන කුසලං බහු

3. ජලඤaඤං මහා තෙරං – නමාමි සිරසාදරං

සුසීලං සීවලී ථෙරං – නමාමි සිරසාදරං

පහන් පූජා කිරීම

පියං දේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසීලං සීවලී ථෙරං – දීපෙන පූජ්‍යමZ හං

මල් පූජා කිරීම

පියං දේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසීලං සීවලී ථෙරං – පූඡේමි කුසුමේනZ හං

සුවඳ දුම් පූජා කිරීම

පියං දේව මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – ධූපේන පූජයාමZ හං

ගිලන් පස පූජා කිරීම

පියං දේවා මනුස්‌සානං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – ගිලාන පංචයං ඉමං

ආහාර පූජා කිරීම

පියං දේව මනුස්‌සනං – කුසුමංච මනොහරං

සුසිලං සීවලී ථෙරං – පූඡේමි භෝජනං ඉමං

යන්ත්‍රය ජීවම සඳහා අති ප්‍රබල දැහැන

1. නමෝ සිද්ධ – සීවලී රාජා පඨවියා සබ්බතො

මේව ආකාසේ උදකේචෙච යංයං ජනපදං සබ්බ ලාභං

උපෙන්තුමෙ………

2. කාකොගංගා චිරලිපොති නාභි හත ගුණපාලියං

විසල්ලියො හොති ශබ්බා වං නන්ද සීවලී……

3. උංහීස සීරොහාස පරිත්තං මන සාගරං සාගරංතෙ

බුද්ධ භාවොති සුනන්ද භාව සීවලී……

4. ජොතිභාව කරංකිහි විඪෙ සුප්පටි භාවයෙ කකො ආඝොච ආරක්‌ඛං වන්දෙ භවති සීවලී…..

5. නන්දො හදයං දෙති සච්චෙච සද්ධම්මො ගුණපාලිතො ඉතො සුධොද්ද කස්‌සා දෙන සීල භවති සීවලී……

6. කත්වාන සුගත සුත්වාන කණ්‌ඨාර කර කුංජරේ බුද්ධසේනා දිසාඨෙන පවත්ත ගුණසීවලී……..

7. මෙත්තේන සංවරොයෙන සච්ෙච්න මම සීවලී…..

We found this article from Divaina on 2011/10/07.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments