Friday, September 12, 2025
Homesiරාහු කේතු වතගොත

රාහු කේතු වතගොත

[ratings]

රාහු කේතු යනු පෘථිවි කක්‍ෂය හා චන්ද්‍ර කක්‍ෂය කැපෙන ස්‌ථාන දෙක ලෙස හැඳින්වුවද මිනිසාට බලපෑමක්‌ කළ හැකි බලයක්‌ එම ස්‌ථාන දෙකේ තිබේ දැයි ප්‍රශ්නයකි. එසේම රාහු කේතු යනු පොළාවේ හෝ හඳේ සෙවනැල්ල නොවේ.

චJද්‍ර ග්‍රහණයකදී පොළොව මැදින් පිහිටන අතර රවි සඳු ඒක රේ‚යව පොළොව දෙපැත්තේ පිහිටයි. එසේම රාහු කේතු රේඛාව දිගේ චන්ද්‍රග්‍රහණය සිදුවේ. එසේම මෙම දිනයක ග්‍රහචාරය බලන විට රවි කේතු සමඟ හෝ ඉතා ආසන්නව ද සඳු, රාහු සමඟ හෝ ඉතා ආසන්නව ද සිටී.

තවදුරටත් සැලකීමේදී රාහු – කේතු යනු එකම රේඛාවක පිහිටි ධන – සෘණ බලවේග දෙකකි. ජ්‍යෙdතිෂයට අනුව කිසි දිනක වක්‍ර නොවන රාහු කේතු අන් ග්‍රහයන්ගෙන් වෙනස්‌ වේ.

තවද සියලුම රාශි ගනින්නේත් සියලුම ග්‍රහයන් ගමන් කරන්නේත් ඔරලෝසු කටු කැරකෙන දිශාවට විරුද්ධ දිශාවටයි. එහෙත් පොළොවේ ගමන් කරන්නේ ඔරලෝසු කටු කැරකෙන දිශාවටය. රාහු කේතු ගමන් කරන්නේත් ඔරලෝසු කටු කැරකෙන දිශාවටය.

එසේ නම් රාහු කේතු බලවේග දෙක පෙළොවේ පිහිටිය යුතුය. ජන්ම පත්‍රයක පොළොවෙන් පිට පිහිටි ග්‍රහයන් සඳහන් වෙතත් අප ජීවත්වන පොළොව පිළිබඳව ජන්ම පත්‍රයේ සඳහන් නොවේ. අන් ග්‍රහයන් හිරු හැරුන විට අපි දැඩි ලෙස පොළොවේ ග්‍රහණයට නතු වී ඇත. මෙම තත්ත්වය පුරාණ සෘෂිවරුන් දැනගෙන ඇත. රාහු – කේතු ලෙස නම් කර ඇත්තේ පොළොවේ පිහිටි බලවේග දෙකකි.

පොළොවේ පිහිටි සුවිශේෂ බලවේග දෙකක්‌ ඇත. ඒ චුම්බක උත්තර ධ්‍රැවය හා චුම්බක දක්‍ෂිණ ධ්‍රැවයයි. මෙය පොළොවේ උතුරු – දකුණු රේඛාවට මදක්‌ ආනතියක්‌ ඇතිව පිහිටයි. (මාලිමා උතුර) උත්තර ධ්‍රැවයේ විහිදුවාලන ගුණය රාහුට සම්පාත වේ. දක්‍ෂිණ ධ්‍රැවයේ හකුළුවාලන ගුණය කේතුට සමපාත වේ.

කිසියම් ග්‍රහයෙක්‌ රාහු සමඟ සමීපව යෝග වූ විට එම ග්‍රහයාගේ ස්‌වභාවය වේගවත් බව කියෑවේ. එසේ නම් ග්‍රහයාගේ බලය පෘථිවි චුම්බල බලය සමඟ එකතුව වේගවත් වූවා විය හැක.

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments