Friday, September 12, 2025
Homesiලග්නය මේෂ නම් මෙය කියවන්න

ලග්නය මේෂ නම් මෙය කියවන්න

[ratings]

කුජ හෙවත් අඟහරු හිමි මේෂ ලග්නය අග්නී භූත හෙවත් ගිනි රාශියකි.

මේ රාශියේ උදාවීම පිටින්ය.

කුජ කිපෙන සුළු කලබලකාරී ග්‍රහයෙකි.

ඒ නිසා කුජ හිමි මේෂ ලග්නයෙන් උපදින අය කලබලකාරී ගතියෙන් යුක්‌තය. කිපෙන සුළුය.

එසේම මේෂ ලග්නයෙන් උපදින අය ඕනෑම වේලාවක සටනට සූදානම්ය.

තම ජීවිත ගමන බාධකවලින් ගහන වන නිසා මේෂ ලග්න හිමියන්ට තම ජීවන සටන ජය ගන්නට උත්සාහයෙන් කටයුතු කරන්නට සිදුවේ.

ජීවිතය පුරා තම ඥතීන්ගෙන් උපකාර බලාපොරොත්තු විය නොහැකිය.

මේෂ ලග්න හිමියන්ට තම කටයුතු නිතර වෙනස්‌ කරන්නට සිතෙයි. ඒ හේතුවෙන් තම ජීවිතය අවුල් කර ගනිති.

එසේම මේෂ ලග්න හිමියන්ට කෝප ගති තිගැස්‌සීම් හා මුරණ්‌ඩු ගතිද නිතර ඇතිවේ. ඒ නිසාද දියුණුවට බාධා ඇතිවේ.

ලග්නය බලවත් වූ විට එම ජ ජන්මියා උඩඟුය – අහංකාරය කාර්මික දක්‍ෂතාවලින් යුක්‌තය අනුන්ව යටත්කර ගෙන කටයුතු කරන්නට දක්‌ෂය.

එනමුත් කුජ හිමි මේෂ ලග්නය හා කුජ දුර්වලව උපදින අය ලාමකය බොළඳය පසු බසින සුළුය.

එසේම ඔවුන් රිය පැදවීමට බියක්‌ද දක්‌වති.

We found this article from Divaina on 2012/03/23.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments