[ratings]
ස්‌කන්ධ නොහොත් කොටස් තුනකට බෙදා ඇති ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය සිද්ධාන්ත, සංහිතා හෝරා යනුවෙන් හඳුන්වනු ලබයි. මින් සිද්ධාන්ත අංශයෙන් හඳුන්වන්නේ රවි, චන්ද්‍ර, කුජ ආදී ග්‍රහයින්ගේ ගමනා ගමන අවස්‌ථාවලදී යෙදෙන ක්‍රමවේදයන්ය. මේවා විවිධය. ප්‍රධාන ග්‍රහයන් 09 දෙනා ලෙස සැලකිය හැක්‌කේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු සහ කේතුය. මෙම ග්‍රහයින්ගෙන් ප්‍රධානියා වන්නේ රවි නොහොත් සූර්යයාය. බුධ ශුක්‍ර පෘථිවියට වන අතර, කුජ, ගුරු, ශනි, යුරේනස්, නැප්චූන් යන ග්‍රහයින් සූර්යයා වටේ කැරකැවෙති.
හිරු වටා ගමන් කරන මෙම ග්‍රහ පද්ධතියට සෞරග්‍රහ මණ්‌ඩලය යෑයි කියනු ලැබේ. සඳු ගමන් කරන්නේ හිරු වටේ නොව පෘථිවිය වටේය. පොළව වටේ හිරු කැරකේ. මේ අනුව පෘථිවිය හිරු වටේ කැරකෙන හෙයින් සූර්යයා වටේ සඳු ගමන් ගනී. ජෝතීර් ශාස්‌ත්‍රයේ හිරු පියා ලෙසත් සඳු මව ලෙසත් පිළිගැනේ. රාහු සහ කේතු පෘථිවිය සේ හිරු වටා ගමන් නොගන්නා අතර, ඔවුන් සඳුගේ උතුරු-දකුණු පැත්ත ලෙස, සලකනු ලැබේ. පෙරදිග ජෝතීර් විද්‍යාවට අනුව රාහු අසුර ලෝකයේ ප්‍රධානියා ලෙසත්, කේතු පාතාල ලෝකය අධිපතිකම් කරන වගත් කියයි.
ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ජීවත්වන අය පිළිබඳ ඇති වන ක්‍රියාපටිපාටි නිරීක්‌ෂණය කිරීමට ජ්‍යෙdaතිෂය අතිශයින් වැදගත් වන්නේය. ඉරු, සඳු, තරුඑළිය සේම මේවායින් නික්‌මෙන කිරණ ආකර්ෂණය, ස්‌වභාවික බලපෑම්, ග්‍රහ වස්‌තූන් අනුව විවිධ වේ. මේ අනුව ජෝතීර් විද්‍යාවේ උද්දීපනය ඇති වන්නේ ග්‍රහ බල සහ භාව බලයයි. ග්‍රහයින් උපන්කේන්ද්‍රයේ ස්‌වකේෂත්‍ර, උච්ඡබලයෙන් සිටිය හැකි අතර නීච, සතුරුවද සිටී. ග්‍රහයින් නීච වීම පිළිබඳ සුළුවෙන් මේ ලිපියෙන් ඉඩකඩ දැක්‌වේ. ඔබේ හඳහනේ ග්‍රහයින් නීචව සිටීද?
ග්‍රහලොව ප්‍රධානියා වන රවි (හිරු) නීචවන්නේ තුලා ලග්න හිමියන්ගේ ලග්නගතව (01) සිටීමෙනි. රවි නීච වීමෙන් සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරයි. නීතියට හා සාමයට ප්‍රියතාවය දක්‌වයි. රවිට 07 වැන්නේ ශනි සිටියේ නම් නීච වීම භංගවේ. තුලා ලග්න හිමියන්ගේ රවි 01 වීම නිසා මිත්‍ර ආශ්‍රය අධික වෙයි. ස්‌ත්‍රියකගේ රවි – තුලා රාශි ගතවී නම් විවාහය ඉක්‌මන් වෙයි. සමාජය සමඟ හිත මිත්‍රකම් ඇති කර ගනී. පාලකයන්ට රවි නීච වීම ශුභදායක නැත. ලෙඩ රෝග වශයෙන් ලේ ගමනේ දෝෂ සේම ඇස්‌වල ආබාධ ඇති කරයි.
සඳු ග්‍රහයා නීච වන්නේ වෘශ්චික ලග්න හිමියන්ටයි. ලග්නයේ සඳු සිටීම (01) නීච වීමකි. අවසඳු නම් වඩාත් අශුභදායක වේ. මේ නිසා තරමක් හිතුවක්‌කාරී වේ. රහස් ගුප්ත සිතිවිලින් සිත පුරවා ගනී. සතුරන්ගෙන් පළිගැනීමට සිත් දෙයි. තනියෙන් තම මතයට කටයුතු සිද්ධ කරගනී. ඕනෑම කාර්යයකට ඉදිරි පත්වීමේ දිරියක් තිබේ. යටි බඩේ ආබාධ ඇති කරයි. මුත්‍රා අමාරු ඇතිවේ. මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවේ. විවාහ ජීවිතයද ආරාවුල් මැද ගෙනයයි. ජලයෙන් විපත් කරදර පමුණුවයි. සෙම් රෝග ඇති කරයි.
කුජ ග්‍රහයා නීච වන්නේ කටක ලග්න හිමියන්ටයි. කටක ලග්නයේ ලග්නගතව (01) කුජ සිටීමෙන් ඉක්‌මන් කෝපය ඇති කරවයි. එහෙත් කඩිසරයි. නිරෝගී අයකු වේ. රෝග වැළඳීම ඉක්‌මන් නොවේ.
පවුල් ජීවිතයේ ගැටලු ඇති කරයි. විවාහය ප්‍රමාදවිය හැකිය. නිවාස පිළිබඳ ප්‍රශ්න ඇති කරයි. හදිසි අනතුරු තුවාල ඇති විය හැකිය. දරුවන් වාසනාවන්ත නොවිය හැකිය. නැව්, බෝට්‌ටු මුහුදු ගමන් ඇති කරයි. ඇවිදිලි අධිකයි. විවාහ දිවියේ දෙදෙනා අතර පරස්‌පර විරෝධතා ඇති කරගනී. කුජ කටක ලග්නයෙන් මීන නවාංශකයෙත් සිටීම ඉතාමත් අභාග්‍ය සම්පන්න පිහිටීමකි.
බුධ ග්‍රහයා නීච වන්නේ මීන ලග්න හිමියන්ගේ ලග්න ගතව සිටීමෙනි. (මීන ලග්න හිමියන්ගේ 01 – සිටීම) අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ඉගනීමට දක්‌ෂ නැත. තමා කතා කරන විලාශය අන් අය සිත් නොගනී. අයෙක් කියන කරන දේවල් එලෙසම පිළිගනී. කලබලකාරී අයකු ලෙස කටයුතු නොකරයි. මානසික අතින් යහපත්ය. බුධ අශුභ (නීච) තත්ත්වයෙන් සිටීම නිසා කතා කරන විට වික්‌කල් වීම හෝ අපැහැදිලිව කතා කිරීම හෝ සිදුවේ. ඇතැම් විට ගොළු වීමද බුධ නීචවීම නිසා සිදුවේ. පාප දෘෂ්ටි හෝ පාප සංයෝග වීම ගොළුවීමට හේතුවකි.
ගුරු නොහොත් බ්‍රහස්‌පති නීච වන්නේ මකර රාශියටය. මකර ලග්න හිමියන්ගේ ගුරු මකරගතව (01) සිටීම නිසා කරුණාවන්ත නොවේ. ගුණයහපත්කම සත්පුරුෂ ගතිය, අන් අයට නොපෙන්වයි. ආගමික භක්‌තියද අඩුයි. තම කාර්යය වැඩය ගැනම සිතා කටයුතු කරන අතර ආත්මාර්ථකාමීවේ. ඇති හැකි අයකු වීමට උත්සාහ දරයි. තමාගේ කැපී පෙනෙන දුර්වලකමක් අඩුපාඩුවක් තිබිය හැකිය. විවාහය සිදුවන්නේ දෙමාපිය කැමැත්ත රහිතවයි. ලෞකික සැප සම්පත් කෙරෙහි සිත් දේ. ස්‌ත්‍රීන් සම්බන්ධ අයථා සම්බන්ධකම් ඇති කරගනී. (පුරුෂයන් නම්) ස්‌ත්‍රියකගේ ගුරු මකර රාශිගතව සිටී නම් ඇය ගණිකාවක ලෙස අන් පුරුෂයන්ගේ පහස පතයි.
ගුරු මකර ලග්නගතව සහ කුම්භ නවාංශකගතව සිටීම ඉතාමත් නරකයි. යටකී කරුණු තවත් තීව්‍ර වේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here